2021 October 10

EUR/USD: පළමුව පහළට, පසුව ඉහළට

2022 සඳහා ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් අනාවැකිය1

COVID-19 වසංගතයේ බලපෑමෙන් ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් පවතින අතර මෙම ක්‍රියාවලිය 2022 දීත් අඛණ්ඩව සිදු වේ. අවම වශයෙන්. ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 6% ක් සඳහා වූ පුරෝකථනය මේ වසරේදී පවත්වා ගෙන යනු ඇත. මූලික අනාවැකි වලට අනුව ලබන වසරේදී දළ වශයෙන් 5% දක්වා වූ වර්ධනයක් (නව “විස්මයන්” නොමැති නම්) අඛණ්ඩව පවතිනු ඇත. කෙසේ වෙතත්, මෙය සාමාන්‍ය දර්ශකයක් වන අතර විවිධ රටවල ආර්ථිකයන් යථා තත්ත්වයට පත් වීමේ අනුපාතයේ වෙනස ඔවුන්ගේ ජාතික මුදල් වල අනුපාතයට බලපානු ඇත.

වසංගතය ආරම්භයේ සිටම EUR/USD යුගලයේ බෙහෙවින් වෙනස් හැසිරීම් ඔබට දැක ගත හැකිය. 2020 මාර්තු මස 1.0635 ට ආරම්භ වූ මෙම යුගලය 2021 ජනවාරි මස මුල වන විටත් 1.2350 අගයෙහි පැවතිණි. එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය විසින් ක්‍රියාත්මක කරන ලද මුදල් උත්තේජක (QE) ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ඇමරිකානු ඩොලර්, ආර්ථිකයට දැඩි ලෙස එකතු කිරීම නිසා ඩොලරය දුර්වල වීමට ලක් වී ඇත.

2021 ආරම්භයත් සමඟ ධවල මන්දිරයට නව ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය පැමිණීමත් සමඟ වෙලඳපොලේ වැඩි ස්ථාවර බවක් සහ QE හි අවසන් වීම පිළිබඳව වෙළදුන් මෙන්ම ආයෝජකයින් අපේක්ෂා සහගතව පසු විය. එයට සාර්ව ආර්ථික දර්ශක, විශේෂයෙන් උද්ධමනය සහ ශ්‍රම වෙළෙඳපොළ ප්‍රකෘතිමත් වීම දිරිගන්වන සුළු වීම හේතු විය. ඒ අනුව, ඩොලරය ශක්තිමත් වූ අතර මාර්තු අවසානය වන විට EUR/USD යුගලය 1.1700 දක්වා අඩු විය.

එහෙත් ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රධානීන් අතර මතභේදයන් පැවතුනු අතර මුදල් දැඩි ලෙස ආර්ථිකයට එකතු කිරීම දිගටම පැවතුනි. එමෙන්ම, ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩපිළිවෙල කප්පාදු කිරීමේ ආරම්භය දින නියමයක් නොමැතිව කල් දැමූ අතර මූලික පොලී අනුපාතය ඉහළ නැංවීම ගැන කෙනෙකුට සිතා ගැනීමටවත් නොහැකි විය. මෙකී තත්වයන් හේතුවෙන් මෙම යුගලය යළිත් වරක් වැදගත් මනෝවිද්‍යාත්මක මට්ටමක් වූ 1.2000 ට වඩා ඉහළ ගොස් 1.2265 ක උසකට පැමිණියහ.

යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මහ බැංකු අතර තරගය නිසැකවම එතැනින් අවසන් වූයේ නැත. ECB හි කතා දිගින් දිගටම සිදු වෙමින් පැවතුනද, සමහර ෆෙඩරල් ප්‍රධානීන්ගේ ප්‍රකාශ දැනටමත් දැඩි වී ඇත. ආයෝඡකයින් බලාපොරොත්තු වන්නේ 2023 මුල් භාගයේදී වට්ටම් අනුපාතය ඉහළ නැංවීම ආරම්භ කිරීම සඳහා මේ වසර අවසානයේදී ෆෙඩරල් මහ බැංකුව QE ආපසු හැරවීමට පටන් ගෙන එය 2022 දී අවසන් කරනු ඇති බවයි. ඩොලරය යළිත් ඉහළ ගොස් එම යුගලය නැවත 1.1700 කලාපයට පහත හෙළිය හැකිය.  

 සැප්තැම්බර් රැස්වීමේදී ඇමරිකානු නියාමකයා මුදල් උත්තේජක වැඩසටහන කප්පාදු කිරීම සම්බන්ධයෙන් නිශ්චිත සැලැස්මක් නිවේදනය කළේ නැත. තීරණ ගැනීමේ ගතිකතාවයන් එලෙසම පැවතුනහොත්, මාස හයකින් පමණ ෆෙඩරල් මහ බැංකුව ECB ට වඩා ඉදිරියෙන් සිටී.

මෙම පදනම මත බොහෝ ප්‍රවීණයන් අනාවැකි පළ කරන්නේ 2021 අග භාගයේ සහ 2022 මුල් භාගයේදී ඩොලරය අඛණ්ඩව ශක්තිමත් වනු ඇති බවයි.මෙම අවස්ථාවෙහිදී යුගලය දකුණට ගමන් කරන අතර පළමුව 1.1500 ට සහ පසුව 1.1200 ට ගමන් කරනු ඇත. පහතයාමට සහය දක්වන උද්යෝගිමත් වෙළදුන් පවසන්නේ මෙම යුගලය 2020 මාර්තු මාසයේ පැවති අවම මට්ටම දක්වා වැටෙනු ඇති බවයි.

2022 දෙවන භාගය වන විට, අනාවැකි ගණනාවකට අනුව, එක්සත් ජනපදයේ ආර්ථික තත්ත්වය ස්ථාවර වනු ඇති අතර, "මන්දගාමී" යුරෝ කලාපය, ඊට පටහැනිව, වේගවත් වීමට පටන් ගනී. යුරෝපීය QE වැඩසටහන අඩු කිරීම සහ යුරෝ පොලී අනුපාතය ඉහළ යාම හේතුවෙන් ගමන් මග ආපසු හැරවිය හැකි අතර යුගලය 1.1700-1.2000 කලාපය වෙත ආපසු යනු ඇත.   

අත්ලාන්තික් සාගරයේ දෙපස රටවල බොහෝ සාධක මත යුගලයේ ගතිකය රඳා පවතින බව පැහැදිලිය: දේශපාලන, ආර්ථික හා මෑත වසරවල වසංගත රෝග තත්වයන් ආදිය. පැරණි හා නව ලෝකය යන දෙකෙහිම ආර්ථිකයන් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන චීනය ද තවත් එක් ප්‍රධාන සාධකයකි. එම නිසා, පවසන ලද සෑම දෙයක්ම මේ මොහොතේ පවතින තත්වයේ දැක්ම මත පදනම් වූවක් බව තේරුම් ගත යුතු අතර ඉදිරි මාස කිහිපය තුළදී බොහෝ වාර ගණනක් වෙනස් වීම් වලට (සහ විය යුතු) භාජනය විය හකිය.

 

ක්‍රිප්ටෝ මුදල්: ඩිජිටල් සහ සැබෑ රත්රන්

ප්‍රධාන මුදල් යුගලය වන EUR/USD සමඟ අනාවැකි පිළිබඳ දළ අවබෝධයක් සහ දේශපාලන හා ආර්ථික සාධාරණීකරණයක් ඇතත්, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධව කරුණු වඩාත් සංකීර්ණ ලෙස පෙනේ. බලපෑම් කරන්නන්ගේ සහතික නොතකා, මෙම වෙළඳපොල විශ්වාසදායක ආයෝජන වේදිකාවට වඩා පසුගිය වසර 1-1.5 තුළ ජන අනුමානයන්ගේ කේන්ද්‍රස්ථානයක් සේ පෙනේ. මේ වසර තවම අවසන් නැත, නමුත් බිට්කොයින් මේ වන විටත් ජනවාරි මාසයේදී $ 28,550 අගයක සිට අප්‍රේල් මාසයේදී $ 64,800 දක්වා ඉහළ ගොස් ඇති අතර පසුව ජූලි මාසයේදී $ 29,300 දක්වා පහත වැටී ඇත. ඉන් පසුව මෙම ඉහල පහල යාම තරමක් කුඩා පරිමාණයකින් පමණක් සිදු වෙමින් පවතී.

BTC/USD අනුපාතයට එක්සත් ජනපද නියාමකයින්ගේ සහ චීන රජයේ තීරණ පමණක් නොව එලොන් මස්ක් ට ද බලපෑම් කළ හැකිය. ඔහුගේ එක් ට්වීට් පණිවුඩයක් මගින් ඔබව කෝටිපතියෙකු කිරීමට හෝ ඔබව සම්පුර්ණයෙන් පහතට ඇද දැමීමට හැකිය. NordFX තැරැව්කරු සිය ගනුදෙනුකරුවන්ට වර්ධනයෙන් පමණක් නොව ක්‍රිප්ටෝ මුදල් අනුපාත පහත වැටීමේදී ද මුදල් ඉපයීමේ අවස්ථාව ලබා දෙන්නේ එබැවිනි. අවදානම් ගෙන බිට්කොයින් මිලදී ගෙන එය විකුණන්නේ ඇයි? සියල්ලට පසු, ඔබට වහාම විකිණීමේ වෙළඳාමක් නිවැරදි දිශාවට ආරම්භ කළ හැකිය.

බිට්කොයින් සඳහා කොපමණ මුදලක් වැය වේදැයි කිසිවෙකු දන්නේ නැත. ප්‍රවීණයින්ගේ අදහස් පුළුල් ලෙස වෙනස් වේ. ස්ටෑන්ඩර්ට් චාටර්ඩ් වැනි සමහර සමාගම් මේ වසර අවසානය වන විට එම අගය $ 100,000 ක් ලෙස දකින අතර සමහරු එය එම අගය, එනම්, $ 100,000 දක්වා ඉහළ යනු ඇතැයි අනාවැකි පළ කරන නමුත් එය 2022 අවසානය වන විට සිදු වනු ඇත. නොබෙල් ත්‍යාගලාභී රොබට් ෂිලර් වැනි අයට නුදුරු අනාගතයේ දී මෙයට ලඟා වන බව විශ්වාස වන අතර ආයෝඡකයින් මෙම වෙළඳපොලේ ආයෝඡනය කර ඇති ඩොලර් ට්‍රිලියන දෙකක මුදල සැඟවෙනු ඇත.

 එය, බොහෝ දුරට එක්සත් ජනපද ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම, මුදල් උත්තේජක (QE) වැඩපිලිවෙල අවසන් වීමේ වේගය, මහ බැංකුව පොලී අනුපාත ඉහළ නැංවීමේ අපේක්ෂාවන් සහ භාණ්ඩාගාර ප්‍රතිලාභයන්ගේ වෙනස මත රඳා පවතී. ආයතනික ආයෝජකයින්ගේ අවදානම් රුචිය දැඩි ලෙස අඩු කළ හැකි අතර ඒවා වඩාත් හුරුපුරුදු මූල්‍ය උපකරණ වෙත ආපසු ලබා දිය හැකි සාධක මේවා වේ.

එතිරීයම් සඳහා, ස්ටෑන්ඩර්ට් චාටර්ඩ් විශේෂඥයින්ගේ අනාවැකිය බිට්කොයින් සඳහා වාසිදායක වන අතර එය ඉතා සුබවාදීව පෙනේ. රොයිටර් පුවත් සේවය සමග වූ සම්මුඛ සාකච්ඡාවකදී කොයිනයක් සඳහා $ 26,000-35,000 ක පරාසයක් ප්‍රකාශයට පත් කෙරිණි. විශේෂයෙන් 2022 අවසානය වන විට බිට්කොයින් අනුපාතය $ 175,000 ට ආසන්න නම් එය ද සීමාව නොවනු ඇත.

ෆෝබ්ස් හි ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ආයෝඡන බැංකුව වන Goldman Sachs හි වාර්තාවකට අනුව, මූලික ක්‍රිප්ටෝ මුදල, එනම්, බිට්කොයින් වලට එහි ප්‍රමුඛස්ථානය අහිමි වීමට ඉඩ ඇති අතර එමඟින් එතීරියම් වලට ඉඩ සැලසේ. Goldman Sachs විශ්වාස කරන්නේ එය ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව නව යෙදුම් නිර්මාණය කිරීමේ හැකියාව බවයි. තවද බොහෝ මූල්‍ය උපකරණ එහි වේදිකාව මත පදනම්ව ප්‍රතිස්ථාපනය කළ හැකිය. වෙනත් දේ අතර, ණය සහ අනෙකුත් බැංකු මෙහෙයුම් ද මෙයට ඇතුළත්ය.

සැබෑ රත්රන් ගත් කල (ඩිජිටල් රත්රන් නොවේ), ප්‍රවීණයන් ගණනාවක් විශ්වාස කරන්නේ 2022 දී මෙම වටිනා ලෝහයේ වර්ධන ශක්‍යතාවය අවසන් නොවනු ඇති බවයි. XAU/USD යුගලය මඟින් 2020 අගෝස්තු මස වාර්තාව බිඳ දමා අවුන්සයකට $ 2,200-2,300 දක්වා ඉහළ යා හැකි බව ඔවුහු බැහැර නොකරති. කෙසේ වෙතත්, මෙම සංචිත වත්කමේ මිල ක්‍රියාකාරිත්වය ද ඉහත සඳහන් කළ පරිදි ආයෝඡකයින්ගේ අවදානම් ගැනීමට ඇති කැමැත්ත හෝ අකමැත්ත මත රඳා පවතී.

 

NordFX විශ්ලේෂණ කණ්ඩායම

 

Notice: These materials are not investment recommendations or guidelines for working in financial markets and are intended for informational purposes only. Trading in financial markets is risky and can result in a complete loss of deposited funds.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න