2018 March 11

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය.

  • EUR/USD බොහෝ විශේෂඥයින් (60%) යුරෝව ප්‍රථමයෙන් 1.2400 දක්වා ඉහල යන බවත් පසුව මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි ඉහල අගයන් වූ 1.2500-1.2555 දක්වා ඉහල යන බවත් ප්‍රකාශ කළහ. සතියේ පළමු අර්ධයේදී යුගලය ඉහල ගිය නමුත් එයට යා හැකි වුයේ 1.2445 අගයකට පමණි. ඉන් පසුව, යුගලය නැවත පහලට ගමන් කල අතර සතිය අවසාන වන විට, සතියේ ආරම්භක අගයට ආසන්න අගයක් වූ 1.2445 හි දී සතිය අවසන් විය.
  • GBP/USD සඳහා, මෙම යුගලයේ වෙනස්වීම බලාපොරොත්තු වූ තරම් නොවීය. 1.3765-1.3930 පරාසය තුල යුගලය රැඳී සිටි අතර කිසිවෙකු අපේක්ෂා කල ඉලක්ක වෙත ගමන් කිරීමට හැකියාවක් නොලැබිණි. එහි ප්‍රතිපලයක් ලෙස 1.3850 මධ්‍ය අගයක් සහිතව, සමාන්තර චලනයක්, සතිය පුරාවටම මෙම යුගලයෙහි දී දක්නට ලැබිණි.
  • USD/JPY. විශ්ලේෂකයින් 40% ක ප්‍රමාණයක් පසුගිය සතියේදී සඳහන් කලේ යුගලය 106.40 දක්වා හෝ ඊටත් ඉහල අගයක් වන 107.65 දක්වා ඉහල යනු ඇති බවයි. 15% ක් වන ඔස්කිලේටර් ද මෙම මතය තහවුරු කල අතර යුගලයේ විකිණුම් වැඩි වන බවට සංඥා කළේය. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, එය 106.40-107.15 දක්වා ඉහල යනු ඇති බවට ප්‍රකාශ වූ අතර එය එලෙසම සිදු විය. ඒ අනුව සතියේ ඉහලම අගය 107.05 හි වාර්තා වූ අතර සතිය අවසාන වන විට යුගලය 106.80 හි රැඳී තිබිණි.
  • අපි දැන් ක්‍රීප්ටෝ මුදල් යුගල පිලිබඳ විමසා බලමු: මෙම යුගලයන් හි ඉතා ඉහල උච්චාවචනය නිසා නිවැරදිවම අනාවැකියක් පල කිරීම බෙහෙවින් අපහසුය. කෙසේ නමුත් අප විසින් පලකල අනාවැකිය 100% ක් නිවැරදි විය. BTC/USD සඳහා, අපි, සතියේ ආරම්භයේ දී යුගලය ඉහල යනු ඇති බවට අනුමාන කළෙමු. (එය 11.670 දක්වා ඉහළ නැගීය) පසුව යුගලය පහත වැටුණි (සියයට 30% කින් 8.320 මට්ටමට පහත වැටුණි). ETH/USD සඳහා, සතිය අවසානයේදී, අපි, යුගලය 900-940 කලාපයට පහත වැටෙනු ඇති බවට අනුමාන කළෙමු. කෙසේ වෙතත් එතීරියම් අප අනුමාන කල ප්‍රමාණය ඉක්මවා පහල ගිය අතර සතිය අවසානයේදී යුගලය 635 අගයට පහත බැස තිබිණි. LTC/USD සඳහා වූ අනාවැකිය පහත පරිදි විය: 240 දක්වා ඉහල යනු ඇති බව ප්‍රකාශ විය. (එය 217.30 දක්වා ඉහල ගියේය) පසුව 180-200 කලාපයට පහත බසිනු ඇති බව ප්‍රකාශ විය. (එය 157.50 අගයකට පහත බැසීය). XRP/USD සඳහා, පෙබරවාරි අවසානය වන විය ඉතා පටු පරාසයක යුගලය ගමන් කරමින් පැවතුනේය. පසුගිය සතියේදී, රිපල්, කොයිනයකට 1.025 බැගින් වර්ධනය වූ අතර පසුව එය 35% ක් අහිමි වී 0.670 අගයක් දක්වා අඩු විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD. 55% ක් වන ප්‍රවීණයන්, ජනාධිපති ට්‍රම්ප් විසින් වානේ සහ ඇලුමිනියම් මත ආනයන තීරු බදු හඳුන්වා දීම නිසා ඩොලරයේ ආකර්ශනීයත්වය වැඩි කරනු ඇති බවත් එම නිසා මෙම යුගලය පහත වැටෙනු ඇති බවත් අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, විශ්ලේෂකයින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම යුගලය යම් කාලසීමාවක් 1.2150-1.250 කලාපයේ සමාන්තර චලනයක් පෙන්නුම් කරනු ඇති බවයි.
    මධ්‍ය කාලීන අනාවැකිය සැලකීමේදී, ප්‍රවීණයන් සහ ග්‍රැෆික් විශ්ලේෂණයන් ප්‍රතිවිරුද්ධ මතයක් දරයි. ඒ අනුව, ප්‍රවීණයන්, යුගලය 1.1900 දක්වා පහත බසිනු ඇති බව විශ්වාස කරයි. අනෙක් අතට ග්‍රැෆික් විශ්ලේෂණය මගින් යුගලය 1.2800 දක්වා ගමන් කරනු ඇති බවට මත පල කරයි. ඔස්කිලේටර් මගින් නිශ්චිත අදහසක් පල නොකරයි.
    පැය හතරේ කාලරාමුව මත 85% ක් යුගලය පහලට ගමන් කරනු ඇති බව පෙන්නුම් කරන අතර 15% ක් එම යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා කරයි. දවසේ කාලරාමුව සඳහා, ඊටත් වඩා අඩු සංඥාවක් ලබා දෙයි. ඒ අනුව තුනෙන් එකක් වන ඔස්කිලේටර්, යුගලය පහතට ගමන් කරනු ඇති බවත්, තවත් තුනෙන් එකක්, යුගලය වර්ධනය වනු ඇති බවත්, අවසාන තුනෙන් එකක ප්‍රමාණය සමාන්තර චලනයක් පවතිනු ඇති බවත් පෙන්නුම් කරයි.
  • GBP/USD. මෙහි දර්ශකයන් මගින් ද නිශ්චිත අනාවැකියක් නොපෙන්වයි, සමහරක් කොළ පැහැයෙන්ද, සමහරක් රතු පැහැයෙන්ද, තවත් සමහරක් කහ පැහැයෙන්ද වර්ණ ගැන්වී ඇත. නමුත් බොහෝ විශ්ලේෂකයින් (80%) ක්, ජනවාරි 25 දා ආරම්භ වූ පහත වැටීමේ ප්‍රවණතාව දිගටම පවතිනු ඇති බවට අනාවැකි පල කරයි. ආධාරක අගයන් 1.3760 සහ 1.3585 වේ.
    වෙනත් මතයක් දක්වන 20% වන විශේෂඥයන්ට සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව 1.4065 ප්‍රතිරෝධී අගය බිඳහෙලීමට උත්සහ කරනු ඇත. මෙහි ආධාරක කලාපය 1.3710-1.3760 වේ.

2018 මාර්තු 12 සිට 16 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • අප විසින් මෙම සතියේ දී, USD/JPY සඳහා අනාවැකිය ලබා දීමේදී ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් මත රඳා නොසිටිනු ඇත. මන්දයත් එහි දී කිසිඳු ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමක් සිදු නොවෙයි. ප්‍රවීණයන්ගේ මතය සම සමව බෙදී යයි: ඉහළයාම සඳහා 33% ක්, පහත යාම සඳහා 33% ක් සහ ඉතිරිය මධ්‍යස්ථ මතයක් දරයි.
    පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව යුගලය 105.25-107.65 කලාපයේ සමාන්තර චලනයක් පෙන්නුම් කරනු ඇත. දවසේ කාලරාමුව මත දී යුගලය, 103.00 දක්වා පහත වැටෙනු ඇත.
  • ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා, ප්‍රවීණයන් විසින් එම යුගලයන් පහතට ගමන් කිරීමක් අපේක්ෂා කරයි. ඒ අනුව, BTC/USD, 8.320 දක්වා පහතට ගමන් කල හැකි අතර, එය තව දුරටත් පහතට ගමන් කළහොත් 7.740 දක්වා පහත වැටෙනු ඇත. එතීරියම්, ලයිට්කොයින් සහ රිපල් සඳහා විශ්ලේෂකයින් විසින් කිසිඳු යහපත් අනාවැකියක් අපේක්ෂා නොකෙරේ, ඔවුන්ගේ අනාවැකිට අනුව, යුගලයන්ගේ වටිනාකමෙන් 10% සිට 20% ක් දක්වා අහිමි විය හැකිය.

ක්‍රිප්ටෝ මුදල් යුගලයන්ගේ විචලනය කෙරෙහි කුඩා සිදුවිමක ප්‍රතිපල වුවද බලපෑ හැකි බව සඳහන් කල යුතුය. එබැවින්, ඔබ මනාව, නිවැරදි මුදල් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කල යුතුය. අපෙන් ඔබට ලැබෙන 1: 1000 ලෙවරේජ් අගය මගින් මෙකී වෙළඳ අවධානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය. අවසානයේදී, සත්‍ය වශයෙන්ම, බිට්කොයින් 10 ක්, එතීරියම් 100 ක්, ලයිට්කොයින් 500 ක් හෝ රිපල් 100,000 ක් මිලදී ගැනීම සඳහා, ඔබට අවශ්‍ය වන්නේ ඩොලර් 100 ක් පමණි. ඔබේ ඉතිරි මුදල් රඳවා තබා ගත හැකිය.

https://lk.nordfx.com/promo/tradecrypto.html

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න