2018 February 18

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය. එමෙන්ම බිට්කොයින් සහ අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වූ අනාවැකි 100% පාහේ සත්‍ය වූ බව මතක තබා ගන්න.

  • EUR/USD සඳහා වූ අනාවැකිය නැවත වරක් තහවුරු කරන ලද්දේ හතරෙන් තුනක් වන ඔස්කිලේටර්, යුගලයේ විකුණුම් වැඩි වන බවට සංඥා නිකුත් කරමිණි. එමගින් ප්‍රවණතාවයේ බිඳ වැටෙන බව බලාපොරොත්තු විය. විශ්ලේෂකයින්ගෙන් 45% ක් මෙම සංඥා තහවුරු කරන ලද අතර යුගලය උතුරු දෙසට හැරී 1.2350-1.2530 දක්වා නැවත පැමිණීම අපේක්ෂා කරන ලදී. එය එලෙසම සිදු විය. සඳුදා ආරම්භ වූ යුගලයේ ගමන් මග ක්‍රමිකව ඉහල ගිය අතර එය පසුගිය සති හතර තුළ ඉහළ මට්ටම වූ 1.2555 මට්ටමට ලඟා විය. ඉන් පසු ඩොලරය පොයින්ට් 155 කින් ශක්තිමත් වී යුගලය 1.2400 දක්වා නැවත පහල ගියේය.
  • GBP/USD සඳහා ද සමාන එවැනිම වූ අනාවැකියක් ලබා දෙන ලදී. අවසාන ඉලක්කය වූයේ ජනවාරි මාසයේ ඉහළ කලාපය වූ 1.4150-1.4350 කලාපයයි. එය ද බොහෝසෙයින් සාර්ථක විය. පෙබරවාරි 16 වන දින, මෙම යුගලය 1.4145 දක්වා ඉහළ නැගුනු නමුත් එහි දිගටම රැඳී සිටීමට සමත් වූයේ නැත. සතිය අවසානයේ දී 1.4030 අගයකට යුගලය පැමිණියේය.
  • USD/JPY පිළිබඳ අනාවැකි ලබා දීමෙන්, විද්වතුන්ගෙන් බහුතරය (60%) සහ ග්‍රැෆික් විශ්ලේෂණයෙන් අපේක්ෂා කරන ලද්දේ යුගලය මධ්‍ය කාලීන පැත්තක කොරිඩෝවේ 108.00-114.75 හි පහළ සීමාව දක්වා ගමන් කිරීම සිදුවන බවත් එය එය බිඳවැටුනහොත් 2017 සැප්තැම්බර් මාසයේ අවම අගය වූ 107.30 දක්වා යුගලය පහත බසින බවත්ය. යුගලය මෙම අපේක්ෂාව යථාර්තයක් කල අතර ඉන් නොනැවතී සතිය තුල පොයින්ට් 325 ක් අහිමි වී 105.50 දක්වා පහලට ගමන් කළේය. සතිය අවසානයේදී 106.30 හි යුගලය රැදී සිටියේය.
  • ක්‍රිප්ටෝ මුදල්. ක්‍රිප්ටෝ-හුවමාරු විශේෂඥයින්ගේ අදහස් මත පදනම්ව පසුගිය සතියේ, මුලික ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා පළමු අනාවැකිය අපි ලබා දුනි. එය ප්‍රායෝගිකව සත්‍ය විය.
    - බිට්කොයින් (BTC/USD) සඳහා වූ අනාවැකියේදී අපේක්ෂා කලේ යුගලය 10,300-12,160 කලාපය දක්වා වර්ධනය වන බවයි. සැබවින්ම එය 10,240 දක්වා වර්ධනය වී ඇත.
    - එතීරියම් (ETH/USD) සඳහා වූ අනාවැකියේදී අපේක්ෂා කලේ යුගලය 1,025-1,125 කලාපය දක්වා වර්ධනය වන බවයි. සැබවින්ම එය 942.00 දක්වා වර්ධනය වී ඇත.
    - ලයිට්කොයින් (LTC/USD) සඳහා වූ අනාවැකියේදී අපේක්ෂා කලේ යුගලය 173-213 කලාපය දක්වා වර්ධනය වන බවයි. සැබවින්ම එය 235 දක්වා වර්ධනය වී ඇත.
    - රිපල් (XRP/USD) සඳහා වූ අනාවැකියේදී අපේක්ෂා කලේ යුගලය 1.015-1.185 කලාපය දක්වා වර්ධනය වන බවයි. සැබවින්ම එය 1.164 දක්වා වර්ධනය වී ඇත.

 

ඉදිරි සතියේ අනාවැකි සඳහා, ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් සහ ක්‍රිප්ටෝ හුවමාරුව, විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කර ගනිමින් අනුමාන සාරාංශය පහත පරිදි වේ:

  • EUR/USD. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය, දර්ශක (90%) සහ විශේෂඥයින්ගෙන් 70% ක් පමණ අපේක්ෂා කරන්නේ යුගලය දිගටම වර්ධනය වන බවයි. ආසන්නතම ඉලක්කය වන්නේ 1.2500-1.2555 කලාපයයි, මීළඟට 2012-14 වසර තුළ ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධක කලාපයක් වූ 1.2755 වේ. යුගලය පහත යාම සඳහා සහය දක්වන ආධාරකරුවන්ට අනුව, මෙම යුගලය 1.2335 දක්වා පහත බසිනු ඇත. ඉන් පසුව තවත් පොයින්ට් 100 ක් දක්වා අඩු වී 1.2235 අගයකට ගමන් කරනු ඇත. සතිපතා අනාවැකියේ සිට මධ්‍ය කාලින අනාවැකිය කරා ගමන් කරන විට, ඩොලරය ශක්තිමත් කිරීම සඳහා ආධාරකරුවන් සංඛ්‍යාව 30% සිට 65% දක්වා වැඩි වේ.
  • GBP/USD. මෙම යුගලය සඳහා වන අනාවැකිය දෙවන සතියටත් සුළු වෙනස්කම් සහිතව පමණක් EUR/USD අනාවැකියට නැවතත් සමාන වෙයි. විශ්ලේෂකයින්ගෙන් 65% ක්, ග්‍රැෆික් විශ්ලේෂණය සහ දර්ශක අති විශාල බහුතරයක් යුගලයේ වර්ධනය සඳහා සහය ලබා දෙයි. ඔස්කිලේටර් 10% පමණක් යුගලයේ විකුණුම් වැඩි වන බවට සංඥා කරයි. ආධාරක මට්ටම් 1.3900, 1.3835 සහ 1.3765 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.4145, 1.4275 සහ 1.4345 වේ.
    EUR/USD දී මෙන්, මධ්‍ය කාලිනව, පහත යාම සඳහා සහය දක්වන්නන්ගේ  සංඛ්‍යාව 35% සිට 60% දක්වා වැඩි වේ. ඉලක්කය වන්නේ 1.3455-1.3585 කලාපයයි.
  • USD/JPY. මධ්‍ය කාලීන පැත්තේ කොරිඩෝවේ 108.00-114.75 පහත් රේඛාව බිඳවැටීම පිළිබඳ විශේෂඥයින්ගේ මතය බෙහෙවින් බෙදී ඇත. 45% ක් එය ව්‍යාජ එකක් ලෙස සලකන අතර යුගලය ඉහළට එළඹීම අපේක්ෂා කරයි. ඔස්කිලේටර් 20% පමණ මෙම මතය සමග එකඟ වන අතර යුගලයේ විකුණුම් වැඩි වන බවට සංඥා කරයි. ඉතිරි 55% ක ප්‍රවීණයන්ට අනුව එය බිඳවැටෙන බවත් ඒ අනුව යුගලයේ ඉලක්කය 104.00-105.55 කලාපයේ වන බවත් ඔවුන් විශ්වාස කරයි.
  • අවසානයේ, ක්‍රිප්ටෝ මුදල්. සති අන්තවලදී ද ඒවා වෙළඳාම් කරන බැවින්, පෙබරවාරි 17 සෙනසුරාදා සිට පෙබරවාරි 23 සිකුරාදා දක්වා දින 7 ක කාලය දෙස බැලීම සුදුසුය. මෙම අනාවැකිය, ක්‍රිප්ටෝ හුවමාරුව, විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික විශ්ලේෂණ මත පදනම්ව මෙසේ ඉදිරිපත් කරමු.
    - බිට්කොයින් (BTC/USD) - දවසේ කාලරාමුව මත MFI දර්ශකය විකුණුම් වැඩිවන කලාපය වෙත ළඟා වුවත්, යුගලය තවමත් ළඟා වී නොමැත. විශ්ලේෂකයෝ එයත් සමඟ එකඟ වෙති. මෙම යුගලයේ වර්ධනය 10,500-11,000 කලාපය දක්වා වර්ධනය කර ගත හැකි බව විශ්වාස කෙරේ. ඉන්පසු එය 9,470 ක මට්ටමකට හැරවීමටත්, පසුව 8.300-8.970 දක්වා කලාපය වෙත ආපසු පැමිණීමටත් අපේක්ෂා කරති.
    - එතීරියම් (ETH/USD) - අනාවැකි කාලය ආරම්භයේ දී 1000 ට ළඟා විය හැකිය. එවිට මෙම යුගලය දකුණට හැරී 775-840 දක්වා පහතට ගමන් කිරීම අපේක්ෂා කෙරේ.
    - ලයිට්කොයින් (LTC/USD) - MFI දර්ශකය දැනටමත් විකුණුම් වැඩි කලාපයේ පවතියි; වෙළුම් දර්ශකයන් මගින් පහත යාමේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරයි. විද්වතුන් පවසන පරිදි, යුගයේ වර්ධන ශක්‍යතාව සම්පූර්ණයෙන්ම පාහේ අවසන් වුවද, එහි වර්ධනය 250 සීමාවෙන් ඉවතට හැරිය නොහැකිය. ඉන් පසුව 220 මට්ටමට නැවත පැමිණීම සහ එහි ඉදිරි ගමනේ දී 165 දක්වා  පහතට වැටීම සිදුවිය හැකිය.
    - රිපල් (XRP/USD) - මෙම යුගලය අවසන් සතියේ සුළු අස්ථායීතාවයක් සහ අවම වෙළඳ පරිමාවන් සමඟ අවසන් වූ අතර, යුගලය තවමත් 1.164 ක උසකට ලඟාවීමට උත්සාහ කළ හැකි වන අතර ඉන්පසු එය දකුණට 0.83 ක් දක්වාත් පසුව, සමහරවිට ඊටත් අඩු 0.77 දක්වාත් ගමන් කල හැකිය.

2018 පෙබරවාරි 19 - 23 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1 

 

හිතවත් වෙළදුනි, NordFX මඟින් ඔබට ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම සඳහා අවස්ථාවක් ලබා දේ.

       ලෙවරේජ් අගය 1:1000 දක්වා.

USD සහ Bitcoins වලින් තැන්පත් කල හැකිය.

http://lk.nordfx.com/promo/bitcoinleverage1000.html

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න