2018 June 24

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. බොහෝ විද්වතුන් (65%) අපේක්ෂා කළේ, 1.1500 ආධාරක අගය බිඳ දැමීමට උත්සාහ කරනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම උත්සාහය අසාර්ථක විය, යුගලයේ පහතයාමේ ශක්තීය දුර්වල වූ අතර එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධයේ තාවකාලික නැවතීම හමුවේ ඩොලරය, යුරෝව ඉදිරියේ පොයින්ට් 160 ක් පමණ අහිමි කර ගත්තේය. දින පහක වෙළඳ සතිය අවසානයේ දී 1 .1657 අගයක යුගලය නැවතී තිබිණි;
  • විශ්ලේෂකයින්ගෙන් 60% ක් GBP/USD යුගලය සති හතරක කලාපයේ 1.3200-1.3470 පහළම සීමාව ඔස්සේ බිඳී ගොස් 1.3050 දක්වා පහත යනු ඇති බවට පසුගිය සතියේදී අනාවැකි පළ කළේය. මෙම අනාවැකිය නිවැරදි විය: ජුනි 19 වන අඟහරුවාදා යුගලය 1.3200 ක ආධාරක අගයට පහලින් පිහිටා තිබුණු අතර ජූනි 21 වන බ්‍රහස්පතින්දා වන විට එය 1.3100 මට්ටමට ලඟා විය. කෙසේ වෙතත්, ඉන්පසුව, එංගලන්ත බැංකුව විසින් අපේක්ෂා නොකළ සිදුවීමක් ඉදිරිපත් කළේය. පොළී අනුපාත සඳහා අපේක්ෂා කල ප්‍රමාණයට වඩා වැඩි ජන්ද ගණනක් හිමි විය. සත්‍ය වශයෙන්ම මෙය මූලිකව යුගලයේ වෙනස්කම් සිදු කිරීමට සමත් හේතුවක් නොවුවද, අගෝස්තු මාසයේ දී හැකි ඉක්මනින් මිල ඉහල යාමේ ඉඟියක් ඉඟියක් වූ නිසා පවුම් ඉහලට ගමන් කිරීමට පටන් ගත්තේය. අවසානයේදී, සතිය අවසන් වන විට මෙම යුගලය 1.3.260 දක්වා ඉහළ නැඟ තිබිණි;
  • USD/JPY. පසුගිය සතියේ ප්‍රතිඵල නැවත වරක් පෙන්නුම් කළේ, ඔස්කිලේටර් වල කුඩා කොටසකගේ පවා සංඥා සැලකිල්ලට ගත යුතු බවයි. ඔස්කිලේටර්  20% ක් සංඥා කලේ යුගලයේ මිලදී ගැනීම් ඉහල යනු ඇති බවත් එම නිසා යුගලය පහතට ගමන් කරනු ඇති බවත්ය. විශ්ලේෂකයින්ගෙන් තුනෙන් එකක් සහ පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ද ඊට සහාය දැක්වූ අතර 109.40 අගය ප්‍රධාන ආධාරකය වනු ඇතැයි අනාවැකි පල කළහ. සම්මත ප්‍රතිරෝධය සැලකිල්ලට ගැනීමේදී මෙම අනාවැකිය සම්පුර්ණයෙන් නිවැරදි විය: අඟහරුවාදා දින යුගලය 109.54 අගයකට ලඟා වූ අතර ඉන් පසුව එය 110.75 ක උසකින් ඉහළට නැගිය. අනතුරුව 110.00 කලාපයේ ප්‍රධාන මධ්‍ය කාලීන ආධාරක/ප්‍රතිරෝධී රේඛාව වෙත ආපසු පැමිණියේය;
  • ක්‍රිප්ටෝ මුදල්. ජූනි මස මුල් භාගයේදී මෙම වෙලඳපොලෙහි සමස්ත ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 330 ක් විය. දැන් එය ඩොලර් බිලියන 283 ක් වේ. එනම් සති කීපයක් තුල වෙලඳපොල 15% කින් අඩු වී ඇත (වසර ආරම්භයේ සිට නම් 50% කින්).
    ඔබ BTCUSD ප්‍රස්ථාරය දෙස බැලුවහොත්, හත්වන සතිය සඳහා ද සමාන තත්වයක් ඔබට නිරීක්ෂණය කළ හැකිය: යුගලයේ සුළු ඉහළ නැංවීම සහ ඉන්පසුව සතිපතා තියුණු කඩා වැටීමකට ලක්වීමක් නිරීක්ෂණය කල හැකිය. එහි ප්‍රතිපලයක් වශයෙන් බිට්කොයින් ,ඩොලර් 5,925 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2018 පෙබරවාරි 6 වන දින පැවති අවම අගය වේ.
    එවනි කඩා වැටීම් සඳහා හේතු සාධක ගැන කතා කිරීම සැබවින් ම අර්ථවත් නොවේ - එය තවත් නියාමකයෙකුගේ නිශේධාත්මක තීරණයක් ද නැතහොත් තවත් හුවමාරුවක හේතුවක් නිසාද යන්න ආදී ලෙස. මේ සියල්ලක්ම, ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගලයන් හි අනුපාත තවත් ඩොලර් සිය ගණනකින් කඩා වැටීමට හේතු කාරණා පමණක් වේ. ප්‍රාග්ධනීකරණය අතින් ඉහලම ක්‍රිප්ටෝ මුදල් 10 ට ඇතුලත් වන එතීරියම්, රිපල්, ලයිට්කොයින් ආදිය බිට්කොයින්ගේ පහල යාම අනුගමනය කරයි. මෙය වෙළඳපොළෙහි රදා පැවැත්මට බලපෑම් ඇති කරයි.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • ආර්ථික දත්ත මගින් EUR/USD යුගලය ඉහලට ගෙනයාමක් අපේක්ෂා කළ හැකි අතර යුරෝ කලාපයේ සමස්ත PMI දර්ශකයේ සැලකිය යුතු වර්ධනයක් ඇති බව සඳහන් කල යුතුය. ඒ අනුව, විශේෂඥයන් 55% ක් විසින් නම් කරන ඉලක්කය 1.1725-1.1750 කලාපය වන අතර එය ඉතා විශ්වසනීය අනාවැකියක් පමණක් බව පෙනේ. පැය හතරේ කාලරාමුව මත දර්ශක අතිමහත් බහුතරයක් කොළ වර්ණය පෙන්නුම් කරයි. නමුත් ඔස්කිලේටර් 15% ක් යුගලයේ මිලදී ගැනීම් වැඩිවන බවට පෙන්නුම් කරයි.
    යුරෝවේ මෙම වර්ධනය තාවකාලික එකක් විය හැකි බවට 45% ක් වන විශ්ලේෂකයින් පවසන අතර මෙම යුගලය නැවත වරක් 1.1500 ට පැමිණෙනු ඇති බවත් එය බිඳ වැටුනහොත් තවදුරටත් යුගලය පහතට ගමන් කරනු ඇති බවටත් අනාවැකි පල කරති.
    නමුත් දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මධ්‍යස්ත මතයක් ඉදිරිපත් කරයි: පළමුවෙන්ම යුගල 1.1450-1.1500 කලාපයට පැමිණෙන අතර ඉන් පසුව එය 1.1840 දක්වා වර්ධනය වනු ඇත;
  • GBP/USD සඳහා වන ප්‍රවණතාවය තීරණය කිරීමේදී, පොලී අනුපාතය නැංවීම සඳහා බ්‍රහස්පතින්දා ඡන්දය ලබා දුන් එංගලන්ත බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥ ඇන්ඩි හල්ඩේන් ප්‍රධාන සාධකයක් වෙයි. ඊට අමතරව, සමස්තයක් ලෙස බ්‍රිතාන්‍ය ආර්ථිකය කෙරෙහි ධනාත්මක තක්සේරුවක් ලබා දී ඇත. ඒ අනුව, 65% ක් වන ප්‍රවීණයන් අපේක්ෂා කරන්නේ ඉහල නැගීමේ ප්‍රවණතාවය මෙම යුගලයේ අපේක්ෂා කල හැකි බවයි. එමෙන්ම එය 1.3350-1.3450 කලාපය දක්වා වනු ඇත.
    විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 35% ක් විශ්වාස කරන්නේ මෙම යුගලයේ වැටීම අඛණ්ඩව සිදුවනු ඇති බවත්, නුදුරු අනාගතයේදී එය 1.3100 ක් පමණ මට්ටමකට ළඟාවනු ඇති බවත්ය. මීළඟ ආධාරක අගය එම අගයට පොයින්ට් 100 ක් අඩුවෙන් වේ;
  • USD/JPY යුගලය සඳහා විශ්ලේෂකයින්ගේ අදහස් සමානව බෙදී ඇත- වර්ධනය සඳහා භාගයක් සහ එහි පහත වැටීම සඳහා භාගයක් ලෙස. මෙම අවස්ථා දෙකෙහිදීම, සතිය තුල යුගලයේ විචලනය අවම වේ. ආධාරක මට්ටම් 109.85 සහ 109.50 වේ. ප්‍රතිරෝධි මට්ටම් 110.25 සහ 110.60 වේ. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය විශේෂඥයන්ගේ මතය සමඟ එකඟ වන අතර 110.10 කලාපයේ ක්‍රමානුකූල ශක්තිමත් කිරීමක් පෙන්නුම් කරයි.
    ඔස්කිලේටර් 15% ක් යුගලයේ විකුණුම් ඉහල යනු ඇති බව පෙන්නුම් කරන අතර නුදුරු අනාගතයේ දී යුගලයේ නිවැරදි කිරීම වනු ඇතැයි අපේක්ෂිතය.
  • ක්‍රිප්ටෝ මුදල්. අර්බුදකාරී කාලයකට ළඟා වන බව පෙනී යයි. වෙළඳපොල නිර්මානකරුවන් බිට්කොයින් දිගටම පහලට ගමන් කරන්නේද නැතහොත් ප්‍රවණතාවය ඉහලට ඉහලට හැරවිය යුතුද යන්න තීරණය කල යුතුය.
    BTC/USD විශ්වාසනීයව, $5,900-6,100 කලාපයේ ආධාරකයක් ලබා දෙන්නේ නම්, $4,300 ක් පමණ දුරකට ආසන්නව දැක ගත හැකිය. එය පසුගිය වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා දීර්ඝ කාලයක් තිස්සේ රැඳී පැවති අගය වේ.
    මෙම ආධාරකය නොලැබුණහොත්, බිට්කොයින් නැවතත් මැයි මස ඉහලම මට්ටමට ගෙන ඒමට හැකි වන අතර සමහරවිට $10,000 අගයක් විය හැකිය.
    2018 ජූනි 25 සිට 29 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1
    ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් වර්ග වෙළඳාම නුදුරු අනාගතයේදී බරපතල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එවන් අවිනිශ්චිත තත්වයන් යටතේ, ක්‍රිප්ටෝ වෙළදුන්ට, ක්‍රිප්ටෝ මුදල් යුගලයන්ගේ පැහැදිලිව පෙනෙන ප්‍රබල ප්‍රවණතාවයක් අපේක්ෂා නොකළ හැකි නමුත් එක්දින වෙළඳාම පිලිබඳ අවධානය යොමු කිරීම වටියි. මෙය බිට්කොයින් සඳහා පමණක් නොව අනෙකුත් සියලු මූලික ක්‍රිප්ටෝ මුදල් වර්ග සඳහා ද පොදු තත්වයකි.

 

 Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න