2018 April 1

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • විශ්ලේෂකයින්ගෙන් 60% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය, ප්‍රවණතා දර්ශක 100% ක් සහ පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් 85% ක් EUR/USD හි වර්ධනයක් අපේක්ෂා කල අතර මෙම අනාවැකිය නිවැරදි විය. ඒ අනුව මෙම යුගලය අඟහරුවාදා වන විට පොයින්ට් 125 කින් ඉහල නැඟීමෙන් පසු 1.2475 ක උසකට ලඟා විය. පසුව, යුගලය ඉහළයාම අවසන් කර ආපසු හැරී, 2018 වසරේ ගමන් කර ඇති මධ්‍යකාලීන පැත්තක කොරිඩෝවෙහි මායිම්වලට නැවත පැමිණ, 1.2325 හි දී සතිය අවසන් කර ඇත;  
  • GBP/USD. විශ්ලේෂකයින්ගෙන් 40% ක් සහ දර්ශක 95% ක් පසුගිය සතියේ දී මෙම යුගලය ඉහල යනු ඇතැයි අනාවැකි පල කල අතර 1.4215 සහ 1.4275 යන මට්ටම් ප්‍රතිරෝධයන් ලෙස හැඳින්වුනි. විශේෂඥයන්ගෙන් ඉතිරි 60% ක ප්‍රමාණයක් මෙම යුගලය 1.4080 දක්වා ගමන් කිරීම අපේක්ෂා කළහ. යුගලය ප්‍රථමයෙන් 1.4243 දක්වා ඉහළට නැගුණු අතර ඉන්පසු දකුණු දෙසට හැරී 1.4010 කලාපයට පහත ගියේය. සතිය අවසානයේ දී 1.4015 හි යුගලය නැවතී තිබිණි;
  • USD/JPY බොහෝ විශේෂඥයන් යුගලය පහතට අපේක්ෂා කල ද තුනෙන් එකක් එය ඉහලට ගමන් කරනු ඇති බවට මත පල කළේය. 10% ක් වන ඔස්කිලේටර් ද එය අනුමත කළේය. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව එහි ඉලක්කය 107.00 ක් වූ අතර එය මාර්තු මස 28 වන අඟහරුවාදා දින එකී අගයට ඉහළ ගොස් ඇත. නමුත් සතිය අවසානයේ දී එය 106.27 දක්වා පහත වැටී ඇත;
  • ක්‍රිප්ටෝ මුදල් යුගල බොහොමයක් දකුණු දෙසට ගමන් කල නමුත් ඔස්කිලේටර් සංඥා කලේ යුගලයන්ගේ විකිණුම් වැඩිවන බවයි.  2018 මාස තුනේ දී ක්‍රිප්ටෝ මුදල් වෙළඳපළ 70% කින් අඩු වී ඇති අතර එහි ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 275 ක් පමණ වේ.
    මෙම පහල යාම සඳහා හේතු කිහිපයක් තිබේ: මෙය ක්‍රිප්ටෝ-හුවමාරු සහ සේවාදායක මුදල් පසුම්බි, අඛණ්ඩ නොවූ ICO ව්‍යාපෘති සහ නියාමකයින් විසින් මෙම වෙළඳපොළට වැඩි පීඩනයක් එල්ල වෙමින් පැවතීම, චීන බලධාරීන් බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කර ඇති අතර, ජපානයේ හුවමාරු පහක් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලීම් ඉල්ලා අස්කර ගැනීම ආදියයි.
    එහි ප්‍රතිපලයක් ලෙස, බිට්කොයින් 6520, ලයිට්කොයින් - 108.00 පහළයාම, රිපල් - 0.45,  සහ එතීරියම් පසුගිය ජුනි මාසයේ අගයන් වූ 365.0 වෙත පහත ගියේය.  

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. විශේෂඥයින්ගේ අතිමහත් බහුතරය මධ්‍යස්ථ ස්ථාවරයක් ගෙන ඇති අතර, 2018 මුල් මාස වල මෙන් මධ්‍ය කාලීන සමාන්තර චලනයක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරති. ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් සඳහා, 60% ක් පමණ යුගලය විකිණීම යෝජනා කරයි. 40% ක් මිලදී ගැනීමට යෝජනා කරයි. මෙම සතියේ පළමු භාගයේදී ඉහත තත්වය මෙම යුගලයට අදාල විය හැකිය. ආසන්නතම ආධාරක අගය 1.2240 කලාපයේ වේ,මීලගට 1,2155 හි වේ. ප්‍රතිරෝධය 1.2445 සහ 1.2535 මට්ටමේ වේ.
    යුරෝපීය පාරිභෝගික වෙළඳපොළ පිළිබඳ දත්ත නිකුත් කිරීමෙන් අනතුරුව සහ ඊසීබී රැස්වීම පිලිබඳ තොරතුරු පළවීමෙන් පසු යුගලයේ ඉහල උච්චවනයක් බදාදා සහ බ්‍රහස්පතින්දාට බලාපොරොත්තු විය හැකිය. මෙහි ප්‍රධානතම දර්ශකය වන්නේ කෘෂිකාර්මික අංශයෙන් පිටත නිර්මාණය වූ නව රැකියා සංඛයාව එනම් NFP වේ. අනාවැකි වලට අනුව, එය 35% කින් පමණ පහත වැටෙනු ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ සාමාන්‍ය වැටුප් මත දත්ත, NFP සමග සමගාමීවම ප්‍රකාශයට පත් කරනු ඇත, එමගින් එක්සත් ජනපද මුදල් සඳහා යම්කිසි සහයෝගයක් ලබා දිය හැකිය.
  • GBP/USD. ඉහත EUR/USD හි දී මෙන්, විශ්ලේෂකයින්ගෙන් අඩක් අස්ථායී ප්‍රවණතාවක් ප්‍රකාශ කරයි. දර්ශකයන් සඳහා, දවසේ කාලරාමුවෙහි 50% ක් යුගලය සමාන්තරව ගමන් කිරීමක් පෙන්වයි. විශේෂඥයින් 30% ක්, ඔස්කිලේටර් 15% ක්, යුගලය විකුණුම් ඉහල යනු ඇති බවට සංඥා ලබා දෙයි. එමෙන්ම පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් යුගලය නැවත 1.4245 මට්ටමට පැමිණෙනු ඇති බව අපේක්ෂා කරයි.
    ශ්ලේෂකයින්ගෙන් 20% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් යුගලය පහත වැටීම සඳහා සහය දක්වන අතර යුගලය පහත වැටීම 1.3780-1.3875 කලාපයට වනු ඇති බවට අනාවැකි පල කරයි.
    මධ්‍ය කාලීනව පහළයාම සඳහා ආධාරකරුවන්ගේ සංඛ්‍යාව 55% දක්වා ඉහළ යන බව සඳහන් කල යුතුය;
  • USD/JPY. මේ මොහොතේ දර්ශකයන් භාවිතා කිරීමට අපහසු වේ මන්දයත් ඔවුන්ගේ කියවීම් කොළ, රතු සහ මධ්‍යස්ථ අළු වර්ණ යන වර්ණයන්ගේ මිශ්‍රණයක් වේ. විශේෂඥයන් සඳහා, පසුගිය සතියේ ආරම්භ කළ ඉහළ නැගීම දිගටම පවතින අතර, මෙම යුගලය107.30 දක්වා ඉහළ යනු ඇතැයි 55% ක් විශ්වාස කරති. මීළඟ ඉලක්කය 108.50 වේ.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ ඉතිරි විශ්ලේෂකයින් 45% ක් විශ්වාස කරන්නේ 107.00 අගයට මෙම යුගලයට ලගා වීමට නොහැකි වන බවයි. ඒ අනුව යුගලය 104.65 ක් සහ ඊට පසුව තවදුරටත් 101.20 - 104.30 දක්වා කලාපයට පහළ යනු ඇත.
  • ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වන අනාවැකිය පහත පරිදි වේ.
    BTC/USD: විශ්ලේෂකයින් බලාපොරොත්තු වන්නේ 5970 හි දක්වා දිගින් දිගටම යුගලය පහත වැටෙනු ඇති බවත් එහි බිඳවැටුනහොත් යුගලය තවදුරටත් 5425 දක්වා අඩු වනු ඇති බවයි. ඉන් පසුව, මෙම පහතට ගමන් කරන ප්‍රවණතාවය වෙනස් විය යුතු අතර 8000 කලාපයට ආපසු පැමිණිය යුතුය. නමුත් ඒ සඳහා සති දෙකක් හෝ තුනක් ගත විය හැකිය. නමුත් මේ හා සමාන තත්වයක් අනෙකුත් යුගල සඳහා අපේක්ෂා කෙරේ.
    ETH/USD: 200.00-275.00 කලාපය දක්වා පහත යන අතර පසුකාලීනව 500.00 කලාපය දක්වා ඉහල යා යුතුය.
    LTC/USD - 85.00-105.25 දක්වා අඩුවී පසුව නැවත 173.80 දක්වා ඉහළට ගමන් කල යුතුය.
    XRP/USD - විශේෂඥයන්ට අනුව, මෙම යුගලය 0.25-0.30 මට්ටමට පහත යනු ඇති අතර ඉන් පසුව එය යම් කාලයකට පසු 0.63 මට්ටමට පැමිනෙනු ඇත.

2018 අප්‍රේල් 02 සිට 06 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

හිතවත් වෙළෙදුනි, NordFX තැරවුකාර සමාගම මඟින් ඔබට ලබාදෙන 1:1000 ලෙවරේජ් අගය භාවිතා කර ක්‍රිප්ටෝ මුදල්, ඉහල යන සහ පහල යන, අවස්ථා දෙකෙහි දීම ලාභ ලැබිය හැකිය.

මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම USD, බිට්කොයින් සහ එතීරියම් වලින් කල හැකිය.

https://lk.nordfx.com/promo/tradecrypto.html

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න