2019 ජනවාරි 6

පුදුමයන්ට හේතු වූ පළමු වැඩ කරන දිනය ඇතුලත් පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • නව වසර උදාවෙන් පසුව, ජනවාරි 2 වනදා උදෑසන වන විට EUR/USD යුගලය දකුණු දෙසට වේගයෙන් ගමන් කල අතර දවස තුල දී පොයින්ට් 200 ක් පමණ අහිමි කර ගත්තේය. කෙසේවෙතත්, සෑම දෙයක්ම ආපසු සාමාන්‍ය තත්ත්වයට පත් වූ අතර, යුගලය 2018 ඔක්තෝබර් මාසයේ මධ්‍ය අගය වූ 1.1400 වෙත ආපසු හැරී ගියේ ය. එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත හේතුවෙන් ජනවාරි 5 සිකුරාදා, ඩොලරයේ අහිමි වීම නැවත ලබා ගැනීමට උත්සහ කළ නමුත් මෙම උත්සාහය අසාර්ථක විය. මෙම සතිය අවසන් වූයේ 1.1394 අගයක දී ය.
  • 2018 වසරේ සිට 2019 වසරට එළැබෙන විට, ඩොලරයට ඇති ඉල්ලුම වැඩි වීමත් සමගින් GBP/USD ජනවාරි දෙවන දා වන විට පොයින්ට් 400ක් අහිමි කර ගත්තේය. පසුව, පසුගිය මාස දෙකෙහි ප්‍රධාන ආධාරක/ප්‍රතිරෝධී අගය වූ 1.2720 රේඛාවට ආපසු පැමිණියේය;
  • USD/JPY යුගලය සඳහා වූ අනාවැකියෙන් 'යෙන්' යනු ශක්තිමත් වන සහ ආරක්ෂිත මුදලක් වනු ඇතැයි යෝජනා කළහ. එහෙත් ජනවාරි 2 වන දිනට පැයකට පෙර ඩොලරය වෙතින් පොයින්ට් 400 ක් ආපසු ලබා ගැනීමට හැකි වනු ඇති බවක් පෙනෙන්නට තිබුනේ නැත. මෙම සිද්ධියට හේතුව වූයේ ජපානයේ ද්‍රවශීලී වත්කම් හිඟකම විය. එහෙත් ඩොලරය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කර ගත නොහැකි විය. වෙළඳාම් සතියේ අවසානයේ දී යුගලයේ අගය 108.50 ලෙස සටහන් විය;
  • ක්‍රිප්ටෝ මුදල්. ප්‍රධාන මුදල් යුගල වලට එරෙහිව බිට්කොයින් පසුගිය සතියේ දී $3,775-4,100 කලාපය තුල සමාන්තර චලනයක් පෙන්වමින් කැපී පෙනෙන ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති අතර පසුගිය සති හය තුල නැවත නැවත පැමිණි $3,955 අගයට පැමිණ ඇත. ඉහත ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල අනුගමනය කරමින් ලයිට්කොයින් (LTC/USD) ද සමාන්තර චලනයක් පෙන්වනු ලැබිය. නමුත් එතීරියම් සහ රිපල් ඉතා ක්‍රියාශීලීව ක්‍රියා කළහ. ඒ අනුව, ETH/USD යුගලය 12% කින් ඉහළ ගොස් $160 ක් ඉක්මවා ඇති අතර, XRP/USD ඊට ප්‍රතිවිරුද්ධව 7% ක් අහිමි කරගත් නමුත් $0.3560 බිඳ හෙලුවේ නැත.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් යන ද්විත්වයම මධ්‍යස්ත තත්ත්වයක් ගෙන ඇත. විශේෂඥයන්ගේ මතය පහත පරිදි වේ: 20% ක් යුගලයේ වර්ධනය සඳහා සහය ප්‍රකාශ කර ඇති අතර, 40% ක් සමාන්තර චලනයක් සඳහා ද 40% ක් ඩොලරය ශක්තිමත් කිරීම හා යුගල වැටීම සඳහා ද තම සහය පල කර ඇත.
    සතිපතා සිට මාසික අනාවැකිය වෙත ගමන් කරන විට, එක්සත් ජනපද මුදල ශක්තිමත් කිරීම සඳහා වන ආධාරකරුවන්ගේ ප්‍රමාණය 65% දක්වා ඉහළ යයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ද දෙසැම්බර් අවම අගය වූ 1.1215 කලාපය දක්වා යුගලයේ පහත යාම පෙන්නුම් කරයි. ආසන්නතම ප්‍රබල ආධාරක ප්‍රදේශය 1.1305 වේ.
    එක්සත් ජනපදයේ දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන් ඩොලරය පීඩනයට පත් වනු ඇති බවට යුගලයේ ඉහළයාම සඳහා සහය දක්වන්නන්ගේ අදහස වී ඇත. ඒ අනුව ආසන්නතම ප්‍රතිරෝධී කලාපය 1.1485-1.1500 වේ. එය බිඳුනහොත් මීලඟ ඉලක්කය 1.1550-1.1625 කලාපයේ වනු ඇත.
    ඩොලර් යුගලයන් සඳහා බලපාන ආර්ථික සිදුවීම් අතර, ජනවාරි 9 බදාදා සවස නිකුත් වීමට නියමිත එක්සත් ජනපදයේ FOMC ප්‍රොටොකෝලය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. ජනවාරි 10 බ්‍රහස්පතින්දා ඊසීබී රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර එක්සත් ජනපදයේ උද්ධමනය පිළිබඳ දත්ත ජනවාරි 11 වන සිකුරාදා සති අන්තයේ දී නිකුත් කිරීමට නියමිතය;
  • GBP/USD. මෙහි දී විශේෂ උනන්දුවක් දක්වන සිදුවීම් ලෙස ජනවාරි 9 වන දා එංගලන්ත බැංකුවෙහි ප්‍රධානියා වන මාර්ක් කර්නිගේ කතාව මෙන්ම, එක්සත් රාජධානියේ ද.දේ.නි. පිළිබඳ දත්ත ජනවාරි 11 දා ප්‍රකාශයට පත් වීමට නියමිතය. කෙසේ වෙතත්, මේ අවස්ථා දෙකේදීම, විශේෂ විස්මයන් බලාපොරොත්තු නොවිය යුතුය. බ්‍රිතාන්‍ය පවුමේ හුවමාරු අනුපාතය සඳහා, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීමේ අවිනිශ්චිතතාවන් අඛණ්ඩව තීරනාත්මක වනු ඇත. ප්‍රවීණයන්ගෙන් 65% ක් පවුම තවදුරටත් පහත වැටෙනු ඇති බවට විශ්වාස කරයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ද එයට සහය දක්වන අතර ඔවුනට අනුව මෙම යුගලය ප්‍රථමයෙන් 1.2615 දක්වා ගමන් කරනු ඇත. එය සාර්ථක වුවහොත් 1.2475-1.2525 කලාපය වෙත ගමන් කරනු ඇත. ඉදිරි සතියේ දී 1.2400 කලාපයේ ජනවාරි පළමුවන සතියේ අඩු වීම අපේක්ෂා නොකෙරේ.
    විශ්ලේෂකයින්ගෙන් 20% ක් GBP/USD යුගලය සමාන්තර චලනයක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරයි. 15% ක් ඉහළයාම සමග සිටින අතර, 1.2715-1.2835 කලාපය තුල ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරති. මීළග ප්‍රතිරෝධය 1.2925 වේ.
    අනාවැකිය ලියන අවස්ථාවේදී, 90% ක් පමණ දර්ශක ඉහළයාම සඳහා සහය දක්වයි. කෙසේ වෙතත්, බොහෝ දුරට මෙය, ජනවාරි 3-5 දක්වා යුගලයේ ඉහළ යාමේ ප්‍රතිඵලයක් පමණකි. තව දුරටත්, ඔස්කිලේටර් 10% ක් දැනටමත් සංඥා කර ඇත්තේ යුගලයේ විකුණුම් ඉහල යනු ඇති බවයි. එමගින් යුගලය දකුණු දෙසට නැඹුරු වීම පෙන්නුම් කරයි.

2019 ජනවාරි 07 සිට 11 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. දර්ශකයන්ගෙන් අර්ධයක් රක්ත වර්ණ ගෙන ඇති අතර අනෙක් අර්ධය කොළ වර්ණය ගෙන ඇත. විශ්ලේෂකයින්ගේ අදහස් වලට අනුව, ඔවුන්ගෙන් 70% යුගලය 107.00 දක්වා පහත වැටෙනු ඇති බවත් ඉන්පසු තවත් පොයින්ට් 100 ක් අඩු වන බවත් විශ්වාස කරයි. මේ වන විට විශේෂඥයන්ගෙන් 30% ක්ම යුගලයේ වර්ධනය සඳහා ඡන්දය ලබා දී ඇතත්, මධ්‍ය කාලීනව, ඩොලරය ශක්තිමත් කිරීමේ ආධාරකරුවන් සංඛ්‍යාව දෙගුණයක් වේ. ඉහල යාම සඳහා ප්‍රධාන ඉලක්ක වන්නේ 112.25-113.80 කලාපය වෙත ය. ආසන්නතම ප්‍රතිරෝධතා මට්ටම් 109.45, 110.25 සහ 111.15 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. BTC/USD හි හැසිරීම සුභවාදී හෝ අසුභවාදී වීම සඳහා හේතු දක්වන්නේ නැත. එබැවින් විද්වතුන්ගේ මතයන් සමානව බෙදී තිබේ: 30% ක් බිට්කොයින්  වර්ධනය සඳහා වන අතර, 30% ක් එහි වැටීම සඳහා වේ. ඉතිරි 40% සමාන්තර චලනයක් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ සමගම ක්‍රිප්ටෝ වෙළඳපොලේ මුළු ප්‍රාග්ධනීකරණය පසුගිය වසරේ දෙසැම්බර් අවසානය වන විට ඩොලර් බිලියන 130 ක් පමණ වූ අතර එය කිසිවෙකු අනාවැකි පල නොකලක් විය. 2019 වසරේ මුල් කාර්තුවේ ගැනුම්කරුවන්ගේ පැත්තෙන් මිල ගණන් ඉහළ නැංවීමට අපේක්ෂා කරන ඇතැම් විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන ලද තර්කවල වර්ධනය හා මිල ගණන් පහත වැටුණද, එම යුගලය ඩොලර් 4,800-5,200 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි. විකල්ප මතයකට අනුව: නිවැරදි කිරීම හා BTC/USD ශක්තිමත් කලාපයට පහත වැටීම අපේක්ෂා කරයි. එම පහත වැටීම 2018 ජූලි සහ අගෝස්තු $ 2,500-2,700 කලාපයට වනු ඇත. එපමණක් නොව, එවැනි පහත වැටීමක් සඳහා මාස එකේ සිට දෙකක් දක්වා ගත විය හැකිය. ආසන්නතම ආධාරකය වන්නේ $2,940-3,050 කලාපයයි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න