2018 November 17

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. මෙම යුගලය සඳහා මූලික අනාවැකිය වූයේ වසරේ පහළම මට්ටම වන 1.1300 දක්වා යුගලය පහත යාම පමණක් නොව එම අගයෙනුත් පහතට එනම් 1.1200-1.1250 කලාපය දක්වා තවදුරටත් යුගලය පහත බසිනු ඇති බවයි. ඒ අනුව එය එලෙසම සිදු වූ අතර, මෙම යුගලය නොවැම්බර් 12 වන සඳුදා සතියේ පහළම අගය වූ 1.1215 දක්වා පහත වැටිණි.
    ඉන්පසුව වෙළඳපොල බ්‍රික්ස්ට් විසින් පාලනය කරන ලදි. බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සඳහා කොන්දේසි පැනවූ බවට වූ පුවත නිසා යුරෝපීය මුදල් ඉහල නැගුනු අතර, සිකුරාදා අවසන් වන විට එම පොයින්ට් සංඛ්‍යාව 200 කින් ඉහළ ගොස් ඇත. සතියේ සැසිය අවසන් වන විට යුගලය 1.1415 මට්ටමෙහි පසුවිය;
  • GBP/USD. බ්‍රික්ස්ට් පිළිබඳ ධනාත්මක ප්‍රවෘත්තිය මත බ්‍රිතාන්‍ය මුදල සතිය ආරම්භදීම ඉහල යාමක් පෙන්නුම් කල අතර බදාදා වන විට 1.3070 අගයකට පැමිණ තිබිණි. ඉන්පසුව යුරෝපීය සංඟමයෙන් ඉවත් වීම පිලිබඳ වූ කොන්දේසි සඳහා එකඟ නොවූ බ්‍රිතාන්‍ ආන්ඩුවේ ප්‍රධාන ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ප්‍රවෘත්තිය අසන්නට ලැබුනි. මෙම තත්වය තවදුරටත් උග්‍ර වුයේ රටේ අගමැති තෙරේසා මේ ට විරුද්ධව දෝෂාභියෝගයක කටකතාවත් සමගය. එහි ප්‍රතිපලයක් ලෙස, ස්ටර්ලිං පවුම 1.2722 මට්ටමට දක්වා පහත වැටුණි. ඉන්පසු තත්ත්වය ටිකක් සන්සුන් වූ අතර යුගය 1.2830 කලාපය දක්වා ඉහළ ගොස් ඇති අතර සතියේ උච්චාවචනය පොයින්ට් 350 ක් පමණ විය;
  • USD/JPY. ඔස්කිලේටර් කියවීම් සහ යුගලයේ අගයන් දැක්වීම අතර ඇති වෙනස මගින් පෙන්නුම් කලේ පහතට නැඹුරුවීමේ ප්‍රවණතාවයි. විශ්ලේෂකයින්ගෙන් 45% ක් සහ දර්ශක 40% ක් මෙන්ම පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය තත්වය සඳහා පසුගිය සතියේ දී සහය ලබා දී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2018  ඉහලම අගයට පොයින්ට් 35 ක් පමණක් ඉතිරිව තිබියදී යුගලය දකුණු දෙසට හැරී, 113.10 අගයට ලඟා වූ අතර දින පහක කාල සීමාව අවසානයේදී 112.82 අගයට පැමිණ තිබිණි;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේදී ක්‍රිප්ටෝ වෙළඳපොල කඩා වැටුනි. එය කිසිවෙකු අපේක්ෂා නොකළ තරම් එකක් විය. බදාදා සිට එය ප්‍රාග්ධනීකරණයෙන් 12% ක් පමණ අහිමි වී ඩොලර් බිලියන 185 දක්වා පහත වැටී ඇත. පසුගිය සතියේ බිට්කොයින් වැටීමෙහි පහළ සීමාව ලෙස අපි ඩොලර් 6,100 ක් ලෙස සඳහන් කළෙමු. නමුත් සත්‍ය වශයෙන්ම එය බොහෝ සෙයින් නරක විය. එනම් $ 5,430 දක්වා යුගලය පහල බැසීය.
    සිදු වූ දේ තීරණය කිරීමේ දී ප්‍රවීණයන් අතර එක් මතයක් නොමැත. වඩාත් ජනප්‍රිය මතය වුයේ  BCH (බිට්කෝන් කෑෂ්) හි බලපෑමය. තවත් හේතුවක් වන්නේ ක්‍රිප්ටෝ වෙළඳපොළ වෙත පැතිරුණු එක්සත් ජනපදයේ තාක්ෂණික සමාගම්වල කොටස් විකිණීමයි.
    එතීරියම් (ETH/USD) $170 ක ආධාරයෙන් බිඳ වැටීමට අසමත් වූ අතර පසුව එය $185 දක්වා ඉහළ නැගුනි. රිපල් (XRP/USD) 0.4140 කලාපයට පැමිණුනු අතර ලයිට්කොයින් (LTH/USD) 40.00 ට ආසන්න විය. ඉන්පසු වෙලඳපොල ටිකෙන් ටික සන්සුන් වූ අතර මෙම යුගලයන් නැවත 8% කින් පමණ වර්ධනය විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මෙම යුගලය සැප්තැම්බර් මස 24 වැනි දින එනම් මාස දෙකකට පෙර ආරම්භ වූ පහළ යන කලාපයේ ඉහළ සීමාව කරා ළඟා විය. දවසේ කාලරාමුවෙහි ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් යන ද්විත්වයම මධයස්ථ තත්වයකට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබුණද, ප්‍රවීණයන්ගෙන් 70% ක් පමණ මෙම යුගලය තවදුරටත් පහත වැටෙනු ඇතැයි අනාවැකි පල කරති. ආසන්නතම ආධාරක අගය 1.1300 ක් වන අතර, මීළඟ ආධාරක අගය ඊට පොයින්ට් 85 ක් අඩු, 2018 වසරේ පහලම අගය වන 1.1215 වේ.
    විකල්ප මතයකට අනුව යුගලය 1.1450-1.1550 මට්ටම දක්වා ඉහළ නගිනු ඇතැයි උපකල්පනය කරති. කෙසේ වෙතත්, මෙය බොහෝ විට තාවකාලික නිවැරදි කිරීමක් විය හැකි අතර ඉන්පසු ඩොලරය තවදුරටත් වර්ධනය වී යුගලය පහත වැටේ. එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව දෙසැම්බර් මාසයේ දී පොලී අනුපාතය ඉහළ නැංවීමට නියමිත බව නිශ්චිතය. එමෙන්ම එය තවදුරටත් 2019 දී ඉහල යනු ඇති අතර එය එක්සත් ජනපද මුදල් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තීරනාත්මක සාධකයක් වනු ඇත;

2018 නොවැම්බර් 19 සිට 23 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මෙම යුගලයේ අනාගතය බ්‍රික්ස්ට් සමඟ තත්වය මත රඳා පවතී. එක්සත් රාජධානිය සමග ගිවිසුමක් පිලිබඳ යුරෝපා සංගමයේ නායකයින්ගේ රැස්වීමක් නොවැම්බර් 25 දා කැඳවනු ඇත. එහෙත් බ්‍රිතාන්‍යයේ එකඟතාවන් නොමැතිවීම සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පැහැදිලි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙම සතියේ පවුම දිගින් දිගටම පීඩාවට පත් වනු ඇති බව පැහැදිලිය. විශ්ලේෂකයින්ගෙන් 70% ක් මෙම සාධකය සැලකිල්ලට ගැනීමෙන් යුගලයට පහතට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආසන්නතම ආධාරකය 1.2700 කලාපයේ ඇත. ඊළඟට 2018 අවම අගය වූ 1.2660 මට්ටමේ වෙයි.
    මෙම යුගලයේ තවත් පියවරක් ලෙස, ප්‍රවීණයන්ගෙන් 55% කට අනුව, එය 1.2950 මධ්‍ය ලක්ෂය කර ගනිමින් 1.2660-1.3200 කලාපයේ වසර අවසානය දක්වා ගමන් කරනු ඇත;  
  • USD/JPY. මෙම යුගලේ අනාගතය පිළිබඳ විද්වතුන්ගේ මතය සමාන බෙදී ඇත. 45% ක්ම යුගල වර්ධනයටත්  45% ක් එහි වැටීම සඳහාත් 10% ක් උදාසීන තත්වයකත් පසුවෙති.
    දර්ශකයන් සඳහා, විශාල බහුතරයක් රතු පාට ගෙන ඇත. කෙසේවෙතත්, ඔස්කිලේටර් 15% ක් යුගලයේ විකුණුම් වැඩි වන බව පෙන්නුම් කරන අතර එමගින් යුගල ඉහලට නිවැරදි කිරීම පෙන්නුම් කළ හැකිය.
    ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, එය 113.10 මට්ටම දක්වා වර්ධනය වන බව පෙන්නුම් කරන අතර පැය හතරේ කාලරාමුවේ දී 111.85 මට්ටම දක්වා පහත වැටීම පෙන්නුම් කරයි.  දවසේ කාලරාමුවේදී යුගලය 112.65-114.20 කලාපය තුල සමාන්තර චලනයක් වනු ඇති බව පෙන්නුම් කරයි;
  • ක්‍රිප්ටෝ මුදල්. මේ මොහොතේ දී අනාවැකියේ අනුවාද දෙකක් තිබේ: එකක් උදාසීන වීමක් හා අනෙක ඉතා නරක එකකි.
    පසුගිය සතියේ සිදුවූ දේ අවබෝධ කර ගැනීම හා එහි ඇති ප්‍රතිවිපාක මොනවාදැයි අවබෝධ කර ගැනීමට වෙළඳපොල උත්සහ කරන අවස්ථා වලදී උදාසීන අනාවැකියක් බලාපොරොත්තු විය හැකිය. මෙහි දී, ඉහළම යුගවල් පෙර සතියේ පහල මට්ටම සහ නොවැම්බර් 16 සිකුරාදා ඉහල මට්ටම අතර උච්ඡාවචනය වනු ඇත.
    ඉතා නරක අනාවැකියට අනුව, බිට්කොයින් $5,000 මට්ටමට ලඟා වන බවය. එමෙන්ම සමහරවිටක, ටික කාලයකට පසු, බිට්කොයින් $3,000 ක පමණ ආධාරක අගයක දැකිය හැකිය.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න