2018 December 8

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. ශ්‍රම වෙලඳපොල දත්ත සඳහා අපේ අනාවැකිය 100% නිවැරදි විය. සේවා අංශයේ ADP සහ ISM යන දෙඅංශයෙන්ම සතුටට පත් නොවූ අතර, NFP 237K සිට 155K දක්වා එනම්, 35% කින් පහල ගියේය.
    1.1350 ප්‍රදේශය තුළ යුගලයේ තහවුරු කිරීම පිළිබඳ අනාවැකි හරියටම නිවැරදි විය: පසුගිය සතියේ එය 1.1350-1.1360 කලාපය මධ්‍ය ලක්ෂය කොට 1.1310-1.1415 කලාපයට පැමිණියේය.
    සතිපතා ඉහළම සහ පහලම අගයන් අතර වෙනස යන්තම් පොයින්ට් 100 ක් ඉක්මවා තිබුණද, මේ දිනවල බොහෝ වැදගත් සිදුවීම් ඇති බව පෙනෙන්නට තිබුණි. එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ ඉහත සඳහන් සංඛ්‍යාලේඛන, දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවීම, ඔපෙක් රැස්වීම හා ඉරානයේ ඛනිජ තෙල් පිලිබඳ ප්‍රකාශයත්, හුවාවි හි මූල්‍ය කළමනාකරු මෙන්ග් වන්ෂු එක්සත් ජනපදයේ නීති ක්‍රියාත්මක කරන ආයතන විසින් අත්අඩංගුවට ගැනීමත් එකී සිදුවීම් වේ. එහෙත් මෙම යුගලයමේ සියල්ලට සන්සුන්ව ප්‍රතිචාර දැක්වූයේය. මේ සඳහා හේතුව එකම එකකි: නත්තල් මාසයේ ඇරඹුම, වෙළෙඳපොළේ විශාල බලවතුන් ඔවුන්ගේ වාර්ෂික ප්‍රතිඵල සාරාංශ කරන විට හා ක්‍ෂණික චලනයන් සිදු වීම තවදුරටත් අවශය නොවේ;
  • GBP/USD. තරමක් ඉහළ උච්චාවචනයත් සමඟ මෙම යුගලයද සන්සුන් ලෙස හැසිරුණි: උච්චවචනයේ වෙනස පොයින්ට් 180 ක් පමණ විය. 1.2600-1.2620 දක්වා වූ අපේක්ෂිත පහතයාම සිදු නොවූ අතර, යුගලය 1.2655 ට ලඟා විය. දින පහක කාලය අවසන් වූයේ 1.2725 හි දී ය;
  • USD/JPY. පසුගිය සතියේ, විද්වත් අදහස් සමාන ලෙස බෙදුණි: එක් අර්ධයක් යුගලයේ වර්ධනය සඳහා සහය ලබා දුන් අතර, දෙවන කොටස එහි පහතයාම සඳහා සහය ලබා දුනි. මෙම තත්ත්වය තුළ සතිපතා සිට දිගුකාලීන අනාවැකි දක්වා ගමන් කිරීමට අපි උපදෙස් දුන්නෙමු. අපි නිවැරදි විය. පසුගිය සතියේ බොහෝ විශ්ලේෂකයින් (65%) සහ ග්‍රැෆික් විශ්ලේෂණය 'යෙන්' ශක්තිමත් කිරීමට සහ යුගල 112.00 කලාපය දක්වා පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු විය. පසුගිය සති දෙකේ පාඩුව නැවත දිනා ගැනීමෙන් පසුව එය 112.20 ට ලඟා විය. මෙම යුගලය වෙළඳ සැසියේ අවසාන අදියර වන විට 112.70 ට පැමිණුනු අතර එය නොවැම්බර් මැද භාගයේ වෙළඳාම් වූ ස්ථානයම විය;
  • ක්‍රිප්ටෝ මුදල්. සැබවින්ම පැවසීමට දෙයක් නොමැත. නරකම අනාවැකිය සැබෑ වූ බවට ප්‍රස්තාරය පැහැදිලිව තහවුරු කරයි. විශේෂඥයින්ගෙන් 60% ක් බිට්කොයින් තවදුරටත් පහත වැටෙනු ඇතැයි අනාවැකි පල කල අතර සිකුරාදා සවස් වන විට එය වර්ෂයේ පහලම අගය වූ $3,275 දක්වා පහත වැටුණි. එය දින හතක් තුළ තවත් 16% ක් අහිමි කර ගත්තේය. බිට්කොයින් අනුගමනය කල අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල්ද පහත වැටුණි. එතීරියම් (ETH/USD) සතියේ දී 24% කින් පහත වැටී ඇත. ලයිට්කොයින් (LTC/USD) - 26% කින් සහ රිපල් (XRP/USD) - 18% කින් පහත ගියේය.
    අර්නස්ට් ඇන්ඩ් යන්ග් ට අනුව, සියළුම කොයින් වලින් 86% ක් මුලින් ප්‍රකාශිත අගයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහත වැටුණ අතර, ක්‍රිප්ටෝ වෙළඳ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 113 දක්වා පහත වැටී ඇත. එනම් එය මාස 11 ක් තුල 86% කින් පහත වැටි ඇත.

 

රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. දැනටමත් සඳහන් කර ඇති පරිදි, වෙළඳපළ සඳහා වාර්ෂික ලාභ වාර්තා කිරීමේ කාලයයි. නැතහොත් පාඩු (එය රඳා පවතී). කෙසේ වෙතත් ඉදිරි සතියේ සාර්ව ආර්ථීක දත්ත ගණනාවක් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    මේ අනුව, දෙසැම්බර් 12 වන බදාදා එක්සත් ජනපදයේ උද්ධමනය පිළිබඳ දත්ත නිකුත් කරනු ඇත. එමෙන්ම පොලී අනුපාත ඉහලයාමක් ද සිදුවිය හැකි අතර එමගින් ඩොලරය වඩා ශක්තිමත් වනු ඇත. අනාගතයේ දෙස බැලීමේදී, වෙළෙන්දන් සහ ආයෝජකයින්, විශේෂයෙන් ලබන වසරේ මාර්තු මාසයේදී ෆෙඩරල් බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමක් අපේක්ෂා නොකෙරේ.
    දෙසැම්බර් 13 වන බ්‍රහස්පතින්දා යුරෝ කලාපයේ පොලී අනුපාත මත තීරණයක් අපේක්ෂා කෙරේ. බොහෝ දුරට අනුපාතයන් වෙනස් වීමට ඉඩ නොමැති අතර අනුපාතය ශුන්‍ය වේ. එබැවින් ඊසීබී සභාපති මාරියෝ ඩ්‍රාගි ගේ ඊලඟ පුවත්පත් සාකච්ඡාවට වැඩි අවධානයක් යොමු කළ යුතුය.
    සිකුරාදා අප එක්සත් ජනපදයේ සිල්ලර වෙළඳාම පිළිබඳ සංඛ්‍යා ලේඛන බලාපොරොත්තු වෙමු. සත්‍ය වශයෙන්ම, සමස්ත සතිය පුරා ඇමරිකානු-චීන වෙලඳ යුද්ධයෙහි වාර්තාවන් පිළිබඳව වෙළඳපලේ දැඩි අවධානයට ලක් වනු ඇත. මෙම ගැටුමේ තවත් උග්‍රවීමක් වූයේ හුවාවී හි CFO අත් අඩංගුවට ගැනීමෙන් නිසා වන අතර ඒ පිලිබඳ ජනාධ්පති ට්‍රුම්ප් ගේ ක්‍රියාකලාපය කෙසේ වනු ඇත් දැයි සියලු දෙනා බලා සිටිති.
    මේ අතරතුර, විශේෂඥයින් හා දර්ශක අතිමහත් බහුතරයක් මධ්‍යස්ථ තත්ත්වයකට පත්ව තිබේ. ඉහළයාම සඳහා ඉලක්කය ලෙස 1.1500-1.1550 කලාපය ලෙස නම් කර ඇත. පහලයාමට සාපේක්ෂව සුළු වාසියක් ඉහළයාමට ඇත. උපකාරක මට්ටම් 1.1265 සහ 1.1215 වේ. ප්‍රධාන අනාවැකියට අනුව පසුගිය සතියේ සිදුවීම නැවත සිදුවනු ඇතැයි අපේක්ෂිතය. එනම් 1.1310-1.1415 කලාපය තුල යුගලයේ හැසිරීමයි;
  • GBP/USD. මෙහිදී, විශ්ලේෂකයින්ගේ අනාවැකිය EUR/USD සඳහා ලබා දී ඇති අනාවැකියට සමාන වේ. ඉහළයාම සඳහා වාසිය තිබෙන්නේ 5% ක් පමණි. නමුත් ප්‍රවණතා දර්ශකයන් 90% ක් සහ ඔස්කිලේටර් 70% ක් රතු පාටින් වර්ණ ගැන්වේ. දෙසැම්බර් 10 සඳුදා UK ද.දේ.නි. දත්ත සහ දෙසැම්බර් 11 වන අඟහරුවාදා සාමාන්‍ය වේතනවල දත්ත නිකුත් කරන අතර එමගින් යුගලයේ ප්‍රවනතාවයන්ට බලපෑම් කරනු ඇත. එමෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ බ්‍රික්ස්ට් සඳහා වන ඡන්දය, අඟහරුවාදා දිනම සිදුවනු ඇත. අනාවැකි අනුව, යුරෝපා සංගමය හැර යාම සඳහා වූ කොන්දේසි අනුමත කිරීම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් අනුමත නොකරනු ඇත. 2019 පෙබරවාරි දෙවන දින ඒ සඳහා වන දෙවන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. උපකාරක මට්ටම් 1.2660, 1.2540 සහ 1.2500 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.2810, 1.2850, 1.2925 වේ;
  • USD/JPY. දෙසැම්බර් 10 වන සඳුදා ජපන් දදේනි පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරනු ඇති අතර මෙම යුගලයට බලපෑම් කල හැකි එකම දත්තය මෙයයි. නමුත් චීනය හා එක්සත් ජනපදය අතර වෙලඳ යුද්ධයට ආයෝජකයින් වැඩි අවධානයක් යොමු කරති. බොහෝ විද්වතුන් (65%), ප්‍රවණතා දර්ශකයන්ගේ සහාය ඇතිව, ජපාන මුදල් ශක්තිමත් කිරීම සඳහා සහය පල කරති. ඔවුන්ගේ අනාවැකියට අනුව අවම වශයෙන් 112.20 දක්වා යුගලයේ පහත යෑමක් අපේක්ෂා කරයි. මීලඟ ආධාරක අගය 111.75 වන අතර ඉන් පසු 110.85 වේ. ප්‍රතිරෝධී අගයන් 113.20, 113.65 සහ 114.00 යන කලාපවල පිහිටා තිබේ.
    ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ද මෙම යුගලයේ පහත යාම පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, පැය හතරේ කාලරාමුව මත දී ප්‍රථමයෙන් යුගලය 113.10 දක්වා ඉහළ නගිනු ඇති අතර පසුව එය දකුණට හැරෙනු ඇත.

2018 දෙසැම්බර් 10 සිට 14 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. දකුණු කොරියාවේ ක්‍රිප්ටෝ මුදල් සමඟ ක්‍රියාත්මක වන 'ආදායම් මත බද්දක්' හඳුන්වා දීමට සැලසුම් කර ඇත. ජපානයේ, ක්‍රිප්ටෝ හුවමාරු, බදු බලධාරීන්ගේ ඉල්ලීම අනුව ගනුදෙනුකරුවන්ගේ ආදායම් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට බැඳී සිටී; සිංගප්පූරුව තුළ සියලූම ICO වෙළඳපොළ සහභාගිවන්නන් විසින් බලපත්‍රයක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා පියවර ගත යුතුය. ස්විට්සර්ලන්තය ද ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් සැලසුම් කර ඇත. බ්ලොක්චේන් හි ප්‍රතිලාභ සහ ඉඩ ප්‍රස්ථා හඳුනා ගැනීමට බොහෝ රාජ්යයන් වත්මන් ක්‍රිප්ටෝ නිදහස තුලින් තමන්ගේම ඩිජිටල් මුදල් නිකුත් කිරීමට පටන් ගනී. (හොන්ඩුරාස් හා ඉරානය දැනටමත් කර ඇති පරිදි) නමුත් මෙය එක් දිනයක් තුල සිදුවන ගනුදෙනුවක් නොවේ.
    මේ අතරතුර, විශ්ලේෂකයින්ගේ මතයන් පහත පරිදි බෙදා දැක්වේ: 65% ක් තවදුරටත් $2,500-3,000 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර 25% ක් $3,000 ක ප්‍රමාණයේ සමාන්තර චලනයක් අපේක්ෂා කරයි. එමෙන්ම ඉතිරි 10% ක ප්‍රමාණයක් බිට්කොයින් යුගලය $4,000-5,000 කලාපයට පැමිණීම අපේක්ෂා කරයි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න