2019 June 8

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. මාරියෝ ඩ්‍රාගි හට වෙලඳපොල වෙත බලපෑම් කිරීමේ හැකියාව අහිමි වී ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර ඊසීබියේ නව ප්‍රධානියා පැමිණෙන තෙක් වෙළඳපොල බලා සිටින බවක් පෙනී යයි. ඒ අනුව, පසුගිය බ්‍රහස්පතින්දා, ඩ්‍රාගිගේ ප්‍රමානාත්මක ලිහිල් කිරීම පිලිබඳ ඔහුගේ තර්කනය වෙත ආයෝජකයින්ගේ ප්‍රතිචාරය සන්සුන් ස්වරුපයක් ගත්තේය. ලබන වසරේ මැද භාගය වන තුරු පොලි අනුපාත වර්ධනයක් අපේක්ෂා නොකරන බව දක්වමින් කල ප්‍රකාශයට යුරෝව දුර්වල වූයේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඊසීබී ප්‍රධානියාගේ පුවත්පත් සාකච්ඡාව මගින් යුරෝපීය මුදල සඳහා සහය වූ අතර, යුගලය 1.1300 ට ඉහලින් ඉහළ ගියේය. ඉන්පසුව 1.1250 මට්ටමට සුමට ආපසු හැරීමක් සිදුවිය. අනතුරුව, ජූනි 07 සිකුරාදා එක්සත් ජනපද ශ්‍රම වෙළඳපොළ දත්ත ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඉහල යාමක් පෙන්නුම් කළේය.
    NFP දර්ශකය (කෘෂිකාර්මික අංශයෙන් පිටත නිර්මාණය කරන ලද නව රැකියා සංඛ්‍යාව) 30% කින් අඩු වී ඇති නමුත්, කිසිවෙකුගෙන් 3 ගුණයකින් (224K සිට 75K දක්වා) එය අඩු වනු ඇතැයි අපේක්ෂා කලේ නැත. එහි ප්‍රතිඵලය ලෙස යුගලය 1.1345 දක්වා පැමිණි අතර සතිපතා යුගලයේ උච්චවචනය පොයින්ට් 180 ක් විය. දින පහක සතිය අවසානයේදී, යුගලය 1.1333 හි පැවතිණි;
  • GBP/USD. කිසිඳු පුවතක් යහපත් නොවන බව ඔවුන්ගේ අදහසයි. අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඉල්ලා අස්වීමෙන් පසුව වෙළඳපොළට බලපෑම් කල හැකි වැදගත් සිදුවීම් කිසිවක් වාර්තා වුයේ නැත. ඒ අනුව, පසුගිය සතිය තුල පියවරෙන් පියවර පවුම ශක්තිමත් විය. ජනාධිපති ට්‍රම්ප් දෙවන එළිසබෙත් මහ රැජින හමුවීම ප්‍රමුඛ පුවතක් වුවද ආර්ථිකය වෙත එමගින් බලපෑමක් ඇති නොවීය. බ්‍රික්ස්ට් වලක්වා ගැනීමේ අගමැතිනියගේ ප්‍රයත්නය හමුවේ පවුම සුළු වර්ධනයක් අත්කර ගත්තේය. එක්සත් ජනපදයේ රැකියා පිළිබඳ දුර්වල සංඛ්යා ලේඛනවලට ද මෙය අදාළ වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය සතියකට පෙර ඉහළ අගය වෙත පැමිණුනු අතර විශ්ලේෂකයින් අපේක්ෂා කල පරිදි නිවැරදි කිරීමක් සිදු වී 1.2733 මට්ටමට යුගලය පැමිණියේය;
  • USD/JPY. පසුගිය සතියේ විශේෂඥයන්ගේ මතය පහත පරිදි බෙදී ඇති බව සිහිපත් කරන්න:පහළයාම සඳහා 50 %, ඉහළයාම සඳහා 25% ක් සහ 25% ක් මධ්‍යස්ථ තත්වයක් පෙන්නුම් කළහ. ඒ අනුව යුගලයේ ප්‍රස්ථාරය මත මේ තත්වය දැක ගත හැකි වූ බව සඳහන් කල හැකිය.
    ඩොලරයට සාපේක්ෂව 'යෙන්' මුදලේ අගයන් එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර සමග දැඩි ලෙස සම්බන්ධ වී ඇත. ජූනි මස 3 වන සඳුදා වන විට යුගලය 107.80 මට්ටමින් පහත වැටීම නැවතිණි. එවිට ඩොලරය සිය තත්වය නැවත ලබා ගැනීමට පටන් ගත් අතර NFP දත්ත ප්‍රකාශයට පත් වූ පසු යුගලය 108.65 දක්වා ඉහළ ගිය අතර පසුව යුගලය වේගයෙන් පහත වැටී 107.88 දක්වා පැමිණියේය. දින පහක සතිය නිමාවට පත්වන විට යුගලය 108.18 ට පැමිණ තිබිණි;
  • ක්‍රිප්ටෝ මුදල්.ඊජිප්තුවේ බිට්කොයින් "හලාල්" ලෙස ප්‍රකාශයට පත්කොට ඇත්තේ ෂරියා නීතිය අනුවය. 2018 සිට බලපැවැත්වෙන තහනම ඉවත් කිරීමේ නව ආඥාව මෙම සතියේ හොඳම ප්‍රවෘත්තිය විය. මෙම ප්‍රවෘත්තිය නොතිබූ බැවින්, පසුගිය සතියේ බොහෝ විශ්ලේෂකයින් උපකල්පනය කළ පරිදි, යුගලය හැරවීමට උත්සාහ දැරූ වුවද, නිවැරදි කිරීම දිගටම පැවතුණි: යුගලය ඉහල යමින් තිබිණි. මැයි 31 වන සිකුරාදා යුගලය $9,100 පැමිණ තිබු අතර ජූනි 6 වෙනි බ්‍රහස්පතින්දා (BTC/USD) යුගලය $ 7,450 දක්වා පහත වැටුණි. ඒ අනුව දින 6ක කාලය තුළ 18% ක් අහිමි විය.
    එතීරියම් හි ප්‍රස්ථාරය (ETH/USD) බිට්කොයින් අනුගමනය කරමින් නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. එහෙත් රිපල් සහ ලයිට්කොයින් ශක්තිමත්ව නැගී සිටියේය. මේ අනුව, XRP/USD යුගල පෙර සතියේ අවසානයෙහි අගයන් නැවතත් පෙන්නුම් කල අතර, LTC/USD ඊට තරමක් වැඩි විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ජූනි 6 වන දා මාරියෝ ඩ්‍රාගි විසින් කල කථාව යුරෝව ඉහලට තල්ලු කළේය. ජූනි 12 වන බදාදා, අපි මීළඟ කථාව බලාපොරොත්තු වනු ඇති අතර අනාගතය සඳහා ඊසීබී හි මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ ලබා ගැනීමට ආයෝජකයින් තවමත් බලාපොරොත්තු වේ. වෙළඳපොල ක්‍රියාකාරී තොරතුරු අතර තවත් මූලාශ්‍රයක් වන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ වේ. බොහෝ විට එමගින් ඔහු, චීනය සමග වන වෙළඳ ගැටුමට අදාල ප්‍රකාශ නිකුත් කරයි.
    නිශ්චිත සංඛ්‍යා වලට අනුව, ඉදිරි සතිය උද්ධමනය සඳහා වෙන් කෙරෙනු. බදාදා, සීපීඅයි දර්ශක අගය චීන ජාතික සංඛ්යාලේඛන කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. එමෙන්ම බදාදා හා සිකුරාදා, එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දර්ශකයේ දත්ත ප්‍රකාශයට පත් වනු ඇති අතර ජූනි 13 බ්‍රහස්පතින්දා ජර්මනියේ පාරිභෝගික මිල දර්ශකයේ දත්ත ප්‍රකාශයට පත් වනු ඇත.
    මේ අතර, විද්වත් අදහස් පහත පරිදි වේ. 60% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ 20% ක් වන ඔස්කිලේටර් මගින් යුගලයේ පහළයාමක් පෙන්නුම් කරයි. එය 1.1215 අගයක් දක්වා වන අතර එම අගය බිඳ දැමීම සිදු වුවහොත්  1.1100 දක්වා තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කරයි. වෙනත් මතයකට අනුව, 40% ක් වන විද්වතුන් සහ බහුතරයක් වන ඔස්කිලේටර් හා ප්‍රවණතා දර්ශක, යුගලය 1.1400 මට්ටමට වඩා ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරයි. එමෙන්ම එය 1.1525 වන ප්‍රතිරෝධී අගයක් දක්වා ඉහල යා හැකිය;
  • GBP/USD. එළඹෙන සතියේ ආරම්භයේදී එක්සත් රාජධානියේ කොන්සර්වෙටිව් පක්ෂයේ නායක තනතුර සඳහා වන අපේක්ෂකයින් දැනගැනීමට හැකිවනු ඇත. අගමැති ධූරයට පත් වීමෙ සඳහා ඔවුනට කොපමණ ජන්ද සංඛ්‍යාවක් ලබා ගත හැකි දැයි යන්න මේ වනතුරු පැහැදිලි නොමැත.
    මේ මොහොතේදී විශේෂඥයින්ගෙන් 55% ක් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ඉහළයාම සඳහා සහය ලබා දෙයි. 45% ක් පහතයාම සඳහා සහය ලබා දෙයි. ප්‍රවණතා දර්ශකයන් ද ඒ හා සමාන අනුපාතයක් ගෙන ඇත: 55% ක්ම යුගල වර්ධනය සඳහා වන අතර 45% ක් එහි වැටීම සඳහා වේ. ඔස්කිලේටර් තරමක් වෙනස් පින්තූරයක් ගෙන ඇත. ඉහළයාම සඳහා වාසියක් තිබුණත්, පැය හතරේ සහ දවසේ කාලරාමු මත දර්ශකයන් 10% ක් සංඥා කරන්නේ, යුගලයේ මිලදී ගැනීම් ඉහල යනු ඇති බවයි. එමගින් තරමක් ප්‍රබල නිවැරදි කිරීමක් හෝ පහත වැටීමේ ප්‍රවණතාවක් ආරම්භ කළ හැකිය.
    ජුනි මස 11 වන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරනු ලබන එක්සත් ජනපද ශ්‍රම වෙලඳපල දත්ත මගින් යුගලයට යම් බලපෑමක් ඇති කල හැකිය. කෙසේ වෙතත්, ඉහළ මට්ටමේ සම්භාවිතාවයක් ඇත්තේ, එමගින් සිදුවන බලපෑම ඉතා කුඩා හෝ කෙටි කාලින විය හැකි වීමටය;

2019 ජූනි 10 සිට 14 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. ජුනි 10 වන සඳුදා නිකුත් වන ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත වෙළඳපොළට බලපෑමක් ඇති කරනු ඇත. එක්සත් ජනපද රජයේ බැඳුම්කර, තෙල් මිල සහ එක්සත් ජනපද-චීන සාකච්ඡාවල ප්‍රතිපල ආදිය තවමත් ප්‍රධාන මාතෘකා වේ. එවැනි අවිනිශ්චිත තත්වයක් තුළ, විශ්ලේෂකයින් 40% ක් ඉහළ යාමක් ද 40% ක් ද පහත යාමක් ද 20% ක් සමාන්තර චලනයක් ද අපේක්ෂා කරයි. ප්‍රධාන ආධාරක මට්ටම් 107.75 සහ 107.00 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 109.15, 109.65, 110.35 සහ 110.65 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. වත්මන් බිට්කොයින් නිවැරදි කිරීම සැබැවින්ම තාවකාලිකද? නැතහොත් මෙය පහතට නැඹුරුවීමේ නව ආරම්භයද? ඩිජිටල් මුදල් වලට මුදල් මාරු කිරීමේ විශ්ලේෂණය කිරීමේ සුදුසු ක්‍රමවේදයන් පිලිබඳ ගැටළු ඇති වී ඇත.
    වර්ධනය පිළිබඳ න්‍යායයේ අනුගාමිකයන්, සත්‍ය වශයෙන්ම, සියලු වර්ගවල ප්‍රවෘත්ති සමග වෙලඳපොල උණුසුම් කිරීමට සෑම ආකාරයකින් උත්සාහ කරන බිට්කොයින් හිමිකරුවන් වේ. උදාහරණයක් ලෙස, ඩැඩිආනි සින්ඩිකේට් සමාගමේ නිර්මාතෘවරිය වාර්තා කර ඇත්තේ දැනට නිකුත් කරන ලද බිට්කොයින් වලින් 25% ක් ලබාගැනීමට පාරිභෝගිකයින්ගෙන් එක් අයෙකුගෙන් ඇණවුමක් ලැබී ඇති බවයි. (මෙය ඩොලර් බිලියන 36 ක් පමණ වටිනා කොයින් මිලියන 4.5 ක් පමණ වේ). තවත් ආරංචියක් වන්නේ ජූනි මස ආරම්භයේදී විශාලතම BTC මුදල් පසුම්බියේ ඩොලර් බිලියන 2.72 ක වටිනාකමක් සහිත බිට්කොයින් ඇති බවයි. නමුත් එසේ නම්, මෙම බිලියන ගනනක බලපෑම් තිබියදීත්, BTC/USD අනුපාතය දින 6 ක් තුල දී 18% කින් පහත වැටුනේ කෙසේද?
    ජූනි මස 7 වන දින, වැඩ කරන සතියේ අවසානය වන විට බිට්කොයින් හා අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් නැවත යථා තත්ත්වයට පත් කිරීමට තැත් කළ අතර, BTC/USD යුගලය නැවත පසුගිය සති තුනක මධ්‍ය අගය වෙත එනම් ඩොලර් 7,800-8,000 කලාපයට නැවත පැමිණි බව සැලකිල්ලට ගත යුතුය.
    විශ්ලේෂකයින් පවසන පරිදි, 50% ක්ම විශ්වාස කරන්නේ එම යුගලය $7,000 ක් දක්වා පහල යන අතර 30% ක් $9,000 දක්වා ඉහළ යනු ඇති විශ්වාස කරයි. ඉතිරි 20% , 7,500 - 8,450 කලාපයේ සමාන්තර චලනයක් අපේක්ෂා කරයි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න