2018 August 5

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. පසුගිය සතිය, සිදුවීම්වලින් පිරී තිබුණු අතර තවත් විටක වෙලඳපොල තුළ ඉතා ප්‍රබල චලනයන් සිදු විය. අප, යුරෝ කලාපයේ දළ ජාතික නිෂ්පාදිතයේ දත්ත හෝ පාරිභෝගික මිල දර්ශකයේ අගයන්ගෙන් කිසිදු පුදුමයක් අපේක්ෂා කළේ නැත. එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතය හා එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ දත්ත ප්‍රකාශයට පත්කිරීමේදී කුඩා බලාපොරොත්තුවක් තිබුනද එමගින් විශේෂ විචලනයක් දක්නට ලැබුනේ නැත. NFP අඩුවීම 36.7% කින් (248K සිට 157K දක්වා) පවා සිදු වුවද වෙළඳපළ තුල විශේශේෂත්වයක් ඇති නොකළේය.
    එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ප්‍රවීණයන් අපේක්ෂා කළ පරිදි: මෙම යුගලය සති දෙකක කාලය 1.1575-1.1750 කලාපය දක්වා ඉහළ නංවා, 1.1745 උපරිමයට ලඟා වූ අතර පසුව 1.1560 පහතට පැමිණි අතර අවසානයේ දී දින පහක කාලය 1.1567 හි දී අවසන් විය;
  • GBP/USD. එංගලන්තයේ බැංකු පොලී අනුපාතය වැඩි වුවද බ්‍රිතාන්‍ය පවුම ඉහල ගියේ නැත - ප්‍රවීණයන්ගෙන් 65% ක් GBP/USD විසින් 1.3000 කලාපයට ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබිනි.
    මෙම අනාවැකිය මුලුමනින් ම නිවැරදි විය. පොලී අනුපාතය ඉහල යාමට ආසන්න අවස්ථාවේ දී පවුම තරමක් වර්ධනය විය. ඉන්පසුව, අගෝස්තු 2 වන බ්‍රහස්පතින්දා, එය 0.50% සිට 0.75% දක්වා ඉහළ නැංවිය. එහෙත් එවකට සිටි සමකාලීන පර්යේෂණයකින් පැහැදිලි වූයේ, අනාගතය තුළ තවත් වර්ධනයක් අපේක්ෂා නොකළ යුතු බවයි. ඔවුනට අනුව, ආර්ථිකය හොඳ නැති බවත්, බ්‍රික්ස්ට් සමඟ ගැටළු ඇති බවත් ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය නැවත හැරී 1.2975 දක්වා පහතට ගමන් කර ඇත. සතියේ සැසිය අවසන් වන විට 1.3000 ක අගයක යුගලය පැවතුනු අතර එය විද්වතුන් අපේක්ෂා කළ ස්ථානයේම විය;
  • USD/JPY. ජපාන බැංකුවෙහි මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාව මගින් "යෙන්" ශක්තිමත් කිරීම වෙනුවට එය පහත බසින ලදී. හරුහිකෝ කුවෝඩාගේ කථාවට අනුව, අතිශය මෘදු ප්‍රතිපත්තිය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් හා දස වසරක රජයේ බැඳුම්කරවල ප්‍රතිලාබ වැඩිකිරීම මගින් ජපාන මුදල් දුබල කිරීම සඳහා උත්තේජනය කිරීමක් ලෙස වෙළඳපොළ විසින් අර්ථකථනය කරන ලදී.
    මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, USD/JPY යුගලය 112.15 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, මෙම යුගලයට මෙම තත්වයේ දිගු වේලාවක් රැදී සිටීමට නොහැකි වූ අතර පොයින්ට් 90 ක් පමණ පහත වැටුණි. එය සතිය අවසානයේදී 111.25 හි දී අවසන් විය;
  • ක්‍රිප්ටෝ මුදල්. මෙම වෙළඳපොළ සතිය පුරාවටම පහතයාම විසින් පාලනය කරනු ලැබීය. බිට්කොයින් සහ අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් මෑතකදී මිලදී ගැනීම් වැඩි වී පහල ගියේය. නියාමකයින්ගෙන් සහ වෙළඳපොළ නිෂ්පාදකයින්ගෙන් ධනාත්මක ප්‍රවෘත්ති නොලැබීම ප්‍රධාන වශයෙන් මෙහි වර්ධනයක් දක්නට නොලැබීමට හේතු විය.
    මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, BTCUSD, සතියේ දී $1000 පමණ පහත වැටී, සතියේ දී 12% ක් පමණ අහිමි වූ අතර, බිට්කොයිනයක වටිනාකම $7,280 ක් පමණ වන ජූලි අගයට ළඟා විය.
    එතීරියම් හි දී ඊටත් වඩා අහිමි විය. එය 14% ක් පමණ වූ අතර, එය $400 කට ආසන්න ප්‍රමාණයක ආධාරයෙන් බිඳවැටී ඇත. ලයිට්කොයින් 11% ක් අහිමි විය, නමුත් රිපල් වඩාත් ස්ථායී විය: 7% කින් පහත වැටී එය පසුව ආපසු 2.5% අත්කර ගත්තේය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. වෙළඳපොලේ වෙනස්වීමට බරපතල ලෙස බලපෑ හැකි වැදගත් සිදුවීම් මේ සතියේ බලාපොරොත්තු නොවේ. බොහෝ දර්ශක මඟින් එහි ක්‍රියාකාරිත්වයේ අවම වීම පෙන්වයි. MACD හි දවසේ කාලරාමුව මත සිව්වන සතිය ක්‍රියාත්මක වන අතර, තිරස් අතට ශුන්‍ය ලකුණට තරමක් පහළින් ගමන් කරයි. ඔස්කිලේටර් 85% ක් රක්ත වර්ණ ගෙන ඇත. ඉතිරි 15% යුගලයේ විකිණීම වැඩිවන බවට දැනටමත් සංඥා කරයි.
    විද්වතුන් සඳහා 70% ක් සහ  ග්‍රැෆික් විශ්ලේෂණය මගින් තවමත් යුගලය මධ්‍ය කාලීන 1.1505-1.1850 කලාපය දක්වා පහළට යා යුතුය. ඉතිරි 30% ක් සති තුනේ පටු කලාපයේ 1.1575-1.1750 තුල චලනය වනු ඇතැයි අපේක්ෂා කරයි;
  • බ්‍රිතාන්‍ය පවුමේ අනාගතය සඳහා වූ අනාවැකිය ද සෘණාත්මක ය. බොහෝ විශ්ලේෂකයින් (70%) අපේක්ෂා කරන්නේ GBP/USD යුගල 1.2800 කලාපය එනම්  2017 ග්‍රීෂ්ම කාල පරිච්ඡේදයේ පහලම අගය දක්වා පහත වැටෙනු ඇති බවයි. මෙම තත්වය සඳහා ඔස්කිලේටර් (එක් හැර) සහ පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට සහාය දක්වයි. ආසන්නතම ආධාරක අගය 1.2955 වේ, මීළඟට පොයින්ට් 100 ක් අඩුවෙන් වේ.
    විකල්ප මතයකට අනුව එම යුගලය 1.2955-1.3210 කලාපයට පැමිණෙන බවට විශේෂඥයින්ගෙන් 30% ක් අනාවැකි පළ කරති. ආසන්නතම ප්‍රතිරෝධී අගය 1.3100 ක් වේ;
  • USD/JPY. මෙහිදී විශේෂඥයින්ගෙන් වැඩි දෙනෙක් (75%) ඩොලරය ශක්තිමත් කිරීම සඳහා සහයෝගය දක්වයි .අදාල සතියේ අවසානයේ දී මධ්යම ප්‍රමාණයේ නැඟීඑන නාලිකාව තුල රැඳී සිටි අතර, දැන් එහි ආධාරක පේළියක පිහිටා තිබේ .මෙම යුගල සඳහා ක්ෂණික ඉලක්කය වනු ඇත්තේ 112.00 ක් වන අතර අවසන් ඉලක්කය වනුයේ 113.15 කි.
    පහතයාම සඳහා සහය දක්වන්නන් ජයග්‍රහණය කරන්නේ නම්, දකුණු දෙසට ගමන් කිරීමට අපේක්ෂිත ය. මෙම අවස්ථාවේ දී, ආධාරකයන් 110.60, 110.30 සහ 109.75 මට්ටමේ වේ. සතියේ අනාවැකියේ සිට ගිම්හානය අවසානය දක්වා ගමන් කරන විට, එවන් තත්වයකදී මේ සඳහා සහය දක්වන්නන්ගේ සංඛ්‍යාව 25% සිට 45% දක්වා වර්ධනය වන බව සැලකිය යුතුය.
    ග්‍රැෆික් විශ්ලේෂණය මඟින් පෙන්නුම් කිරීමට අනුව පළමුවෙන්ම 110.60 මට්ටමට පහත වැටීමත් ඉන්පසු 112.00 මට්ටමට ඉහල නැගීමත් සිදුවිය යුතුය;

2018 අගෝස්තු 06 සිට 10 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. එලියට් තරංග න්‍යායට සහය දක්වන්ට අනුව ජූලි 25 වන දින BTC/USD හි උපරිමයේ 5 නැගී එන තරංගයේ අවසානය දැකගත හැකිය. ඊළඟට පහත වැටීම ආන්තික තරංග A වන අතර පසුව වෙලඳ පොලේ නිවැරදි කිරීමේ තරංග B  වන අතර අපේක්ෂා කරන 7,800-8,000 කලාපය වෙත පැමිණෙනු ඇත. අගෝස්තු මාසයේ පළමු භාගයේ වඩාත් ම සුභවාදී ඉලක්කය වනුයේ $10,000 ක් පමණි.
    කෙසේවෙතත්, ප්‍රවනතාවයන් සහ පරිමාව දර්ශක මෙන්ම ප්‍රධාන ඔස්කිලේටර් ද දවසේ කාලරාමුව සහ සතියේ කලරමුවේ හි ප්‍රවණතා වෙනස්වීම් සඳහා නිශ්චිත සංඥා ලබා නොදේ. එබැවින්, උස 7,300 ක් බිඳවැටුනහොත් $6,700 ක් දක්වා පහත වැටෙනු ඇත. ශක්තිමත්ම ආධාරකය වන්නේ $6,000-6,100 කලාපය තුළය.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න