2019 March 23

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. ෆෙඩරල් මහ බැංකුව සියයට 2.5% ක පොලී අනුපාත වෙනස් නොකළ අතර මේ වසරේ එය තවදුරටත් ඉහළ දමන්නේ නැත. එක්සත් ජනපදයේ දදේනි හා උද්ධමනය සඳහා සිය අනාවැකින් මගින් අවම කල අතර 2019-2021 සඳහා විරැකියාව පිලිබඳ අනාවැකිය මගින් ඉහල දැමීය.
    ඇමරිකානු නියාමකයෙකුගේ එවැනි ක්‍රියාවන් සහ ප්‍රකාශයන්, එක්සත් ජනපද මුදල් කෙරෙහි ඍණාත්මක ලෙස බලපාන අතර එමගින් මුදලෙහි අවපාතයක ආරම්භය සනාථ කරයි. එහි ප්‍රතිපලයක් වශයෙන්, මාර්තු 20 බ්‍රහස්පතින්දා යුරෝවට සාපේක්ෂව ඩොලරය $1.1447 ක් දක්වා පහත වැටුණි. එහෙත්, පසුව එය යුරෝව ඇතුළු සියලු ප්‍රධාන මුදල් වර්ග වලට සාපේක්ෂව වර්ධනය විය. ජර්මනියේ දත්ත නිසා මෙය සිදු විය - පෙබරවාරි මාසයේ දී PMI (නිෂ්පාදන අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරිත්වය) අගය බලාපොරොත්තු වූ 48.0 ක් නොවී 44.7 පමණ අගයක් විය. මෙම ප්‍රවෘත්ති මගින් යලිත් වරක් ගෝලීය ආර්ථික අර්බුදය පිලිබඳ කනස්සල්ල ද යුරෝව අවප්‍රමාණ වීම පමනක් නොව, කොටස් හා බැඳුම්කරවල තියුනු ලෙස පහත වැටීමට හේතු විය. EUR/USD යුගලය දින දෙකක් තුළදී පොයින්ට් 175 ක් අහිමි කර ගත්තේය. දින පහක සතිය අවසානයේ දී යුගලය 1.1300 හි දී අවසන් විය;
  • GBP/USD. බ්‍රික්ස්ට් හි අවසන් අදියර ප්‍රමාද වී ඇත. සතියේ මුල් දින හතර තුළ බ්‍රිතාන්‍ය මුදල් ඒකකය පොයින්ට් 300 ක් පමණ අහිමි කර ගත් අතර එය 1.3000 ක මට්ටමකට ළඟා විය. කෙසේ වෙතත් එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ ප්‍රධානී ජෙරෝම් පවෙල් කතාව සහ යුරෝපීය සංගමයේ ගැටලුව විසඳීමට අගමැතිනි තෙරේසා මේ වෙත අප්‍රේල් 12 වන දින දක්වා ලබා දීම නිසා, පවුම, දින පහක කාලය, ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධී අගයක් වන 1.3200 හි දී අවසන් කළේය;
  • USD/JPY. එහි යුරෝපීය "සගයන්" මෙන් නොව, පසුගිය සතිය 'යෙන්' සඳහා සාර්ථක සතියක් විය. සාර්ව ආර්ථික අනාවැකි සංශෝධනය කිරීම සහ එක්සත් ජනපදය හා යුරෝපය තුල කොටස් හා බැඳුම්කර වල අගය පහත වැටීම හේතුවෙන් යුගලය, මාර්තු මස 22  සිකුරාදා මැද භාගයේ දී 109.70 දක්වා පහත වැටී ඇත. සිකුරාදා දිනය අවසන් වන විට 109.90 දක්වා ඉහල නැගී තිබිණි;
  • ක්‍රිප්ටෝ මුදල්. ප්‍රසිද්ධ ඇමරිකානු ආයෝජකයෙකු වන ටිම් ඩ්රැපර් විශ්වාස කරන්නේ ක්‍රිප්ටෝ මුදල් හි දැවැන්ත වෙනස්වීමක් වසර දෙකක් තුළ ආරම්භ වනු ඇති බවයි. ෆන්ඩ්ස්ට්‍රාට් ග්ලෝබල් උපදේශකයින්ගේ මූල්‍ය විශ්ලේෂකයෙකු වන ටොම් ලී, කෙටි කාලීන අනාවැකියක් ලබා දී ඇති අතර, CNBC සම්මුඛ සාකච්ඡාවක දී ඔහු පවසා ඇත්තේ, ඉදිරි සය මස ඇතුලත බිට්කොයින් හි පහතයාම වෙනුවට ඉහළ නැගීමේ ප්‍රවණතාවයක් ඇති වනු ඇති බවයි. ඔහුගේ මතය අනුව, එම වෙනසේ හැරවුම් ලක්ෂය අගෝස්තු මාසයේ දී සිදු වනු ඇති අතර BTC අනුපාතය පහසුවෙන් $10-20,000 දක්වා ළඟා විය හැකිය.
    පසුගිය සතියේ BTC/USD යුගලය $4,150 ට වඩා ඉහලට පැමිණීමට සමත් වූයේ නැත. ආයෝජකයන් සඳහා ඇති එකම බලාපොරොත්තුව වුයේ යුගලය $4,000 සිමාවෙන් පහතට ගමන් නොකිරීමයි.
    එසේම ලයිට්කොයින් (LTC/USD) ඉහලයන කලාපයේ සීමාවන් ඉක්මවා නැත, එතීරියම් (ETH/USD) $139.00 සිමාව අසල ඇති අතර, රිපල් (XRP/USD) සඳහා සති 10 ක මධ්‍ය අගය වන $ 0.318 හි රැඳී පවතියි.              

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මෙම යුගලය සමග ඇති තත්ත්වය සම්පූර්ණ අවිනිශ්චිතතාවයක් ලෙස විස්තර කළ හැකිය.... එක් අතකින්, එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයේ මන්දගාමීත්වය, අනෙක් පැත්තෙන් - ජර්මානු ආර්ථිකය පිලිබඳ බලාපොරොත්තු සුන්වීම. පොලී අනුපාතය ඉහළ නැංවීම සඳහා ෆෙඩරල් මහබැංකුව ඩොලරයට එරෙහිව ක්‍රියා කරන අතර යුරෝපා සංගමය හැරයාමේ අවිනිශ්චිතතාවය යුරෝවට එරෙහිව ක්‍රියා කරයි. වසර 10 ක එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කරවල ප්‍රතිලාභ ලැබීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවනු ඇත. නමුත් වසර 10 ක ජර්මානු බැඳුම්කරවල ප්‍රතිලාභ 0% ට වඩා පහත වැටීමට නියමිතය. එක්සත් ජනපදයේ S&P 500 0.5% කින් පහත වැටුනි. යුරෝපීය කොටස් රතු පාටින් පෙන්නුම් කරන අතර ප්‍රධාන දර්ශක 1% ක පාඩුවකට ළඟා වෙමින් තිබේ.
    මෙම දෝලනය දින නියමයකින් තොරව පැවතිය හැකිය. මේ සතියේ විශේෂඥයන්ගේ ඡන්ද ප්‍රමාණය 50:50 ලෙස සමානව බෙදී ඇත. මධ්‍ය කාලීන අනාවැකි වලට මාරුවීමේ දී විශ්ලේෂකයින්ගෙන් 70% ක් දැනටමත් ඉහළයාමේ පැත්තට වී ඇත.
    පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව ප්‍රථමයෙන් යුගලය 1.1380 මට්ටමට ඉහළ නැගීමත්, පසුව 1.1175 මට්ටමට පහත වැටීමත් සිදුවිය හැකි අතර ඉන් පසුව යුගල 1.1215-1.1570 මධ්‍ය කාලීන කලාපයේ සීමාවන් වෙත ආපසු යා යුතුය.
    එලඹෙන සතියේ සිදුවීම් දෙස බැලීමේදී, මාර්තු මස 27 බදාදා ඊසීබී ප්‍රධානී මාරියෝ ඩ්‍රාගිගේ කතාවත් 28 වන බ්‍රහස්පතින්දා ජර්මනියේ පාරිභෝගික මිල දර්ශකය හා එක්සත් ජනපදයේ ජාතික දළ ජාතික නිෂ්පාදිතයේ වාර්ෂික දත්තත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. තව ද, අනාවැකියට අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ සැබෑ අගය 0.2% ට වඩා අඩු විය හැකිය.
  • GBP/USD. 2019 ජූනි 30 වනදා දක්වා යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම ප්‍රමාද කරන ලෙස අග්‍රාමාත්‍ය තෙරේසා මේ යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, යුරෝපා සංගමය දැනටමත් ප්‍රමාද වීම දීර්ඝ වී ඇති බව ප්‍රකාශ කර ඇත. එම නිසා පවුම වෙත නිරන්තරයෙන් පීඩනයක් එල්ල වනු ඇත.
    මේ මොහොතේ බොහෝ විද්වතුන් (60%) විශ්වාස කරන්නේ මෙම යුගලය නැවත 1.3000 දක්වා පැමිණිය යුතු බවත්, එය බිඳවැටුනහොත් මාර්තු 11 අවම අගය වූ 1.2955 දක්වා පැමිණිය යුතු බවත්ය.
    විකල්ප මතයකට අනුව, බ්‍රික්ස්ට් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රවෘත්ති නිවේදනය වන අවස්ථාවකදී යුගලය 1.3310 දක්වා ඉහළ යා හැකිය. ප්‍රතිරෝධතා මට්ටම් 1.3350 සහ 1.3 445 වේ;

2019 මාර්තු 25 සිට 29 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. ප්‍රවණතා දර්ශක සහ පැය හතරේ සහ දවසේ කාලරාමු මත ඔස්කිලේටර් අති විශාල බහුතරයක් රතු පාටින් වර්ණ ගැන් වී ඇත. කෙසේ වෙතත්, කාලරාමු දෙක මතම ඔස්කිලේටර් 15% ක් දැනටමත් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට පෙන්නුම් කරයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය උතුරු දෙසට යුගලයේ දිශාව වෙනස් කිරීමක් පෙන්නුම් කරයි. එහි කියවීම් වලට අනුව යුගලය 110.75-112.15 කලාපයට නැවත යා හැක.
    විද්වත් මතය පහත පරිදි බෙදී ඇත: 50% ක් පහතයාමටත් 30% ඉහලයාමටත් 20% සමාන්තර චලනයකුත් පෙන්නුම් කරයි. යුගලයේ දිශාව තීරණය කිරීමේදී, මෑතදී සිදුවී ඇති පරිදි, නව ගෝලීය ආර්ථික අර්බුදයක හැකියාව, යුරෝපය හා එක්සත් ජනපදය සාර්ව ආර්ථික දර්ශකයන් සහ එක්සත් ජනපද-චීන සාකච්ඡා පිලිබඳ ප්‍රවෘත්ති බලපානු ඇත;
  • ක්‍රිප්ටෝ මුදල්. ක්‍රිප්ටෝ මුදල් හි සමස්ත ප්‍රාග්ධනීකරණය පසුගිය නොවැම්බරයේ අගය දක්වා ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. එය මාර්තු මස 20 වන දිනට ඩොලර් බිලියන 141.6 ක අගයක් ගනී. දිගු කලක් තිස්සේ පළමු වරට විද්වතුන් 70% ක් අඳුරු අනාවැකි ලබා දී නොමැති අතර, මධ්‍යස්ථ තත්වයක් දක්වා සීමා වී ඇත. ඔවුන්ගේ මතයට අනුව, BTC/USD යුගලය ඊළඟ සතියේ $3,900 කට අඩු නොවනු ඇත. නමුත් $ 4,200 ක ප්‍රතිරෝධය ජය ගැනීමට උත්සාහ කරනු ඇත. කෙසේ වෙතත් මධ්‍ය කාලින අනාවැකිය දෙස බැලීමේදී එකී තත්වය වෙනස් වන අතර විශ්ලේෂකයින්ගෙන් 70% ක් යුගලයේ පහතයාම අපේක්ෂා කරයි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න