2019 February 2

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. පොදුවේ, සතියේ කිසිදු පුදුමයක් නොතිබුණි. FOMC රැස්වීමේදී අනුපාතය ඉහළ නැංවීම කිසිවෙකු අපේක්ෂා නොකලේ ය. එහෙත් 2019 සැලසුම් සඳහා ෆෙඩරල් කළමණාකරණයේ අදහස් පිලිබඳව ආයෝජකයින් කනස්සල්ලට පත්ව සිටියේය. නිශ්චිත පොරොන්දු වෙනුවට නියාමකයා ප්‍රකාශ කළේ, තවදුරටත් අනුපාත ඉහල දැමීමට තීරණය කිරීම ගෝලීය ආර්ථික සාධක පිළිබඳ සැලකිල්ලට ගෙන කටයුතු කලයුතු බව හා අතිශයින් සමබර විය යුතු බවය. මේ අනුව, අස්ථාවරත්වය, ඩොලරයේ තියුනු විකුනා දැමීමකට හේතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුගලය මධ්‍ය නාලිකාවේ ඉහළ සීමාව දක්වා ඉහළ ගියේය, 1.1300-1.1500. කෙසේ වෙතත්, එම තත්ත්වය පසුව සන්සුන් විය. පසුව යුගලය දකුණු දෙසට හැරී ගියේය.
    තවත් අපේක්ෂිත සිදුවීමක් වූයේ පෙබරවාරි 1 වන සිකුරාදා එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ දත්ත ප්‍රකාශයට පත් කිරීමයි. සංඛ්යා ලේඛන අතිශයින්ම ධනාත්මක විය. මේ අනුව, පෙර මාසයට සාපේක්ෂව NFP විසින් 37% කින් (222K සිට 304K දක්වා) වර්ධනය වූ අතර ISM ව්‍යාපාරික ක්‍රියාකාරකම් දර්ශකය 54.3 සිට 56.6 දක්වා ඉහළ ගියේය. එහෙත්, පසුගිය සමාලෝචනයේ දී අප සඳහන් කල පරිදි, නිල ප්‍රකාශයට බොහෝ කලකට පෙර මෙම තොරතුරු ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශක ලැරි විසින් පිට කළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස වෙලඳපොල ප්‍රතික්‍රියාව සීමා විරහිත උච්චාවචනයන් කරා සීමා වූ අතර එය පොයින්ට් 40 ක් විය. ඉන්පසුව සතිය අවසානයේදී යුගලය 1.1455 දක්වා පැමිණ සිටියේය;
  • GBP/USD. බ්‍රික්ස්ට් සම්බන්දව එංගලන්ත පාර්ලිමේන්තුවේ ඊළඟ රැස්වීම, යුරෝපීය සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියකට කිසිදු පැහැදිලීමක් එකතු කර නැත. එහි ප්‍රතිඵලයක් ලෙස සතියේ පළමු භාගයේදී පොයින්ට්160 ක් පමණ අහිමි වූ අතර, පසුව එය 1.3050-1.3150 කලාපයට ගමන් කරමින් 1.3075 මට්ටමට පැමිණ සතිය අවසන් කළේය;
  • USD/JPY. ඉතිරි ඩොලර් යුගල මෙන් USD/JPY, ෆෙඩරල් අදහසට ප්‍රතිචාර දක්වමින් 108.50 දක්වා පහල ගියේය. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත ප්‍රයෝජනයට ගනිමින් ඩොලරය ලැබූ පාඩුව නැවත ලබාගෙන තිබිණි. යුගලය, සතිය ආරම්භයේ පැවති අගයටම එනම් 109.50 දක්වා පැමිණ සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය අනවැකියෙන් සඳහන් කරන ලද්දේ ප්‍රධාන කොයින් සමාන්තර චලනයක් පෙන්නුම් කරනු ඇති බවත් නිරන්තරයෙන් ම පහතයාම සඳහා වූ පීඩනය අත්විඳිනු ඇති බවත්ය. විශේෂඥයින්ගෙන් 70% ක්ම විශ්වාස කලේ බිට්කොයින් අවසානයේ එවැනි පීඩනයකට පත්වන බවත්ය. පසුගිය සතියේ එම අපේක්ෂාවන් වල වලංගු භාවය තහවුරු විය. පෙබරවාරි 29 වෙනි අඟහරුවාදා සතියේ අවම අගය වශයෙන් $3,425 ක් සටහන් කළේය. ඉන් අනතුරුව නැවතත් යුගලය $3,500 ක් ලෙස දැකගත හැකි විය. සමස්තයක් ලෙසින් ක්‍රිප්ටෝ වෙළඳපොලේ ප්‍රාග්ධනීකරණය සතියක් පුරා 5.5% කින් "වියළී" ගිය අතර එය ඩොලර් බිලියන 113.6 විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. චීනය සමග වෙලඳ ගනුදෙනුවකට බලාපොරොත්තුවක් තිබෙන බව පෙනී යයි. ජනවාරි 31 දා මෙම මාතෘකාව පිළිබඳ තවත් සාකච්ඡා වටයක් වොෂින්ටනයේ දී අවසන් විය. සාකච්ඡාවේ ප්‍රගතිය උදෙසා දෙපාර්ශවයම විශාල උත්සාහයක් දැරූ බව විශ්ලේෂකයෝ පවසති. ජනාධිපති ට්‍රම්ප්ට ධනාත්මක කරුණක් සඳහා දැඩි අවශ්‍යතාවක් ඇති බැවින්, ඇමරිකානුවන්ගේ සාකච්ජා සාර්ථකත්වයට පත්වනු ඇති බවක් පෙන්නුම් කර ඇත. කෙසේවෙතත්, හුවාවී සමාගමට එරෙහිව ඇමරිකානුවන් විසින් ඉදිරිපත් කරන ලද විවේචන සහ චෝදනා ඒ සඳහා බාධාවක් වීය. ඊළඟ වටයේ සාකච්ඡා පෙබරවාරි මැද භාගයේ බීජිංහි පැවැත්වීමට නියමිතය.    
    ඉහත සඳහන් කළ තොරතුරු පරිදි, පොලී අනුපාතයේ තවත් වැඩි වීමක් පිලිබඳ සැකයක් ඇති විය. මධ්‍ය කාලීනව විශ්ලේෂකයින්ගෙන් 60% ක් ඩොලරය ශක්තිමත් කිරීමක් වනු ඇතැයි අපේක්ෂා කරයි. මේ සතියේ බහුතරය (70%) යුරෝවට සහය ලබා දී තිබේ. ඔවුන්ගේ මතයට, දවසේ කාලරාමුව මත විශ්ලේෂක සහ ප්‍රවණතා දර්ශකයන්ගෙන් ආසන්න වශයෙන් 80% ක් සහයෝගය දක්වන අතර EUR/USD නැවත වරක් මධ්‍ය-කාලීන 1.1300-1.1500 කලාපයට පැමිණෙනු ඇති අතර 1.1500-1.1570 ඉහළ සීමාව හරහා බිඳී යාමට උත්සාහ කරයි. මීළඟ ඉලක්කය 1.1625 වේ.
    වෙනත් මතයකට, විශේෂඥයන් 30% ක්, පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ 20% ක් වන ඔස්කිලේටර් සඳහා ලබාදී ඇති අතර එමඟින් යුගලයේ මිලදී ගැනීම් වැඩි වන බවට පෙන්නුම් කරයි. මෙම තත්වයේදී, 1.1500 ක ප්‍රධාන මට්ටම බිඳවැටීමට අසමත් වන අතර යුගලය 1.1400-1.1500 කලාපය තුල පිහිටා ඇත. ඩොලරය සඳහා ධනාත්මක ප්‍රවෘත්තියක් තිබේ නම්, එය 1.1300 හි දක්වා ගමන් කිරීමට උත්සාහ කරනු ඇත;
  • GBP/USD. පෙබරවාරි 07 වන බ්‍රහස්පතින්දා එංගලන්ත මහ බැංකුවේ තීරුබදු අනුපාතය 0.75% මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත. ආයෝජකයන්ට බ්‍රික්ස්ට් හි තත්ත්වය ගැන වඩා සැලකිලිමත් වන නමුත් මෙහි පැහැදිලිකමක් නොමැත. එපමනක් නොව, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම නැවත වරක් වර්ධනය වීමට පටන් ගෙන තිබේ. විශ්ලේෂකයින්ගෙන් 65% ක් පළමුව 1.2930 මට්ටමට පහළ බැසීමක් සිදු වන අතර ඉන්පසු තවත් පොයින්ට් 100 ක් පහත වැටෙනු ඇත.
    දර්ශකයන් සඳහා, ඔවුන්ගෙන් 40% ක් පැය හතරේ කාලරාමුව මත රතු පාට වර්ණ ගැන් වී ඇත. 40% කොළ පැහැයෙන් හා 20% අළු පැහැයක් ගෙන ඇත. දවසේ කාලරාමුවෙහි වර්ණය බොහොමයක් කොළ වර්ණය ගෙන ඇත. 60% හා 30% රතු සහ 10% අළු. ආසන්නතම ප්‍රතිරෝධය 1.3215, 1.3250 සහ 1.3300;
  • USD/JPY. නුදුරු අනාගතයේ දී මෙම යුගලයෙන් ඇතැම් පුදුමයන් අපේක්ෂා කළ හැකි ය. ඊට හේතුව පෙරදිග නව අවුරුදු උදාව වේ. සාම්ප්‍රදායිකව මෙම කාලයට මූල්‍යමය ප්‍රතිඵල සාරාංශගත කිරීම පමණක් නොව, ජපන් බැංකුව විසින් මෙම වකවානුවේදී වසර ගණනාවක් තිස්සේ විශාල මුදලක් මිලදී ගැනීම සහ විකිණීම ආරම්භ කිරීම සිදු වේ. බොහෝ විශ්ලේෂකයින් (70%), දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයෙන් සහය දක්වන අතර, යුගලය මුලින්ම 108.00-108.55 දක්වා පහත වැටෙනු ඇත, පසුව නැවතත් 110.00 ට ආපසු පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ සමග ම 60% ක් පමණ විද්වතුන් විශ්වාස කරන්නේ එය එතකින් නොනැවතී මසක් ඇතුලත 111.70 මට්ටමේ ප්‍රතිරෝධයක් දිනා ගත හැකි වනු ඇති බවයි;

2019 පෙබරවාරි 04 සිට 08 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. විශේෂඥයින් හා ආයෝජකයින් දැන් කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය. පළමු කණ්ඩායම විශ්වාස කරන්නේ වර්තමාන සන්සුන් තත්වය කුණාටුවකට පෙරාතුව පවතින්නක් බවයි. දෙවෙනි කණ්ඩායම විශ්වාස කරන්නේ එය ඊටත් වඩා සන්සුන් පෙර නිමිත්තක් බවයි. කොයින් ලිස්ට් ක්‍රිප්ටෝ හුවමාරුවෙහි ප්‍රධානී ඇන්ඩි බෘම්බර්ග්, අවසාන කණ්ඩායම සමඟ එකඟත්වයට පැමින ඇති අතර, යාහූ ෆයිනෑන්ස් හි පැවති සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටියේ, අවශ්ය සියලු උපකරණ දැනටමත් නිර්මානය කර ඇති අතර වෙලඳපොලවල තත්වය මත නොව, වෙලඳපොලෙහි නවෝත්පාදන හා නිෂ්පාදන සංවර්ධනය මත සන්සුන් වනු ඇති බවයි.
    සර්කල් රිචර්ස් වාර්තාවට අනුව, ඩිජිටල් මුදල් සෘජු ආයෝජනය වසරකට 8.5 ගුණයකින් අඩු වී ඇති අතර, බ්ලොක්චේන් සමාගම්වල ආයෝජනය, 3 ගුණයකින් වැඩි වී ඩොලර් බිලියන 5 ඉක්මවා ඇත.
    ඊලඟ සති කිහිපය සඳහා වන අනාවැකිය අනුව, විශේෂඥයන්ගෙන් 70% ක් තවමත් විශ්වාස කරන්නේ බිට්කොයින් 2018 වසරේ අවම අගය වූ $3,200-3,250 ක කලාපය දක්වා පහත වැටෙනු ඇති අතර පසුව $2,400 කට පහත යන බවය. ඉතිරි විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 30% කෙටි කාලීන වර්ධනයක් අපේක්ෂා නොකරයි. BTC/USD යුගලය ඩොලර් 3,700-3,850 දක්වා වැඩි විය හැකි අතර සමහරවිට ඊට වඩා $4.215 වැඩි වනු ඇත.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited. Trading in financial markets is risky and can lead to a complete loss of deposited funds.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න