මෙම නිවේදන විධිවිධාන හිටපු ගනුදෙනුකරුවන්ට මෙන්ම අපගේ වත්මන් ගනුදෙනුකරුවන් සඳහා අදාළ වේ.

පුද්ගලික තොරතුරු 
ඔබ Nord FX සමඟ නව ගිණුමක් අයදුම් කරයි නම් හෝ සජීවී ගිණුමක් පවත්වාගෙන යයි නම්, ව්‍යාපාරික කටයුතු සඳහා ඔබ ගැන පෞද්ගලික තොරතුරු රැස් කිරීමට අපට සිදු වේ. එනම් ඔබේ මූල්‍ය අවශ්‍යතා ඇගයීමකට, ඔබගේ ඉල්ලීම් හා ගනුදෙනු සැකසීමට, ඔබ කැමති විය හැකි නව නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට හා පාරිභෝගික සේවා සැපයීමට ය. මෙවැනි තොරතුරු අඩංගු විය හැක:
- අයදුම් තොරතුරු: ඔබගේ අයදුම් පත්‍රය සහ වෙනත් ආකාරයේ අයදුම් වලට ලබා දුන් තොරතුරු. ඔබේ නම, ලිපිනය, උපන් දිනය, රැකියාව, වත්කම්, සහ ආදායම්
- ගණුදෙනු තොරතුරු: අප සමග හා අපගේ අනුබද්ධ වැඩසටහන් සමඟ සිදු කළ ගනුදෙනු පිළිබඳ තොරතුරු මෙන්ම ඔබ සමඟ අපගේ සන්නිවේදන පිළිබඳව තොරතුරු ද, එහි ඇතුලත් වේ. උදාහරණ ලෙස: ඔබේ ගිණුමේ ශේෂය, වෙළෙඳ කටයුතු, ඔබේ පරීක්ෂණ, සහ අපගේ ප්‍රතිචාර
- තහවුරු කිරීමේ තොරතුරු: ඔබේ අනන්යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු එනම් විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය. උදාහරණ ලෙස: මහජන වාර්තා හෝ Nord FX සමග අනුබද්ධ නොවන අනෙකුත් ආයතනවලින් ලැබෙන ඔබ ගැන පසුබිම් තොරතුරු ඇතුළත් වාර්තා.

කුකීස් පිළිබඳ  
කුකීස් යනුවෙබ් අඩවි එහි අමුත්තන් නිරීක්ෂණය කිරීමට භාවිතා කරන තොරතුරු අඩංගු කුඩා ගොනුවකි. Nord FX සමාගම ඔබේ පරිගණකයට Nord FX කුකීස් සැකසීමට හා ප්‍රවේශ විය හැකි ආකාරයට දැන්වීම් හා ප්‍රවර්ධන අපේ වෙබ් අඩවිය භාවිතා කරන අයට දැකගැනීමට සලස්වයි. ,Nord FX හෝ එහි ඕනෑම දෙපාර්තමේන්තුවක් අපේ වෙබ් අඩවිය මත ඔබේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට Nord FX නිෂ්පාදන හා සේවා සම්බන්ධයෙන් කුකීස් භාවිතා කරයි. එවැනි අපි රැස් කරන හා කොටස් හා තොරතුරු නිර්නාමිකඅතර පුද්ගලිකව හඳුනාගත නොහැකි වේ.

ආරක්ෂක තාක්ෂණ 
Nord FX ඔබ විසින් ඇතුළත් කළ යම් යම් තොරතුරු ආරක්ෂා කිරීම සඳහා Secure Socket Layer (SSL) ගුප්ත කේතන තාක්ෂණය භාවිතා කරයි. මෙම වර්ගයේ තාක්ෂණය මඟින් ඔබ අපට සම්ප්‍රේෂණය කරනු ලබන තොරතුරු Nord FX හැර වෙනත් ඕනෑම කෙනෙකුට ලබා ගත නොහැකි ලෙස තොරතුරු ආරක්ෂා කරයි. අපි අපගේ වෙබ් අඩවියේ ආරක්ෂිත බව සහතික කර ගැනීම සඳහා ක්‍රියා කරන අතර වෙළෙඳපොල තුල පරමිතීන්ට අනුකූල බව සහතික කර ගැනීම සඳහා ක්‍රියා කරයි. තවද අපි ෆයර්වෝලයන්, අනන්යතාවය තහවුරු කරගැනීමේ ක්‍රම (උදා, මුරපද සහ පෞද්ගලික හැඳුනුම් අංක) වැනි වෙනත් ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරයි. එමෙන්ම අනවසර ප්‍රවේශ වීම් පාලනය කිරීමට හා දත්ත ආරක්‍ෂා කර ගැනීමට ප්‍රවේශ පාලන යාන්ත්‍රණ පද්ධති භාවිතා කරයි.
ගෙවීම් කාඞ් කර්මාන්තයේ ආරක්ෂක ප්‍රමිති කවුන්සිලයේ නිර්දේශයන්ට අනුකූලව, පාරිභෝගික ස්ථර සංකේතාංකනය මගින් පාරිභෝගික කාඩ්පත් විස්තර ආරක්ෂා කර ඇත — TLS 1.2 සහ යෙදුම් ස්ථර AES ඇල්ගොරිතම සහ යෙදුම් දිග බිට් 256.

අපේ අනුබද්ධිතයන් සමඟ තොරතුරු හුවමාරු කිරීම
ව්‍යාපාරික කටයුතු සඳහා අපගේ අනුබද්ධ වැඩසටහන සමග පුද්ගලික තොරතුරු විස්තර හුවමාරු කළා විය හැක. එනම්, පාරිභෝගික ගිණුම් සේවා සැපයීම හා නව නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම හෝ සමාගමේ , එහි අනුබද්ධිකයින්ට හෝ සේවකයින්ට වෙළෙඳ ක්‍රියාකාරකම් සඳහා උපකාර වීමට සහ අදාළ නීති පිළිගැනීම... අපේ අනුබද්ධිකයින් අප සමාගම හෝ අප සමාගමේ හිමිකාරත්වය සහිත සමාගම් විසින් පාලනය කරනු ලබයි. අපි අනුබද්ධ සේවාදායකයින්ට ලබා දෙන තොරතුරු අතර ඔබගේ නම, ලිපිනය, වෙළෙඳ හා ගිණුම් තොරතුරු ගත හැක. Nord FX, මෙම ප්‍රතිපත්තිය අනුව ඔබගේ තොරතුරු වල පුද්ගලිකත්වය පවත්වාගෙන යයි.

තෙවැනි පාර්ශිකයන් සමඟ තොරතුරු හුවමාරු කිරීම
Nord FX, මෙම ප්‍රතිපත්තියේ විස්තර කර ඇති පරිදි තෙවන පාර්ශවයක් සඳහා ඔබේ පුද්ගලික තොරතුරු අනාවරණය නොකරයි. තෙවන පාර්ශවයක් සඳහා ඔබගේ තොරතුරු හෙළිදරව් කරන්නේ ඔබගේ ගිණුම් පිළිබඳ පාරිභෝගික සේවා සපයන ආයතන වලට පමණක් වන අතර එමඟින් වෘත්තීය, නීතිමය හෝ ගිණුම් උපදෙස් ලබා දීම සිදු කරයි. ඔබ සේවා සැපයීමේ දී Nord FX සහාය ලබා දෙන අනුබද්ධ නොවන සමාගම් කොතරම් දුරට එවැනි තොරතුරු වල රහස්‍යභාවය රැක ගැනීම සහ Nord FX තීරනය කරන අරමුණු සඳහා පමණක්, එම සේවාවන් ලබා දීමට ඔබගේ පුද්ගලික තොරතුරු භාවිතා කරයි. තවද අපි ඔබේ කැමැත්තට අනුකූලව ඔබේ උපදෙස් ඉටු කිරීමට තුන්වන පාර්ශවයකට ඔබේ පෞද්ගලික තොරතුරු අනාවරණය කරනු ලැබේ. තව ද, Nord FX සමාගම ඔබේ පෞද්ගලික තොරතුරු අලෙවි නොකරන බව ප්‍රකාශ කළ යුතුය.

නියාමන අනාවරණය  
සීමිත තත්වයන් යටතේ, Nord FX විසින් තෙවන පාර්ශවයක් සඳහා ඔබේ පුද්ගලික තොරතුරු අදාල නීති හා රෙගුලාසි වලට අනුකූල අනාවරණය කරනු ලබයි. උදාහරණයක් ලෙස, අපි නියාමන අධිකාරීන් හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හෝ අනිකුත් වෘත්තීය ඉල්ලීම් ඉටු කිරීමට සහ අපේ අයිතීන් හෝ දේපල ආරක්ෂා කිරීම සඳහා අපගේ පෞද්ගලික තොරතුරු නියාමන අධිකාරීන් වලට අනාවරණය කරයි. මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති විස්තර කිරීමට අමතරව, අපි ඔබේ පෞද්ගලික තොරතුරු වෙනත් කිසිදු කාර්යයක් සඳහා භාවිතා නොකරයි.

හැරයාම
ඔබ අප ඉල්ලා සිටින පෞද්ගලික තොරතුරු අපට ලබා දීමට අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, එසේ කිරීමට ඔබ අසමත් වුවහොත් ඔබේ ගිණුම විවෘත කිරීමට හෝ පවත්වා ගැනීමට හෝ ඔබ වෙත සේවා සැපයීමට නොහැකි වනු ඇත. අපි ඔබ ලබා දුන් සියලු තොරතුරු, නිවැරදි ද , සම්පූර්ණ ද , හා මෙම දිනට තහවුරු කර හැකි ද යන්න සොයා බලයි. ඔබේ පෞද්ගලික තොරතුරු වල කිසිදු වෙනසක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම අපට දැනුම් දීම මඟින් ඔබට අපට උපකාර විය හැක. ඔබට ඔබගේ පෞද්ගලික දත්ත මකා දැමීමට හෝ වෙනස් කිරීමට හෝ එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නම් ඔබ කළ යුතු වන්නේ support@nordfx.com හෝ පහත සම්බන්ධතා තොරතුරු භාවිතා කර එනම් දුරකථන, ෆැක්ස් හෝ තැපැල් මගින් අපව සම්බන්ධ කර ගැනීම පමණි. මෙම ප්‍රතිපත්තිය තුල විස්තර කර ඇති ආකාරයට ඔබේ පෞද්ගලික තොරතුරු අපේ අනුබද්ධ හෝ වෙනත් තෙවන පාර්ශවයක් සඳහා අනාවරණය කිරීමට ඔබ බලාපොරොත්තු නොවන්නේ නම්, කරුණාකර පහත විද්‍යුත් තැපෑල මඟින් අප හා සම්බන්ධ වන්න: compliance@nordfx.com

පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න