2018 February 3

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. 65% ක් දෙනා අපේක්ෂා කළේ ඩොලරය ශක්තිමත් වනු ඇති අතර යුගලය පහත වැටෙනු ඇති බවය. සතිය ආරම්භ වූ සඳුදා බොහෝ විද්වතුන් අපේක්ෂා කල පරිදි යුගලය 1.2300 ගියේය. කෙසේ වෙතත්, 1,2335 ක මට්ටමට ලඟා වීමට මොහොතකට පෙර, පහත යාම් සදහා සියළුම වාසි අහිමි වූ අතර, මෙම ආධාරකයන් බිඳ දැමීමට අසාර්ථක උත්සාහයන් දෙකකින් පසු යුගලය උතුරට හැරී ගියේය.
    2014 වසරේ සරත් සෘතුවේ 1.2535 මට්ටම එහි ආසන්නම ප්‍රතිරෝධය ලෙස හඳුනාගෙන තිබිණි: යුගලය පෙබරවාරි පළමුවන දිනයේදී එයට ලඟා වුනි.
    පෙබරවාරි 2 දා එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ ධනාත්මක දත්තවලට ස්තුතිවන්නට (එය 25% කින් වර්ධනය විය) ඩොලරය යම් වර්ධනයක් ඇත කර ගත අතර සතිය අවසාන වුයේ සතිය ආරම්භ වූ ස්ථානයට ආසන්න අගයකිනි: 1.2455.
  • GBP/USD. පසුගිය සතියේදී විශ්ලේෂකයින්ගේ මතය සමාන කොටස් තුනකට බෙදී තිබිණි. එනම් තුනෙන් එකක් යුගලයේ වර්ධනය සඳහාත්, තුනෙන් එකක් එහි වැටීම සඳහාත්, සහ තුනෙන් එකක් පාර්ශවීය චලනයකුත් අපේක්ෂා කළේය. එවැනි බෙදීමකින් යුගලය නැගෙනහිර දෙසට ගමන් කිරීම අපේක්ෂා කිරීමට හේතු විය. එය H4 සහ D1 මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් තහවුරු කරන ලදී. මෙම අනාවැකිය සම්පූර්ණයෙන්ම සනාථ වී තිබේ. සතිය අවසානයේදී යුගලයේ ආරම්භක අගය වූ 1.4115 අගයට නැවතත් පැමිණියේය.
  • USD/JPY අනාවැකිය 100% ක් නොවුනද අවම වශයෙන් 90% ක ප්‍රමාණයක් සත්‍ය විය. ග්‍රැෆික් විශ්ලේෂණයෙන් සහාය දක්වන බොහෝ විද්වතුන් යුගලය 109.35 දක්වා ඉහළ යාමටත් පසුව 108.00-114.75 මධ්‍ය කාලීන නාලිකාවෙහි උච්චස්ථානය වන 111.00 ක් දක්වා ඉහළ යාමට අපේක්ෂා කළේය.
    ඔබ ප්‍රස්ථාරය දෙස බැලීමෙන්, සතියේ පළමු භාගයේදී, මෙම යුගලය ප්‍රතිරෝධය ජයගැනීමට උත්සාහ කරමින් සිටි අතර, ජනවාරි 31 වන බදාදා එසේ කිරීමෙන් පසු සාර්ථක විය. යුගලය සිකුරාදා සවස 110.47 දක්වා ළඟා වූ බව පෙනී යයි.
  • USD/CHF. මෙහිදී විශේෂඥයන්ගේ අදහස් 50/50 බෙදී තිබිණි. එම නිසා සතිය පුරාවටම යුගලයේ ස්ථාවර තත්වයක් නොපැවිතිණි. මුලින්ම එය යම් වර්ධනයක් පෙන්නුම් කර, පසුව ටිකක් අඩුවී, පසුව නැවත ඉහල ගොස්, ඉන් අනතුරුව නැවතත් පහත වැටී ඇත. ප්‍රතිඵලයක් වශයෙන්, වෙළඳ දින පහ තුළ අඩුවීම පොයින්ට් 25 ක් (0.9335) විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් බහුතරය තවමත් හරිත වර්ණ ගැන් වී ඇත. ඔස්කිලේටර් දෙකක් පමණක් යුගලයේ මිලදී ගැනීම් අධික වන බවට සංඥා ලබා දෙයි. ඔවුන්ගෙන් එක් අයෙකු H4 සහ අනෙක් D1 මත පිහිටා ඇත. විශ්ලේෂකයින් පවසන පරිදි එය බෙදී ඇත: 35% යුගලයේ වර්ධනය සඳහාත්, 35% එහි වැටීම සඳහාත්, සහ 30% නිහඬ තත්වයකුත් අපේක්ෂා කරයි.
    ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පැහැදිලි චිත්‍රයක් ලබා දෙයි. ඒ අනුව H4 මත පදනම්ව, ඉහළ නැගීම් අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. ආසන්නතම ඉලක්කය 1.2400 ක් සහ ඉන්පසු 1.2525 සහ 1.2570 වේ. D1 මත ග්‍රැෆික් විශ්ලේෂණය ද ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ 2014 සරත් ඍතුවේ ආධාරක/ප්‍රතිරෝධී මට්ටම් මතය. ප්‍රවනතාවය ඉහල යාම සඳහා වන අතර එහි ආධාරක අගය 1.2340 වේ. ඉලක්කය 1.2630 වේ.
    මධ්‍ය කාලීන අනාවැකි කරා ගමන් කරනවා නම්, ප්‍රවීණයන්ගෙන් 70% ක් තවමත් ඩොලරය ශක්තිමත් කිරීම සඳහා අපේක්ෂා කරන අතර යුගලයේ පහත වැටීම 1.1900-1.2085 අතර වන බව අපේක්ෂා කරයි.
  • GBP/USD. ප්‍රවීණයන්ගේ අදහස බෙදී යයි: 55% ක් වර්ධනයක් අපේක්ෂා කරයි. 45% ක් වැටීමක් අපේක්ෂා කරයි. දර්ශකයන් බොහෝ විට උතුරට යොමු කෙරේ. ප්‍රවණතා දර්ශකයන්ගෙන් 15% ක් සහ H4 මත ඔස්කිලේටර් 30% ක් රක්ත වර්ණයෙන් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් D1 වෙත ගමන් කරන විට, ඒවා සියල්ලම පාහේ හරිත වර්ණයට වෙනස් වේ.
    ග්‍රැෆික් විශ්ලේෂණයෙන් දැක්වෙන්නේ 1.3950 දක්වා යුගල පහල යන බවත් ඉන්පසු එය 1.4275 දක්වා ඉහල යන අතර පසුව 1.4345 සහ 1.4515 දක්වා උපරිම අගයකට ලඟා වන බවත්ය.
    පෙබරවාරි 8 වන බ්‍රහස්පතින්දා එංගලන්ත මහ බැංකුව විසින් නිවේදන කිහිපයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සැලකිය යුතුය. කෙසේවෙතත් එක්සත් රාජධානියේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් අපේක්ෂා කල නොහැකිය.
    මධ්‍ය කාලීනව, EUR/USD දී මෙන්, ඩොලරය වර්ධනය වීම අපේක්ෂා කරන විශ්ලේෂකයින්ගේ ගණන 70% දක්වා ඉහල යන අතර යුගලය 1.3285-1.3600 දක්වා පහත වැටීම අපේක්ෂා කරයි.
  • USD/JPY. පසුගිය සතියේ H4 සහ D1 මත ග්‍රැෆික් විශ්ලේෂණයට සහාය දක්වන බොහෝ විද්වතුන්, යුගල නැවත තිබු තත්වයට පත් වීම අපේක්ෂා කළෝය, දැන් ඔවුන්ගෙන් සමහරෙක් යුගලයේ පහත යාම සඳහා මාරු වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස පහත තත්වය හඳුනා ගත හැකිය:
    H4 සහ D1 හි ග්‍රැෆික් විශ්ලේෂණයන්ගෙන් 55% ක් ද, D1 මත දර්ශක සහ ඔස්කිලේටර් භාගයක් විශ්වාස කරන්නේ මෙම යුගල නැවත වරක් 108.00 ක දක්වා ගමන් කරන බවය. යුගලයේ ඉහල යාම සඳහා සහය දක්වන ආධාරකරුවන්ගේ අදහස් අනුව, යුගලයේ වර්ධන ශක්‍යතාව තවමත් අවසන් වී නැති අතර එය 111.25-112.00 දක්වා වැඩි විය යුතුය.

2018 පෙබරවාරි 05 - 09 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • අපගේ සමාලෝචනයේ අවසාන යුගලය වන්නේ USD/CHF වේ. H4 මත ග්‍රැෆික් විශ්ලේෂණයෙන් හා හතරෙන් තුනක් වන දර්ශකයන්ගෙන් සහ 70% ක් පමණ වන ප්‍රවීණයන්ගේ මතයට අනුව යුගලය මුලින්ම 0.9575 දක්වා ඉහළ යා යුතු අතර ඉන් පසුව පොයින්ට් 75 ක් ඉහල ගොස් 0.9650 දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

හිතවත් වෙළදුනි, NordFX මඟින් ඔබ හට ක්‍රිප්ටෝ මුදල් අවස්ථා (Bitcoin, Litecoin සහ Ethereum) වෙළඳාම් කිරීම සඳහා අද්විතීය අවස්ථාවක් ලබා දේ.

ලෙවරේජ් අගය 1:1000 දක්වා, අවම ස්ප්‍රෙඩ් අගය සහ ගිණුම විවෘත කිරීමට ගත වන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකි.

https://lk.nordfx.com/promo/tradecrypto.html

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න