2019 March 30

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවීම තිබියදීත්, මේ සතියේ එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වූ බවක් පෙනෙන්නට තිබේ. එය එක්සත් ජනපද ජනාධිපති නිසා හෝ ෆෙඩරලය නිසා නොව, මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇති වී ඇති ගැටලුවේ එකඟතාවයකට පත්වීමට නොහැකිවීම හේතුවෙන් විය.
    ස්වභාවයෙන්ම, බ්‍රික්ස්ට් සමග නොපැහැදිලි විම හේතුවෙන් යුරෝපීය මුදල් මත පීඩනයක් ඇති වූ අතර සතිය පුරාවටම එය පහතට ගමන් කළේය. මෙම ප්‍රවණතාව වෙනස් කිරීමට, ඉහළයාම කුමන හෝ ප්‍රයත්නයක් ගත්තේ නම් එය පහතට ඇද දැමීමේ ප්‍රතිරෝධය මත 1.1447-1.1230 කලාපය තුල පැවතියේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඊළඟ ඡන්දයට පෙරාතුව එනම් සිකුරාදා දින, මෙම යුගලය සමාන්තර චලනයක් කරා යෑමට පටන් ගත්තේය. එබැවින්, මාර්තු 20 වනදා එය පොයින්ට් 235 ක් පමණ අහිමි කරගත් අතර අවම අගය ලෙස 1.1209 සටහන් විය. එම මට්ටම ඉතා වැදගත් ආධාරක/ප්‍රතිරෝධතා මට්ටමක් වූ 1.1200 ට ආසන්න විය;
  • GBP/USDබ්‍රික්ස්ට් සම්බන්ධ තත්වය තවදුරටත් නොපැහැදිලි විය. මාර්තු 29 වන සිකුරාදා අවසන් වන විට අපට පහත දැක්වෙන කරුණු සඳහන් කළ හැකිය: යුරෝපා සංගමය සමඟ ගිවිසුමට එරෙහිව තුන් වරක් පාර්ලිමේන්තුව ඡන්දය දුන්නේය. එහෙත් එයට කිසිසේත් එකඟ නොවීය. රටේ නායකත්වය අප්‍රේල් 12 දක්වා තෙක් තවදුරටත් සැලසුම් සකස් කළ යුතු අතර හෝ එය ගිවිසුමකින් තොරව ඉල්ලා අස්කර ගත යුතුය. යුරෝපා සංගමයේ ගිවිසුමේ 50 වන වගන්තිය පදනම් කරගත් බ්‍රික්ස්ට් ක්‍රියාපටිපාටිය දීර්ඝ කිරීමට අගමැතිනිය යෝජනා කරනු ඇත. එහෙත් ඉන්පසුව එක්සත් රාජධානිය යුරෝපීය මැතිවරනයට සහභාගී වීමට සිදුවනු ඇත. නමුත් එයට නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විරුද්ධ වේ.
    එවන් අවිනිශ්චිත තත්වයක් තුළ ක්‍රියා කරන්නේ කෙසේද යන්න යුරෝපය සැබවින්ම වටහා නොගෙන ඇති අතර හදිසි යුරෝපා සංගම් සමුලුවක් කැඳවන්නේ එබැවිනි. බ්‍රිතාන්‍ය පවුම මේ වන විට සති පහක කලාපයේ පහළ සීමාව දක්වා පහළට පැමින තිබේ. එහෙත් පසුව එය පොයින්ට් 55 කින් ඉහළ ගොස් දින පහක කාලය අවසන් වූ අතර, 1.3030 හි රැඳී තිබිණි;
  • USD/JPY. පසුගිය සතියේ අනාවැකියට අනුව පැය හතරේ සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 15% ක් සංඥා ලබා දී තිබුනේ යුගලයේ විකුණුම් වැඩිවනු ඇති බවටයි. ඒ අනුව ප්‍රවණතාවයේ හැරවීම සිදුවී ඇති අතර අනාවැකිය නිවැරදි විය. ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පෙන්නුම් කලේ යුගලය 110.75 අගයෙන් ඉහළට ගමන් කරනු ඇති බවයි. ඒ අනුව යුගලය උතුරු දෙසට හැරී 109.70 සිට 110.90 දක්වා ඉහළ නැගිණි. සතිය අවසානදී යුගලය 110.85 හි පැවතියේය;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ අපගේ අනාවැකිය මගින් වාර්තා කළේ සැලකිය යුතු පුවත් නොමැති වුවද BTC/USD යුගලය $3,900 කට අඩු නොවනු ඇති මුත් $4,200 ක ප්‍රතිරෝධය ජයගැනීමට උත්සාහ කරන බවයි. ඒ අනුව, මාර්තු 25 වන සඳුදා $3,938 ක සතියේ අවම අගය වාර්තා වූ අතර ඉන්පසු ක්‍රමයෙන් ඉහළට ගමන් කරමින්, සිකුරාදා වන විට $4,190 දක්වා ළඟා විය. ඒ අනුව සති දෙකක චක්‍රය මුලින්ම ඇරඹි ස්ථානයේදීම අවසන් කළේය.
    එතීරියම් (ETH/USD) සහ ලයිට්කොයින් (LTC/USD) බිට්කොයින් අනුගමනය කරන ලද අතර අහිමි කර ගත 100% ක් පමණ නැවත ලබා ගත්තේය. රිපල් (XRP/USD) මාර්තු 16 ඉහලම අගයට, $0.328, ලඟා වීමට අපහසු වූ අතර එම අගයට මදක් පහතින් සති 10 ක මධ්‍ය අගය, $0.318 හි සතිය අවසන් කළේය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මෙම යුගලය 1.1200 ආධාරක මට්ටම ඉක්මවා ගියහොත් එයට තවදුරටත් පහළ යාමට හැකි වනු ඇත. විශ්ලේෂකයින්ගෙන් 75% ක්, ප්‍රවණතා දර්ශක 100% සහ පැය හතරේ සහ දවසේ කාලරාමු මත ඔස්කිලේටර් 90% ක් එයත් සමඟ එකඟ වේ. ආසන්නතම ඉලක්කය වන්නේ 2018-19 දක්වා අවම අගය වූ මාර්තු 7 වාර්තා වූ 1.1175  අගයයි. මීළඟ ආධාරකය පොයින්ට් 50 ක් පහතින් පිහිටා ඇත.
    එහෙත්, ඉහළයාම සඳහා පැහැදිලි පෙනුමක් තිබුනද සෑම සියල්ලම එසේ වන්නේ නැත.දැනටමත්, ඔස්කිලේටර් 10% ක් සංඥා කරන්නේ යුගලයේ විකුණුම් වැඩිවනු ඇති බවයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පෙන්නුම් කරනුයේ එය 1.1175 තරම් ශක්තිමත් ආධාරයක් ලබා ගැනීමට නොහැකි වන අතර නැවතත් 1.1340 කරා එළඹෙනු ඇති බවයි. මධ්‍ය කාලීනව විශේෂඥයන්ගෙන් 60% ක් යුගලය 1.1300-1.1500 කලාපයට නැවත පැමිණෙන බව විශ්වාස කරයි.
    ආර්ථික සිදුවීම්වලට අනුව, අප්‍රේල් 1 වන සඳුදා යුරෝ කලාපයේ හා එක්සත් ජනපදයේ පාරිභෝගික වෙළඳපොළ පිළිබඳ සංඛ්‍යලේඛන ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ඇති අතර එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොලේ (එන්එෆ්පී ද ඇතුලු) දත්ත අප්‍රේල් 5 සිකුරාදා නිකුත් කරනු ලැබේ. විශ්ලේෂකයෝ අපේක්ෂා කරන්නේ කෘෂිකාර්මික නොවන නව රැකියා සංඛයාව පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී 20K සිට 175K  දක්වා වැඩි වනු ඇත. එවැනි දත්ත ඩොලරය ශක්තිමත් කළ යුතුය. එහෙත් වෙළඳපළ බොහෝවිට මෙම අනාවැකි, එහි මිල තීරණය වීමට කලින් මිල තීරණයට උපයෝගී කර ගන්නා බව මතක තබා ගත යුතුය.

2019 අප්‍රේල් 01 සිට 05 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මෙය ලියන අවස්ථාවේ දී, මෙම යුගලය සඳහා වන අනාවැකිය EUR/USD සඳහා වූ අනාවැකියට සමාන එකක් වේ. විශේෂඥයින්ගෙන් 75% ක් යුගලයේ පහතයාමක් අපේක්ෂා කරන අතර දර්ශක බොහොමයක් රතු වර්ණයෙන් සමන්විත වී ඇත. බ්‍රික්ස්ට් හි අපැහැදිලි බවට අමතරව, එක්සත් රාජධානිය තුල ඉතා බරපතල වෙළඳ හිඟයක් පවතින අතර පොළී අනුපාතය අඩු වේ. මෙම නිසා පවුම් විශාල අවදානමක පවතින අතර, ආයෝඡකයින් බ්‍රිතාන්‍ය ආර්ථිකය තුල ආයෝජනය කිරීමෙන් වැළකී සිටිති.
    පවුම් පවුම් 1.3000 ක ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධී මට්ටමකට ළඟා වී ඇත. එහෙත්, යුරෝව මෙන් නොව, එය 2018-2019 කාලයේ අවම මට්ටම් වලින් ඈත්ව සිටියි. එබැවින්, 1.3000 ට පහළින් බිඳී යාමට පවුම සඳහා 1.2830 සහ 1.2770 අගයන් ආධාරක වේ.
    මෙම සතියේ යුරෝව සමග සමානකමක් ඇති අතර එය ඉහළයාම හා පහතයාම අතර සමාන වෙයි. මෙහිදී, ඔස්කිලේටර් 10% ක් සංඥා කරන්නේ යුගලයේ විකුණුම් වැඩි වන බවයි. එමෙන්ම ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පෙන්වන්නේ, 1.2960 දක්වා පහත වැටීමෙන් පසුව මෙම යුගලය සති පහේ 1.2960-1.3350 කලාපයේ මධ්‍ය දෙසට එනම් 1.3150 දක්වා ගමන් කරනු ඇති බවයි;
  • USD/JPY. මෙම යුගලයේ ඉදිරි ගමන 109.70-112.15 කලාපයට සීමා විය හැකිය. මෙම යුගලය මේ මොහොතේ ප්‍රායෝගිකව එහි කේන්ද්‍රගතව ඇති අතර, ගැටලුව වන්නේ එය ඉහලට හෝ පහලට ගමන් කරයි ද යන්නයි.
    බොහෝ ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් පැය හතරේ කාලරාමුව මත දී උතුර දෙස එනම් ඉහල බලා සිටියි. දවසේ කාලරාමුව මත දී ඔවුන් මධ්‍යස්ත ස්ථානයක් ගනී. ඒ සමග ම, පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් 15% ක් මගින් පෙන්නුම් කරන පරිදි මෙම යුගලයේ මිල දී ගැනීම් වැඩි වේ.
    විශ්ලේෂකයන් 65% සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව යුගලය පහතට ගමන් කල යුතුය. එමෙන්ම විශ්ලේෂකයන් 35%, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය යුගලයේ ඉහළයාමට සහය දක්වයි;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය දෙසැම්බර 15 වන දා සිට මෙම ක්‍රිප්ටෝ වෙළඳපොලේ මුළු ප්‍රාග්ධනීකරණය 40% කින් වර්ධනය වී තිබෙන අතර මාර්තු 27 බදාදා වන විට ඩොලර් බිලියන 143.366 ක මට්ටමකට ළඟා වී ඇත. මෙය නිසැකවම යහපත් සංඥාවක් වන අතර බිට්කොයින් $4,200 ක් දක්වා ඉහල නැගීමත් ඉන්පසුව $4,200-4,280 කලාපය දක්වා වර්ධනය වීමත් අපේක්ෂා කෙරේ. ප්‍රවීණයින්ගෙන් 65% ක්ම මෙම අනාවැකිය සමග එකඟ වෙති. ඉහළයාම සඳහා ඊලඟ ඉලක්කය වනුයේ $4,365-4,385 කලාපය වන අතර එය 2018 නොවැම්බර්-දෙසැම්බර් ඉහලම අගයන් හි පිහිට ඇත. කෙසේ වෙතත්, මධ්‍ය කාලින අනාවැකි කරා මාරුවීමේ දී මෙම තත්වය වෙනස් වන අතර, පෙර මෙන් , විශ්ලේෂකයින් 70% ක් පහතයාමේ පැත්තට වේ. එමෙන්ම යුගලය $3,000 දක්වා පහතයාමක් අපේක්ෂා කරයි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න