2018 September 8

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. ප්‍රවණතා සහ ඒවායේ වෙනස්කම් වලට අනුව පසුගිය සතියේ ලබා දී ඇති අනාවැකිය සම්පුර්ණයෙන් නිවැරදිව විය: සැප්තැම්බර් 6 වන අඟහරුවාදා වන විට ඩොලරයේ දුර්වල වීමත් යුගලයේ වර්ධනය විමත දක්නට ලැබුණි. එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත හේතුවෙන් ඩොලරය ශක්තිමත් වීමක් පසුව සිදු වූ අතර ඒ හේතුවෙන් සතිය අවසාන වන විට යුගලයේ පහතයාමක් දක්නට ලැබුණි. යුගලයේ උච්චාවචනය බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු තරම් පහළය. එනම් ගිම්හානයේ අවසාන කාලයටත් වඩා පහලය. උච්චාවචනය පොයින්ට් 130 ක් විය. NFP (ගොවිපල නොවන වැටුප් ගෙවීම්) 36.7% (147K සිට 201K) දක්වා වර්ධනය වීම නිසා වෙළඳපොළ ඊට ප්‍රතිචාර දැක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය දින පහක කාල පරිච්ඡේදය 1.1552 දී අවසන් වූ කළේය. ඩොලරයේ තත්ත්වය පොයින්ට් 50 න් පමණක් ඉහල ගියේය;
  • GBP/USD. යුරෝවට මෙන් නොව, යුරෝපීය නිලධාරීන් බ්‍රික්ස්ට් මත නිකුත් කරන ප්‍රකාශයන් නිසා පවුමේ උච්චාවචනය වර්ධනය වෙමින් පවතයි. පසුගිය සතියේ එය පොයින්ට් 240 ඉක්මවීය. බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය අතර දේශ සීමාවේ තත්වය පිලිබඳ මයිකල් බාර්නිගේ ප්‍රකාශය නිසා පවුමේ අවසන් පැනීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ විශ්ලේෂකයින් (60%) උපකල්පනය කර ඇති පරිදි, යුගලය සිකුරාදා වන විට ඉහලට එනම් 1.3025 මට්ටම කරා ළඟා විය. කෙසේවෙතත් පසුව එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොල පිළිබඳ ප්‍රවෘත්ති මගින් ඩොලරය පොයින්ට් 110 කින් ඉහළ නංවාගත් අතර, එමඟින් EUR/USD හා සමානව යුගලය සතියේ ආරම්භක අගයන් වෙත නැවතත් පැමිණුනු අතර 1.2915 ලෙස අගය සදහන් විය;
  • USD/JPY. ප්‍රවීණයින්ගෙන් 55% කට වඩා වැඩි ගණනක්, දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් සහ ග්‍රැෆික් විශ්ලේෂණයන්ගේ අනාවැකිය වුයේ යුගලය, ඉතා සීමිත පරාසයක 110.00-111.45 ක ගමන් කරනු ඇති බවයි. මෙම අනාවැකිය එලෙසම නිවැරදි විය: ඒ අනුව සතිය තුල යුගලයේ ගැන මග 110.37-111.75 කලාපයේ විය. යුගලය සතියේ අවසානයේ දී කලාපයේ මධ්‍ය අගය වෙත ආපසු පැමිණ 111.00 හි දී සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. BTC/USD සඳහා වූ පසුගිය සතියේ අනාවැකියේ දී මෙම යුගලය ප්‍රථමයෙන් $7,760 දක්වා ඉහළ නගිනු ඇති බවත් (සැබවින්ම $7,400 දක්වා ඉහළ ගියේය), පසුව නිවැරදි කිරීම හා යුගලයේ පහතයාම $6,000-6,230 කලාපයට වඩා අඩු මට්ටමකට පහත නොබසිනු ඇති බවත් ප්‍රකාශ විය. සැබවින්ම බිට්කොයින් මිල $6,300 ක් දක්වා පහත වැටී ඇති අතර, පැය 16 ක් තුල 15% කින් පමණ අවප්‍රමාණ වී ඇත.
    එතීරියම් හි තත්වය ඊටත් වඩා කණගාටුදායක ය: ETH/USD යුගලය 30% ක් පමණ අහිමි වී ඇති අතර එය 302.1 සිට 211.6 දක්වා පහත වැටී ඇත. ලයිට්කොයින් (LTH) මිල 22% කින් පහත වැටී ඇත ( XRP) - 20% කිනි.
    මෙම පහතවැටීම සඳහා හේතු දෙකක් තිබේ: 1) පරිශිලකයන්ගේ ලියාපදිංචිය ඇතුළත් කර ගැනීමේ සහ ඔවුන්ගේ පෞද්ගලික දත්ත එකතු කිරීම ආරම්භ කිරීමට ශේප්ශිෆ්ට් ක්‍රිප්ටෝ වේදිකාව තීරනය සහ 2) ප්‍රවෘත්තිය: (පසුව ව්‍යාජ විය) ගෝල්ඩ්මන් සැචේ ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම සඳහා විශේෂ ඒකකයක් නිර්මාණය නොකිරීම.
    සැබවින්ම මෙම ප්‍රවෘත්ති දෙකෙන් එකක්වත් ක්‍රිප්ටෝ වෙළඳපොල සඳහා කිසිදු අර්ථවත් වැදගත්කමක් තිබුණේ නැත. මෙය පුද්ගලික සමාගම්වල පුද්ගලික විසඳුම් පමණක් වේ.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මූලික විශ්ලේෂණයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, සැප්තැම්බර් 13 වන බ්‍රහස්පතින්දා අපේක්ෂා කරන වැදගත්ම සිදුවීම්ඊ ලෙස ECB හි පොලී අනුපාත තීරනය හා ECB පුවත්පත් සාකච්ඡාව හැඳින්විය හැකිය. පොලී අනුපාතයට අනුව යුගලයේ විශාල වෙනස්කමක් අපේක්ෂා නොකෙරේ. එහෙත් පුවත්පත් සාකච්ඡාවට අනුව යුරෝ කලාපයේ මුදල් ප්‍රතිපත්තියට අදාල තොරතුරු හේතුවෙන යුගලයේ විශාල වෙනස්කම් සිදුවිය හැකිමුත් මෙය ආසන්නතම අනාගතයේදී සිදුවිය නොහැකි ය. එහෙත් එක්සත් ජනපද ෆෙඩරල් සංචිත තීරණ ගැන කිව නොහැක.
    එම බ්‍රහස්පතින්දාම, එක්සත් ජනපදයේ උද්ධමනය පිලිබඳ දත්ත ප්‍රකාශයට පත් කරනු ඇති අතර මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීම පිලිබඳ බරපතල සංඥාවක් නිකුත් කර තිබේ. සැප්තැම්බර් මාසයේදී මෙම සිදුවීම සිදු වනු ඇති බවට වෙළඳපළ 100% ක් විශ්වාස කරයි. දෙසැම්බරයේ දී පොලී අනුපාත තවත් වර්ධනය වනු ඇත්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙළෙන්දෝ හා විශේෂඥයන් බලා සිටිති.
    මෙම අපේක්ෂාවන් මත පදනම්ව, බොහෝ විශ්ලේෂකයින් (60%) ඩොලරයේ වර්ධනය හා යුගලයේ පහල යාම අපේක්ෂා කරයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය, 85% ක් වන ඔස්කිල්ලේටර් සහ ප්‍රවණතා දර්ශක එම මතය සමග එකඟ වේ. ආසන්නතම ආධාරක අගය 1.1530 සහ 1.1400 ක් වන අතර සැප්තැම්බර් අවසානයේ ඉලක්කය - ඔක්තෝබර් මස මුල 1.1300 සහ 1.1125 වේ.
    ඉතිරිව ඇති 40% ක විද්වතුන් විශ්වාස කරන්නේ මෙම යුගලයේ නිවැරදි කිරීම තවමත් අවසන්ව නැති බැවය. එමනිසා එය සමාන්තරව1.1530-1.1745 කලාපයේ ගමන් කළ හැකිය. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ 15% ක් වන ඔස්කිලේටර් සංඥා කරන්නේ යුගලයේ විකිණුම් වැඩි වනු ඇති බවයි;

2018 සැප්තැම්බර් 10 සිට 14 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. එක්සත් රාජධානියේ සර්ව ආර්ථීක දත්ත සඳුදා (දදේනි) නිකුත් කරන අතර අඟහරුවාදා (ගෙවීම්) සහ නැවතත් බ්‍රහස්පතින්දා එංගලන්ත බැංකුව එහි පොලී අනුපාතය තීරණ නිකුත් කරනු ඇත. බොහෝ විට අනුපාතය 0.75% මට්ටමේ පවතිනු ඇත. එමෙන්ම, සම්ප්‍රදායිකව යුරෝපීය සංගමයෙන්තා බ්‍රිතාන්‍ය "වෙන්වීම" පිළිබඳ ප්‍රවෘත්තිය මෙම යුගලය වටා ඉතා සමීපව කටයුතු කරනු ඇත.
    මෙම තත්වය තුළ ප්‍රවණතා දර්ශකයන්ගේ කියවීම් මෙන්ම විද්වතුන්ගේ අදහස් දෙකට බෙදී ඇත. ඔස්කිලේටර් මගින් පැහැදිලි සංඥා නිකුත් කරන්නේ නැත: ඒවායින් 50% ක් සමාන්තර චලනයක් පෙන්නුම් කරන අතර 25% ක් කොළ වර්ණයෙනුත්, 25% රතු වර්ණයෙනුත් වර්ණ ගැන්වී ඇත.
    ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, ඩොලරයේ තවදුරටත් වර්ධනය සහ යුගලය ප්‍රථමයෙන් 1.2785-1.2800 කලාපය තුලට පහත බසිනු ඇති අතර පසුව ඊටත් පහතට එනම්, 1.2660 මට්ටම දක්වා පහත බසිනු ඇති බවට දවසේ කාලරාමුව මත ප්‍රස්ථාරයෙන් දක්වයි. පැය හතරේ ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, යුගලය දකුණු දෙසට ගමන් කිරීමට පෙර 1.2935 අගය තම මධ්‍ය ලක්ෂය කොට ගනිමින් 1.3035-1.3040 කලාපයේ ගමන් කරනු ඇත;
  • USD/JPY. වෝල් ස්ට්රීට් ජර්නලයේ ජේම්ස් ෆ්‍රීමන්ගේ ලිපිය වෙත මූල්‍ය ප්‍රජාව අවධානය යොමු කල අතර එහි දී ජපානය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධවල නව ඉලක්කයක් බවට පත්වනු ඇති බවට වාර්තා කළේය. එම අවස්ථාවේදී ෆීමන් විසින් එක්සත් ජනපද ජනාධිපති සමඟ පෞද්ගලික දුරකථන සංවාදයක් ඊට  මුලාශ්‍ර වූ බව දක්වයි.
    එම නිසා ජපානය යුද්ධය ආසන්නයට පැමින සිටී. මීට අමතරව ඊලඟ වසර සඳහා සැලසුම් කළ වෙළඳ බදු වැඩිවීම හා ඉරාන තෙල් මත රඳා පැවතීම මෙයට එකතු කළහොත් ඇමරිකානුවන්ගේ ප්‍රභලත්වය වැඩි වේ. පවුල තුල අදායම් ඉහල යාම හා ගෘහස්ථ වියදම්, උද්ධමනය 2% ක අගයක් දක්වා පහත යාම ආදී හේතුන් ජපානයේ වාසියට හේතු වේ.
    මේ අනුව විශේෂ: 55% ක්ම යුගයේ පහත යාම සඳහා වන අතර 45% ක් එහි වර්ධනය සඳහා සහය පල කරයි. දර්ශකයන් තුලින් කිසිදු පැහැදිලි රුපයක් ලබා නොදෙයි. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය 1.10.30-111.80 කලාපය තුල යුගලය ගමන් කරනු ඇතැයි අනාවැකි පල කරයි. කාල රාමුව, දවසේ කාලරාමුව වෙත ගමන් කිරීමේදී, යුගලයේ විචලන පරාසය 109.80-112.15 දක්වා විහිදෙයි;
  • ක්‍රිප්ටෝ මුදල්. BTC/USD යුගලය $6,000 ක මට්ටමෙන් බිඳ වැටීමට උත්සහ කරනු ඇති අතර මේ වර්ෂයේ අවම අගය දක්වා එනම් $5.760 දක්වා යුගලය පහත බසිනු ඇත. සමහර අවස්ථාවලදී එය සමාන්තර චලනයක් පෙන්විය හැකි අතර $6,230-6,640 කලාපය තුල ගමන් කරනු ඇත. මීළඟ ප්‍රතිරෝධී කලාපය $6,895-6,985 වේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න