2019 May 11

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. පසුගිය දිනවල ප්‍රධාන ආර්ථික සිද්ධිය වූයේ එක්සත් ජනපද-චීන වෙළඳ සාකච්ඡා අසාර්ථකවීමයි. 10% සිට 25% දක්වා චීන භාණ්ඩ සඳහා තීරු බදු ඉහළ දැමීමට එක්සත් ජනපදය තීරණය කර ඇති අතර ඉන් පසුව චීන වෙළඳ අමාත්යාංශය නිවේදනය කරන පරිදි එමගින් එක්සත් ජනපදයට එරෙහිව ප්‍රතිචාර එල්ල කිරීමට බල කෙරෙනු ඇත. කෙසේවෙතත්, මෙම ප්‍රකාශයට පවා වෙළඳපළ ප්‍රතික්‍රියාශීලීව ප්‍රතික්‍රියා කළ නමුත්, සතියේ උච්චාවචනයන් පොයින්ට් 85 ක් ඉක්මවා නොතිබූ අතර 1.1250 ක ප්‍රතිරෝධය බිඳ හෙලීමට අසමත් විය;
  • GBP/USD. මෙම යුගලයේ ගමන් මග තවමත් එක කෙටි වචනයක් මත රඳා පවතී: එනම්, බ්‍රික්ස්ට්. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සඳහා වන කොන්දේසි පිලිබඳව විපක්ෂ නායක ජෙරමි කෝබින් සමඟ සාකච්චා වටයක් පැවැත්වීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රිතාන්‍ය මුදල් ඒකකය පොයින්ට් 200 කට වඩා වැඩි අගයකින් පහත ගිය අතර 1.2965 අගයකට පැමිණියේය. පසුව, නිවැරදි කිරීමක් සිදු වූ අතර යුගලය 1.3000 කදී සතිය අවසන් කළේය;
  • USD/JPY. ප්‍රධාන යුගවල ප්‍රස්ථාර දෙස බැලීමේදී පෙනීයන්නේ වෙලඳපොල සිදුවීම් වැඩිපුරම ජපන් මුදල් ඒකකයට බලපාන බවයි. එක්සත් ජනපද-චීන සාකච්ඡා සහ අවදානම් ආයෝජන සඳහා ආයෝජකයින්ගේ අකමැත්ත හේතුවෙන් මෙම යුගලය පොයින්ට් 150 කින් ඉහල ගිය අතර මාර්තු මස අවසාන අගයන් වූ 109.70-109.95 කලාපය වෙත නැවත ගමන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. බිට්කොයින් තිරසාර ගෝලීය වත්කමක් බවට පත්වනවාද නැද්ද යන්න තවමත් ගැටලුවකි. කෙසේ වුවද ආයෝජන වස්තුන් හි ඉහළ ස්ථානයකට නැවත පැමිණීම සැලකිය යුතු කරුණකි. Binance පර්යේෂණය මගින් මෑත කාලීනව සිදු කල අධ්‍යයනයකින් පෙන්නුම් කළේ 2019 ආරම්භයේ සිට, ඉහත ක්‍රිප්ටෝ මුදලේ අගය 50% කින් වැඩිවී ඇති බවයි. එමෙන්ම, තෙල් මිල 33% කින් වැඩි වී ඇති අතර තාක්ෂණික කොටස් 18% කින් වර්ධනය වී තිබේ. නමුත් රත්රන්, එහි වටිනාකමෙන් 1% ක් පමණ අහිමි කර ගෙන තිබේ. BTC හි එවන් වර්ධනයක් ආයෝජකයින්ගේ නොසැලකිල්ලට පත්විය නොහැක. නිදසුනක් වශයෙන්, උපදේශන ආයතනයක් වන ඩීවර් සමූහයට අනුව, ඊලඟ වසර 2-3 දී බිට්කොයින් හි ආයෝජනය කිරීමට ඩොලර් මිලියන 500 කට වඩා වැඩි ධනවත් අයගෙන් 68% ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙයි. (එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ස්විස්ටර්ලන්තය, ස්පාඤ්ඤය සහ යූ.ඊ.ඒ. මෙම සමීක්ෂණයට සහභාගී විය).
    මේ අතරතුර, වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 190 කට ආසන්න අගයක් ගෙන ඇති අතර එය වර්ෂයේ ආරම්භයේ සිට ඉහළ මට්ටම වේ. බිට්කොයින් හි වර්ධනය මැයි මාසයේ දී වේගවත් ලෙස ක්‍රියාත්මක වේ. BTC/USD යුගලය මැයි මාසයේදී $6,000 ඉක්මවා යා යුතු බව විශේෂඥයින් 70% ක් අනාවැකි පළ කල බව සිහිපත් කරන්න. කෙසේ වෙතත්, මෙය පසුගිය මැයි 3 වන දා ආරම්භ වූ අතර පසුගිය සතිය අවසන් වන විට එය ඩොලර් 6,400 ක් විය.
    නමුත්, එතීරියම් (ETH/USD) හි වර්ධනයක් හෝ පහල යාමක් පෙන්නුම් නොකළ අතර ලයිට්කොයින් (LTC/USD) 11% කින් සහ රිපල් (XRP/USD) 9% කින් පහත වැටී ඍණාත්මක ප්‍රවනතාවයක් පෙන්නුම් කරන ලදී.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. වෙළඳපළට අනුව, මේ මොහොතේ එක්සත් ජනපදය සමග කරන ගනුදෙනුව බොහෝ සෙයින් අවශ්‍ය වන්නේ චීනයට වන අතර එයට හේතු වී ඇත්තේ චීන ආර්ථිකය වෙත ඇති දැවැන්ත පීඩනය වේ. කෙසේ වෙතත්, වෙලඳ යුද්ධයේ අඛන්ඩව පැවතීම ඇමෙරිකානුවන් සඳහා ගැටලු රාශියක් ඇති කරන අතර, රට අවපාතයකට ඇද දැමීමක් සිදු වේ. මෙවැනි තත්වයක් තුළ, වෝල් ස්ට්‍රීට් ජර්නලයේ මැයි මස ජන්දයට අනුව, විශේෂඥයන්ගෙන් 51% ක් විශ්වාස කරන්නේ, මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම වෙනුවට එක්සත් ජනපද ෆෙඩරල් බැංකුව එය ලිහිල් කිරීමට ඉඩ ඇති බවයි. (අප්‍රේල් මාසයේ දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 44% ක් එය ලිහිල් කිරීම සඳහා ඡන්දය දුන් අතර මාර්තු මාසයේදී එම අගය 19% ක් විය). දැන්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට සහය දෙන විද්වතුන් 60% ක් යුරෝව, නුදුරු අනාගතයේ දී 1.1280-1.1325 කලාපය දක්වා වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ. ඊළඟ ඉලක්කය වනුයේ මාර්තු මස ඉහල අගයන් වූ 1.1400 සහ 1.1450 දක්වා වැඩි වීමයි.
    අනෙක් අතට, චීනයේ වර්තමාන ගැටලු යුරෝ කලාපයේ ආර්ථිකය කෙරෙහි ඉතා ඍණාත්මක බලපෑමක් ඇතිවිය හැකිය. මෙය යුරෝපීය මුදල් ශක්තිය පිලිබඳ යම්කිසි සැලකිල්ලක් මතු කරයි. මාසික අනාවැකිය වෙත මාරු වීමේදී 70% ක්ම පහතයාම සමග වන අතර යුගලය දිගින් දිගටම පහතට ගමන් කර නැවතත් අප්‍රේල් මස අග අවම අගය වන 1.1110 දක්වා අඩු වන බව විශ්වාස කරති. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ද ඊට සහය ලබා දෙන අතර පැය හතරේ හා දවසේ කාලරාමු මත ඔස්කිලේටර් 15% ක් යුගලයේ මිල දී ගැනීම් වැඩි වන බවට සංඥා කරයි. ආසන්නතම ආධාරක අගය 1.1175 සහ 1.1140 වේ.
    ඔබ විසින් අවධානය යොමු කළ යුතු ඉදිරි දිනයන්හි සිදුවීම් ලෙස, මැයි 13 වන සඳුදා, චීන ආර්ථිකය තුල විදේශ සෘජු ආයෝජන පිලිබඳ දත්ත නිකුත් වනු ඇත. එමෙන්ම ජර්මනියේ හා යුරෝ කලාපයේ ද.දේ.නි. පිළිබඳ සංඛ්‍යාලේඛන පිළිබඳ දත්ත සහ එක්සත් ජනපදයේ සිල්ලර වෙළඳාම පිලිබඳ දත්ත මැයි 15 වැනි බදාදා නිකුත් වීමට නියමිතය.
  • GBP/USD. එක්සත් රාජධානියේ ශ්‍රම වෙලඳපලේ සංඛ්‍යාලේඛන මැයි 14 වන අඟහරුවාදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. කෙසේ වෙතත්, මෙම දර්ශකයන් කෙලෙසක දැක්වුවද ප්‍රධාන ගැටළුව බ්‍රික්ස්ට් වේ. අගමැතිනි තෙරේසා මේ හට මෙම ගැටලුව විසඳීමට නොහැකි වනු ඇති බවට ස්ථිරසාර හැඟීමක් තිබේ. මෙම තත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය මුදල මත පීඩනය දිගටම පවතිනු ඇත.
    විශ්ලේෂකයින්ගෙන් 65% විශ්වාස කරන්නේ පවුම අඛණ්ඩව පහත වැටෙනු ඇති බවයි. පැය හතරේ කාලරාමුව මත සහ දවසේ කාලරාමුව මත බොහෝ ග්‍රැෆික් විශ්ලේෂණය සහ බොහොමයක් ප්‍රවණතා දර්ශක මෙම මතය සමග එකඟ වේ. ආසන්නතම ආධාරක අගය 1.2985 වේ. ඉලක්කය අප්‍රේල් අවම අගය වූ 1.2870 වේ.
    ඉතිරිව සිටින ප්‍රවීණයන්ගේ 35% ක් යුගලය 1.3100 ට ඉහළ මට්ටමකට ලඟා වන බව විශ්වාස කරන අතර, ඉලක්කය 1.3200 වේ. අනාවැකිය ලියන මොහොත වන විට ඔස්කිලේටර් මධ්‍යස්ථ තත්වයක් ගෙන ඇත;     
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 55% ක්, ග්‍රැෆික් විශ්ලේෂණය සහ 85% ක් වන දර්ශක වලට අනුව ආරක්‍ෂිත මුදලක් ලෙස 'යෙන්' සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කර ගනු ඇති අතර, යුගලය 109.00 ක් දක්වා සහ ඊට පසුව තවත් පොයින්ට් 50 කින් තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි. මේ මොහොතේ විශේෂඥයින්ගෙන් 45% ක් සහ ඔස්කිලේටර් 15% ක් ඉහළයාම සමඟ වේ. කෙසේ වෙතත්, දිගුකාලීන අනාවැකි වලට පිවිසීමේදී, විශ්ලේෂකයින්ගෙන් 80% ක් යුගලය 111.00-112.00 කලාපය දක්වා නැවත පැමිණීමක් අපේක්ෂා කරයි;
  • ක්‍රිප්ටෝ මුදල්. බිට්කොයින් සැලකිය යුතු ආධාරක/ප්‍රතිරෝධී කලාපයක් කරා ලඟාවී ඇත. ගැලෙක්සි සමාගමේ විශ්ලේෂකයින්ට අනුව අනාගතයේදී $ 400,000 ක් දක්වා මෙහි මිල ඉහළ යනු ඇති බවට අනුමාන කරයි. එහෙත් මෙය සිදු වන්නේ සම්පූර්ණ විමධ්‍යගතභාවය සම්පුර්ණයෙන් අහිමි වන අවස්ථාවක සහ විශාල ආයතනික ආයෝජකයින්ගේ නීතිවලට අනුව ය. මේ අතරතුර, විශේෂඥයන්ගෙන් 60% ක් විශ්වාස කරන්නේ, නුදුරු අනාගතයේ දී මෙම යුගලය $6,100-6,840 ක පරාසයක විචලනය වන බවයි. එය පසුගිය නොවැම්බර් මැද භාගයේ බිඳ වැටීමට පෙර සැප්තැම්බරයේ සිට ඔක්තෝබර් මාසය තුල දී රැඳී සිටි පරාසය වේ.
    විශ්ලේෂකයින්ගෙන් 20% ක් හිතකර ප්‍රවෘත්ති පසුබිමක් තුළ, අවසාන මාසවල ධනාත්මක චලනය දිගටම පවතිනු බව විශ්වාස කරන අතර, බිට්කොයින් $7,400 ක මට්ටමකට ළඟා වනු ඇති බවත් විශ්වාස කරති. ඉතිරිව ඇති  20% ක ප්‍රමාණය, යුගලය දෙස ඍණාත්මකව බලන අතර යුගලය නැවත $ 5,570-5,850 කලාපයට පැමිණෙනු ඇති බවට විශ්වාස කරයි.

2019 මැයි 13 සිට 17 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1 

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited. Trading in financial markets is risky and can lead to a complete loss of deposited funds.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න