2018 December 15

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. පසුගිය සතියේ මුලික අනාවැකියට අනුව යුගලය 1.1310-1.1415 කලාපයේ සමාන්තර චලනයක් ඇති වනු ඇතැයි විශ්වාස කල අතර යුරෝපීය මහ බැංකු රැස්වීම සහ ඊසීබී සභාපති මාරියෝ ඩ්‍රාගීගේ සම්මේලනය සතියේ මූලික සිදුවීම් ලෙස නම් කරන ලදි. මෙකී සම්මේලනයෙහි ප්‍රතිපලයක් ලෙස ආයෝජකයින් විකර්ෂණය වූ අතර එය යුගලයට ඍණාත්මක ලෙස බලපෑවේය. මේ අනුව, 2018-19 සඳහා කලාපීය ආර්ථික වර්ධනය පහත වැටුණ අතර, යුරෝව පහත වැටුණු නමුත් තවමත් ප්‍රකාශිත කලාපයේ සීමාවන් තුල පවතී.
    දෙසැම්බර් 14 වන සිකුරාදා, ජර්මනියේ දදේනි හා උද්ධමනය බෑන්ඩ්ස්බෑන්ක් අනාවැකිය පහත යනු ඇතැයි ප්‍රකාශ කල විට යුගලයේ ප්‍රධාන ආධාරක අගය වූ 1.1300 බිඳවැටී ඇත. කලින් පැවති උපකල්පිත පරිදි, එළඹෙන වසර තුළ ආර්ථිකයේ වර්ධන අනුපාතය කලින් අපේක්ෂා කල පරිදි 2.0% ක් නොවන මුත් 1.5% ක් පමණ වනු ඇති බවට නියාමකයින් අපේක්ෂා කරයි. 2019 වන විට මෙම අනාවැකිය 1.9% සිට 1.6% දක්වා අඩු වනු ඇත. යුගලය ඉතා තියුණු ලෙස පහත වැටුණු අතර 1.1270 අගයට ලඟා විය. ඉන්පසු, සුළු නැවත යුගලය 1.1300 මට්ටමට පැමිණියේය;
  • GBP/USD. පවුම් තවමත් බ්‍රික්ස්ට් විසින් පාලනය කරනු ලැබේ. අපේක්ෂිත පරිදි, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කොන්දේසි සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්දයෙහි ප්‍රතිපලය නොලැබුනි. එය අවලංගු විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙසැම්බර් 12 වන බදාදා වන විට, සතියේ ආරම්භයේ සිට, පොයින්ට් 285 ක් දක්වා පහත වැටී ඇත. දින පහක සතිය අවසානයේදී, එය 1.2585 ට පැමිණ ඇත;
  • USD/JPY. පසුගිය සතියේ, විශේෂඥයන්ගෙන් 45% යුගලයේ වර්ධනයට සහය දුන් අතර 113.20, 113.65 සහ 114.00 ප්‍රතිරෝධී අගයන් ලෙස දැක්වීය. සතියේ ඉහලම අගය 113.70 ක උසකින් සටහන් විය. සතියේ අවසන් අගය 113.35 මට්ටමේ විය;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය දිනවල ප්‍රවෘත්ති පසුබිම අපැහැදිලි වූ අතර, ධනාත්මක ප්‍රවෘත්ති සෘණාත්මක ප්‍රවෘත්ති සමඟ හුවමාරු විය. ක්‍රිප්ටෝ මුදල් දිරිගන්වන සිදුවීම් අතරින් ජපන් ක්‍රිප්ටෝ හුවමාරුව එක්සත් ජනපද වෙළඳ පළට සමපාත වීම, ස්විට්සර්ලන්තයේ බිට්කොයින් ඇනෙලොග් ETF සඳහා වූ වාර්තාව හා ඔපෙරා බ්‍රවුසරයේ එතිරීම් වොලට් දිස් වනු ඇතැයි යන ප්‍රවෘත්තිය අඩිය වෙයි. මෙම තත්වයන් සමනය කිරීමේ ප්‍රවෘත්ති වුයේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජනපදයේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් වංචනික චෝදනාවලට AriseBank ක්‍රිප්ටෝ බැංකුවට දඩ පැනවීමේ ප්‍රවෘත්තියයි.
    එවන් පසුබිමකට එරෙහිව, බිට්කොයින් වර්ධනය වෙමින් හා පහත වැටෙමින් පැවතුන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, දෙසැම්බර් 14 වෙනි සිකුරාදා සවස සතියකට පෙර පවතී තත්වයට පත්විය. එමෙන්ම එය 2018 වසරේ පහලතම අගය $ 3.225 ලෙස සටහන් විය.
    එතීරියම් (ETH/USD), ලයිට්කොයින් (LTC/USD) සහ රිපල් (XRP/USD) වැනි ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල්, සතිය පුරාවට, ඉහත බිට්කොයින් හි ප්‍රවනතාවයන් අනුගමනය කළහ.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මෙහි වර්ණය රතු පැහැතිය. එය පෙර නොවූ විරූ අවස්ථාවකි. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත දර්ශකයන් 100% ක් මෙම වර්ණයෙන් වර්ණ ගැන් වී ඇත. විශේෂඥයන් 70% ක් ද ඩොලරයේ වර්ධනය හා යුගල වැටීම සඳහා සහය පල කරති. මේ සඳහා හේතුව පොලී අනුපාත වේ.
    දෙසැම්බර් 19 වෙනි බදාදා වන විට ෆෙඩරල් මහ බැංකුව 2.25% සිට 2.5% දක්වා අනුපාතයක් ප්‍රකාශයට පත් කරනු ඇති බවට 75% කට වැඩි ප්‍රතිශතයක් විශ්වාසය පල කරති. මීට අමතරව, ඊළඟ වසරේදී නිසැකවම තවත් එකක් හෝ දෙකක් වැඩිවනු ඇතැයි වෙළඳපොල අපේක්ෂා කරයි. 2019 ගිම්හානය වන තෙක් අනුපාතය ශුන්‍යයෙහි තබා ගැනීමට ඩ්‍රාගි පොරොන්දු විය. එහෙත් මෙම ගිම්හාන ඉහල නැගීම විශාල ප්‍රශ්නයකි. එම නිසා බොහෝ ආයෝජකයින් දැන් යුගලය දකුණු දෙසට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. එය වසරේ අවම අගය වනු ඇති අතර මේ දක්වා අවම අගය ලෙස නොවැම්බර් 12 වන දින 1.1215 වාර්තා කරන ලදී. ආසන්නතම ආධාරකය 1.1265 වේ;
    විකල්ප මතයක් විශ්ලේෂකයින්ගෙන් 30% සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පෙන්නුම් කරයි. එම මතය සාර්ථක වුවහොත් නම්, මෙම යුගලය නැවත වරක් 1.1300 ක ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධක මට්ටමට ඉහළින් නැඟී 1.1360 වන සති තුනේ මධ්‍ය අගය වෙත ළඟා විය හැකිය. ඉලක්කයන් 1.1400 සහ 1.1440 වේ;

2018 දෙසැම්බර් 17 සිට 21 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. බ්‍රිතාන්‍ය මුදල, ලබන සතියේ බොහෝ සිදුවීම්වලට මුහුන දෙයි. දෙසැම්බර් මස 19 වෙනි බදාදා, උද්ධමනයේ දත්ත කාණ්ඩයක් ප්‍රකාශයට පත් කරනු ලැබේ. උද්ධමනය වර්ධනය වුවද, බ්‍රික්ස්ට් නිසා පවුම දුර්වල වනු ඇත. ඊට පසු දිනයේ එංගලන්ත බැංකුව, පොළී අනුපාත තීරණ ප්‍රකාශයට පත් කරනු ඇති අතර, එය නොවෙනස්ව පවතිනු ඇත. සිකුරාදා ද.දේ.නි. වර්ධන අනුපාතය පිළිබඳ දත්ත නිකුත්වනු ඇති අතර එමගින් බ්‍රිතාන්‍ය පවුමෙහි සමස්ත විචලනයන්ට එමගින් බරපතල ලෙස බලපානු ඇත. එනම් ඍණාත්මක වෙයි.
    ප්‍රවීණයින්ගෙන් 50% ක් සහ දර්ශකයන්ගෙන් 90% ක් මේ සමග එකඟ වේ. ඔවුන්ගේ අනාවැකියට අනුව, යුගලය 1.2475 දක්වා පහළ යා හැකි අතර ඊට පසුව තවත් පොයින්ට් 75 ක් අඩු වේ.
    විශ්ලේෂකයින්ගෙන් 20% ක් මධ්‍යස්ථ ස්ථාවරයක් දරන අතර ඉතිරි 30%, 1.2670-1.2700 කලාපයට ඉහල යනු ඇති බවට අනාවැකි පල කරති;
  • USD/JPY. මෙම යුගලයේ අනාගතය පිලිබඳ දර්ශකයන් කිසිදු පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙන්නේ නැත. ඔවුන්ගේ කියවීම් සමානව බෙදී ඇත. විද්වත් අදහස් ද එලෙසම වේ. 45% ක්ම යුගල වැටීම සඳහා වන අතර, 50% ක ප්‍රමාණයක් යුගලයේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන යන බව විශ්වාස කරයි. 5% ක් කිසිඳු මතයක් ප්‍රකාශ නොකරයි. මෙම යුගලයේ රූප සටහන දෙස බලන විට එවැනි අවිනිශ්චිතභාවයක් පැහැදිලි වේ. සති හයක අගයන් හි මධ්‍ය අගයෙහි එනම් 112.30-114.00 සමාන්තර කලාපයේ යුගලය දැන් පිහිටා ඇත.
    ජපාන බැංකු රැස්වීම, යුගලයේ අගයන් වලට බලනොපානු ඇති අතර පොලී අනුපාත මත එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ තීරණ පමණක් දැඩිව යුගලයේ චලනයන් කෙරෙහි බලපානු ඇත. බොහෝ විශ්ලේෂකයින් පවසන පරිදි, මෙම කලාපයේ ඉහළ මායිමෙන් බිඳී 114.55-114.75 කලාපයට ලඟා විය හැකිය.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය තියුනු ලෙස ප්‍රතිවිරුද්ධ ස්ථානයක් ගෙන ඇත. එමගින් යුගලය 112.20 සහ 111.75 ආධාරක අගයන් දක්වා පහත යා හැකිය;
  • ක්‍රිප්ටෝ මුදල්. විශේෂඥයින්ගෙන් 60% ක් බලාපොරොත්තු වන්නේ, බිට්කොයින්, පහතයාමේ ප්‍රවණතාවය දිගටම පවත්වාගෙන යනු ඇති බවත් 2018 වසරේ ජූලි-අගෝස්තු ස්ථාවර කලාපය වූ $2,500-2,700 කලාපයට පැමිණෙනු ඇති බවත්ය. ආසන්නතම ආධාරකය $2,940-3,050 කලාපයයි. සමස්ත සෘණාත්මක චලනයන්ට අමතරව, පසුගිය වසර වල අත්දැකීම් ද යුගලයේ පහතයාම කෙරෙහි හිමිවේ. පසුගිය වසරයන් හි දී, දෙසැම්බර් අවසානයේ දී මුදල් තැන්පත් හිමියන්ට ඔවුන්ගේ ක්‍රිප්ටෝ සාමාන්‍ය මුදල් බවට පත් කර ගැනීමට අවශ්‍ය විය.
    අනෙක් අතට, අනාගතය විශ්ලේෂණය කිරීමේ දී විශ්ලේෂකයින්ගෙන් 20% ක් යුගලයේ ඉහළයාම සඳහා සුලු නැඹුරු වීමේ ප්‍රවණතාවක් (10% පමණ) සමග සමාන්තර ගමන් කිරීමක් පිලිබඳ කතා කරති. 20% ක් යුගලයේ වර්ධනය වීමේ ප්‍රවණතාවයක් අපේක්ෂා කරන අතර එය $4,500 ක් දක්වා වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited. Trading in financial markets is risky and can lead to a complete loss of deposited funds.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න