2018 September 29

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. අපේක්ෂා කල පරිදි පසුගිය සතියේ යුරෝ හා එක්සත් ජනපද ඩොලරයට විශාල වශයෙන් බලපෑම් තිබුනි. පසුගිය දින පහ තුළ යුගලය 1.1525-1.1830 කලාපය ඇතුලත ගමන් කළේය. අවසානයේ දී ජයග්‍රහණය ඩොලරය සමග විය. මේ සඳහා හේතුව වූයේ ෆෙඩරල් රැස්වීමේ ප්‍රතිඵල, ඇමරිකාවේ දල දේශීය නිශ්පාදිතය හා යුරෝ කලාපයේ උද්ධමනය මෙන්ම ඉතාලියේ 2019 අයවැය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇති වූ ගැටලු, 2.4% ක හිඟයක් (අපේක්ෂිත 2%). මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යුගලය පොයින්ට් 245 ක විචලතාවයක් පෙන්නුම් කළ අතර සතියේ සැසිය අවසන් වන විට 1.1602 අගයක යුගලය පැවතිනි;
  • GBP/USD. පසුගිය සතියේ විශේෂඥයන්ගෙන් 55% ක්ම මෙම යුගලයේ වර්ධනය සඳහා සහය දුන්හ. 30% ක් යුගලයේ පහතයාමටත් ඉතිරි 15% සමාන්තර චලනයකුත් අපේක්ෂා කළහ. මෙය වඩාත් නිවැරදි අනාවැකිය බවට පත්විය. සතියේ පළමු භාගය වන විට, උපරිම වශයෙන් 1.3225 දක්වා ඉහළ ගොස් ඇති අතර දෙවැනි භාගයේදී පහත වැටුණි. එහි ප්‍රතිඵලයක් ලෙස යුගලය දින පහ තුළදී පොයින්ට් 45 කින් පහත වැටී 1.3030 දී සතිය අවසන් කළේය; 
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 40% ක්, 100% ක ප්‍රවණතා දර්ශක සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව යුගලය 113.20-113.75 සීමාවෙහි ගමන් කරනු ඇතැයි අනාවැකි පළ විය. මෙම යුගලය ඉහළට පැමිණියේ 113.70 අගයක් දක්වා පමණි.
    'යෙන්' පහත වැටීම සඳහා හේතුව ජපාන බැංකුවෙහි ප්‍රධානි හරුහිකෝ කුරෝඩා සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ ප්‍රධානී ජෙරෝම් පවෙල්ගේ ප්‍රකාශයන්ය. ඔවුන්ගෙන් පළමුවැන්නා කියා සිටියේ, ජපාන නියාමකයා විසින් අවම කිරීමේ ප්‍රතිපත්තිය කප්පාදු කිරීමට සැලසුම් නොකරන බවයි. එපමණක් නොව ඍණ 0.1% ක අඩු පොලී අනුපාතයක් තවදුරටත් පහත දැමිය හැකිය. පවෙල්ට අනුව, සැප්තැම්බර් 26 දා බදාදා වැඩිවීමට අමතරව, 2018 දී පොලී අනුපාතය තවත් වැඩිකිරීමට සැලසුම් කර ඇති අතර 2019 දී එය තව තවත් ඉහල යනු ඇති බව ඔහු පුවත්පත් සාකච්ඡාවක දී තහවුරු කලේය.
    මෙම තත්වය තුල වෙලඳපොලවල වෙනස්වීම් අපේක්ෂා කළ හැකි විය: ඩොලරය, එහි ක්‍රියාකාරී වර්ධනයක් අඛන්ඩව පවත්වාගෙන ගිය අතර සතියේ අවසානය වන විට 113.68 අගයකට පැමිණ තිබිණි;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ එක් දිශාවකට හෝ බරපතල ලෙස වෙනස් කළ හැකි විශේෂ ප්‍රවෘත්තියක් නොවීය. ඉහලම 10ට ඇතුළත් වන ක්‍රිප්ටෝ මුදල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය. සතියේ මුල් භාගය තුළදී බිට්කොයින් 7.5% ක පහත වැටීමක් පෙන්නුම් කර ඇති අතර පසුව එය 7.25% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් BTC/USD යුගලය $6,000 සිට $ 7,000 කලාපය නොයික්මවූ අතර $6,325-6,835 පටු සීමාවෙහි ගමන් කළේය. ලයිට්කොයින් (LTH/USD) සහ රිපල් (XRP/USD) සතියේ ආරම්භක අගයන්ට සමීපව සතිය අවසන් කළේය. එතීරියම් (ETH/USD) දින 7 ක් තුළ 8% ක පහත වැටීමක් පෙන්නුම් කරන ලදී, එය කොයිනයකට $225.0 ක් දක්වා පහත වැටී ඇත. දැන් එය සැප්තැම්බර් 6 - 7 දිනයන් හි මට්ටමේ පසුවේ.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ප්‍රවීණයන්ගෙන් (70%) ක්  සහ ප්‍රවණතා දර්ශක 90% ක් අනුමාන කරන්නේ ඩොලරයේ වර්ධනය තවදුරටත් ඇති වනු ඇති බවත් ඒ අනුව යුගලය ප්‍රථමයෙන් 1.1525 ක් දක්වා පහල ගොස් පසුව අගෝස්තු මාසයේ අවම අගය වූ 1.1300 දක්වා ඔක්තෝම්බර් මාසය තුලදී පහත වැටෙනු ඇති බවත්ය.
    විශ්ලේෂකයින්ගෙන් 30% ක් සහ ඔස්කිලේටර් 20% ක් වෙනත් මතයක් ඉදිරිපත් කර ඇති අතර ඔස්කිලේටර් සංඥා කරන්නේ යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවයි. H4 සහ D1 මත ග්‍රැෆික් විශ්ලේෂණයන් සමඟ ඒවායේ අනාවැකි අපි සංසන්දනය කරන්නේ නම් යුගලයේ වර්ධනය මධ්‍ය කාලීන-තිරස් කලාපයේ, 1.1525-1.1830 ඉහළ සීමාව දක්වා සීමා වේ. ඉහල යාම සඳහා ආසන්නම ඉලක්කය 1.1740 වේ.
    ඔක්තෝබර් 5 වන සිකුරාදා සාර්ව ආර්ථීක දත්ත නිකුත් කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපලේ සංඛ්‍යාලේඛන පිළිබඳව මෙන්ම  වැටුප්, විරැකියාව සහ NFP ඇතුලත් සංඛ්‍යාලේඛන වෙත අවධානය යොමු කළ යුතුය. ඇමරිකානු විශ්ලේෂකයින් අනාවැකි පල කරන්නේ කෘෂිකාර්මික අංශයෙන් පිටත නිර්මාණය කරන ලද නව රැකියා සංඛ්‍යාව අගෝස්තු අගයට වඩා 8% කින් පමණ අඩු වනු ඇති බවයි;

2018 ඔක්තෝම්බර් 01 සිට 05 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. විශේෂඥයින්ගෙන් 55% ක් මෙම යුගලය 1.2900 දක්වා පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කරයි. 25% යුගලය 1.3100-1.3145 කලාපය දක්වා ඉහල යනු ඇති බවට අනාවැකි පල කරන අතර ඉතිරි 20% ක් මධ්‍යස්ථ මතයක් ප්‍රකාශ කරයි. එක්සත් රාජධානියේ ආර්ථික කාර්ය සාධනය හා බ්‍රික්ස්ට් සමග ඇති අවිනිශ්චිතභාවය නිසා පවුම දුර්වල වනු ඇතැයි පවසන පිරිසෙහි මුලික හේතුව වී ඇත.
    දර්ශකය කියවීම: පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් සහ ප්‍රවණතා දර්ශකයන් බොහොමයක් රතු පාටින් වර්ණ ගැන්වී ඇති අතර 30% පමණ දැනටමත් දවසේ කාලරාමුව මත කොළ පැහැයෙන් වර්ණ ගැන්වී ඇත. ඒ අතරම, කාල රාමු දෙකෙහිම ඔස්කිලේටර් වලින් 20% ක් පමණ යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට ඉඟි කරයි. ග්‍රැෆික් විශ්ලේෂණයන් කියවීමේ දී නිශ්චිත මතයක් නැත: දවසේ කාලරාමුව මත පැහැදිලිව පෙන්නුම් කරන කලාපය 1.2800-1.2845 වන අතර පැය හතරේ කාලරාමුව මත දී 1.2980-1.3175 වේ;
  • USD/JPY. මෙහිදී මත සමානව බෙදී ඇත. විද්වතුන් 50% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් සහ 100% ක් වන ප්‍රවණතා දර්ශක වලට අනුව යුගලය 114.50 ක උසකින් යුක්ත විය යුතුය.
    විශේෂඥයින්ගෙන් දෙවන කොටස බරපතල නිවැරදි කිරීමක් හා යුගල 112.00 දක්වා පහත වැටීමක් අපේක්ෂා කරයි. ඔස්කිලේටර් 15% ක් යුගලයේ මිලදී ගැනීම් වැඩි වන බවට සංඥා කරයි. එය ඉහත මතය තහවුරු කරන්නකි;
  • ක්‍රිප්ටෝ මුදල්. සමස්තයක් වශයෙන් ක්‍රිප්ටෝ වෙළඳපළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 250 ඉක්මවා නැත, නමුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් වල අනුපාතය වර්ධනය වන්නේ හොඳ වෙළුම් මතය. ඉහල යාම ක්‍රමානුකූලව ශක්තිමත් වන බව පෙන්නුම් කරයි. රිපල් (XRP) සහ බිට්කොයින් කෑෂ් (BCH) මෙම මොහොතේ ආයෝජකයින් අතර ජනප්‍රිය වී ඇති අතර එම මුදල් හි අනාගතය යහපත් වෙතැයි අපේක්ෂා කරයි. පසුගිය සති තුන තුළ රිපල් දෙගුණයකින් වැඩි වී ඇති අතර බිට්කොයින් කෑෂ් 30% කින් වැඩි වී ඇත.
    ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම් ප්‍රාග්ධනීකරණය නුදුරු අනාගතයේදී ඩොලර් බිලියන 300 දක්වා ළඟා වනු ඇත්ද? බිට්කොයින් $7,000 ඉක්මවනවාද යන්නත් ප්‍රවෘත්ති පසුබිම මත රඳා පවතී. ධනාත්මක ප්‍රවෘත්ති නොමැති නම් $6,000-7,000 පරාසය තුල (නැතහොත් සීමිත නාලිකාවක - $ 6,325-6,835) ගමන් කිරීමට වඩාත් ඉඩකඩ ඇත.

 

 Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න