2018 October 14

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. එක්සත් ජනපද වෙළඳපළ  ඩොලරය දුර්වල කරමින් නිරතුරුව නිවැරදි කිරීමක් දක්වයි. ඔක්තෝබර් 11 වෙනි බ්‍රහස්පතින්දා, එක්සත් ජනපද කොටස් දර්ශක S & P 500 2% ක් අහිමි විය. එම නිසා ආයෝජකයන්ට ඩොලර් වත්කම් ඉවත් කිරීමට සිදුවිය. ජී -20 සමුලුව අතරතුර දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට, චීන අගමැති ෂි ජිංපින් හමුවීමට අවශ්‍ය වූ බවට ප්‍රවෘත්තියක් පළ විය. මෙය එක්සත් ජනපද මුදලේ දුර්වල වීමක් ලෙස සැලකිය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම යුගලය දකුණේ සිට උතුර දක්වා තම ගමන් මග වෙනස් කර ගත අතර මැයි මාසයේ ආරම්භ වූ මධ්‍ය කාලීන 1.1525-1.1830 කලාපයේ සීමාවන්ට පැමිණියේය. දින පහක කාලසීමාව අවසානයේදී යුගලය 1.1560 හි පැවතිණි;
  • GBP/USD. ඩොලරය දුර්වල වීම මෙම යුගලයට බලපාන්නේ නැත. ඔක්තෝබර් 12 වන සිකුරාදා එය 1.3255 ක උසකින් ඉහළ ගොස් ඇති අතර සති දෙකක අවම සහ උපරිම අගය අතර වෙනස පොයින්ට් 335 කින් වැඩි විය. සතියේ අවසාන භාගයේදී, සුවිශේෂී වර්ධනයකින් පසුව, යුගලය පහත වැටුණ අතර සතිය අවසානයේ දී මෙම යුගලය 1.3150 හි රැඳී තිබිණි;
  • USD/JPY. ජපන් 'යෙන්' සැප්තැම්බර් මාසයේ මැද භාගයේ අගයන්ට නැවත පැමිණි අතර එය ඩොලරයට එරෙහිව ශක්තිමත් විය. මෙම තත්වය සඳහා ලෝක වෙලඳපොලවල වර්ධනය වන අස්ථාවරත්වය සහ ආයෝජකයින් තම මුදල් ආයෝජනය නොකිරීම බලපෑවේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස යුගලය 112.20 කලාපය වෙත පැමිණියේය;
  • ක්‍රිප්ටෝ මුදල්. ඩිජිටල් මුදල් මත වෙනස්කම් කිසිවක් නැති බව කෙනෙකුට පැවසිය හැකිය. මන්දයත් BTC/USD යුගලය ලාභ මට්ටමට වඩා පහල ගොස් නැති බැවිනි. පැය කීපයක් තුලදී බිට්කොයින් මිල $420 කින් පහත වැටුණු අතර එය සති තුනක අවම අගය වූ $6215 දක්වා පහත වැටීම නිසා ආයෝඡකයින් නොසන්සුන් බවට පත් විය. ක්‍රිප්ටෝ මුදල් හි වැටීම සඳහා හේතු වූයේ, එක්සත් ජනපද කොටස් වෙලඳපොල කඩාවැටීම හා IMF වාර්තාව වේ. එම වාර්තාව මගින් සයිබර් ආරක්ෂාවට අදාළ ගැටලු පිළිබඳව සහ ඩිජිටල් මුදල් වර්ග, ගෝලීය මූල්‍ය පද්ධතියේ අවදානම පිළිබඳ නව හේතුවක් බවට පත්විය හැකි බව ප්‍රකාශ කිරීමයි.
    අනිකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගලයන්ද බිට්කොයින් හා සාපේක්ෂව පහත වැටී තිබේ. ක්‍රිප්ටෝ මුදල් වෙළඳපළ මුළු ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 15 කින් පහත වැටී ඇත. සතියේ අවසානය වන විට බිට්කොයින් සහ අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් එනම්, ලයිට්කොයින් (LTH/USD), රිපල් (XRP/USD) සහ එතීරියම් (ETH/USD) සතිය අවසානය වන විට අහිමි කරගැනීම නැවත යම්තාක් දුරකට හෝ ලබා ගැනීමට සමත් විය නමුත් සතිය තුල ජයග්‍රහණය පහත යාම සතු විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ඊලඟ සතියේ ඩොලර යුගලයන් හි ප්‍රවණතාවයන් කෙරෙහි බලපානු ඇති සිදුවීම් වලින් පිරී ඉතිරී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන සහ යුරෝ කලාපයේ, මහා බ්‍රිතාන්‍යය හා චීනය තුල උද්ධමනය පිළිබඳ දත්තයන් එම ප්‍රධාන සිදුවීම් වේ. එමෙන්ම වර්තමාන ආර්ථික මනෝගතිය දර්ශකය ජර්මනිය හා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන අතර, එක්සත් ජනපද ෆෙඩරල් සංචිත කමිටු රැස්වීමේ තීරණ බදාදා ප්‍රකාශයට පත් කරනු ඇත. චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දත්ත සහ යුරෝපීය බ්‍රික්ස්ට් සමුලුවේ ප්‍රතිඵල මගින් වෙලඳපොලට බරපතල බලපෑමක් කරනු ඇත.
    මේ සියලු සිදුවීම් මගින් විශාල වෙනස්කම් රැසක් ඇති විය හැකිය. එවැනි තත්වයක් තුළ, ඔස්කිලේටර් සහ දර්ශක සම්පූර්ණයෙන්ම අවුල් සහගත වේ. එහෙත් බොහෝ විද්වතුන් (60%) විශ්වාස කරන්නේ මෙම යුගලය 1.1525-1.1830 කලාපයේ මායිම්වලට නැවත පැමිණෙනු ඇති බවයි. ඒ අනුව යුගලය ප්‍රථමයෙන් ඉහත කලාපයේ කේන්ද්‍රය කරා පැමිණ, පසුව එම කලාපයේ ඉහළ මායිම දෙසට ගමන් කරයි. ඉලක්ක අගයන් 1.1650 සහ 1.1735 වේ.
    වෙනත් මතයකට අනුව, වසර 10 ක එක්සත් ජනපද බැඳුම්කරවල ප්‍රතිලාභ අඩු වී ඇති අතර, ඩොලරය ශක්තිමත් කිරීම පෙන්නුම් කරයි. උපකාරක මට්ටම් 1.1430 සහ 1.1300 වේ;
  • GBP/USD. පෙර අවස්ථාවදී මෙන් මෙහි නැවතත් විශ්ලේෂකයින් 60% ක් යුගලය ඉහළට ගමන් කරනු ඇතැයි අනුමාන කරති. ඔවුන්ගේ මතයට අනුව, මෙම යුගලය 1.3225-1.3245 කලාපය දක්වා ඉහළ යා යුතුය. මීළග ඉලක්කය 1.3300 වේ. ප්‍රවීණයන් පවසන පරිදි, පවුම ශක්තිමත් වීම සඳහා තවත් අවස්ථා ගණනාවක් ඇති අතර ඊට ප්‍රථමයෙන් වෙළෙඳපොල බ්‍රික්ස්ට් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රවෘත්තියක් අපේක්ෂාවෙන් සිටියි.
    ප්‍රවනතා දර්ශක 80% ක් සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 70% ක් යුගලයේ වර්ධනය සඳහා සහය ලබා දෙන අතර, ඔවුන්ගෙන් කිහිපයක් පෙන්නුම් කරන්නේ මෙම යුගලයේ විකුණුම් වැඩි වන බවයි.
    මධ්‍ය කාලීන අනාවැකියට අනුව යුගලය පහතට ගමන් කරන අතර මෙහි දී දැනටමත් 55% ක් වන ප්‍රවීනයන් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් ද සහාය දක්වයි. ඔවුනට අනුව මෙම යුගලය, ඔක්තෝබර් මාසයේ මුල වාර්තා වූ අවම අගයන් එනම් 1.2920 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි;
  • USD/JPY. මෙම යුගලය සඳහා, පහතයාම (45%) කුඩා ප්‍රමාණයකින් ජය ගනී. ඔවුන්ගේ මතයට අනුව, ඩොලරය දිගටම පහත වැටෙනු ඇති අතර යුගලය 111.00 මට්ටමට ළඟා වනු ඇත. මෙම තත්වය සඳහා 70% ක් වන ප්‍රවණතා දර්ශකයන් හා ඔස්කිලේටර් සහය දක්වයි. කෙසේ වෙතත් දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 20% ක් දැනටමත් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා කරයි.
    විශ්ලේෂකයින්ගෙන් 35% ක් සමාන්තර චලනයක් සඳහා සහය ලබා දෙන අතර ඉතිරි 20% ක ප්‍රමාණය 113.15, 114.00 සහ 114.55 යන ඉලක්ක සහිතව ඉහල නැගීමක් සඳහා සහය ලබා දෙයි.
    ග්‍රැෆික් විශ්ලේෂණයේ කියවීම් වල‍ට අනුව, යුගලය 113.15 ක ප්‍රතිරෝධී අගයක් දක්වා ඉහල නැගීමෙන් පසුව යුගලය ඉක්මනින් 111.70 ක් දක්වා පහත යනු ඇත, පසුව 111.00 කලාපය දක්වා තවදුරටත් පහල යාමට උත්සාහ කරනු ඇත;
  • ක්‍රිප්ටෝ මුදල්. ඔක්තෝබර් 11 බ්‍රහස්පතින්දා බිට්කොයින් හි වැටීමත් සමග, සැප්තැම්බර් 8 දා නැවත ආරම්භ වූ එහි ඉහල නැගීමේ ප්‍රවනතාවය බිඳවැටී ඇත. පහතයාම දිගටම පවතී නම්, BTC/USD යුගලය $6,100 ක කලාපය තුළ දැකගත හැකිය. මීලඟ ආධාරක අගය $5,870 වේ. කෙසේ වෙතත්, ඍණාත්මක ප්‍රවෘත්ති නොමැති වුවහොත්, විශ්ලේෂකයින් පවසන පරිදි, බොහෝ දුරට බිට්කොයින් ආපසු $ 6,325-6,835 කලාපයට පැමිණෙනු ඇත.

2018 ඔක්තෝම්බර් 15 සිට 19 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

 Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න