2018 February 25

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය. එමෙන්ම බිට්කොයින් සහ අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වූ අනාවැකි 100% පාහේ සත්‍ය වූ බව මතක තබා ගන්න.

  • EUR/USD කෙටිකාලීනව, විශේෂඥයින්ගෙන් තුනෙන් පංගුවක් මෙම යුගලය වැටීම අපේක්ෂා කල බව සිහිපත් කරන්න. සතිපතා අනාවැකිය, මධ්‍ය කාලීන අනාවැකිවලට මාරු වීමෙන් පසුව, එක්සත් ජනපද මුදල් ඒකකයේ ආධාරකරුවන්ගේ සංඛ්‍යාව 30% සිට 65% දක්වා වැඩි විය. මෙම සිදුවීම් ඉක්මවා යාමට ඩොලරය තීරණය කර ඇති අතර, සඳුදා සිට, මෙම යුගලය පහත වැටී ඇත. විශ්ලේෂකයින් විසින් 1.2335 සහ 1.2235 අගයන් ඉලක්ක ලෙස නම් කර තිබිණි. මෙම යුගලය පළමු ස්ථානයට සාර්ථකව ලඟා විය. එමෙන්ම දෙවන ස්ථානයටද බොහෝ දුරට ලඟා වූ අතර, 1.2259 අගයට පැමිණියේය. ඉන්පසු එය 1.2295 කලාපය තුළ සතිය සම්පූර්ණ කරන ලදී.
  • GBP/USD සඳහා ද ඒ හා සමාන අනාවැකියක් ලබා දෙන ලදී. මධ්‍ය කාලීනව EUR/USD සඳහා වූ පරිදි, පහල යාම සඳහා ආධාරකරුවන්ගේ සංඛ්‍යාව 35% සිට 60% දක්වා වැඩි විය. ඔස්කිලේටර් 10% පමණක් යුගලයේ විකුණුම් වැඩි වන බවට සංඥා කලේය. කෙසේ වුවද, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පොයින්ට් 175 ක් මෙම යුගලයට අහිමි විය. කෙසේවෙතත් සිකුරාදා සතිය අවසන් වන විට මෙම යුගලය 1.3965 දක්වා පැමිණ තිබිණි.
  • USD/JPY. මධ්‍ය කාලීන පැත්තේ කොරිඩෝවේ 108.00-114.75 පහත් රේඛාව බිඳවැටීම පිළිබඳ විශේෂඥයින්ගේ මතය බෙහෙවින් බෙදී තිබිණි. 45% ක් එය ව්‍යාජ එකක් ලෙස සැලකූ අතර යුගලය ඉහළට එළඹීම අපේක්ෂා කළේය. ඔස්කිලේටර් 20% ක් එයත් සමග එකඟ විය. සතිපතා ප්‍රස්ථාරය පෙන්නුම් කරන්නේ යුගලය සැබවින්ම 108.00 අගයට ළඟා වූ බවය. ඉහළයාම සඳහා ඇති ශක්තිය වියළී ගිය අතර, එය 106.90 ක ආධාරක/ප්‍රතිරෝධයක් පෙන්නුම් කරමින් පොයින්ට් 110 කින් අඩු විය.
  • අපි දැන් ක්‍රිප්ටෝ මුදල් වෙත යොමුවෙමු. මෙම අනාවැකියේ මූලික කාර්යභාරය වන්නේ ප්‍රවණතාවය තීරණය කිරීම බව දන්නා කරුණකි. මෙහි අනාවැකිය 100% සත්‍ය විය. මෙම යුගල වල අසාමාන්‍ය ලෙස වන ඉහළ උච්චාවචනය නිසා, මට්ටම් පිළිබඳ නොව, ආධාරක/ප්‍රතිරෝධී කලාප ගැන කතා කිරීම වඩා සුදුසු ය. එසේ වුවත්, මෙහිදී ද අනාවැකිය නිවැරදි විය.
    - ජනවාරි මස මැද භාගයේ දී බිට්කොයින් (BTC/USD) සඳහා අනාවැකිය ප්‍රකාශ කිරීමේදී අප විසින් $ 10,000 ක් කලාපය වැදගත් කලාපයක් ලෙස නම් කරන ලදී. මෙම යුගලය එම කලාපය වටා සෑම විටම උච්ඡාවචනය වී ඇත. සතිපතා පුරෝකථනය සඳහා, එය මෙසේ පෙනේ: 10,500-11,000 කලාපයේ වර්ධනය, පසුව ආපසු හැරවීම සහ 9,470 දක්වා පහත වැටෙනු ඇත. ඇත්ත වශයෙන්ම, මෙම සතියේ පළමු භාගයේදී උතුරු යුගලය 11,750 ක මට්ටමකට ලඟා විය. කෙසේ වෙතත්, බදාදා වන විට, බොහෝ ඔස්කිලේටර් හි ප්‍රස්ථාර වල දෙගුණයක හෝ සමහරවිට තෙගුණයක විභේදනයක් නිරීක්ෂණය කිරීමට දැනටමත් හැකි විය. ඉන්පසු යුගලය ආපසු හැරීමක් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය 9.555 දක්වා පහත වැටුණි.
    - එතීරියම් (ETH/USD): අනාවැකියට අනුව, එය පළමුව 1,000 දක්වා වැඩිවනු ඇති බවත් පසුව එය 775-840 දක්වා අඩු වන බවත් ප්‍රකාශ විය. පසුගිය සතියේදී එය 975.80 දක්වා වර්ධනයක් පෙන්නුම් කල අතර, පසුව ආපසු හැරී 783.80 දක්වා අඩු විය.
    - ලයිට්කොයින් (LTC/USD): අනාවැකියට අනුව, එය මුලින්ම 250 දක්වා ඉහළ යනු ඇති බවත් ඉන්පසු නැවතත්, 220 මට්ටමට පැමිණෙනු ඇති බවත් කඩාවැටීමේ දී 165 ක් දක්වා පහත වැටෙනු ඇති බවත් ප්‍රකාශ විය. පසුගිය සතියේදී එය 251 දක්වා ඉහළ නැගුණු අතර, පසුව නැවත හැරී 180 දක්වා පහත වැටී ඇත;
    - රිපල් (XRP/USD): අනාවැකියට අනුව 1.164 දක්වා වර්ධනය වනු ඇති බවත් ඉන්පසු හැරී, 0.83 දක්වා හෝ 0.77 ක අගයක් දක්වනු ඇති බවත් ප්‍රකාශ විය. පසුගිය සතියේදී එය 1.143 දක්වා වැඩිවූ අතර පසුව හැරී 0.79 දක්වා පහත වැටීම සිදු විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD. ප්‍රවීණයන්ගෙන් 70% කට ආසන්න සංඛ්‍යාවක්, දර්ශක අතිමහත් බහුතරයක් අපේක්ෂා කරනුයේ මෙම යුගලය දිගටම පහත වැටෙනු ඇති අතර ආසන්නම ආධාරක මට්ටම් 1.2200 ක් සහ 1.2165 ක් ලෙස හඳුනා ගැනේ. මීළඟ ආධාරක මට්ටම 1.2070 වේ.
    මධ්‍ය කාලීන අනාවැකි කරා ගමන් කරන විට, පහතයාම සඳහා සහය දක්වන්නන්ගේ ගණන 70% සිට 45% දක්වා අඩු වේ. අඩක් වන ප්‍රවණතා දර්ශක සහ D1 මත ඔස්කිලේටර් මධ්‍යස්ත මතයක් දරන අතර D1 මත ග්‍රැෆික් විශ්ලේෂණය උතුරු දිශාව පෙන්නුම් කරයි: එම විශ්ලේෂණයට අනුව යුවල පළමුවෙන් 1.2550 ප්‍රතිරෝධී අගයකට ලඟා වන අතර එය බිඳවැටුනහොත් 1.2685 දක්වා අගයකට වනු ඇත.
  • GBP/USD. බොහෝ දර්ශක මෙහිදී කොළ පැහැයෙන් වර්ණ ගැන්වී ඇත. විශ්ලේෂකයින්ගේ මතය හරි අඩකින් බෙදී ඇත: 50% ක් යුගලය වැටීම සඳහා සහයෝගය දෙයි, 50% එහි වර්ධනයට සහාය වේ. ග්‍රැෆික් විශ්ලේෂණයට අදාල වන විට, H4 1.3835-1.4145 අතර සමාන්තරව ගමන් කරනු ඇත. D1 වෙත ගමන් කරන විට, යුගලයේ විචලන පරාසය 1.3765-1.4345 දක්වා විහිදෙයි.
    මධ්‍ය කාලීනව 70% ක්ම ප්‍රවීණයන්ගෙන් යුගලයේ පහත වැටීම සඳහා සහය පල කර ඇති අතර, එම යුගලය 1.3300-1.3550 කලාපයට නැවත පැමිණෙනු ඇත.
  • USD/JPY. පිලිවෙලින් දෙවන සතියටත් මධ්‍ය කාලීන පැත්තක කොරිඩෝවේ පහළම රේඛාවේ 108.00-114.75 කලාපය පිළිබඳ සම්මුතියක් ඇති කර ගැනීමට විශේෂඥයින්ට නොහැකි වී ඇත. 5% ක් පමණක් වන ඔස්කිලේටර් විකුණුම් වැඩිවන බවට සංඥා කරයි. කෙසේවෙතත්, H4 සහ D1 හි ග්‍රැෆික් විශ්ලේෂණයෙන් සහ 30% ක් වන විශ්ලේෂකයින් යුගලය 107.80-108.00 දක්වා නැවත පැමිණීමක් බලාපොරොත්තු වන අතර ඉන් පසු ඊටත් ඉහල 109.85 අගයකට යුගලය ගමන් කරනු ඇතැයි අපේක්ෂිතය.
    බොහෝ විද්වතුන්ට අනුව, ඔවුන් දෙදෙනා නැවත වරක් 105.54 අගයකට නැවත පැමිණෙනු ඇති අතර, එය බිඳවැටුනහොත් 104.30 දක්වා අගයකට ඉක්මනින් ලඟා වනු ඇත. මධ්‍ය කාලීනව, යුගලය 2016 ජනවාරි මාසයේ අවම අගයන් වූ 98.99-101.20 කලාපයේ තවදුරටත් ඉදිරියට යන බව ඔවුහු විශ්වාස කරති.
  • අවසානයේදී, ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළේ ප්‍රධාන මුදල වන බිට්කොයින්. වෙළුම් දර්ශක, ඔස්කිලේටර් සහ විශේෂඥයින් විශ්වාස කරන්නේ BTC/USD සතියේ මැද භාගය වන තෙක්, 8,400-9,040 කලාපය දක්වා පහත වැටෙනු ඇති බවයි. මෙම යුගලය පසුව 9,900-11,000 මට්ටමට පැමිණෙනු ඇත.
    විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ NordFX හි ඇති අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් යුගලයන්හි (ETH/USD, LTC/USD, XRP/USD, ආදිය) විචලනයන් සඳහා පොදු චලනයක් සිදු වනු ඇති බවයි. ඒ අනුව පෙබරවාරී මස අවසානය දක්වා යුගලයන් වල පහතයාමක් සිදුවනු ඇති බවට ඔවුහු විශ්වාස කරති. ඉන්පසු පෙර සතියේ ඉහලම අගයන් වෙත නැවතත් ඉහළ යාමක් දක්නට ලැබෙනු ඇත.

2018 පෙබරවාරි 26 සිට මාර්තු 02 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

හිතවත් වෙළදුනි, NordFX මඟින් ඔබට ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම සඳහා අවස්ථාවක් ලබා දේ.

       ලෙවරේජ් අගය 1:1000 දක්වා.

USD සහ Bitcoins වලින් තැන්පත් කල හැකිය.

http://lk.nordfx.com/promo/bitcoinleverage1000.html

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න