2019 ජනවාරි 19

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. එක් අනුමානයකට අනුව යුගලය මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපය කරා ආපසු යන අතර එහි මධ්‍ය අගය ප්‍රධාන ඉලක්කය ලෙස හැඳින්වීය. යුගලය ශක්තිමත් වන අනුමානය එය විය. ජනවාරි 15 වන අඟහරුවාදා උදේ එය 1.1400 සීමාව කරා ළඟා වූ අතර පසුව සති අන්තය දක්වා එම අගය තුල තරමක් පටු සීමාවක් තුළ උච්චාවචනය විය. ඒ සමගම, යුගලය යම් පීඩනයකට ලක් විය. එමගින් පහතයාම සඳහා අවස්ථාවක් හිමි වූ අතර සතියේ දින පහ අවසාන වන විට යුගලය 1.1360 දක්වා පහත බසින ලදී.
    යුරෝව හේතු කීපයක් නිසා අවප්‍රමාණ විය: යුරෝ කලාපයේ දුර්වල ආර්ථික දර්ශක (ප්‍රථමයෙන්ම ජර්මනිය) සහ අපනයන හැකියාවේ පිරිහීම සහ බ්‍රික්ස්ට් සමග අස්ථාවර තත්වයක් පෙන්නුම් කිරීම. ඒ සමගම, බ්‍රිතාන්‍ය පවුම ඉහල දැමීම සඳහා ක්‍රියාකාරී මැදිහත් වීමක් මෑතදී සිදුවෙමින් තිබේ, නමුත් එය යුරෝපීය මුදල්වලට ප්‍රයෝජනවත් වූයේ නැත;
  • GBP/USD. යුරෝපීය සංගමයෙන් එක්සත් රාජධානියේ ඉවත්වීම හා දෙවන ජනමත විචාරණයක හැකියාව පිලිබඳ කතා කිරීමේ පසුබිම හමුවේ, අගමැති තෙරේසා මේ බ්‍රික්ස්ට් ඡන්දයේදී පරාජය වීමෙන් පසු පවුම ඉහළ දැමීමේ උත්සාහය හොඳින් දැකිය හැකි විය, EUR/GBP සහ GBP/CHF. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පවුම අඟහරුවාදා 1,2667 වූ අතර එය බ්‍රහස්පතින්දා වන විට පොයින්ට් 330 ට වඩා වැඩි සංඛ්‍යාවකින් ඉහළ යාමට හැකි විය. එනම් 1.3000 සුවිශේෂී උසකට ලඟා විය. ඉන් පසුව, නැවතත් ශක්තිමත් ප්‍රතිස්ථාපනයක් අනුගමනය කළ අතර, යුගලය 1.2870 කලාපයේ,සතිය ආරම්භ වූ ස්ථානයේ දී ම සතියේ අවසන් කළේය;
  • USD/JPY. 'යෙන්' මුදලට ආයෝඡනය ආකර්ශනය කර ගැනීම හා ආයෝජකයින් උනන්දුවක් දක්වන නමුත්, වඩාත් ආයෝඡනීය ආයෝඡන ගනනාවක් සතියකට පෙර ඉස්මතු විය. එහි ප්‍රතිපලයක් වශයෙන්, යුගයේ මිල ඉහළ ගිය අතර, සතිය අවසානයේදී ඩොලරය සඳහා දැනටමත් 'යෙන්' 109.76 ක් ගෙවා ඇත;
  • ක්‍රිප්ටෝ මුදල්. "ක්‍රිප්ටෝ පෙරමුනේ සියල්ල නිහඬය" ධනාත්මක ප්‍රවෘත්ති අතර, තායිලන්ත කොටස් හුවමාරුවේ, ඩිජිටල් වත්කම් සමඟ මෙහෙයුම් සඳහා බලපත්‍ර ලබා ගැනීම සඳහා සැලසුමක් වීම වැදගත් විය. කෙසේ වුවද, මෙම වැඩසටහනේ කාලසීමාව තවමත් හඳුනාගෙන නැත. එතීරියම් ජාලය, කොන්ස්තන්තිනෝපල් හි ප්‍රහාරයෙන් පසු එහි ඇති දුර්වලතා තුරන් කිරීම තෙක් කල් පවතින ලෙස කල් දමා ඇත. පොදුවේ, අවිනිශ්චිතතාවයක් ඇත. Gate.io හුවමාරුවේ සිට සොරකම් කරන ලද ETC ටෝකන පවා ඔවුන්ගේ ප්‍රහාර සඳහා හේතුව පැහැදිලි නොකොට ප්‍රහාරකයන් විසින් නැවත ලබා දී ඇත.
    මෙම අපැහැදිලි ප්‍රවෘත්ති පසුබිම මත, BTC/USD යුගලය සමාන්තර ගමන් කිරීමක් පෙන්නුම් කර ඇත. ඒ සමග ම, බදාදා සිට ආරම්භ වන එහි උච්චාවචනයන් දිගින් දිගටම අඩුවෙමින් පවතී. බිට්කොයින්ල අනුගමනය කරමින් ලයිට්කොයින්, රිපල් සහ අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් සමාන්තර චලනයක් වෙත යොමු විය. තම අහිමි වීම් නැවත ලබා ගැනීමට එතීරියම්ට හැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දින 7 ක කාලය තුල ETH/USD හි පහතයාම 5% පමණක් විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. යුරෝපීය මුදල් සම්බන්ධ ප්‍රධාන ආයෝජකයින්ගේ අවධානය ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, යුරෝපයේ සෑම දෙයක්ම නරක නැත. අඩු යුරෝ විනිමය අනුපාතිකය හේතුවෙන් PMI ක්‍රියාකාරී දර්ශකය තවදුරටත් පහත වැටේ. බොහෝ සාධක මගින් යුරෝ කලාපීය ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි යොමු කරයි. මීට අමතරව, වෙළඳපළ අපේක්ෂා කරන, ඊසීබී පොලී අනුපාත වැඩිවීම 2019 මුල් භාගයේ දී බලාපොරොත්තු වේ. එක්සත් ජනපද ඩොලරය සම්බන්ධයෙන්, මෙහි දී, ආසන්න අවස්ථාවේ තවත් අනුපාත වැඩි වීමක් ප්‍රායෝගිකව අපේක්ෂා නොකෙරේ. ආර්ථිකයේ දුර්වලතාවය ද ගැටළුවක් විය හැකිය. දේශපාලන අර්බුදය සහ රජයේ වැඩ වර්ජනය හේතුවෙන් වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය 0.5-0.75% ක පහත වැටීමකට පත් විය හැකි බව විද්වතුන් විශ්වාස කරති.
    මේ සියල්ලට අනුව, යුරෝපීය ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන විශ්ලේෂකයින්ගෙන් 45% ක් පමණ කතා කරන අතර යුගලයේ දිශාව පහතයාමේ සිට ඉහළයාම දක්වා වෙනස් වේ. ක්‍ෂණික ඉලක්කය වනුයේ 1.1450 කලාපයේ මාස දෙකක නැගීමේ නාලිකයේ මධ්ය රේඛාව වන අතර, පසුව 1.1500 හා 1.1570 මට්ටම් වේ. ඔස්කිලේටර් 15% ක් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා කරන අතර ඉහත මතය සමඟ එකඟ වේ.
    ඉතිරි ඔස්කිලේටර් 85% ක් ද, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශකයන්ගෙන් 100% ද රතු පාටින් වර්ණ ගැන්වේ. විශේෂඥයන්ගෙන් 55% ක් මෙම යුගලය තවදුරටත් පහත බසිනු ඇතැයි අපේක්ෂා කරයි. උපකාරක මට්ටම් 1.1300, 1.1270 සහ 1.1215 වේ.
    ජනවාරි 24 වන බ්‍රහස්පතින්දා පොලී අනුපාත පිළිබඳ ඊසීබී ගත් තීන්දුව සතියේ සිදුවීම් අතරින් සැලකිය යුතු සිදුවීමක් විය හැකිය. කෙසේ වෙතත්, 100% ක සම්භාවිතාවයක් අනුපාතිකය නොවෙනස්ව පැවතීමට ඇති අතර එබැවින් මෙම තීරණය යුගලයට බලපානු නොලැබේ. ඊටත් වඩා වැඩි උනන්දුවක් ඇත්තේ මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අගමැති තෙරේසාගේ කථාව වන අතර, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා ඇයගේ උප සැලැස්ම ප්‍රකාශයට පත් කළ යුතුය;

2019 ජනවාරි 21 සිට 25 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. ස්වභාවයෙන්ම, බ්‍රික්ස්ට් සමග සම්බන්ධ වූ සෑම දෙයක්ම පවුම කෙරෙහි බලපා ඇත. තවද බ්‍රිතාන්‍ය මුදල අවදානම් සහ බලාපොරොත්තු සහගත නොවන්නක් බවට පත් කල හැකි තවත් විකල්ප බොහොමයක් තිබේ.
    මැතිවරණයේ සම්භාවිතාව කුමක් ද? තෙරේසා මේ ගේ ආන්ඩුව කෝබින් ආන්ඩුවට වෙනස් වෙයිද? යුරෝපීය සංගමය සමග දැඩි "දික්කසාද" සිදුවීමක් කෙතරම් විය හැකිද? යුරෝපා සංගම් පනතේ 50 වන වගන්තියට අනුව "දික්කසාද" කාලය කල් තැබීම? නව ජනමත විචාරණයක් සඳහා යම් අවස්ථාවක් තිබේද? මෙම ජනමත විචාරණය විශාල පරිමාණයේ විරෝධතා සහ කැරැල්ලක් සඳහා හේතුවක් වනු ඇත් ද?
    ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න ... එම නිසා සම්පූර්ණ අවිනිශ්චිතතාවයක් යුරෝපිය මුදල කෙරෙහි ඇති වී තිබේ. එවන් තත්වයක් තුළ 40% ක් විද්වතුන් විශ්වාස කරන්නේ යුගලයේ වර්ධනයට හැකියාවක් ඇති බවයි. තවත් 40% ක ප්‍රමාණයක් යුගලය පහත බසිනු ඇති බවට බලාපොරොත්තු වන අතර ඉතිරි 20% වෙනස්වීම් පිලිබඳ අවධානයෙන් පසුවන අතර අවිනිශ්චිතතාවය පහව යනතුරු ප්‍රවේශම් වන ලෙස පවසයි.
    ආධාරක අගයන් 1.2800-1.2830 සහ 1.2615-1.2645 කලාප වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.2920, 1.3000 සහ 1.3070 වේ;
  • USD/JPY. බොහෝ විද්වතුන් (60%) සහ ඔස්කිලේටර් 90% ක් අනාවැකි පල කරන්නේ 'යෙන්' වර්ධනය වනු ඇති බවයි. මෙම අවස්ථාවේ දී, යුගලයට 110.30 ක උසකින් ඉහළට නැඟීමට හැකි වන අතර ඉන් පසුව තවත් පොයින්ට් 100-130 ක් ඉහළට - 2017-18 දක්වා ශක්තිමත් ආධාරක කලාපයේ එනම් 111.55 කලාපය දක්වා.
    විකල්ප මතයකට අනුව විශ්ලේෂකයින් 40% ක්  සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය යුගලය පහතට ගමන් කරනු ඇති බවට මත පල කරයි. ඔස්කිලේටර් 10% ක් යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බවට පෙන්නුම් කරයි. ප්‍රධාන ආධාරක මට්ටම් 109.00 සහ 107.75 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතිය පුරා BTC/USD යුගල ඉතා පටු $3.570-3.800 කලාපය තුල ගනුදෙනු විය. බොහෝ අවස්ථාවලදී, එවැනි තත්වයක් යනු අධික ලෙස මිල වෙනස්වීමේ පෙරනිමිත්තකි. විශ්ලේෂකයින් 45% කට අනුව යුගලය, මෙම කලාපයෙහි පහළ මායිම හරහා බිඳී යාමට උත්සාහ කරන බවත්, සාර්ථක වුවහොත් 2018 වසරේදී අවම කලාපය වූ $3,200-3,250 ක කලාපයට පැමිණීම අපේක්ෂා කෙරේ. ඊට වඩා වැඩි විද්වතුන් (55%) පිරිසක්, ඊට ප්‍රතිවිරුද්ධව යුගලය ඉහල යන බව අපේක්ෂා කරයි. එම ඉලක්කය වනු ඇත්තේ $3,850-4,215 දක්වා ඉහළ නැංවීමයි. මෙම ධනාත්මක මතය සඳහා හේතුව වන්නේ ක්‍රිප්ටෝ වෙළඳපොළෙහි ප්‍රාග්ධනීකරණයේ යම් වැඩි වීමකි. ජනවාරි 13 හා සැසඳීමේදී, එය 5% කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් බිලියන 130 කට ලඟා වී ඇත.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න