2018 September 2

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. අපේක්ෂිත පරිදි, සතිය මුලුල්ලේම ආර්ථික ප්‍රවෘත්ති වලින් පිරී තිබුණු අතර එම නිසා යුගලය පළමුව වර්ධනය වූ අතර පසුව මෙම යුගලය පහතයාම සිදුවිය. එක්සත් ජනපද-චීන සාකච්ඡා වලදී එක්සත් ජනපද ජනාධිපති හා ෆෙඩරල් ප්‍රධානියා අතර ඇතිවූ ප්‍රතිවිරෝධතා මත විශ්වාසය තැබූ විද්වතුන් 45% ක්, ඩොලරයට තවදුරටත් දුර්වලවීමත්, යුගලයේ වර්ධනය 1.1750 දක්වාත් ඉහළ යාමක් අපේක්ෂා කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස යුගලය 1.1735 දක්වා ඉහල ගියේය.
    යුරෝ කලාපයේ දුර්වල සංඛ්‍යාලේඛන නිසා ඩොලරය ශක්තිමත් විය හැකි බව විශ්ලේෂකයින්ගෙන් 35% පසුගිය සතියේ දී මත පල කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස එම විශේෂඥයින්ගෙන් 25% ක් ප්‍රධාන ප්‍රවණතාවේ දිශාව තීරණය කළ නොහැකි බව පැවසු අතර එය මුළුමනින්ම නිවැරදි විය. ඒ අනුව යුගලයේ සතියක උච්චාවචනයන් අවසන් වීමෙන් පසු සතිය ආරභයේ පැවතී අගයන් නැවත ලබා ගත් අතර සතිය අවසානයේ 1.1600 අගයක් සටහන් විය.
    අපි, දවසේ කාලරාමුව සහ සතියේ කාලරාමුවෙහි ප්‍රස්ථාර දෙස අවධානය යොමු කරන්නේ නම්, අගෝස්තු මාසයේ උපරිම අගයට පසු යුගලය 1.1300 දක්වා පහත වැටී ඇති අතර එය නැවත වරක් 1.1575-1.1750 කලාපයට ඇතුල් වී ඇත;
  • GBP/USD. බ්‍රික්ස්ට් සම්බන්ධ ගැටලු නිසා විදේශීය ආයෝජකයින් තවදුරටත් බියෙන් සිටිති. අගෝස්තු 30 දා ප්‍රකාශයට පත් කරන ලද දත්තයන් මගින් පෙන්නුම් කරන්නේ බ්‍රිතාන්‍ය වත්කම් වලින් ඉවත් වීම සඳහා ඔවුන් ක්‍රියාශීලීව කටයුතු කරන බවයි. 1982 සිට ආන්ඩුවේ බැඳුම්කර විකිණීම ඉහළම අගයක් ගෙන ඇති අතර එය පවුම් බිලියන 17.2 කි. මෙම යුගලය සතියේ දින පහක කාලය අවසානයේදී 1.2960 අගයක් දක්වා ගමන් කර තිබිණි;
  • USD/JPY. බොහෝ විද්වතුන් (65%) පසුගිය සතියේ පැවසු පරිදි ඉලක්කය වුයේ 112.00 කි. ඔස්කිලේටර් 20% ක් මගින් සංඥා කරන ලද්දේ යුගලයේ මිලදී ගැනීම් වැඩි විය හැකි බවයි. 110.75 මට්ටම ආසන්නතම ආධාරක අගය ලෙස හැඳින්වීය.
    සැබවින්ම සිදු වූ වූයේ මෙයයි: යුගලය 111.82 ක උසකට වර්ධනය වී පසුව 110.70 දක්වා පහත ගොස් ඇති අතර අපේක්ෂා කල ඉලක්කය නිවැරදි වුවා ලෙස සැලකිය හැකිය. අවසානයේ දී 111.10 කලාපය තුළ යුගලය රැඳුණු අතර එම අගය පසුගිය සති හය තුළ මධ්‍ය අගය සැලකිය හැකිය;
  • ක්‍රිප්ටෝ මුදල්. ඇමෙරිකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිසම (SEC) විසින් ඇරබීම සඳහා වූ තවත් අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලදී. මෙම අයැදුම්පත් නැවත සලකා බැලීම කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තිබුණු අතර, බීට්කෝන්, ලයිට්කොයින් සහ එතීරියම් සමඟ වෙළඳ කටයුතු මෙහෙයවීම සඳහා යාහූ මුල්‍ය සමාගම ක්‍රියා කිරීම පිළිබඳවද තොරතුරු වාර්තා විය.
    විශේෂඥයෝ $6,850 ක උසකින් BTC/USD යුගලය පවතිනු ඇති බවත් පසුව එය $7,760 දක්වා ඉහලට ගමන් කරනු ඇති බවත් අනාවැකි පල කළේය. සතියේ වාර්තා වූ ධනාත්මක ප්‍රවෘත්ති නිසා යුගලය පහසුවෙන් $6,850 ක ප්‍රතිරෝධයෙන් බිඳී ගිය නමුත් ඉහල යාමේ ශක්තිය $7,130 හි දී අවසන් වී නැවත තරමක් පහලට ගමන් කළේය. කෙසේ වෙතත්, මෙම සතියේ අවසානය වන විට මෙම යුගලය නැවත $7,000 ඉක්මවීමට හැකි විය.
    අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් සැලකීමේදී, ඔවුන්ගේ ප්‍රස්ථාරයන් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල අනුගමනය කිරීම නැවත නැවතත් පෙන්නුම් කරන ලදී. නමුත් එයින් මිදී, 9% ක පමණ කුඩා වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වූයේ ලයිට්කොයින්ට (LTH) පමණි. නමුත් එතීරියම් (ETH) සහ රිපල් (XRP) සතියේ මැද භාගයේදී වර්ධනය වූ පසු නැවත ඔවුන්ගේ මුල් අගයන් කරා වෙත පැමිණුනි.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ඉදිරි සතියේ ප්‍රධාන ප්‍රවණතා පහත පරිදි අර්ථ දැක්විය හැකිය: සතියේ පළමු භාගයේ කුඩා වර්ධනයක් සහ දින පහක කාලය අවසානයේදී යුගලයේ පහත යාමක් අපේක්ෂා කල හැකිය.
    පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් 15% ක් යුගලයේ විකිණුම් වැඩි වන බවට ඉඟි කරයි. මීට අමතරව, සැප්තැම්බර් 04 වන අඟහරුවාදා එක්සත් ජනපදයේ ව්‍යාපාරික කටයුතුවල දත්ත හි ඍණාත්මක ස්වරූපයක් බලාපොරොත්තු වේ. එමගින් ඩොලරය දුර්වල විය හැකි අතර, යුගලය 1.1700-1.1750 කලාපය දක්වා ඉහළ නැංවීමට ඉඩ ඇත. මීලඟ ප්‍රතිරෝධය 1.1800 වේ.
    කෙසේ වෙතත් බොහෝ විද්වතුන් (60%) ඩොලරය ශක්තිමත් වීමක් බලාපොරොත්තු වේ. මෙය බ්‍රහස්පතින්දා ADP හි දත්ත සහ සිකුරාදා නිකුත් වීමට නියමිත NFP දර්ශක දත්ත මගින් ඩොලරයට ප්‍රබල සහයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර යුගලය 1.1300 කලාපය දක්වා පහත යනු ඇත. ආසන්නතම ආධාරක කලාපය 1.1500-1.1525 වේ. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුවෙහි ග්‍රැෆික් විශ්ලේෂණය මෙම මතය සමඟ එකඟ වේ.
    මධ්‍ය කාලීනව, දළ දේශීය නිෂ්පාදිතයේ ධනාත්මක වර්ධනයක් හා ශක්තිමත් ශ්‍රම වෙළඳපොළ, ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රතිපත්ති පිලිවෙත දැඩි කිරීම සඳහා බලවත් සාධකයක් වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජනපද මුදල් තවදුරටත් ශක්තිමත් කිරීමක් සිදු වේ;
  • GBP/USD. බොහෝ විශ්ලේෂකයින් (60%) යුගලයේ වර්ධනයක් අපේක්ෂා කරයි. මයිකල් බර්නර්ගේ අද්විතීය යෝජනාව සහ මහා බ්‍රිතාන්‍යයේ සේවා අංශයේ ව්යාපාර කටයුතු වල දර්ශකය සැලකිල්ලට ගැනීමේදී අගෝස්තු මාසයේදී එහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, නිවැරදි කිරීම දිගටම පැවතිය හැකි අතර යුගල 1.3140-1.3170 කලාපය දක්වා ඉහළ යනු ඇත. දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 80% කට වැඩි ප්‍රමාණයක් හරිත වර්ණයෙන් වර්ණ ගැන් වී ඇත.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ 40% ක් වන විද්වතුන් විකල්ප අදහසක් ප්‍රකාශයට පත් කරයි. එයට අනුව මෙම යුගලය ඉක්මණින්ම පහතට ඇද වැටෙනු ඇති බව ප්‍රකාශිතය. ආසන්නතම ආධාරක කලාපය 1.2800 වන අතර ප්‍රධාන ඉලක්කය 1.2660 වේ;
  • USD/JPY. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව යුගලය 110,00-111,4 පටු සීමාව තුල චලනය වේ. විශේෂඥයන් 55% ක ප්‍රමාණයක් හා ඔස්කිලේටර් මෙම තත්වය සමග එකඟ වේ. ඔස්කිලේටර් සමාන ලෙස කොළ, රතු සහ උදාසීන අළු වර්ණයන්ගෙන් වර්ණ ගැන් වී ඇත. එවැනි අනාවැකියකට හේතු ද සමාන වේ. එක් අතකින් ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට ඇති බාධා හා එක්සත් ජනපද ආර්ථිකයේ සාර්ථකත්වය මෙන්ම අනෙක් අතට, එක්සත් ජනපද-චීන යුද්ධය නිසා 'යෙන්' ට ලැබී ආරක්ෂාව සැලකිය හැකිය.
    යුගලය ඉහත කලාපයෙන් ඉවත්ව යන්නේ නම් ආධාරක 109.30 සහ 108.65 අගයන් වල වන අතර ප්‍රතිරෝධය 112.15 සහ 113.15 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. BTC/USD යුගලය සඳහා පහතයාමේ ඉලක්කය තවමත් පවතිනු ඇත: $6,230 ක ආධාරකය බිඳ වැටීමකදී $6,000 සහ $5,760 දක්වා යුගලයේ පහතයාමක් සිදු විය හැකිය. කෙසේ වෙතත්, කිසිවක් අසාමාන්‍ය සිදුවීමක් වාර්තා නොවේ නම්, $6,000-6,230 කලාපයේ ලාභ මට්ටමට වඩා පහත වැටීම දැන් සිදු විය නොහැකිය.
    බොහෝ විද්වතුන්ගේ මතයට අනුව, මෙම යුගලයේ වර්ධනය $7.760 දක්වා ඉහළ යාමට ඉඩ ඇත, පසුව නිවැරදි කිරීමක් බලාපොරොත්තු විය හැකි අතර ජුලි මස 25 වන දින ඉහළම අගය වූ $8,500 දක්වා ඉහළට යාමක් අපේක්ෂා කරයි.

2018 සැප්තැම්බර් 03 සිට 07 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න