2018 September 15

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. පසුගිය සතියේ සෑම දිනක් තුළම, ඩොලරය පීඩනයකට ලක්වූ අතර සතිපතා ඉහලම සහ පහලම අගයන් අතර වෙනස වූයේ පොයින්ට් 200 ක් පමණි. ඊසීබී රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී යුරෝ කලාපීය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ සැලැස්ම වෙනස් නොවීය. එබැවින්, එක්සත් ජනපද මුදල් කඩා වැටීම සඳහා ප්‍රධාන හේතු කීපයක් විය. ඒ අතර පොලී අනුපාතය පොයින්ට් 625 කින් වැඩි කිරීම සඳහා තුර්කි නියාමකයාගේ තීරනය ඉවහල් විය. මෙහි ප්‍රතිපලයක් ලෙස තුර්කියේ 'ලීරා' මුදල් ඒකකය ඉහල ගිය අතර සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් ඒකක පමණක් නොව, යුරෝව ද පහතට ඇද දමන ලදී.
    පසුගිය සතියේ EUR/USD අනාවැකිය ලෙස 1.1530-1.1745 කලාපයේ ඉහළ මට්ටමේයුගලය පවතිනු ඇති බවට විශේෂඥයින් පෙන්වා දෙනු ලැබිය. මෙම අනාවැකිය සම්පූර්ණයෙන්ම නිවැරදි විය: සතියේ උපරිම අගය 1.1725 ක් වූ අතර දින පහක කාලසීමාව අවසන් වූයේ 1.1622 හි දී ය;
  • GBP/USD. සාමාන්‍යයෙන් මෙම යුගලයේ සතිපතා ප්‍රස්ථාරය EUR/USD යුගලයට සමාන වේ. සැප්තැම්බර් 14 වන සිකුරාදා බ්‍රිතාන්‍ය පවුම 1.3147 දක්වා ඉහළ ගියේය. එය සති හයක ඉහලම අගය දක්වා ඉහළ ගියේය. එංගලන්ත බැංකුවෙහි ප්‍රධානි මාර්ක් කර්නිගේ ප්‍රකාශ මේ සඳහා ඉවහල් විය. ඔහුගේ මතය අනුව, බ්‍රික්ස්ට් පිලිබඳ එකඟතාවයක් නොමැතිකම මගින් පවුමේ වැටීමට තුඩු දෙන අර්බුදයක් ඇති වීමට හේතු වනු ඇත එම නිසා බ්‍රිතාන්‍ය නියාමකයා පොලී අනුපාත ඉහල දැමීම උත්සහ කරනු ඇත. පසුගිය සතිය අවසානයේදී මෙම යුගලය 1.3065 හි ස්ථානගත වී තිබිණි;
  • USD/JPY. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ලබා දී ඇති අනාවැකියට අනුව මෙම යුගලය 112.15 ක උසකින් දක්වා වර්ධනය විය යුතු විය. සතියේ අවසානයේ දී යුගලය මෙම උසට ලඟා විය. අනෙකුත් බොහෝ මුදල් යුගලයන්ට සාපේක්ෂව ඩොලරය පහත වැටුණු නමුත් ජපන් 'යෙන්' ට එරෙහිව එය ක්‍රියාශීලීව වර්ධනය වෙමින් පවතී. මේ සඳහා හේතු වන්නේ එක්සත් ජනපදය සමග වෙලඳ යුද්ධයක ආරම්භය සහ ඉරාන තෙල් මත ජපානය යැපීම වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය දින පහ තුළ පොයින්ට් 100 ක් පමණක් ඉහල ගියේය;
  • ක්‍රිප්ටෝ මුදල්. අපේක්ෂා කළ පරිදි සතියේ ආරම්භයේ දී යුගලයේ පහත යාම $6,000 මට්ටමෙන් බිඳී යාමට උත්සාහ කළ නමුත්, එම තත්වයට පත්වීමට බිට්කොයින්ට් සමත් නොවිය. කෙසේවෙතත් BTC/USD යුගලය නැවත ඉහළ ගියේය. නමුත් යුගලයේ කැපී පෙනෙන වර්ධනයක් සඳහා වන හේතු සාධක තවමත් ප්‍රමාණවත් නොමැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ යුගලය ඉතා නිහඬව ගත කල අතර යුගලයේ පැතිරීම 6,120-6,590 කලාපයේ විය.
    එතීරියම් (ETH/USD), ලයිට්කොයින් (LTH/USD) සහ රිපල් (XRP/USD) යුගලයන්ගේ හැසිරීම, සතිය මුළුල්ලේම සමාන්තර චලනයක් ලෙස සැලකිය හැකිය. සතියේ මැද දී මෙම යුගලයන් යම් තරමකින් පහල ගියද සතිය අවසන් වන විට නැවත මුල් අගයන් කරා ලඟා වීමට හැකි විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මෙම යුගලයේ මූලික විශ්ලේෂනයට අනුව එළඹෙන සතියේ විශේෂිත වැදගත් සිදුවීමක් අපේක්ෂා නොකෙරේ. සඳුදා යුරෝපීය සංඛ්‍යාලේඛනවලින් සහ බ්‍රහස්පතින්දා ඊසීබී ප්‍රධානි එම්. ඩ්‍රාගි ගේ ප්‍රකාශ වලින් සැලකිය යුතු බලපෑමක් මෙම යුගලයට ඇති වේ යැයි අපේක්ෂා නොකරේ බොහෝමයක් ඔස්කිලේටර් (60%) අළු පැහැයෙන් දිස්වේ . ඉතිරිව ඇති 30% ක් කොළ වර්ණයෙන්ද, ඉතිරි 10% රතු වර්ණයෙන්ද පෙන්නුම් කරයි. ප්‍රවීණයන්ට අනුව 55% ක් යුගලයේ වර්ධනයට සහය දක්වන අතර යුගලය 1.1745-1.1845 කලාපයේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව මෙම යුගලය, 1.1630 අගය මධ්‍ය අගය කර ගනිමින් 1.1525-1.1745 කලාපයේ පවතින බව විශ්වාස කෙරේ. එහෙත් දවසේ කාලරාමුව මත දී අගෝස්තු මාසයේ අවම අගය වන 1.1300 දක්වා යුගලය පහත යනු ඇතැයි යන්න ඉවත් නොකරයි;
  • GBP/USD. මාර්ක් කර්නර්ගේ ප්‍රකාශ අනුව යමින් 60% ක් වන ප්‍රවීණයන්, ඔස්කිලේටර් අති විශාල බහුතරයක්, ප්‍රවණතා දර්ශක සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් අනාවැකි පල කරන්නේ යුගලය 1.3210-1.3315 කලාපය දක්වා වර්ධනය වනු ඇති බවයි.
    විශ්ලේෂකයින්ගෙන් 20% ක් මධ්‍යස්ථ තත්ත්වයකට පත්ව ඇති අතර තවත් 20% ක් විශ්වාස කරන්නේ ඩොලරය සිය තත්වය යථා තත්ත්වයට පත් කර ගන්නා බවත් යුගලය 1.2955 සහ 1.2800 දක්වා පහත යනු ඇති බවත්ය. අවසන් ඉලක්කය වන්නේ අගෝස්තු මස 15 වන දින අවම අගය වූ 1.2660 මට්ටම වේ. මෙම තත්වයට ඔස්කිලේටර් 10% ක් සහය දක්වයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව දකුණු දෙසට යාමට පෙර මෙම යුගලය 1.3210 දක්වා වර්ධනය විය හැකිය;

2018 සැප්තැම්බර් 17 සිට 21 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. 19 වන බදාදා ජපානයේ බැංකු රැස්වීම සහ පොලී අනුපාත මගින් යුගලයේ ප්‍රවණතාවයට බලපෑම් ඇති කල හැකි අතර එය ඍණාත්මක වෙනසක් විය හැකිය, -0.1% කි. එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ සබඳතා තත්වය, වෙළඳාමේ තවත් ඉදිරි පියවරක් විවෘත කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ කැමැත්ත මෙන්ම, ජපානය සමග වෙලඳාම මත මෙම යුගලයේ ප්‍රවනතාවයන් රඳා පවතින බව නිසැකය.
    මේ මොහොතේ විශ්ලේෂකයින්ගෙන් 50% ක් ප්‍රථමයෙන් යුගලය 111.00 දක්වා පහතටත් ඉන් පසුව 110.35 දක්වා පහතටත් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. මෙම තත්වය සමඟ ඔස්කිලේටර් 15% ක් එකඟ වේ.
    වෙනත් මතයකට අනුව, යුගලය 113.20 උසකට වර්ධනය වනු ඇති අතර ඒ සඳහා විශේෂඥයින්ගෙන් 35% ක්, ඔස්කිලේටර් 85% සහ පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක 100% සහය දක්වයි. විශ්ලේෂකයින්ගෙන් 15% ක් තම මතය ප්‍රකාශ නොකළහ; 
  • ක්‍රිප්ටෝ මුදල්. $6,000 සිට $7,000 කලාපයේ BTC/USD රැඳී සිටීම මගින් වෙලඳපොල දැන් කෙටි කාලීන ප්‍රවණතා විසින් ආධිපත්‍ය දරන බව පෙන්නුම් කරයි. ක්‍රිප්ටෝ මුදල් සඳහා දැඩි කැමැත්තක් දක්වන දිගුකාලීන වෙළෙන්දන් මෙම යුගලයෙහි වර්ධනයක් පෙන්නුම් කරන තුරු බල සිටිති. මේ අතර, සමස්ත ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 200 ක් පමණ වේ. මේ අනුව, සැප්තැම්බර් 12 දා ඩොලර් බිලියන 186 ක මට්ටමකට ගෙන ඒමෙන් පසුව වෙලඳපොල ඩොලර් බිලියන 200 ක තත්වයට පත් වුනි. ලබන සතියේ $6,000 ක ආධාර බිඳ දමමින් යුගලය පහතට ගමන් කිරීමට තවත් උත්සාහයක් දරනු ඇත. කෙසේවෙතත්, බිට්කොයින් 6,620 ට වැඩි අගයකින් පැවතිය හැකි නම්, මෙම යුගලය සැප්තැම්බර් 5 වන දින ඉහළම අගය වූ 7.410 අගයට නැවත පැමිණීමට බොහෝ අවස්ථාවන් තිබේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න