2019 February 17

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. පසුගිය සතියේ මෙම යුගලයේ ගමන් මග පිළිබඳ නිශ්චිත මතයක් ඉදිරිපත් කිරීමට විශේෂඥයින්ට නොහැකි විය. බ්‍රික්ස්ට් සහ එක්සත් ජනපද-චීන සාකච්ඡාවල අපහදිලිතාවය ඊට හේතු විය. ඊට අමතරව, විශ්ලේෂකයෝ, ජර්මනියේ සහ යුරෝපීය සංගමයේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් වීමත්, එක්සත් ජනපදයේ උද්ධමනය හා සිල්ලර වෙළඳාම් දත්ත පිළිබඳවත් බලා සිටියහ. යුරෝපයේ 1.2% ක අපේක්ෂිත වර්ධනයක් සහ ජර්මනිය 0.2% කින් (-0.2% සිට 0.0% දක්වා) ඉහළ යෑමක් පෙන්නුම් කරන්නේ නම් එය ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳපොල වෙත ප්‍රබල අනතුරු හැඟවීමක් විය. සිල්ලර වෙළඳාම 1.2% කින් අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ දර්ශකය මාස දෙකක ඉහල යෑමේ උපරිම අගයෙන් ඈත් විය.
    ඩොලරය, යුරෝපීය මුදල්වලට එරෙහිව වර්ධනය වීම නතර කර තිබේ. කෙසේ වෙතත්, සමස්ත දින පහේ සතියේ ප්‍රතිඵල සාරාංශගත කළහොත්, ජයග්‍රහණය තවමත් "ඇමෙරිකන් ඩොලරය" සමග රැඳී සිට ඇත: 1.1320 මට්ටමේ සිට සතිය ආරම්භ වූ අතර යුගල 1.1295 මට්ටමේ දී සතිය අවසන් කළේය;
  • GBP/USD. තුන්වන සතියටත් පවුම් පහත ගියේය. රටේ ආර්ථිකයේ මන්දගාමීත්වය, බ්‍රික්ස්ට් සමග සම්බන්ධ වූ ගැටළු, දුර්වල සාර්ව ආර්ථික දර්ශක ආදිය එයට හේතු වී ඇත. පෙර කාර්තුවට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිතය 0.6% සිට 0.2% දක්වා ද පහත වැටී ඇත. පාරිභෝගික මිල දර්ශකය 0.3% කින් පහත වැටිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය බ්‍රහස්පතින්දා සතියේ අවම අගය ලෙස1.2770 ක වාර්තා කළේය.
    ඉන්පසුව එක්සත් ජනපද ආර්ථිකය පිලිබඳ සංඛ්යාලේඛන ප්‍රකාශයට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බ්‍රිතාන්‍ය පවුම, ඩොලර් වෙතින් පොයින්ට් 115 ක් ආපසු ලබා ගත් අතර 1.2885 ට පැමිණ සතිය අවසන් කළේය;
  • USD/JPY. සතියේ පළමු භාගය පුරාම ජපන් මුදල් අවප්‍රමාණ වූ අතර යුගලය 111.12 අගයට ලඟා විය. එහෙත්, පසුව, එක්සත් ජනපදයේ දුර්වල ආර්ථික දත්ත නිසා කොටස් වෙළඳපළේ වැටීමේ පසුබිම සහ එක්සත් ජනපද-චීන සාකච්ඡාව නැවතත් ඇන හිටීම නිසා යුගලයේ දිශාව දකුණු දෙසට වෙනස් විය. අවදානම රහිත ආයෝඡන සඳහා ඉල්ලුම වැඩි වීම නිසා යුගලය 110.25 මට්ටමට අඩු වූ නමුත් පසුව නිවැරදි කිරීම අනුගමනය කළ අතර යුගලය වූයේ 110.45 හි දී සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ, $3,800 ක උසකට බිට්කොයින්ට පැමිණිය හැකිද යන්න වූ ගැටලුවට පිළිතුරු ලෙස, මෙම යුගලය 2018 නොවැම්බර් අවසානයේ ආරම්භ වූ සති 11 ක එනම් මධ්‍ය අගය වෙත ආපසු පැමින ඇති බව දැක ගත හැකිය. අපි නිවැරදි විය: යුගලය, $3,630-3,750 ක ඉතා පටු කලාපය තුල 12 වන සතියේ දී ත් දැකගත හැකි විය.
    ක්‍රිප්ටෝ වෙළඳපොලේ මුළු ප්‍රාග්ධනීකරණයද නොවෙනස්ව පවතී. එය පෙබරවාරි 9 සිකුරාදා දිනට ඩොලර් බිලියන 121.78 ක් විය. එය දින 7 කට පසු ඩොලර් බිලියන 120.16 ක් විය. බිට්කොයින් වලට සාපේක්ෂව අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගලයන් තරමක් වැඩි විචලනයක් පෙන්නුම් කර ඇත. උදාහරණයක් වශයෙන්, ලයිට්කොයින් (LTC/USD) උච්චාවචනය 15% ක් සහ රිපල් (XRP/USD) 7% ක් පමණ විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. යුරෝපයේ ආර්ථික අවපාතය එක් පැත්තක ඇති අතර අනෙක් පැත්තේ ක්සත් ජනපදයේ කොටස් දර්ශක හා වෙලඳ යුද්ධ දක්නට ලැබෙයි. ජේපී මෝර්ගන් සහ සාර්ව ආර්ථික උපදේශකයින් එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඔවුන්ගේ අනාවැකි අවම කර ඇත. බෆා මෙරිල් ලින්ච් සහ බ්ලූම්බර්ග් යුරෝ කලාපය පිලිබඳ සිය අනාවැකි ඉදිරිපත් කරයි. ජර්මනියේ ද.දේ.නි. හි ශුන්‍ය වර්ධනය තාවකාලික සාධකයක් වන අතර, මෘදු බ්රෙක්සිට් සහ චීන ආර්ථිකයේ වැඩිදියුණු කිරීම්වලදී ජර්මනිය, යුරෝපයේ සෙසු රටවල් සමග තිරසාර ආර්ථික වර්ධනයක් කරා හැරෙනු ඇත. 70% ක් වන විද්වතුන් සහ දවසේ කාලරාමුව මත දර්ශක ඩොලරය ශක්තිමත් කිරීමක් අපේක්ෂා කරන අතර EUR/USD යුගලයේ පහතයාමක් වනු ඇති බව විශ්වාස කරයි. ක්‍ෂණික ඉලක්කය 1.1200 කි. ආධාරක අගය 1.1085-1.1115 කලාපයේ පිහිටා ඇත.
    ප්‍රතිවිරුද්ධ මතයට අනුව විශ්ලේෂකයින්ගෙන් 30% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් විශ්වාස කරනුයේ එක්සත් ජනපද ආර්ථිකයේ ගැටලු නිසා නුදුරු අනාගතයේ දී ඩොලරය වෙත ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවයි. මෙම අවස්ථාවෙහිදී, යුගලය මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපයේ සීමාවන්ට පැමිණෙනු ඇති අතර පසුව, ප්‍රථමයෙන් එහි මධ්‍යටත් ඉන් පසුව එම කලාපයේ ඉහල සීමාවන් දක්වාත් ඉහල යනු ඇත;   
  • GBP/USD. ඉදිරි සතිය සඳහා මෙම යුගලයේ අනාවැකිය EUR/USD යුගල සඳහා අනාවැකියට සමාන වේ. මෙහි දී විශේෂඥයන්ගෙන් 70% ක් ද, දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් සහ ප්‍රවණතා දර්ශක 90% ක් ද, යුගලයේ පහත වැටීම අපේක්ෂා කරන අතර, විශේෂඥයන් ඉතිරි 30% සහ ග්‍රැෆික් විශ්ලේෂණය යුගලයේ වර්ධනයක් අපේක්ෂා කරයි. ආධාරක මට්ටම් 1.2830, 1.2715, 1.2655 වේ. ප්‍රතිරෝධී මට්ටම් 1.2925, 1.3000 සහ 1.3065 වේ;

2019 පෙබරවාරි 18 සිට 22 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. යුරෝවට හා පවුමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය යහපත් වේ නම්, 'යෙන්' සමග තත්වය ගැන කිව නොහැකිය. අයහපත් වන ගෝලීය ආර්ථික තත්වයන් හමුවේ වුවද ජපාන මුදල් ආයෝජනයට සුදුසු සුරක්ෂිත ස්ථානයක් ලෙස තවදුරටත් පැවතිය හැකිය. එමෙන්ම අවදානම් ද අඩු වේ. නුදුරු අනාගතය ගැන සැලකීමේදී විශේෂඥයන්ගේ මතය සමානව බෙදී ඇති නමුත් මාසික අනාවැකිය පිලිබඳ විමසීමේදී විශ්ලේෂකයින්ගෙන් 65% ක් යෙන් ශක්තිමත් කිරීම සඳහා සහය දෙයි. යුගලය සඳහා ආධාරක මට්ටම් 110.00, 109.60, 109.10, 108.50 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 110.65, 111. 25, 112.30, 113.70 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. විශ්ලේෂකයින් පවසන පරිදි, බිට්කොයින් $3,800 දක්වා ගමන් කිරීම සඳහා වන මූලික සාධක කිසිවක් නැත. එම නිසා බොහෝ විට, ඉහළයාමක් දැකගත නොහැකි වනු ඇත. විශේෂඥයින්ගෙන් 65% ක් විශ්වාස කරන්නේ BTC/USD යුගලයේ චලනයන් $ 3,000 දක්වා ක්‍රමයෙන් අඩු වීමක් සමගින් $3,500-3,300 කලාපය තුල සිදු වනු ඇති බවයි. විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 35% ක් ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරයි. ඊට අනුව මෙම යුගලය අවම වශයෙන් යම් කාලයක් සඳහා $4000 ක් දක්වා ඉහළ නැගීමක් අපේක්ෂා කළ හැකිය.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න