2018 October 5

ක්‍රිප්ටෝ වෙළෙඳපොල වැටීමත් සමඟ, සුප්‍රසිද්ධ කහ ලෝහය එනම් රත්රන්, මූල්‍ය වෙළෙන්දන් සහ සමපේක්ෂකයින් සඳහා වඩාත් ආකර්ෂණීය මෙවලම් බවට පත්විය හැකිය. 

 

බිට්කොයින් වෙනුවට රත්රන්?

Forex වෙළදාම සඳහා වඩාත් සුලභ දෙය වන්නේ මුදල් යුගලයන් වන අතර එක්සත් ජනපද ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම, යුරෝ, ජපන් යෙන් ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගනියි. මෙම මුදල් සමග ගනුදෙනුවලදී බිට්කොයින්, එතිරියම්, ලයිට්කොයින් සහ අනෙකුත් ඩිජිටල් මුදල් ක්‍රමයෙන් ගනුදෙනු කිරීම සිදු කරන විට, පසුගිය වසරේ මැද භාගය වන තෙක්, තැරැව්කාර සමාගම්වල පිරිවැටුමේ ගණනය කිරීමේදී එම යුගලයන්ට සුවිශේෂී ස්ථානයක් හිමි විය.

කෙසේ වෙතත්, බිට්කොයින් හි තියුනු පහත වැටීමෙන් පසුව ඩිජිටල් මුදල් සඳහා වූ ඉල්ලුම පහත වැටීමට පටන් ගත් අතර බොහෝ වෙළඳුන් නැවත වරක් තම ලාභය වැඩි කර ගන්නා ආකාරය පිලිබඳ ප්‍රශ්නයකට මුහුණ දුන්හ.

එසේම, 2018 සරත් ඍතුවේ දී, එවැනි වූ ලාභදායී මෙවලමක් ලෙස රත්රන් හැඳින්විය හැකිය. සත්‍යවශයෙන්ම, වෙළෙන්දන් සඳහා ස්ථාවර ලාභයක් ලබා ගත හැකි මෙවලම රත්රන් වේ.

 

සංඛ්‍යා ලේඛන

වසර කිහිපයකට පෙර වෝල් ස්ට්‍රීට් ජර්නල් පාඨකයන්ට ඒත්තු ගැන්වූයේ, 'රත්රන්' යනු  අර්බුදයක්  නොකරන සහ උද්ධමනයෙන් ඔබව ඈත් කර තබන වටිනා ලෝහයක් ලෙසිනි. වොෂින්ටන් පෝස්ට් ඒ හා සමාන කාලයකදී ප්‍රකාශයට පත් කලේ, "රත්රන් යනු විනාශය" බවය. මෙම ගෞරවනීය ප්‍රකාශන දෙකම වැරදි විය.

වර්ෂ 2001 අප්‍රේල් 2 වනදා රන්වල මිල ගණන් $255.3 ක් දක්වා පහල ගියේය. ඊට පසු, දශකයක් තිස්සේ රත්රන් තම ආධිපත්‍ය පතුරවා ගත්තේය. මුල්‍ය වෙළදපොලේ වෙනත් වත්කම් සඳහා එවැනි ගතිකත්වයක් නිරීක්ෂණය වී නොමැත. 2011 දී රත්රන් $1,900 ක මට්ටමට ලඟා වූ අතර, $2,000 කට ආසන්න වටිනාකමකට ලඟා වීමට ඇති බව පෙනෙන්නට තිබුණි. එහෙත්, ඉන් පසුව, එහි වටිනාකම අවප්‍රමාණ වීම ආරම්භ විය. ධනාත්මකව දකින්නන් මෙම කඩා වැටීම නිවැරදි කිරීමක් ලෙස හැඳින්වූ අතර තවත් විශ්ලේෂකයින් පැවසුවේ එය සැබෑ වටිනාකම වෙත නැවත පැමිණීම බවයි. (ඔබ එකඟ නොවන්නේ නම්, එය බිත්කොයින් සමඟ ඇති තත්ත්වය අපට මතක් කර දෙයි). සමහර විශ්ලේෂකයින් පවසන පරිදි නව අවම අගය $350 ක් පමණ විය හැකිය. එහෙත් පසුගිය වසර වලදී රත්රන් හි මිල කිසි විටෙකත් $1000 කට වඩා පහත වැටී නැත.

ලෝක රන් කවුන්සිලයේ දත්ත දෙස බැලුවහොත්, මෙම වටිනා ලෝහය, මූල්‍ය සහ ආර්ථික කුනාටු අවස්ථාවලදී පවා ස්ථාවර ලෙස පවතින බව පැහැදිලිව පෙනේ. 2018 වසරේ මුල් මාස තුන තුළ එහි ඉල්ලුම 42% කින් වර්ධනය විය.

රුසියාව, චීනය, ඉන්දියාව සහ තවත් බොහෝ රටවල්වල මධ්‍යම බැංකු, පසුගිය දස වසර තුල සිය රන් සංචිත ක්‍රියාශීලී ලෙස පවත්වාගනිමින් සිටිති. උදාහරණයක් වශයෙන්, රුසියාවේ රන් සංචිත වසර තුනක් තුළ ටොන් 200 කින් වැඩි වී තිබේ. මැද පෙරදිග භූදේශපාලනික ආතතීන් හා එක්සත් ජනපදය සමග සම්බන්ධතා හි ඇති අර්බුද අවස්ථා වලදී පවා තුර්කියේ මහ බැංකුව පසුගිය වසරේ රත්රන් ටොන් 86 ක් මිලදී ගනිමින් රත්රන් මත රඳා සිට ඇත.

චීනය හා ඉන්දියාවට ස්තූතිවන්තවන්නට රත්රන් සඳහා ඉල්ලුම, ස්වර්ණාභරණ කර්මාන්තයෙහි දී ද වර්ධනය විය. ඉන්දියාවේ පමණක් ආභරණ සඳහා ඉල්ලුම ටොන් 560 ඉක්මවූ අතර චීනයේ ටොන් 645 කි. 2017 දී ලොව විශාලතම රටවල් 10 ක රන් සංචිත ප්‍රමාණය ටොන් 30,000 ක් පමණ වූ අතර එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 12 කි. (සන්සන්දනය කිරීම සඳහා, 2018 සැප්තැම්බර් මාසයේ සමස්ත ක්‍රිප්ටෝ වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 200 ක් පමණ වේ).

අපි මෙම සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත් කරන්නේ ඇයි? අපට අවශ්‍ය වන්නේ රත්රන් යනු බිට්කොයින් සහ සියලු ක්‍රිප්ටෝ මුදල් මෙන් නොව, භෞතික, ශුන්‍යයට වැටීමේ අවදානමකින් තොරව හුවමාරු කිරීම සඳහා වන විශිෂ්ට උපකරණයකි.

 

රත්රන් මත ලාභ ගන්නේ කෙසේද?

රත්රන් සමග ගනුදෙනු වලින් ලාභ ලැබීමට ඉඩ සලසන වෙළඳ ක්‍රමෝපායන් රැසක් තිබේ. NordFX හි ප්‍රධාන විශ්ලේෂක ජෝන් ගෝඩන්ට අනුව, බොහෝ විට විශ්වසනීය හා ලාභදායී උපාය මාර්ගයන්ගෙන් එකක් වන්නේ වත්මන් ලෝක සාර්ව ආර්ථීක හා දේශපාලන ප්‍රවනතා විශ්ලේෂණය පදනම් කරගත් වෙළදාමක් සිදු කිරීමයි.

එවැනි අවස්ථාවලදී, මෙම වටිනා ලෝහයේ මිල විශාල වශයෙන් රඳා පවතින්නේ පහත සඳහන් හේතු මත බව වෙළෙදුන් දැනගත යුතුය:

  • ඩොලරය තවත් ලෝක ව්‍යවහාර මුදල් දක්වා වර්ධනය වන විට, රන් මිල පහත වැටේ. අනෙක් අතට: ඩොලරය පහත වැටෙමින් තිබේ නම් රත්රන් වඩාත් මිල අධික වේ. EUR/USD සහ XAU/USD හි ප්‍රස්ථාර නිරීක්ෂණය මගින් මෙම සම්බන්ධතාවය පැහැදිලි වේ;
  • බලශක්ති මිල (විශේෂයෙන් තෙල් මිල) ඉහළ යන විට රන් මිල ඉහළ ය;
  • ලෝකය තුළ භූ-දේශපාලනික ආතතිය, විශේෂයෙන් සීතල හා උණුසුම් ගැටුම් සහ යුද්ධ (විශේෂයෙන්ම රන් පතල් කලාපය තුල) මගින් රත්රන් වේගයෙන් මිල ඉහල යයි;
  • ලෝක ආර්ථික අර්බුදය ද අවස්ථාවන් හි දී රත්රන් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ආයෝජකයින් මුල්‍ය කුණාටු හා කම්පන වලින් ආරක්ෂා කරයි

මෙම වටිනා ලෝහ වෙළඳාම ආරම්භ කරන විට, Forex තැරැව්කරුවන් සමඟ එවැනි ගනුදෙනු සම්ප්‍රදායික මුදල් වලින් ගණුදෙනු වලින් වෙනස් වන බව මතක තබා ගන්න. උදාහරණයක් ලෙස, මෙහි දී පරිමාණයන් එනම් ලොට් අගයන් මුදල් වලින් මනින්නේ නැත. නමුත් ලොට් 1 ක් ට්‍රෝයි අවුන්ස 100 කට සමාන වේ, වෙනත් වචන වලින් පවසන්නේ නම්, මෙම වටිනා ලෝහයෙන් කිලෝග්රෑම් 3.11 කි. එනම්, අවුන්ස 1 කට වර්තමාන මිල $1,200 වේ. එහි මූල්‍යමය වශයෙන් 1 ලොට් එකක වටිනාකම $120,000 වේ.

ඒ අනුව රත්රන් සමග වෙලදාම් කිරීමට මෙකී මුදල් බහුතරයක් වන වෙළෙන්දන් සතුව නොමැති බව පැහැදිලිය. එබැවින් ණය ලෙවරේජ් භාවිතා කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වේ. NordFX, වෙළෙඳාම් ගිණුම් වර්ග තුනක් මත 1: 1000 දක්වා ලෙවරේජ් අනුපාතය ලබා දෙයි: Fix, Pro සහ Zero. NordFX හි අවම ගනුදෙනුවක ප්‍රමාණය ලොට් 0.01 ක් වන අතර එම නිසා වෙළඳුන්ට වටිනා ලෝහ වෙළඳපොළට ඇතුළු වීමට අවශ්‍ය වන්නේ $1.5 ක් පමණ මුදලකි.

 

මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන අනාවැකි

NordFX වෙතින් නව පරණ ප්‍රවණතාව: රත්රන් වෙළඳාම1

එලඹෙන 2019 වසර සඳහා වන අනාවැකිවලට අනුව, විශේෂඥයින්ගෙන් වැඩි දෙනෙක් රත්රන් මිල ඉහළ යනු අපේක්ෂා කරයි. "2000 දී ආරම්භ වූ ඉහළයාමේ ප්‍රවනතවයෙහි මීලඟ පියවර සඳහා සූදානම් වීම පෙනෙන්නට තිබේ." යනුවෙන් 24hgold.com හි 24 හැවිරිදි හර්බට් මූල්මන් සඳහන් කල අතර "$1375 මට්ටම බිඳවැටීම මෙමගින් නිශ්චිතවම තහවුරු වනු ඇත." යනුවෙන් තවදුරටත් සඳහන් කර ඇත

ඒබීඑන් අම්රෝ සමාගමේ ජේයෂ්ට විශ්ලේෂක ජෝජ්ට් බොයෙල් පවසන පරිදි 2019 දී රන් මිල $1400 දක්වා ඉහළ නැංවීමට ඉඩ ඇත. "2018 අවසානය වන විට එක්සත් ජනපද ඩොලරය හා අවුරුදු 10 ක එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර උපරිමයට ළඟා වනු ඇති අතර පසුව එය පහත වැටෙනු ඇත. අවසානයේ යුවාන් වැටීම අවසන් වූ අතර වෙළඳාමේ ගැටුමේ සැලකිය යුතු උග්රවීම වලක්වනු ලැබිනි. එබැවින් වටිනා ලෝහවල මිල නැවත යථා තත්ත්වයට පත් වනු ඇත." යනුවෙන් බොයෙල් පවසයි.

ජේපී මෝර්ගන් කොමොඩිටීස් හි පර්යේෂණ විශ්ලේෂකයෝ අනාගතය පිළිබඳ ශුභවාදී වෙති. 2019 දී, ඔවුන් අපේක්ෂා කරන මිල $1412, 2020 දී එය $1,460 වේ. ඒ හා සමාන මිලක් වන $1,450 ක් ගෝල්ඩ්මන් සැච්ස් ආයෝජන බැංකු විශේෂඥයන් විසින් ද නම් කර ඇත.

දිගුකාලීන අනාවැකි පිලිබඳ විමසීමේ දී, ඕස්ට්රේලියා හා නවසීලන්ත බැංකු සමූහය පිළිබඳ අනාවැකි පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ANZ හි ප්‍රධාන ආර්ථික විද්යාඥ වොරන් හොගන් පවසන පරිදි ආසියාවේ ආදායම් වර්ධනය රන් වෙළෙඳපොළ සඳහා බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇති අතර 2025 වන විට

 එහි මිල $2,000 කට වැඩි විය හැකිය.

ගිල්බර්ට් ෆයිනෑන්ෂල් සර්විසස් කළමණාකරු සහ තරංග විශ්ලේෂක විශේෂඥ ඒවි ගිල්බට් විසින් අතිශය දිරිමත් අනාවැකියක් ලබා දෙන ලදී. ඔහු 2015 දී නිවැරදි කිරීම අවසන් කිරීම සහ ඉහල යාමේ ප්‍රවනතාවය පිලිබඳ නිවැරදිව අනාවැකි පල කළ බව සඳහන් කළ යුතු ය. ඔහුගේ මතයට අනුව, ඊළඟ වසර 50 තුල රත්රන් $25,000 දක්වා ඉහළ නැගිය යුතුය!


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න