2019 March 16

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. සමස්ත සතිය පුරා යුරෝපීය මුදල් ඒකකය වර්ධනය වූ අතර එය යුරෝ ස්ටොක්ස් 600 දර්ශකය හේතුවෙන් පමනක් නොව ඊසීබී ප්‍රධානී මාරියෝ ඩ්‍රාගීගේ ප්‍රකාශ මෙන්ම, ඒ සියල්ලටත් වඩා, යුරෝපීය සංගමයෙන් ඉවත් වීම පිලිබඳ ආකල්පය ( සමහරවිට එසේ ඉවත් නොවනු ඇත) හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2018 ඔක්තෝබර් මස සිට ඇරඹි මධ්‍ය කාලීන 1.1215-1.1570 කලාපය නැවත වරක් තහවුරු වී ඇති අතර, එය මාර්තු මස 13 වන බදාදා 1.1338 දක්වා ඉහළ ගොස් ඇත.
    මාර්තු 14 වෙනි බ්‍රහස්පතින්දා, යුරෝපීය මුදල් සඳහා සතියේ නරක දවස විය. එක්සත් ජනපදයේ හා චීනයේ නායකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ෂි ජින්පින්ගේ රැස්වීමක් මාර්තු මාසයේ දී නොපැවැත්වෙනු ඇති අතර අප්‍රේල් මාසයේ දී එය සිදු විය හැකිය. මෙම ප්‍රවෘත්තිය මගින් ආයෝඡකයින් ඩොලරය පිළිබඳ උනන්දුව වැඩි කල නමුත් එය දිගු කලක් නොපැවතියේය. සිකුරාදා සවස වන විට යුගලය 1.1345 හි දැකිය හැකි විය. සතියේ වෙළඳ සැසිය අවසානයේදී, මිචිගන් විශ්ව විද්‍යාලයේ පාරිභෝගික තක්සේරු දර්ශකය හේතුවෙන් මෙම යුගලය පොයින්ට් 20 කින් අඩු වූ අතර එය 1.1325 හි දී සතිය අවසන් කළේය;
  • GBP/USD. බොහෝ විද්වතුන් බලාපොරොත්තු වූයේ බ්‍රිතාන්‍ය මුදල් ඒකකය වර්ධනය වනු ඇති බවත් මාර්තු මසදී ප්‍රථමයෙන් පෙබරවාරි උපරිම අගයටත් (1.3350) ඉන් පසුව තවත් පොයින්ට් 200 ක් ඉක්මවනු ඇති බවයි. මෙම අනාවැකිය සැබෑවක් වීම ආරම්භ වී ඇත: පසුගිය සතියේ උපරිම අගය ලෙස 1.3380 සටහන් වූ අතර දින පහක කාලය ශක්තිමත් ප්‍රතිරෝධී අගයක් වූ 1,300 හි දී අවසන් විය.
    සතියේ උච්චාවචනයන් හි විශාලත්වය පොයින්ට් 420 ක් විය. යුගලයේ ප්‍රස්ථාරය දෙස බලන විට, එය කෙසේ හෝ ලන්ඩන් හි සිදුවන සිදුවීම්වලට සම්බන්ධ වන හෘද ස්පන්දනයේ ප්‍රස්ථාරයක් වැනි ස්වරූපයකට සමාන වේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නැවතත් ජනමත විචාරණයකට විරුද්ධව ඡන්දය දුන් අතර, බ්‍රික්ස්ට් ජූනි මස 30 වන දිනට කල් දැමීමට පක්ෂව කතා කලේය. ඒ සමග ම යුරෝපීය සංගමයේ එකඟතාවයකින් තොරව "දැඩි" පිටවීමේ දර්ශනය ප්‍රතික්ෂේප කරන ලදී. දැන් බ්‍රික්ස්ට් කල් දැමීමේ ඉල්ලීම මත අග්‍රාමාත්‍ය තෙරේසා මේ යුරෝපීය සංගමයට හිස නැමිය යුතුය. එහෙත් මේ පිළිබඳව යුරෝපීය සංගමයේ ප්‍රතිචාරය විමසීමේදී තවත් ප්‍රශ්නයක් පැන නගී, එනම් සංගමයේ සියලු රටවල් (27) මේ සඳහා ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. ඒ අනුව නව ගිවිසුම සමඟ සිදු වන්නේ කුමක් ද යන්න අපැහැදිලි වේ. දෙපක්ෂයම එකඟ වීමට අවුරුදු දෙකකට වඩා කාලය ගත්තේනම් ඉදිරි මාස තුන තුළ ඔවුන්ට කුමක් කළ හැකිද?
  • USD/JPY. බොහෝ විශ්ලේෂකයින් අනාවැකි පැවසු පරිදි, යුගලය 2019 ජනවාරි මස ආරම්භයේ පටන් ආරම්භ වූ නාලිකාව තුළ රැඳී සිටි අතර 112.00 ආසන්නයට පැමිණියහ. එය මෙම අගයට පොයින්ට් 10 කට වඩා අඩුවෙන් රැඳී තිබුනත්, ජපාන බැංකුවෙහි ප්‍රධානි හෙරුෂෝ කූරෝඩා හේතුවෙන් යුගලයේ පහත වැටීම නතර කර එම අගයේම රඳවා ගත්තේය.
    ජපානයේ ආර්ථික කාර්ය සාධනය යහපත්ව පෙන්නුම් නොකරයි. වෙළඳ හිඟය වසර 6 ක් තුල විශාල වී ඇති අතර චීනයට අපනයනය අඩු කිරීම වසර 2 ක් තුල ඉහළම වේ. චීනය තුළ අලුත් අවුරුද්ද සැමරීම මීට හේතු වී ඇති නමුත් ගෝලීය ආර්ථික වර්ධනයේ මන්දගාමිත්වය ජපානයට බෙහෙවින් බලපා ඇත. එමෙන්ම 2019 වර්ෂය සඳහා වෙළඳ බදු වැඩි කිරීම සඳහා සැලසුම් කර ඇති අතර, එය සුබවාදී දෙයක් නොවනු ඇත.
    කෙසේ වෙතත්, කුරෝඩා ට අනුව, සියල්ල අයහපත් නොවේ. "මේ වන විට, මේ වසරේ දෙවන භාගය තුල චීනයේ හා යුරෝ කලාපයේ ආර්ථිකයන් යලි ගොඩනංවා ගැනීම ප්‍රධාන තත්වයක් වනු ඇත" "ජපන් ආර්ථිකහි මධ්‍යස්ථ ප්‍රසාරනයක් පවතිනු ඇත. එමෙන්ම  2% ක උද්ධමන ඉලක්කවෙනස් නොවෙනු ඇත" යනුවෙන් මාධ්‍ය සාකච්චාවක දී ඔහු පවසා ඇත.
  • ක්‍රිප්ටෝ මුදල්. 'බියුරිඩන්ගේ ගද්‍රභ න්‍යාය' යනු ප්‍රසිද්ධ දාර්ශනික පරස්පර විරෝධියකි. මෙය පුරාණ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල්ගේ උපමාවකි. එය තෝරාගැනීම පිළිබඳ තේරුමයි. කුසගින්නෙන් සිටි බූරුවෙක් සිටින අතර ඔහු නිරන්තරයෙන් සමාන පිදුරු දෙකක් අතර මැද සිටියි. මෙම පිදුරු ගොදල් දෙකෙන් කුමන එකක් තෝරා ගත යුතුද? උපමාවේ සඳහන් පරිදි බූරුවාට තීරණය කළ නොහැකි අතර, අවසානයේදී කුසගින්නෙන් මිය ගියේය.
    ක්‍රිප්ටෝ ප්‍රජාවේ බූරුවන් නැත, නමුත් ඉහලයෑම් සහ පහත යෑම් ඇත, නමුත් ඔවුන් සති ගණනාවක් පුරා එක් පේළියක් ඔස්සේ ගමන් කර ඇති අතර, ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීම සඳහා නිෂ්ශිත මාර්ගය නොදැන සිටියි.
    ඉහත දක්වා ඇත්තේ උපමාවකි. එහෙත්, බිට්කොයින් හි මිල $3,900 වටා ගමන් කරන ඇති බව සත්‍යයකි. තුන්වන සතියටත් උපරිම විචලතාව පොයින්ට් 200-300 ඉක්මවුයේ නැත. ඇතැම් විද්වතුන්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම තත්වය සමුච්චිත අවධියේ අවසානය සහ කුණාටුවට පෙරාතුව බවයි. නමුත් කුණාටුවක් ලෙස සලකනු ලබන්නේ කුමක් ද?
    අනාවැකි පල කර ඇති පරිදි, BTC/USD යුගලය පසුගිය සතියේ $3,850-4,050 ක කලාපය තුල ගමන් කළේය. එතීරියම් (ETH/USD) සහ ලයිට්කොයින් (LTC/USD) එවැනිම වූ විචල්‍යතාවයක් පෙන්නුම් කළේය. නමුත් රිපල් (XRP/USD) පමණක් විශාල නැගීම් සහ බැසීම් පෙන්නුම් කල ද සතිය අවසාන වන විට යුගලය සන්සුන් වී නැවත සාමාන්‍ය තත්වයට පත් විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. එක් අතකින්, ඇමරිකානු දල දේශීය නිෂ්පාදිතයෙහි මන්දගාමීත්වය හා යුරෝ කලාපයේ ආර්ථික ප්‍රකෘතිමත් වීම මගින් යුරෝපීය මුදලට වැසි සැලසෙනු ඇත. අනික් අතට යුරෝපීය සංගමයට එරෙහිව ආර්ථික යුද්ධයක් සඳහා ට්‍රම්ප්ගේ තර්ජන යුරෝපයේ අනාගතය පිලිබඳව අනතුරු ඇඟවීමක් කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ විශේෂඥයින් (65%) විශ්වාස කරන්නේ මෙම යුගලය 1.1215-1.1570 පරාසය තුළ සමබරව පවත්වා ගෙන යනු ඇති බවයි. ඒ සමග ම බ්‍රික්ස්ට් පිළිබඳ ධනාත්මක තොරතුරු මෙම කලාපයේ ඉහල අගය දක්වා ගමන් කිරීමට සිය දායකත්වය ලබා දෙනු ඇත. ආසන්නතම ඉලක්කය 1.1400 වනු ඇති අතර මීළඟට තවත් පොයින්ට් 100 ක් ඉහලට වේ.
    මාර්තු 20 වෙනි බදාදා, එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් හි පොලී අනුපාත තීරනය හා ආයතනයේ ප්‍රධානියා වන ජෙරම් පවල්ගේ සම්ප්‍රදායික මාධ්‍ය සාකච්චාව පිලිබඳ අවධානය යොමු කල යුතුය. පළමුවන නිකුතුව මගින් කිසිදු පුදුම සහගත බලාපොරොත්තුවක් නොතිබෙනු ඇති අතර, මේ වන විට එම අනුපාතය වෙනස් නොවී ඇත. විද්වතුන්ගෙන් බොහෝ දෙනෙක් (60%) එහි ඊළඟ වැඩි වීම ඇති වනු ඇත්තේ සැප්තැම්බර් හෝ ඊට පසුව පමනක් බව විශ්වාස කරති. එහෙත් පවෙල්ට මෙම අනාවැකි තමන්ගේ කතා වලට අනුව සකස් කළ හැකිය. එවිට යුගලය කලාපයේ පහත මායිම වන 1.1215 බිඳ දැමීමටත්, මාර්තු 7 වන දිනට අවම අගය වූ 1.1175 දක්වාත් ආපසු යා හැකිය. විශේෂඥයින්ගෙන් 15% ක් විශ්වාස කරන්නේ යුගලය මාර්තු-අප්‍රේල් මාසයේ දී 1.1000-1.1100 කලාපය තුල පවතිනු ඇති බවය;

2019 මාර්තු 18 සිට 22 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මාර්තු 19 වෙනි අඟහරුවාදා සහ 20 වෙනි බදාදා, එක්සත් රාජධානියේ සාර්ව ආර්ථික දත්ත කාණ්ඩ 20 ක් ප්‍රකාශයට පත් කරන අතර 21 වන බ්‍රහස්පතින්දා, පොලී අනුපාතිකය මත එංගලන්ත බැංකු තීරණය ප්‍රකාශ කරනු ඇත. එහෙත් මෙම සිද්ධීන් සියල්ලම බ්‍රික්ස්ට් හි ඊලඟ පරිච්ඡේදයට සාපේක්ෂව අඩු වටිනාකමක් ඇති පුවත් වේ. යුරෝපීය සංගමය සමග ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තවත් ඡන්දයක් ලබන 20 වනදා පැවැත්වෙනු ඇති අතර, එමගින් මෙම යුගලයෙහි විචලනය වැඩි කිරීමට හේතු වනු ඇත.
    පසුගිය ජූනි මාසයේ සිට ආරම්භ වූ 1.3300 කලාපයේ පසුගිය සතියේ මෙම යුගලය අවසන් විය. මෙම කලාපය සහාය ලබා දෙන මට්ටමක් වනු ඇත්ද යන්න තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ රැස්වීමෙන් පසු සහ ඊළඟ දින එංගලන්ත මහ බැංකුව වෙතින් ලැබෙන සංඥා මත වේ. විශ්ලේෂකයින්ගෙන් 70% ක්, ප්‍රවණතා දර්ශක 90% ක් හා දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් වලට අනුව යුගලය 1.3470 මට්ටම දක්වා ඉහළ නැගිය හැකිය. මීළග ඉලක්කය 1.3600 වේ.
    වෙනත් දෘෂ්ටි කෝණයකට අනුව විශේෂඥයන් 30% ක ගේ මතයට අනුව, පවුම දැනටමත් එහි ශක්යතාවය අවසන් කර ඇති අතර, යුගලය 1.2960-1.3300 කලාපයේ සමාන්තර චලනයක් පෙන්වනු ඇත. ආධාරක/ප්‍රතිරෝධතා මට්ටම් 1.3080 සහ 1.3200 වේ;
  • USD/JPY. මෙම යුගල සඳහා මූලික අනාවැකිය එලෙසම පවතිනු ඇත: විශ්ලේෂකයින් 75% ක ප්‍රමාණයක් යුගලය ඉහළ යන බව විශ්වාස කරයි. මෙම යුගලය 112.00 අභිබවා ගිය පසු එය 112.25-113.70 කලාපය තුල සමාන්තර චලනයක් අපේක්ෂා කරයි. නොවැම්බර්-දෙසැම්බර් කාලය තුල පැවතියාක් මෙන්.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් උකහා ගන්නා ලද අනාවැකිය වඩාත් දුර්වල වේ: 111.35-112.70 කලාපය තුල සමන්තර චලනයක් පෙන්නුම් කරයි.
    දර්ශක සඳහා, ඔවුන්ගෙන් 70% ක් පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙවර්ගයම මත හරිත වර්ණ ගැන් වී ඇති අතර 20% ක් අළු එනම් මධ්‍යස්ත හා 10% රතු පැහැති වේ.
    ප්‍රවනතාවය ආපසු හැරවීමක දී ආධාරක මට්ටම් 109.10, 110.25 සහ 110.75 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. ඔබ බිට්කොයින් ප්‍රස්ථාරය දෙස බැලුවහොත්, තවත් ව්‍යසනයක් ගැන ඔබට නරක හැඟීමක් ඇතිවනු ඇත. 2018 ජූලි මැද භාගයේ සිට නොවැම්බර් මැද භාගය දක්වා බලන්න: විචල්‍යතාවය ක්‍රමයෙන් අඩුවීම, ස්ථාවරත්වය, සන්සුන්තාවය. එහි ප්‍රතිඵලයක් ලෙස... 45% කින් පමණ අවප්‍රමාණ වීම එනම් $6,500 සිට $3,660 දක්වා වන බව දැක ගත හැකි වේ.
    දැන් නොවැම්බර් මස මැද සිට අද දක්වා කාලය දෙස බලන්න. ඇත්තෙන්ම ඔබ දකිනු ඇත්තේ ඒ හා සමාන ප්‍රස්ථාරයකි: විචල්‍යතාවය ක්‍රමයෙන් අඩුවීම, ස්ථාවරත්වය, සන්සුන්තාවය. එහෙත් ප්‍රතිඵලය වනු ඇත්තේ කුමක්දැයි තවමත් නොදනී. ක්‍රිප්ටෝ වෙළඳපොල යනු අනපේක්ෂිතත්වය මානව පෙන්නුම් කරන්නකි. විශේෂඥයින්ගෙන් 70% ක් BTC/USD යුගලය $3,000 මට්ටමෙන් පහතට වැටීම සඳහා සහය ලබා දෙයි.
    නුදුරු අනාගතයේ දී, අනාවැකියට අනුව, එය තවමත් නොවෙනස්ව පවතී: බොහෝ විට, යුගලය $3,900 වටා එක් දිශාවකට හෝ අනෙක් දිශාවකට පොයින්ට් 200-300 කින් චලනය විය හැකිය. NordFX තැරැව්කාර සමාගම විසින් සපයන ලද වෙළඳ තත්වයන් මගින් ක්‍රිප්ටෝ මුදල් හි සුළු උච්චාවචනයන්ගෙන් පවා ලාභ ලබා ගත හැකි බව සැලකිල්ලට ගත යුතුය. එමගින් ක්‍රිප්ටෝ මුදල් වෙළදාම සඳහා සපයන MT4 සහ MT5 වේදිකාවන් වෙළෙඳුන්ට හුරුපුරුදු වන අතර අවම කොමිස් මුදලක් ය කෙරේ. එමෙන්ම MT5 මත $100 කිනුත්  MT4 මත $300 ක අවම මුදලක් යටතේ බිට්කොයින් 1 ක ප්‍රමාණයක (ලොට් 1) මිලදී ගැනීම් හෝ විකිණීමේ වෙළදාමක් විවෘත කල හැකිය.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න