2018 March 25

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය.

  • EUR/USD මාර්තු මාසයේ දී සුළු පහත යාමක් සහිතව මුළුමනින්ම සමාන්තර ප්‍රවනතාවයක් පෙන්නුම් කර ඇත. එවැනි අනාවැකියක් පසුගිය සතියේ ද පල විය. පහත යාම සඳහා ඇති වූ පීඩනයත් සමග යුගලය 1.2200 අගය වෙත ගමන් කිරීමට උත්සහ කල නමුත් එය සාර්ථක නොවිය. එය 1.2239 හි ස්ථානගත විය. ඉන්පසුව, 2018 වර්ෂයේ මධ්‍ය අගය සහිත කලාපය වූ 1.2350 කලාපයට යුගලය පැමිණ සතිය අවසන් විය.  
  • GBP/USD. පසුගිය සතියේ අනාවැකියට අනුව දවසේ කාලරාමුව මත දර්ශකයන් යුගලයේ වර්ධනයක් පෙන්නුම් කල අතර 2017 ජනවාරි මාසයේ දී ඇරඹුනු සතියේ සිට ඉහළයාම අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බව විශ්වාස කෙරුණි. විශේෂඥයන්ගෙන් 40% ක් මෙම මතය සමග එකඟ වූ අතර 1.4145 අගයකට යුගලය ළඟා වනු බව පැවසිය. මෙම අනාවැකිය නිවැරදි වූ අතර දින පහක කාල පරිච්ඡේදයේදී යුගලය ඉතා තියුනු ලෙස ඉහළ ගියේය. මාර්තු 22 බ්‍රහස්පතින්දා එංගලන්ත බැංකුවේ තොරතුරු මත පදනම්ව, එය 1.4145 ක ප්‍රතිරෝධය බිඳ දැමීමට උත්සාහ කළද, මේ මට්ටමට වඩා ඉහළ මට්ටමකට යුගලය ගෙන ඒමට අසමත් විය. ඉන්පසු ඉතා ඉක්මනින් එය ආපසු හැරී ගියේය. සතියේ අවසානය වන විට, මෙම යුගලය1.4145 මට්ටමට නැවත ලඟා විය.
  • විශේෂඥයින් 70% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ දවසේ හා පැය විසිහතරේ කාලරාමුව මත දර්ශක  90% ක් USD/JPY පහත යනු ඇති බව ප්‍රකාශ විය. මෙම යුගලය සිකුරාදා වන විට 104.63 දක්වා පහත වැටී ඇති අතර යුගලය සතිය අවසාන වන විට 104.75 අගයකට පැමිණ තිබිණි.
  • දැන්, ක්‍රිප්ටෝ මුදල්. බිට්කොයින් සඳහා වූ විශේෂඥයන් BTC/USD යුගලය 8,850-9,400 දක්වා වැඩිවීම අපේක්ෂා කළ අතර සතියේ මැද භාගය වන විට යුගලය විසින් ඉහත කාර්යය ඉටු කරන ලද අතර එය 9,145 මට්ටමට ලඟා විය.
    LTC/USD යුගලය සඳහා 170.00-181.00 කලාපයට  ඉහල යනු ඇති බවට අනාවැකි පල කරන ලදී. කෙසේවෙතත්, සෙනසුරාදා සහ ඉරිදා පහත යාමෙන් පසුව, එය කළ නොහැකි විය. එහෙත් ඉහල යාම නැවත ශක්තිමත් වූ අතර බදාදා දිනයේදී 174.00 අගයකට පැමිණීමට සමත් විය. සමාන තත්වයක් රිපල් විසින් ද නිරූපණය කරන ලද අතර එය 0.70 ක මට්ටමට නැඟී ඇතත් එයට ඉහලින් නැගීමට සමත් වීමක් නොපෙන්වන ලදී.
    එහෙත් ප්‍රවීනයන්ගේ අපේක්ෂාව වුයේ එතිරියම් 655.00 දක්වා ඉහල යනු ඇති බවය. නමුත් එයට ලඟා වීමට හැකි වුයේ 587 අගයකට පමණි.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • විශ්ලේෂකයින්ගෙන් සියයට 60 ක් EUR/USD යුගලය 1.2415 මට්ටම දක්වා ඉහළ නැගීම අපේක්ෂා කරන අතර ඉන් පසුව ඊටත් වඩා ඉහල අගයක් එනම්, 1.2445 ක උසකට ළගා වනු ඇති බවට මත පල කරති. මීළග ඉලක්කය 1.2520 වේ. දවසේ කාලරාමුව මත දර්ශක විශ්ලේෂණය, 100% වන ප්‍රවණතා දර්ශක සහ පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් 85% ක් මෙම මතය සමග එකඟ වේ.
    දවසේ කාලරාමුව මත දර්ශකයන් බොහොමයක් උදාසීන තත්වයකට පත්ව තිබේ. මෙහිදී විද්වතුන්ගෙන් 40% ක් සහ ඔස්කිලේටර් 15% ක් පහත යාම සඳහා සහය දක්වන අතර යුගලයේ මිල දී ගැනීම් අධික වනු ඇති බවට සංඥා නිකුත් කරයි.  ආධාරක මට්ටම් 1.2240, 1.2200 සහ 1.2155 වේ.
  • GBP/USD. බොහෝ විශ්ලේෂකයින් (60%) තවමත් යුගලය පහතට යනු ඇති බවත් එය ප්‍රථමයෙන් 1.4115 දක්වා පහත බසිනු  ඇති බවත් අපේක්ෂා කරයි. එය බිඳවැටුනහොත් 1.4080 දක්වා තවදුරටත් පහල යනු ඇත. කෙසේවෙතත්, දර්ශකයන්ගේ 5% ක් පමණක් මෙම මතය සමඟ එකඟ වේ. ඉතිරි සියයට 95 සහ විශ්ලේෂකයින්ගේ 40% ක් යුගලය ඉහළ නැංවීමේ අඛණ්ඩ අපේක්ෂාවෙන් පසුවෙයි. ආසන්නතම ප්‍රතිරෝධය මට්ටම් 1.4215 සහ 1.4275, වන අතර අවසාන ඉලක්කය වන්නේ 2018 ජනවාරි ඉහළ අගය වූ  1.4345 අගයයි.
  • USD/JPY හි අනාගතය පිළිබඳව පසුගිය සතියේ අනාවැකිය මුළුමනින්ම පාහේ මේ සතියේ ද සමාන ය: විශේෂඥයන්ගෙන් 70% ක්, පැය හතරේ කාලරාමුව මත සහ දවසේ කාලරාමුවෙහි දර්ශකයන්ගේ 90% ක් යුගලයේ පහත යාමක් අපේක්ෂා කරයි. ඉලක්කය 104.00 සහ 102.65 කි. ඒ සමගම, කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය අනතුරු අඟවන්නේ යුගලය පහත වැටීමට පෙර යම් කාලයක් සඳහා 105.70-106.30 දක්වා ඉහළ යා හැකි බවත් සමහරවිට එය 107.00 දක්වා විය හැකි බවත්ය. ඔස්කිලේටර් 10% ක්ඇ යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා නිකුත් කරයි.

2018 මාර්තු 26 සිට 30 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • සාමාන්‍ය ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වන අනාවැකිය පහත දැක්වේ.
    BTC/USD - ප්‍රවීණයන් යුගලයේ ඉහළ නැගීම අපේක්ෂා කරයි. සතියේ මැද භාගයේ දී අපේක්ෂිත ඉලක්ක 9,870 සහ 10,080 වේ. ඒ අතරම, ඉහල යාම ශක්තිමත් වනු ඇති අතර එය 11,500-11,750 කලාපය දක්වා ඉහළ යනු ඇත. සතිය අවසානයේ දී ප්‍රවණතාවයේ වෙනසක් සහ සාපේක්ෂ වශයෙන් සුළු පහතයාමක් සිදුවිය හැකිය.
    ඊට සමාන තත්වයක් අනෙකුත් යුගල සඳහා ද අපේක්ෂා කෙරේ. ETH/USD: 740.00 සහ 866.00 ඉලක්කයන් වේ. LTC/USD: 193.40 සහ 217.30 ඉලක්කයන් වේ. XRP/USD: 0.670, 0.730 සහ 0.890 ඉලක්කයන් වේ.

ක්‍රිප්ටෝ මුදල් යුගලයන්ගේ විචලනය කෙරෙහි කුඩා සිදුවිමක ප්‍රතිපල වුවද බලපෑ හැකි බව සඳහන් කල යුතුය. එබැවින්, ඔබ මනාව, නිවැරදි මුදල් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කල යුතුය. අපෙන් ඔබට ලැබෙන 1: 1000 ලෙවරේජ් අගය මගින් මෙකී වෙළඳ අවධානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය. අවසානයේදී, සත්‍ය වශයෙන්ම, බිට්කොයින් 10 ක්, එතීරියම් 100 ක්, ලයිට්කොයින් 500 ක් හෝ රිපල් 100,000 ක් මිලදී ගැනීම සඳහා, ඔබට අවශ්‍ය වන්නේ ඩොලර් 100 ක් පමණි. ඔබේ ඉතිරි මුදල් රඳවා තබා ගත හැකිය.    

https://lk.nordfx.com/promo/tradecrypto.html

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න