2018 November 3

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. බොහෝ විද්වතුන් (55% vs. 45%) සඳහන් කලේ ඇමෙරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් අගෝස්තු 15 වන දින වාර්තා වී ඇති වසරේ අවම අගය වූ 1.1300 දක්වා යුගලය ගමන් කරනු ඇති බවත්ය. මෙම අනාවැකිය මුලුමනින් ම සත්‍ය වූ අතර, යුගලය ඔක්තෝබරයේ අවසන් දිනය වන විට අපේක්ෂා කල පරිදි අපේක්ෂිත අගයට පැමිණියේය. චීනය සමඟ සාකච්ඡා සම්බන්ධව එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ශුභවාදී ආකල්පයන් යුගලයට එම අගයන් සඳහා පැමිණීමට පහසු කරවිය.
    ඉහළයාම සඳහා වූ ප්‍රීතිය කෙටි විය. බ්‍රික්ස්ට් පුවත් මගින් ඇති වූ අවදානම් ආයෝජන හේතුවෙන් මෙම යුගලය 1.1455 දක්වා ඉහළ නැගුණි. ඉන්පසුව, ඇමරිකානු ශ්‍රම වෙලඳපොල පිළිබඳ දත්ත නිකුත් වූ අතර අප බලාපොරොත්තු වූ පරිදි, ඩොලරය තවත් ශක්තිමත් විය. මේ අනුව, කෘෂිකාර්මික අංශයෙන් පිටත (NFP) දෙගුණයකින් වැඩි විය (එනම් 118K සිට 250K දක්වා). එමගින් ඩොලරයට පොයින්ට් 65 ක් දිනාගත හැකිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය 1.1390 හි දී එනම් සතිය ආරම්භ වූ ස්ථානයේ දීම සතිය අවසන් කළේය;      
  • GBP/USD. විශේෂඥයන් අපේක්ෂා කළ පරිදි, බ්‍රිතාන්‍යය මුදල සතියේ පළමු භාගයේ දී පහත වැටුණු අතර 2018 අවම අගය වූ 1.2660 ට ළඟා විය. කෙසේ වෙතත්, නොවැම්බර් ආරම්භයේ දී මෙම යුගලයේ තත්වයද වෙනස් විය. යුරෝපීය සංගමය, බ්‍රික්ස්ට් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාව පිලිබඳ ප්‍රවෘත්තිය හේතුවෙන් යුගලය ඉක්මනින් පොයින්ට් 340 කි පමණ ඉහළ ගියේය. මෙම යුගලය සතිය අවසානයේදී පසුගිය මාස තුනක මධ්‍ය අගය වූ 1.2960 හි දී සතිය අවසන් කළේය;
  • USD/JPY. මෙම යුගල සඳහා වූ අනාවැකිය ද නිවැරදි විය. විද්වතුන්ගෙන් බහුතරය (70%) සහ ග්‍රැෆික් විශ්ලේෂණය, ඩොලරය ශක්තිමත් කිරීම හා යුගලයේ වර්ධනය සඳහා සහය ලබා දුන් බව සිහිපත් කරන්න. 112.85 සහ 113.35 යන අගයන් ඉලක්කයන් ලෙස නම් කරන ලද අතර එම අගයන්ට අඟහරුවාදා දිනයේ දී ලඟා විය. එහිදී මෙම යුගලය 112.85 ක ප්‍රතිරෝධී අගයක් වෙත ලගා වී එය බිඳ දමා සතියේ ඉහළ මට්ටම වූ 113.38 වෙත පැමිණියේය. ඉන් පසු 112.55 මට්ටම දක්වා පසුබැසීමක් සිදු වූ අතර සතිය අවසානයේ දී 113.20 දක්වා නැවත ඉහල පැමිණියේය;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ අනාවැකියට අනුව, සත්‍ය වශයෙන්ම වැදගත් ප්‍රවෘත්තියක් නොමැති වුවහොත්, BTC/USD $6,325-6,660 කලාපය තුල පවතිනු ඇති බවත් පහල යාම සඳහා සුළු වාසියක් ඇති බවත් මීළඟ ආධාරක අගය $6,100 ක් පමණ වන බවත් පැවසිණි. මෙම අනාවැකිය සැලකිය යුතු තරමකින් නිවැරදි විය. $6.550 ක ප්‍රතිරෝධය මගින් තල්ලු කිරීමත් සමග ඉහත කලාපයේ පහල අගය එනම් $6.320 ක් දක්වා යුගලය අමන කළේය. සතියේ මැද භාගයේ දී බිට්කොයින් $6,240 දක්වා පහතට ගමන් කළේය. නමුත් නැවතත් ඉක්මනින් එය $6.425 දක්වා ඉහල නැගීය.
    අනෙකුත් බොහොමයක් ප්‍රධානපෙලේ ක්‍රිප්ටෝ මුදල් බිට්කොයින් අනුගමනය කළහ. එතීරියම් (ETH/USD) සහ ලයිට්කොයින් (LTH/USD) වැනි බොහෝ ක්‍රිප්ටෝ මුදල් සුළු වශයෙන් පහත ගොස් ඇති අතර අනෙක් රිපල් (XRP/USD) වැනි ක්‍රිප්ටෝ මුදල් හි පැහැදිලි වෙනසක් දක්නට නොමැත.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මෙම සතියේ සියලු ඩොලර් යුගල් සඳහා බලපෑම් කළ හැකි ප්‍රධාන සිදුවීම් දෙකක් දෙස අපි බලා සිටිමු. නොවැම්බර් 6 වනදා එක්සත් ජනපදයේ මධ්‍ය කාලීන මැතිවරණය හා නොවැම්බර් 8 දින ෆෙඩරල් මහ බැංකුවේ පොළී අනුපාත පිලිබඳ තීරණ අපේක්ෂා කරන අතර සාමාන්‍යයෙන් ෆෙඩරල් රිසර්ව් හි ප්‍රධානියාගේ අදහස් දැක්වීමෙන් පසු එම තීරණ ප්‍රකාශයට පත් කරයි. එක්සත් ජනපද ජනාධිපතිගේ අතිශය අනපේක්ෂිත ප්‍රකාශ ද ඩොලරයට දැඩිව බලපෑම් ඇති කල හැකිය.
    මෙම පසුබිම මත බොහෝ විද්වතුන් (60%), ග්‍රැෆික් විශ්ලේෂණයෙන් යුරෝපීය මුදල වෙත සහය දක්වන අතර, යුගලය 1.1480-1.1525 කලාපය දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කරයි. ආසන්නතම ප්‍රතිරෝධය 1.1445 වේ.
    ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි කෝණයක් විශ්ලේෂකයින්ගෙන් 40% ක්, ඔස්කිලේටර් සහ දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක අතිමහත් සංඛ්‍යාවක් මගින් නිරුපනය කරයි  යුරෝ කලාපයේ දුර්වල ආර්ථික දර්ශක සහ ඉතාලියේ ගැටලු පිලිබඳව පහතයාම සඳහා සහය දක්වන්නන් කතා කරති. ඒ අනුව මෙම යුගලය නැවත 1.1300 දක්වා පැමිණෙනු ඇති අතර, එය බිඳී ගියහොත්, 1.1210 දක්වා තව දුරටත් පහත යනු ඇත. මීලඟ ඉලක්කය 1.1100 වේ;

2018 නොවැම්බර් 05 සිට 09 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. බ්‍රික්ස්ට් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අමතරව පසුගිය සතියේ පවුම් වර්ධනයට සහාය දැක්වූයේ එංගලන්ත බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි මාක් කාර්නේගේ ප්‍රකාශයෙන්ය. මෙය වසර තුනක් ඇතුළත පොලි අනුපාත 1.5% දක්වා ඉහළ නැංවීම පිලිබඳ සඳහන් විය. (මීට පෙර එය 1% ක් ලෙස සඳහන් විය).
    කෙසේ වෙතත් කාර්නේගේ පොරොන්දුවල ධනාත්මක බලපෑම කෙටි විය. විශේෂඥයන්ගෙන් 50% ක් මෙම සතිය තුල දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔවුන්ගේ මතය අනුව, යුගලය ඔක්තෝබර් 30 දින අවම අගය වූ 1.2700 දක්වා පහතයාමක් අපේක්ෂා කරන අතර පසුව අගෝස්තු මාසයේ අවම අගය වූ 1.2660 දක්වා තවදුරටත් පහතයාමක් අපේක්ෂා කෙරේ.
    විද්වතුන් 40% ක් විසින් විකල්ප අදහස් ඉදිරිපත් කරනු ලැබේ. ග්‍රැෆික් විශ්ලේෂණය, 90% ක් වන ඔස්කිලේටර් සහ පැය හතරේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක, එම විද්වතුන්ගේ මතයට සහය දක්වයි. ඔවුනට අනුව අවම වශයෙන් 1.3100 මට්ටම දක්වා යුගලය වර්ධනය වනු ඇත. මීලඟ ඉලක්කය 1.3220 වේ.
    අවසානයේදී, විශේෂඥයන්ගෙන් ඉතිරි 10% ක් සහ දවසේ කාලරාමුව මත දර්ශක, 1.2820 ආධාරක අගයක් මත පදනම්ව මධ්‍යස්ථ තත්වයක් ගෙන ඇත;
  • USD/JPY. නොවැම්බර් 5 වන සඳුදා ජපන් බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ රැස්වීමක් සහ බැංකු ප්‍රධානියා වන කුරෝඩාගේ කථාවක් පැවැත්වීමට නියමිතය. කෙසේවෙතත්, මෙම සිදුවීම් දෙකෙන් කවරකින් හෝ පුදුමයක් අපේක්ෂා නොකෙරේ. විශේෂඥයන් අතර ඉහළයාම සඳහා සුළු වාසියක් (55% vs. 45%) ඇත. ඔස්කිලේටර් සහ පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකම මත ඇති ප්‍රවණතා දර්ශකයන් ද කොළ වර්ණයෙන් වර්ණ ගැන් වී ඇති අතර දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 10% දැනටමත් යුගලයේ මිල දී ගැනීම් වැඩි වනු ඇති බවට සංඥා ලබා දෙයි. උපකාරක මට්ටම 112.55, 111.80 සහ 110.75 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 114.05 සහ 114.55 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. බිට්කොයින් සහ අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් හි මිල දිගු කාලයක් තුළ තරමක් පටු සීමාවක උච්චාවචනය වී ඇති බවක් පෙනුනත් මෙම වෙළඳපළ මිය ගොස් ඇති බව පැවසීමට ඉක්මන් වැඩියි. මුළු ප්‍රාග්ධනීකරණය තවමත් ඩොලර් බිලියන 200 කට ආසන්න වුවද, දෛනික වෙළඳාම් පරිමාව ඩොලර් බිලියන 4.2 ක් තරම් ඉහළ මට්ටමක පවතී. එමෙන්ම ගනුදෙනුවල ප්‍රමාණය (දිනකට 250,000) මගින් පෙන්නුම් කරන්නේ වෙළඳුන්ට ඔවුන්ගේ ඩිජිටල් වත්කම් සමඟ කටයුතු කිරීමට කිසිදු හදිසියක් නොමැති බවයි.
    සැබැවින්ම, විශාල නව ආයෝජකයින්ගේ ආයෝජනයක් දීර්ග කාලයක සිට නොලැබී ඇති නමුත් අනාගතයේ දී, අපි උපුටා ගැනීම්වල වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය. ICE සාමාගම (NYSE හි මව් සමාගම) සහ Fidelity Investment වැනි විශාල සමාගම් වසර අවසානය වන විට ඔවුන්ගේ ක්‍රිප්ටෝ වෙළද වේදිකා හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය ආයෝජන ප්‍රවාහය ඉහළ යාම සඳහා නිසැකවම දායක වනු ඇත. මෝර්ගන් ස්ටැන්ලි වැනි එවැනි ගෞරවාන්විත බැංකුවක විශේෂඥයන් ක්‍රිප්ටෝ වෙළඳපොළේ අනාගතය පිලිබඳව සුබවාදී ආකල්පය දරන අතර ඒ පිලිබඳ පර්යේෂණ වාර්තා ප්‍රකාශයට පත් කර ඇත.
    මේ අතරතුර, සාපේක්ෂ වශයෙන් මධ්‍යස්ථ ප්‍රවෘත්ති පසුබිමක් මත, අනාවැකිය පාහේ නොවෙනස්ව පවතී: BTC/USD කුඩා පහත යාමක් සහිතව $6,200-6,660 කලාපයේ පටු සීමාවක ගමන් කරනු ඇත. මීලඟ ප්‍රතිරෝධය $6,780 ක් වන අතර, මීළඟ ආධාරකය $6,100 ක් පමණ වේ.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න