2018 June 10

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. විශ්ලේෂකයින්ගේ බහුතරයක් තම මූලික අනාවැකිය ලෙස, යුගලය, 1.1800-1.1830 කලාපය දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළේය. සැබවින්ම යුගලය ඉහල ගිය අතර 1.1839 සතියේ ඉහලම අගය ලෙස ස්ථාවර විය. එම අගයට ලඟා වීමෙන් පසු යුගලය ආපසු හැරුණු අතර ඒ පිළබඳව පසුගිය සතියේ දැක්වූ අනාවැකියද නිවැරදි විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය 1.1770 කලාපය තුළ වෙළඳ සැසිය අවසන් කරන ලදී;
  • GBP/USD. මෙම යුගල සඳහා වූ අනාවැකිය EUR/USD සඳහා ඉතා සමාන විය. ප්‍රවීණයන්ගෙන් සියයට 60 ක් පවුම 1.3420 මට්ටම දක්වා ඉහළ නැගිය හැකි බවට අපේක්ෂා කළ අතර, පහතට පැමිණෙන්නේ නම් 1.3500 කලාපය වෙත පැමිණෙනු ඇති බවට අනාවැකි පල කළේය. ජුනි 08 වන බ්‍රහස්පතින්දා, 1.3420 ක ප්‍රතිරෝධය බිඳී යාමෙන් පසුව යුගලය 1.3470 දක්වා ඉහළ නැගීමට සමත් විය. ඉන්පසු ඉහල යාමේ ශක්තිය වියළී ගිය අතර යුගලය සතියේ අවසානය වන විට දී පොයින්ට් 70 ක් අහිමි කර ගෙන 1.3400 කලාපය දක්වා පහත වැටී තිබිණි;
  • USD/JPY. පසුගිය සතියේ විශ්ලේෂකයින් සහ දර්ශක දෙකේම අදහස් සමාන කොටස් තුනකට බෙදා තිබු බව මතකයට නඟන්න - එනම් තුනෙන් එකක් ඉහළයාම සඳහාද තුනෙන් එකක් එහි පහත යාම සඳහා සහ තුනෙන් එකක් සමාන්තර චලනයක් ද අපේක්ෂා කළහ. එවැනි අවස්ථාවලදී බොහෝ විට සෑම අයෙකුම නිවැරදි විය: මන්දයත්,යුගලය ප්‍රථමයෙන් 110.25 දක්වා ඉහල නැගුනු අතර පසුව නැවතත් 109.20 ක් දක්වා පහත වැටුණි. අනතුරුව නැවතත් එය වර්ධනය වූ අතර සතිය අවසන් වන විට සතියේ ආරම්භක 109.55 කලාපයටම යුගලය පැමිණ තිබිණි;
  • ක්‍රිප්ටෝ මුදල්. කලින් සඳහන් කළ පරිදි, සියළුම ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගලයන් බොහෝමයක් මෑතක සිට BTC/USD හි චලනයන් සහ හැසිරීම් අනුගමනය කර ඇත. තවද, බිට්කොයින් හි විචලනය අවම වන අතර, 7000 කලාපය වටා චලනය වේ. එම නිසා ඔබ දවසේ කාලරාමුව මත ප්‍රස්ථාරය දෙස බැලුවහොත්, පැහැදිලිව පෙනෙන සත්‍යයක් නම් ප්‍රධානතම ක්‍රිප්ටෝ මුදල අතිශය පටු 7.345 - 7.730 කලාපයක් තුල තිරස් අතට ගමන් කර ඇති බවයි. සියලු ක්‍රිප්ටෝ මුදල් යුගලයන් එම තිරස් චලනය අනුගමනය කල අතර එතීරියම් සහ ලයිට්කොයින් සතිය මුලදී ඉන් මිදීම, අපේක්ෂා කළ පරිදි අසාර්ථක විය. එහි ප්‍රතිඵලය වශයෙන් ඔවුන් මුලින් සිටි මට්ටම් කරා නැවත පැමිණියේය: එතීරියම් සඳහා $600 ක් පමණ වන ලයිට්කොයින් $118 දක්වා.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් අතිශය කනස්සල්ලට පත්විය යුතුය - ඔහුගේ ආර්ථික පිලිවෙත මගින් ධනාත්මක ප්‍රතිපල අත්කර දෙමින් පවතියි: 2018 දී එක්සත් ජනපදයේ රැකියා සංඛ්‍යාව මිලියන ගණනින් වැඩි වූ අතර, උද්ධමනය 2% ක ෆෙඩරල් රිසව් ඉලක්කයට ළඟා වූ අතර, වෙළඳ හිඟය පහත වැටී, දල දේශීය නිෂ්පාදනය වර්ධනය වෙමින් තිබේ. මේ සියල්ලක්ම ඇමරිකානු ඩොලරය ශක්තිමත් කරන්නක් වන අතර ඇමෙරිකානු ආනයනකරුවන්ට අවැසි තත්වයක් ඇති කරයි. එමෙන්ම එය බොහෝ රටවල්වල මූල්‍ය තත්වය අතෘප්තියට පත්කර ඇති අතර බොහෝ විට එම රටවල මුදල් හි වටිනාකම ඉතිහාසගත ලෙස අඩු මට්ටමකට පැමින ඇත.
    එහි ප්‍රතිපලයක් ලෙස, බහුතර විශේෂඥයන් (65%), පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ 70% ක් වන ඔස්කිලේටර් අපේක්ෂා කරන්නේ, පසුගිය සතියේ ආරම්භ කරන ලද නිවැරදි කිරීම් දිගටම පවතිනු ඇති බවත් යුගලයේ වර්ධනය 1.2000 ප්‍රතිරෝධය දක්වා සීමා කරනු ඇති බවත්ය. (යුගලය ඉහලින් ඇති විට බිඳවැටීමක දී ඊලග ඉලක්කය පොයින්ට් 100 ක් ඉහළ යයි).
    ආධාරක සඳහා, ප්‍රධාන වශයෙන්, 1.1650 සහ 1.1570 මට්ටම් වල පිහිටා ඇත;

2018 ජූනි 11 සිට 15 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD යුගලය සඳහා, විශ්ලේෂකයින්ගෙන් 65% ක් දිගටම 1.3615 මට්ටමේ නිවැරදි කිරීමක් බලාපොරොත්තු වේ. මීලඟ ප්‍රතිරෝධය 1.3700 ක මට්ටමක පවතී. කෙසේවෙතත්, එවන් වර්ධනය සඳහා සහය දක්වන්නේ විශේෂඥයන් 45% ක් පමණි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයද විශ්වාස කරන්නේ 1.3615 කලාපයේ දී නිවැරදි කිරීම අවසන් වනු ඇති බවයි. පසුව පවුම, පහත යාම අඛණ්ඩව පවතී. ආධාරක මට්ටම් 1.3200, 1.3125 සහ 1.3040 වේ;
  • එහෙත්, ජපන් යෙන් සඳහා, ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, එහි තත්ත්වය තවත් ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස USD/JPY යුගලය 108.00 දක්වා පහත වැටෙනු ඇත. කෙසේවෙතත්, ප්‍රවීණයින්ගෙන් 40% ක් පමණක් මෙම තත්ත්වය සමඟ එකඟ වෙයි. ප්‍රවීනයන් 50% ක්ම යුගලයේ වර්ධනයට සහයෝගය ලබා දෙන අතර ඉතිරි 10% තිරස් චලනයක් අපේක්ෂා කරයි. ඔස්කිලේටර් මගින් පැහැදිලි සංඥා නොලැබේ. - පැය හතරේ කාලරාමුව මත, යුගලයේ පහත යාම පෙන්නුම් කරන අතර දවසේ කාලරාමුව මත වාසිය ඉහළයාම සඳහා වේ. ප්‍රතිරෝධයන් 110.25 සහ 111.40 අගයන් වේ;
  • ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් සඳහා; ඒවායේ අඩු විචලනතාවයන් නිසා, ඕනෑම ස්ථාවර ප්‍රවණතාවයක් ගැන කතා කිරීමට අපට ඉඩ ලබා දෙන්නේ නැත. එමෙන්ම අපි කෙටිකාලීන අනාවැකි ගැන පමණක් නොව මේ වසරේ අවසානය දක්වා අනාවැකි ගැන කතා කරමු. මේ අනුව, බොහෝ විශ්ලේෂකයින් මෙම වෙළඳපොළ ක්‍රමයෙන් වියළීම හා එහි ප්‍රාග්ධනීකරණය අඩුවීම පිලිබඳව අනාවැකි පළ කරයි. මේ අනුව, 2018 දෙසැම්බර්, බිට්කොයින් සඳහා වඩාත්ම සම්භාව්‍ය ඉලක්කය, එහි කලින් ප්‍රකාශිත 15,000 අගය වෙනුවට 12,500 ලෙස නම් කර ඇත.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න