2019 June 15

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. යුරෝපීය ආර්ථිකය සඳහා වන ජාත්‍යන්තර දැක්ම පිළිබඳව, ජර්මනියේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් අඳුරු අනාවැකි පළ කර තිබේ. යුරෝ කලාපීය ආර්ථිකයේ සමස්ත වර්ධනය මන්දගාමී වූ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ්ගේ ප්‍රකාශය මගින් ආයෝජකයින් දිරි ගැන්වුයේ නැත. ප්‍රමුඛ රටවල්වල ගෝලීය සංචිතයන් හි යුරෝවෙහි කොටස වර්ධනය වීමට පටන්ගත් බවට වූ තොරතුරු පවා යුරෝපීය මුදල් වෙත උදව් කල නොහැකි විය. මෙම කොටස 20.7% ක් වන අතර එය තවමත් 61.7% ක් වන අතර එක්සත් ජනපද ඩොලරයට විශාල වශයෙන් පරතරයකින් පවතී. එමෙන්ම ඊසීබී හි ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය (QE) නැවත සැකසීම පිළිබඳව වෙලඳපොල අමතක කර නැත.
    පොදුවේ ගත් කල, පසුගිය සතිය යුරෝව සඳහා සහය පල නොකළ අතර, බොහෝ විශේෂඥයන් (60%) උපකල්පනය කළ පරිදි, යුගලය දින පහක සතියේ ආරම්භයේ සිටම 1.1200-1.1215 කලාපයේ ආධාරකය වෙත යොමු විය. කෙසේ වෙතත්, එයට ලඟා වීමට හැකි වූයේ ජුනි 14 වන සිකුරාදා සවස වෙළඳ සැසිය අවසානයේදී පමණි. එමනිසා, මෙම කලාපයට පහළින් ඉදිරි ගමනක් සිදු නොවීය;
  • GBP/USD. බ්‍රිතාන්‍ය මුදල් හිමියන්ට ප්‍රවෘත්ති පිළිබඳව තුටු නැත. නැවතත්, ප්‍රවෘත්ති සියල්ලටම වඩා බ්‍රික්ස්ට් ගැන සැලකිලිමත් වේ. මහා බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සහ ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරය බොහෝවිට බොරිස් ජොන්සන් විසින් දරනු ඇත. පළමු වටයෙන් පසුව ඔහුට ව්‍යවස්ථාදායකයන් 114 දෙනෙකුගේ සහාය ලැබේ. ඔහුගේ සමීපතම තරඟකරුවා වන විදේශ ඇමති ජෙරමි හන්ට්ට ලැබී ඇත්තේ ඡන්ද 43 ක් පමණි. මීට පෙර යුරෝපා සංගමය සමඟ තෙරේසා මේ එකඟ වූ ගනුදෙනුව නැවත සලකා බැලීම අවශ්‍ය බව ජොන්සන් සලකන බැවින්, මෙය පවුමට යහපත් අනාවැකියක් පල නොකරයි. මෙම තත්වය තුල දේශපාලන අවදානම් හි පැහැදිලි වැඩිවීමක් සිදු වන අතර බ්‍රිතාන්‍ය වෙළඳපොළෙන් ආයෝජකයින් ඉවත්වීමට තවත් හේතුවක් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය දින පහ තුළ මෙම යුගලය පොයින්ට් 150 කින් පමණ පහත වැටී සතිය 1.2585 ක් ලෙස අවසන් විය;
  • USD/JPY. පසුගිය සතියේ විශ්ලේෂකයින්ගෙන් 40% ක් යුගලය උතුරු දෙසින් පවතිනු ඇතැයි අදහස් ඉදිරිපත් කළ අතර, 40% ක් දකුණට හා 20% ක් සමාන්තර චලනයක් අපේක්ෂා කළහ. ඒ අනුව පසුගිය සතියේදී ඉහළයාමේ සහ පහතයාමේ ශක්තිය සමානව පෙන්නුම් කෙරිණි. සතිය මුළුල්ලේම යුගලය 108.15-108.80 පටු සීමාවක් තුල ගමන් කල අතර එය 108.55 හි දී සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. ජුනි 14 වන දින එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය 73 වන උපන්දිනය සැමරීය. ඊට දින කිහිපයකට පෙර නිවේදනය කරන ලද්දේ ගූගල් භාවිතා කරන්නන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන නොව බිට්කොයින් පිළිබඳ තොරතුරු සෙවීමට වැඩි ඉඩක් ඇති බවයි. මූලික ක්‍රිප්ටෝ මුදල් හි ජනප්‍රියතාවයට සාක්ෂි සපයන තවත් ප්‍රවෘත්තියක් තිබේ. එනම්, ක්‍රිප්ටෝ මුදල් කෙරෙහි ආයෝජකයින්ගේ උනන්දුවක් පෙන්නුම් කරමින් BTC කොයින් 60% ක් පසුගිය වසර පුරා කිසිදු තැනකට ගමන් කර නොමැති බව පෙන්නුම් කිරීමයි.
    ජුනි 10 වන දා සිට බිට්කොයින් ක්‍රමයෙන් වර්ධනය වෙමින් මැයි 31 උපරිම අගය වූ $9,100 මට්ටමට යලිත් ළඟා වන බව මෙමගින් සනාථ කරයි. ජුනි 14 වන සිකුරාදා සවස වන විට $8,700 ක උසකට ළඟා වීමට යුගලයට හැකි වූ අතර එය දින පහක් තුළ 15% කින් පමණ ඉහළ ගියේය.
    ලයිට්කොයින් (LTC/USD) යහපත් වර්ධනයක් පෙන්නුම් කරන අතර එය උපරිම වශයෙන් $143.6 ක් විය. එතිරියම් (ETH/USD) සති දෙකකින් එකදු හෝ සුවිශේෂී කරුණක් එකතු කර නැත, නමුත් එකවරම 10% ක් පමණ අහිමි වී ඇති රිපල් ක්‍රමයෙන් පහළට ගමන් කරයි.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මැද පෙරදිග තවත් යුද්ධයක උණුසුම් හුස්ම යළිත් දැනේ. ජුනි 13 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් වූ ටැංකි දෙකක් ගිනිගෙන තිබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, නැව්වලට ටෝර්පිඩෝ ප්‍රහාරයක් එල්ල කළ බවට ඉරානයට චෝදනා කර ඇති අතර ඉරානය සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. නමුත් මෙය නොතකා බොරතෙල් මිල ඉහළ ගියේය.
    සීතල වෙළඳ යුද්ධ පහව යන්නේ නැත. ෂී ජින්පිං, ජපානයේ ඔසාකාහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමක් සිදු නොවන්නේ නම්, චීනයට එරෙහි ජයග්‍රහණය පිළිබඳව එක්සත් ජනපදය විශ්වාසයෙන් සිටින බව පෙනේ. ඊට ප්‍රතිචාර වශයෙන් චීන වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ගෘහස්ථ පරිභෝජනයට ප්‍රමුඛතාවයක් ලබා දෙමින් “අවසානය දක්වා සටන් කරන” බවයි. එමෙන්ම එක්සත් ජනපදය නව රාජකාරිවලින් යුරෝපා සංගමයට තර්ජනය කරයි.
    දැන්, ඉදිරි සතියේ සිදුවීම් දෙස අවධානය යොමු කරමු. පසුගිය සතිය උද්ධමනයට වූ ලෙසම, ඉදිරි සතිය පොලී අනුපාත සතිය ලෙස හැඳින්විය හැකිය. එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාතය පිළිබඳ තීරණය ජුනි 19 වන බදාදා නිකුත් කරනු ඇති අතර ජපානයේ සහ එංගලන්තයේ බැංකු විසින් බ්‍රහස්පතින්දා පොලි අනුපාත පිළිබඳ ඔවුන්ගේ තීරණ ප්‍රකාශයට පත් කරනු ඇත. කෙසේවෙතත්, පළමු, දෙවන හෝ තුන්වන අවස්ථා වලදී කිසිදු සුවිශේෂී තත්වයක් අපේක්ෂා නොකළ යුතු අතර, සියලු අනුපාතයන් බොහෝ දුරට නොවෙනස් වනු ඇත. වැඩි උනන්දුවක් දක්වනු ලබන්නේ අනුගාමී අදහස් වලට වන අතර එමගින් ප්‍රධාන නියාමකයින්ගේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා ගත හැකිය. වෝල් ස්ට්‍රීට් ජර්නලයේ විශේෂඥයින්ට අනුව, එක්සත් ජනපදයේ අවපාතයක් ඇතිවීමේ සම්භාවිතාව 2011 සිට ඉහළම මට්ටමට ඉහළ ගොස් ඇති අතර එබැවින් ඔවුන්ගෙන් 70% ක් අපේක්ෂා කරන්නේ ඩොලර් අනුපාතය පෙර මෙන් මෙම ජූලි-සැප්තැම්බර් කාලසීමාවේ දී පහත වැටෙනු ඇති බවයි.
    මේ අතර, විශ්ලේෂකයින්ගෙන් 65% ක් බලාපොරොත්තු වන්නේ යුගලය යළිත් වර්ධනය වනු ඇති බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් වූ ගැටුම හා සම්බන්ධ බොරතෙල් මිල ඉහළ යාම යුරෝවට සහාය විය හැකිය. ඉහලයාමේ ඉලක්කය 1.1350 මට්ටම වන අතර, ඊළඟ ඉලක්කය 1.1420-1.1450 කලාපයේ වේ.
    පහතයාම සමග සිටින විශේෂඥයන්ගේ ප්‍රමාණය 35% ක් පමණි. ඉලක්කය වන්නේ, 1.1200-1.1215 කලාපයේ ආධාරක බිඳ දමා 1.1100 දක්වා ලඟා වීමයි. පැය හතරේ සහ දවසේ කාලරාමු මත ප්‍රවණතා දර්ශකවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් යුගලයේ පහතයාම වෙනුවෙන් පෙනී සිටී. ඔස්කිලේටර් සඳහා, තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ය. ඔවුන්ගෙන් 70% ක් පැය හතරේ කාලරාමුව මත රතු පැහැයෙන් යුක්ත වන අතර 30% ක් යුගලයේ විකුණුම් වැඩි වන බවට පෙන්නුම් කරයි. දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් තුනෙන් එකක් රතු පැහැයෙන් ද, තුනෙන් එකක් කොළ පැහැයෙන් ද, ඉතිරි තුනෙන් එක උදාසීන අළු පැහැයෙන් ද යුක්ත වේ;
  • GBP/USD. අපි දැනටමත් සඳහන් කර ඇති පොලී අනුපාත තීරණයට අමතරව, සාර්ව ආර්ථික දර්ශකය පිළිබඳව කතා කරන්නේ නම්, එංගලන්ත බැංකුවේ උද්ධමන වාර්තාව සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර බදාදා පාරිභෝගික මිල දර්ශකය නිකුත් වීමට නියමිතය. එමගින් පවුමට එරෙහි තත්වයක් ඇති වනු ඇතැයි අනාවැකි පල කර තිබේ. කෙසේ වෙතත්, එම දත්තයන් හි බලපෑම ශක්තිමත් නොවන අතර කෙටිකාලින වේ.
    මෙම යුගලයේ හැසිරීම සඳහා තවමත් ප්‍රධාන සාධකය ලෙස බ්‍රික්ස්ට් හැඳින්විය හැකිය. වෙළඳපල, එක්සත් රාජධානියේ ප්‍රධානියා ලෙස බොරිස් ජොන්සන් සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. දැන් ප්‍රශ්නය වන්නේ මුල සිටම සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා සංගමය ගත් උත්සාහයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්නයි. එමනිසා නැවතත් පැහැදිලි තත්වයක් දක්නට නොමැත. විශේෂඥයන්ගේ සහය එක සමානව බෙදී ඇත්තේ එබැවිනි: යුගලයේ වර්ධනය සඳහා තුනෙන් එකක්, පහතයාම සඳහා තුනෙන් එකක් සහ ඉතිරි තුනෙන් එකක ප්‍රමාණය කිසිඳු අනාවැකියක් පළ නොකර සිටිති.
    දර්ශකයන් සම්බන්ධයෙන් ගත් කල, බහුතරය දකුණට යොමු වේ, නමුත් පැය හතරේ සහ දවසේ කාලරාමු මත ඔස්කිලේටර් 10% ක් පමණක් විකුණුම් වැඩිවනු ඇති බව පෙන්නුම් කරයි;
  • USD/JPY. මෙහි තත්වයද එතරම් පැහැදිලි නැත. විශේෂඥයන් අවදානම් රහිත තත්වයේ වර්ධනය ගැන ඒකමතිකව කථා කරයි. බොහෝ රටවල විදේශ විනිමය සංචිතවල එක්සත් ජනපද ඩොලරයේ කොටස ඓතිහාසික අවම මට්ටමකට ළඟා වී තිබේ. එවැනි තත්වයක් තුල රටවල් 'යෙන්' වැනි ආරක්ෂිත ස්ථාන වෙත තම වත්කම් විවිධාංගීකරණය කිරීම දිගටම සිදු කරමින් පවතී. එක්සත් ජනපදය, මෑතදී, වසර 10 ක සහ 30 ක භාණ්ඩාගාර සුරැකුම්පත් වෙන්දේසි කිරීමෙන් ඔවුන්ගේ ලාභදායීතාවය අඩු වූ අතර 'යෙන්' සඳහා හොඳ ඉල්ලුමක් ඇති විය. එවැනි තත්වයන් තුළ, ජපාන මුදල්වල මිල ඉහළ යා යුතු බව පෙනේ. නමුත් යෙන් ... දෙවන සතියටත් පොයින්ට් 100 නොඉක්මවන පටු කලාපයක ගමන් කර ඇත.
    කෙසේ වෙතත්, විශේෂඥයින්ගෙන් 80% ක් එහි අනාගතය ගැන සුභවාදීව සිටින අතර, යුගලය පළමුව 107.80 මට්ටමට පහත වැටෙනු ඇතැයි අනාවැකි පල කරන අතර පසුව පොයින්ට් 80-100 කින් අඩු වේ. ග්‍රැෆික් විශ්ලේෂණය සහ දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශකවලින් 70% ක් මෙම අනාවැකිය සමඟ එකඟ වේ. විකල්ප මතයකට අනුව, විශ්ලේෂකයින්ගෙන් 20% ක් ප්‍රකාශ කරන්නේ ප්‍රතිරෝධී කලාප 108.85-109.00, 109.70-109.90 සහ 110.65-110.90 වන බවයි;

2019 ජූනි 17 සිට 21 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. බිට්කොයින් මැයි 31 වන දින ඉහලම අගය වූ $9,100 ක් දක්වා ළඟා වීම හැකි වන්නේ නම් සහ ඉන් පසුව අඛණ්ඩව වර්ධනය වේ නම්, ජුනි මාසයේ පළමු දිනවල පහත වැටීම නිවැරදි කිරීමකට වඩා වැඩි දෙයක් නොවන බව අපට පැවසිය හැකිය. ඉහළයාම සඳහා වන ඉලක්කය වන්නේ $10,000 කි. විශේෂඥයින්ගෙන් 70% ක් විශ්වාස කරන්නේ මෙය ජුනි මස අවසානයේ දී සිදු නොවුනහොත් ගිම්හානයේදී සිදුවන බවයි. ඉතිරි 30% ක ප්‍රමාණය BTC/USD  යුගලයේ වර්ධනයක් අපේක්ෂා නොකරන අතර එය $7,500–8,000 කලාපයේ පවතිනු ඇතැයි විශ්වාස කරති.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න