2020 February 22

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. ඩොලර් දර්ශකය පෙබරවාරි මස ආරම්භයේ සිට මේ දක්වා 2.5% කින් ඉහළ ගොස් ඇති අතර එය 2017 මැයි මාසයේ ඉහළම මට්ටමට ළඟා වී තිබේ. යුරෝව අඛණ්ඩව අඩුවෙමින් පවතී. ජනවාරි 01 වනදා සිට ඩොලරයේ බලපෑම මගින් යුරෝපීය මුදල් ඒකකය පොයින්ට් 440 කි න් දුර්වල කර තිබේ. පසුගිය සති තුන තුළ පමණක් එය අඛණ්ඩ පරිහානියකට පත්වෙමින් පොයින්ට් 300 ක් හෙවත් 2.7% ක් අහිමි වී ඇත.
    මෙම කාලය තුළ සිදුවෙමින් පවතින දේ සඳහා බොහෝ හේතු ඉදිරිපත් කිරීමට විශේෂඥයින් සමත් වී ඇති අතර, බොහෝ විට එය කොරෝනා වෛරසය පිළිබඳ භීතීන් ගැන සඳහන් කරයි. නමුත් මෙහි දී පවා ඔවුන් එකම දේ ගැන කතා කලද ප්‍රතිවිරුද්ධ නිගමනවලට එළඹීමට ඔවුහු සමත් වෙති. එහි ප්‍රතිපලයක් ලෙස සමහරු, 'ඩොලරය' ආරක්‍ෂිත මුදලක් ලෙස අර්ථකථනය කරන අතර තවත් සමහරු එය තරමක් අවදානම් සහගත වත්කමක් ලෙස සලකනු ලබයි. එසේ සැලකීමට හේතුව වන්නේ, වසංගතයේ උච්චතම අවස්ථාව පසු කර චීන ආර්ථිකය යලි යථා තත්ත්වයට පත්වීමට පටන් ගත් වහාම ආයෝජකයින්ට පාඩු ගෙන දීමට හැකියාව ඇති බැවිනි. චීන නායකත්වය වසංගතයට එරෙහිව සටන් කිරීමට පමණක් නොව, නිෂ්පාදනය උත්තේජනය කිරීමට සහ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ද උත්සාහ කරන බැවින් නුදුරු අනාගතයේ දී මෙය සිදුවීමට ඉඩ තිබේ. මෙම එක් පියවරක් වූයේ පෙබරවාරි 20 වන බ්‍රහස්පතින්දා චීන මහජන බැංකුව යුවාන් සඳහා පොලී අනුපාතය 4.15% සිට 4.05% දක්වා අඩු කිරීමයි.
    EUR/USD යුගලය බිඳ වැටීම සඳහා හේතු වූ, යුරෝපීය ආර්ථිකයේ දුර්වලතාවය සහ අතිශය අඩු පොලී අනුපාත හේතුවෙන්, ඩොලරය, ආයෝජකයින්ට වඩාත් ආකර්ෂණීය කරවන බව විශේෂඥයින් විශ්වාස කරයි. නමුත් ඉහත හේතු වලට අමතරව, එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ යුද්ධයේ ගිවිසුම ද යුරෝවට එරෙහිව ක්‍රියාත්මක වේ.
    විශ්ලේෂකයින්ගෙන් බහුතරයක් (60%) පසුගිය සතියේ යුරෝවේ තවත් පහත වැටීමක් සඳහා සහය ප්‍රකාශ කර ඇති අතර එයට 100% ක් වූ ප්‍රවණතා දර්ශක සහ 65% ක් වූ ඔස්කිලෙටර් සහය ලබා දී ඇත. ඒ අතරම, ඉතිරි 35% දැනටමත් යුරෝපීය මුදල් හි විකුණුම් අධික වනු ඇති බවට සංඥා ලබා දී තිබුණි. ඔබ EUR/USD අගයන් දෙස බැලුවහොත්, ඉහත අනාවැකිය එමගින් නිවැරදිව පිළිබිඹු කරයි. මුලදී, යුගලය පහළට ගිය අතර, පසුව, සතියේ මැද සිට, එය සමාන්තර ප්‍රවණතාවක් කරා ගමන් කරමින්, 1.0800 ක් ආධාරකයක් හෝ ප්‍රතිරෝධයක් බවට පත් කළේය. MACD වැනි බොහෝ ඔස්කිලේටර් කියවීම් මගින් දිගු වෙළදාම් සමග සිටින්නන්ට ප්‍රවණතා ආපසු හැරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දුන්නේය. කෙසේ වෙතත්, මෙය සිදු නොවීය, වැටීම නතර විය. දින පහක කාලපරිච්ඡේදය අවසානයේ දී, යුගලය තියුණු ලෙස ඉහළට ගොස් 1.0848 හි අවසන් වූ අතර සතියේ සමස්ත ප්‍රතිපලය ශුන්‍ය විය;
  • GBP/USD. යුරෝපා සංගමයේ ආර්ථිකය දුර්වල වීමට ද එක්සත් රාජධානිය දායක විය: බ්‍රික්ස්ට්ට පසුව යුරෝපා සංගමයේ අයවැයෙන් ඩොලර් බිලියන 75 ක හිඟයක් ඇති වූ අතර එවැනි බරපතල අලාභයක් පියවා ගන්නේ කෙසේදැයි කිසිවෙකු නොදන්නා බව පෙනේ. යුරෝව මෙන් නොව බ්‍රිතාන්‍ය මුදල්, ඩොලරයට සාපේක්ෂව ස්ථාවර වූ බව පැවසිය හැකි අතර, 2019 නොවැම්බරයේ අවසානයේ සිට 1.3000 රේඛාව ඔස්සේ ගමන් කරමින් සිටී. උච්චාවචනය තවමත් තරමක ඉහළ මට්ටමක පවතී (පසුගිය සතියේ පොයින්ට් 220 ක්). නමුත් යුගලය නැවත නැවතත් මෙම ආධාරක/ප්‍රතිරෝධක කලාපයට පැමිණේ.
    පවුම, පෙබරවාරි මාසයේ දී 1.3000 කලාපයට පහළින් පහත යෑමට උත්සහ කළේය. මෙම යුගලය පසුගිය සතියේ 1.2850 අගයට ළඟා විය. නමුත් ... පසුව එය යළිත් හැරී, වේගයෙන් ඉදිරියට ගොස් දින පහක සතිය 1.2960 හි දී අවසන් කළේය;
  • USD/JPY. පසුගිය සතිය සඳහා වූ අනාවැකිය ලබාදෙමින්, විශේෂඥයින්ගෙන් බහුතරයක් (70%) සහ H4 හා D1 මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් යුගලය උතුරට ගමන් කරනු ඇතැයි පැවසීය. ඔවුන් නිවැරදියි: යුගලය 110.00 මට්ටම බිඳ දැමුවා පමණක් නොව, ප්‍රතිරෝධයේ මට්ටම් කිහිපයක් පසුකර පවා 112.20 ක උසකට නැඟී 2019 අප්‍රේල් මාසයේ ඉහළම අගයට ළඟා විය. ඊට හේතු වූ ප්‍රධාන හේතුව ලෙස හැඳින්වෙන්නේ කොරෝනා වයිරසය සමඟ තත්වය වැඩිදියුණු කිරීමේ පසුබිමට එරෙහිව සහ ආරක්ෂිත වත්කම් දෙසට වෙළඳපල හැරවීම හා ආරක්ෂිත මුදල් ඒකකයක් ලෙස 'යෙන්' සඳහා ඇති උනන්දුව තියුනු ලෙස පහත වැටීමයි. වසංගතයෙන් පීඩාවට පත් සමාගම්වලට සහාය දැක්වීමට චීන බලධාරීන් ගත් ක්‍රියාමාර්ග 'යෙන්' ට එරෙහිව ක්‍රියාත්මක විය.
    මෙම යුගලය 112.00 ක උසකට ගමන් කිරීමෙන් පසුව, නිවැරදි කිරීමක් සිදු වූ අතර, සතියේ අවසාන අගය 111.60 ලෙස සටහන් විය;
  • ක්‍රිප්ටෝ මුදල්. Longhash සමාගම පසුගිය වසර දෙක තුළ බිට්කොයින් මිලදී ගැනීම සහ විකිණීම පිළිබඳ දත්ත විස්තරාත්මකව විශ්ලේෂණය කර සිත්ගන්නාසුලු නිගමනවලට එළඹ තිබේ. ඒ අනුව, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සිකුරාදා දිනවල උදේ 6 ට GMT හි බිට්කොයින් හි අවම සාමාන්‍ය මිල නිරීක්ෂණය කරන බවයි. සත්‍ය වශයෙන්ම, මෙයින් අදහස් කරන්නේ දිගු වෙළදාම් විවෘත කිරීමට හොඳම කාලය ලෙසයි. සඳුදා සහ අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ UTC වේලාවෙන්, සිකුරාදාට වඩා BTC හි මිල සාමාන්‍යයෙන් ඩොලර් 170 කි. සඳුදා හෝ අඟහරුවාදා, සිකුරාදා විවෘත කල දිගු වෙළදාම් වලින් ඉවත් වීමට හෝ ඊළඟ සිකුරාදා දක්වා කෙටි වෙළදාම් විවෘත කිරීමට හොඳම කාලය බව පෙනේ (සංඛ්‍යාලේඛන අනුව මිල අඩු වූ විට).
    ඒ අතරම, විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ක්‍රිප්ටෝ වෙළඳපොල ඉතා අස්ථාවර වන බැවින් එවැනි අධ්‍යයනයක ප්‍රතිපල ආයෝජන උපදෙස් ලෙස සැලකිය යුතු යැයි සිතිය නොහැකි බවයි.
    මෙය ඉතා නිවැරදි ප්‍රකාශයකි, විශේෂයෙන් ඔබ පසුගිය සතියේ ප්‍රතිපල දෙස බැලුවහොත්. පෙබරවාරි 14 වන සිකුරාදා උදේ, බිට්කොයින් හි මිල සැබවින්ම අඩු විය. වෙළෙන්දෙකු මේ අවස්ථාවේ දී දිගු වෙළදාමක් විවෘත කළේ නම්, ඔහුට හෝ ඇයට දවස අවසානයේදී හොඳ ලාභයක් ලැබෙනු ඇත. නමුත් ඔවුන් පෙබරවාරි 17 වන සඳුදා වන තෙක් එම ස්ථානය විවෘතව තැබුවහොත් ඔවුන්ට ඉතා සුළු මුදලක් අහිමි වනු ඇත, මන්ද මේ කාලය තුළ බිට්කොයින් ඩොලර් 600 කින් පමණ පහත වැටී ඇත.
    ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල පසුගිය දින හත තුළ ඩොලර් 10,000 ට වඩා ඉහළ අගයක් ලබා ගැනීමට කිහිප වතාවක්ම උත්සාහ කළද එය සාර්ථක නොවීය. BTC/USD යුගලය සතිය අවසානයේදී ඩොලර් 9.290 ක් ලෙස සඳහන් වී ඇත. මෙම පහත වැටීමට හේතු වුයේ, මූලික වශයෙන්, ජනාධිපති ට්‍රම්ප්, ෆෙඩරල් ප්‍රධානී පවෙල් සහ මුදල් ඇමති මුන්චින් ඇතුළු එක්සත් ජනපද බලධාරීන් විසින් බිට්කොයින් මත වූ පීඩනය දැඩි කිරීම ය.
    ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල එසේ පහත වැටෙන විට, අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් වන, එතීරියම් (ETH/USD), ලයිට්කොයින් (LTC/USD) සහ රිපල් (XRP/USD) ඇතුළු ක්‍රිප්ටෝ මුදල් පහත වැටුණු අතර ක්‍රිප්ටෝ 'බිය සහ ඉල්ලුම' දර්ශකය, "ඉල්ලුමේ" සිට "බිය" දක්වා ගමන් කළේය.

 

ප්‍රධාන පෙළේ බැංකු, තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ගෝලීය වෙළෙඳපොළ ප්‍රධාන මුදල් ඇතුළුව, ද්‍රවශීලතාවයෙන් සංතෘප්ත වේ. වෙළඳපොල වෙත මුදල් ලබා දීම හැර ආර්ථිකයට සහයෝගය දැක්වීමට වෙනත් මාර්ගයක් මහ බැංකු නොදන්නා බව පෙනේ. එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය, බිල්පත් මිලදී ගැනීම සඳහා මසකට ඩොලර් බිලියන 60 ක් ද, ECB යූරෝ බිලියන 20 ක් සඳහා සුරැකුම්පත් ද ජපාන බැංකුව යෙන් ට්‍රිලියන 80 ක් ද මිල දී ගනී. වෙනත් රටවල නියාමකයින් එතරම් පසුගාමී නොවේ. තවද, මෙම මුදල් වෙළඳපලවල දිස්වන මොහොතේදී, අපට එක් දිශාවකට හෝ දිශා දෙකටම මිලෙහි උච්චාවචනයන් නිරීක්ෂණය කළ හැකිය.
    අද ඩොලරය යනු, ආරක්ෂිත සහ අවදානම අතර ඇති කුරුසයකි. එයට හේතු වී ඇත්තේ දේශපාලන සාධක, එක්සත් ජනපද ආර්ථිකයේ තත්වය සහ ෆෙඩරල් සංචිතයේ ක්‍රියාමාර්ග නිසා එහි යුරෝපීය හා ජපන් “සගයන්ට” වඩා වෙනස්ව, පොලී අනුපාත අඩු කිරීමේ හැකියාව අවසන් වී නැති හෙයිනි.
    මේ සියල්ලකම නිසා, 70% ක් විශ්ලේෂකයින්ට එක්සත් ජනපද මුදල්වල අඛණ්ඩ වර්ධනය සහ යුගලය අවම වශයෙන් 1.0750 කලාපය දක්වා අඩු කිරීම කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. සිකුරාදා, වෙලඳපොලවල් වැසීමට මොහොතකට පෙර, යුගලය කෙටි කාලීනව උතුරට ගමන් කරනා බැව් සමීක්ෂණය කර ඇති බව සැලකිල්ලට ගත යුතුය. මාර්තු මාසය සඳහා වන අනාවැකිය වෙත ගමන් කරන විට, එකම සංඛ්‍යාවක - 70% - විශේෂඥයන් බලාපොරොත්තු වන්නේ යුගලය 1.1000 මට්ටමට නැවත පැමිණෙනු ඇති බවයි.
    දර්ශකයන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගෙන් බහුතරයක් පෙබරවාරි 21 වන සිකුරාදා උදේ රතු පැහැයෙන් වර්ණාලේප කර ඇත්නම්, සවස් වන විට තත්වය රැඩිකල් ලෙස වෙනස් වූ අතර 70% ක් H4 මත කොළ පැහැයක් ලබා ගත්හ. කෙසේ වෙතත්, D1 මත පහතයාම සමඟ වාසිය තවමත් පවතී: ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් වලින් 75% ක් තවමත් දකුණට යොමු වේ. ආසන්නතම ආධාරක වන්නේ 1.0800 සහ 1.0775 වේ;
  • GBP/USD. පසුගිය මාස තුනේ මධ්‍ය අගය ලෙස 1.3000 මට්ටම සැලකිය හැකි නමුත් 2020 ජනවාරි සිට පහතයාමේ යම් වැඩිවීමක් දක්නට ලැබේ. ප්‍රවීණයන්ගෙන් 55% ක් බලාපොරොත්තු වන්නේ මෙම යුගලය පෙර සතියේ අවම අගය වූ, 1.2850 අගයට නැවත වරක් පැමිණෙනු ඇති බවයි. එය සාර්ථක වුවහොත් තවත් පොයින්ට් 80-100 කින් පහත වැටෙනු ඇත. ඉතිරි 45% ක් වූ ප්‍රවීණයන් අපේක්ෂා කරන්නේ පවුම ශක්තිමත් වන අතර යුගලය 1.3000-1.3070 කලාපය දක්වා ඉහළ යනු ඇති බවයි. මීළඟ ඉලක්කය 1.3120 වේ.
    සතිය අවසානය වන විට D1 මත දර්ශකයන් අතර සම්පූර්ණ අසමගියක් පවතී, නමුත් H4 මත, ප්‍රවණතා දර්ශක 60% ක් සහ ඔස්කිලේටර් වලින් යුගලයේ වර්ධනය පෙන්නුම් කරයි.
    වෙනත් මතයක්, D1 මත ග්‍රැෆික් විශ්ලේෂණය මඟින් ලබා දෙන අතර එමගින් පෙබරවාරි මස අවසානයේ 1.2685 මට්ටමට පහත වැටීමක් පෙන්නුම් කරයි. පසුව මාර්තු මස පළමු දින දහය තුළ නැවත පැමිණීමක් සිදු වන අතර, පළමුව 1.3000 මට්ටමට සහ පසුව 1.3200 දක්වා නැවත පැමිණීම සිදු වේ;

2020 පෙබරවාරි 24 සිට 28 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. දර්ශකයන්ගෙන් අතිමහත් බහුතරයක් බැලූ බැල්මට පැහැදිලිය. කෙසේ වෙතත්, ඔස්කිලේටර් 15% ක් පමණ දැනටමත් යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බවට සංඥා කරයි. D1 මත ග්‍රැෆික් විශ්ලේෂණයෙන් පෙනී යන්නේ මෙම යුගලය සතිය ආරම්භයේ දී 111.25-112.00 පරාසයේ යම් කාලයක් රැඳී සිටින බවත් ඉන් පසුව එය 112.40-112.70 කලාපය දක්වා ඉහළ යන බවත් ය.
    විශේෂඥයන් සම්බන්ධයෙන් ගත් කල, 75% ක් විශ්වාස කරන්නේ මෙම යුගලය අනිවාර්යයෙන්ම 109.65-110.25 කලාපයට නැවත පැමිණෙනු ඇති බවයි, නමුත් ඒ සඳහා සති දෙක තුනක් ගතවනු ඇත. ඉතිරි 25% විශ්ලේෂකයින් බලාපොරොත්තු වන්නේ යුගලය 112.40 ට වඩා ඉහළ යනු ඇති බවයි. ඉලක්කය 113.70 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. ගැලැක්සි ඩිජිටල් හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී මයික් නොවොග්‍රැට්ස්, 2020 අවසන් වන විට බිට්කොයින් ඩොලර් 20,000 ක ඓතිහාසික ඉහළ මට්ටමකට ගමන් කරනු ඇතැයි ඒත්තු ගන්වා තිබේ. එම විශේෂඥයාට අනුව, බිට්කොයින් මේ වන විට අස්ථායී තත්වයක පසුවන නමුත් එය නිසැකවම වසර අවසාන වන විට ඓතිහාසික මට්ටමක් වූ ඩොලර් 20,000 ක අගය බිඳ දමනු ඇත. නැතහොත් අවම වශයෙන් එය කරා ළඟා වනු ඇත. මෙය මාස කිහිපයකින් ඉක්මනින් සිදුවිය හැකිය. නියාමනය කරන ලද ක්‍රිප්ටෝ හුවමාරුව එලි දැක්වීම සහ සම්ප්‍රදායික ආයතනික ආයෝජකයින් විසින් වත්කම් සම්මත කර ගැනීම ද බිට්කොයින් ක්‍රිප්ටෝ මුදලෙහි වර්ධනයේ ධනාත්මක සාධකයක් වනු ඇත. මීට අමතරව, fiat මුදල් අඛණ්ඩව නිකුත් කිරීම ද බිට්කොයින්ට වාසියක් ඇත කර දිය හැකිය. “ප්‍රධාන ඩිජිටල් වත්කම රත්‍රන් මෙන් ආරක්ෂිත වත්කමක් ලෙස ක්‍රියා කරන අතර ආයෝජකයින් උද්ධමනයෙන් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙන් ආරක්ෂා කරයි. එය මුදල් අවප්‍රමාණය වීමට හේතු වේ” යනුවෙන් නොවොග්‍රැට්ස් වැඩි දුරටත් විස්තර කරයි.
    බිට්කොයින් පිලිබඳ අදහස් දක්වන සුප්‍රසිද්ධ රූපවාහිනී නිවේදක මැක්ස් කයිසර් විසින් බිට්කොයින් සඳහා මීටත් වඩා ප්‍රීතිමත් අනාගතයක් ගැන අනාවැකි පළ කර ඇත. ඔහු මෙම ක්‍රිප්ටෝ මුදලෙහි මිල කොයිනයකට ඩොලර් 400,000 දක්වා අනාවැකි පළ කළ අතර එය එකවර හතර ගුණයකින් වැඩි කළේය. Infowars ප්‍රවෘත්ති ප්‍රදර්ශනයට සහභාගී වූ කයිසර් පැවසුවේ 2012 දී ඩොලර් 100,000 ක පෙර අනාවැකිය දැන් ගතානුගතික බවයි.
    පොදුවේ ගත් කල, විශේෂඥයින්ගෙන් 70% ක් සුබවාදීව සිටින අතර ඉදිරි සති කිහිපය තුළ ඩොලර් 10,500-11,000 කලාපයේ බිට්කොයින් දැකීමට අපේක්ෂා කරති. ඉතිරි 30% ක ප්‍රවීණයන් BTC/USD යුගලයේ පහත වැටීමේ අවම අගය ලෙස ඩොලර් 8,000 මට්ටම හඳුන්වා දෙයි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only.  Trading in financial markets is risky and can result in a complete loss of deposited funds.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න