2018 May 5

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. තුන්වන සතියටත්, යුරෝවෙන් පොයින්ට් 500 ක් ආපසු ලබා ගනිමින් ඩොලරය සිය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් පවතියි. චීනය සමඟ පවතින වෙළඳ සබඳතා වල තත්වය එක්සත් ජනපද මුදල් සඳහා විශාල සහයක් ලබා දී ඇත. දර්ශක 80% ක් සහ බොහෝ විද්වතුන් (60%) විසින් අනාවැකි පළ කරන ලද පරිදි මැයි 04 වැනි සිකුරාදා වන විට, යුගලය 1.1915-1.2085 පරාසයෙහි පහළ මායිමට ළඟා වූ අතර ඉන් පසුව සුළු වර්ධනයක් අත්කර ගනිමින් එය 1.1960 ට පැමිණ සතිය අවසන් විය;
  • GBP/USD. සති තුනක් තුල පොයින්ට් 890 ක් පමණ බ්‍රිතාන්‍ය පවුමට ද අහිමි විය. මහා බ්‍රිතාන්‍යයේ දුර්වල සාර්ව ආර්ථීක සංඛ්‍යාලේඛන, එංගලන්ත මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය ඉක්මනින් වෙනස් කිරීම පිලිබඳ බලාපොරොත්තු දුර්වල කිරීම සහ අයර්ලන්ත දේශසීමා සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග නොවිසඳුනු අර්බුද මීට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, විශ්ලේෂකයින්ගෙන් 55% ක්, ඔස්කිලේටර් සහ ග්‍රැෆික් විශ්ලේෂණයන් විසින් අනාවැකි පල කරන ලද පරිදි, මෙම යුගලය මෙම ජනවාරි මාසයේ අගයන්ට පැමිණි අතර දින පහක කාල පරිච්ඡේදය 1.3530 හි දී අවසන් විය;
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 70% ක්, දර්ශක බොහොමයක් යුගලය ඉහළ නැගීමේ අඛණ්ඩ පැවැත්ම අපේක්ෂා කලහ. ඉලක්කය වූයේ 109.80 ක අගයකි. මැයි මස පළමු දිනයේ දී ම යුගලය විසින් මෙම අගයට ලඟා විය. ඉන් පසු, එය තවත් පොයින්ට් 20 ක් ඉහල නැගුනු අතර, ග්‍රැෆික් විශ්ලේෂණයෙන් අනාවැකි පල කර තිබු පරිදි, යුගලය දකුණු දෙසට හැරී, එය සතිය ආරම්භ වූ ස්ථානයට ආසන්න අගයක් වූ 109.10 අගයකට පැමිණ සතියේ සැසිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. NordFX තැරැව්කාර සමාගමෙහි වෙළඳාම් කරන ලද ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වූ අනාවැකිය සම්පුර්ණයෙන්ම නිවැරදි විය. අප නැවත නැවතත් සඳහන් කර ඇති පරිදි, පටු වෙලඳපොල සහ මෙම යුගලයන්ගේ ඇති ඉහල උච්චාවචනය නිසා විශේෂඥයින්ගේ ප්‍රධාන අරමුණ වන්නේ යුගලය ගමන් ගන්නා දිශාව නැතහොත් ප්‍රවණතාව නිවැරදිව පුරෝකථනය කිරීමයි. පසුගිය සතියේදී ද එය සාර්ථක විය. ප්‍රකාශයට පත් කරන ලද ආධාරක/ප්‍රතිරෝධක මට්ටම් වලට ආසන්න අගයන්ට යුගලයන් ලඟා විය. පසුගිය සතියේදී අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් වලට ක්‍රමයෙන් ඉඩ දෙමින් බිට්කොයින් සිය ආධිපත්‍ය අහිමි කරගෙන ඇත. මේ අනුව, මුළු ක්‍රිප්ටෝ වෙලඳපොල ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 438 දක්වා ඉහළ ගොස් ඇති නමුත්, එහි බිට්කොයින් කොටස් 35.9% දක්වා පහල බැස ඇත.
    BTC/USD යුගලය අපේක්ෂා කල ඩොලර් 10,000 ක ඉලක්කය කරා ළඟා විය නොහැකි වූ නමුත් 9.825 ආසන්න අගයෙහි දී නැවතුනි. රිපල් 0.8850 උසකට ලඟා විය. ETH/USD යුගලයෙහි අනාවැකිය ද සාර්ථක වූ අතර ඩොලර් 806 අගයකට නැගුණි. LTC/USD හි ද තත්වය එලෙසම විය. අප්‍රේල් 24 උපරිම අගය වූ 165.00 අගයට පැමිණෙනු ඇතැයි කල අනුමානය 100% ක් නිරවද්‍ය විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. විශේෂඥයන්ගෙන් තුනෙන් එකක් යුගලය 1.2085 අගයක් දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරයි. ඉන්පසුව තවත් පොයින්ට් 50-70 ක් ඉහල යනු ඇතැයි අපේක්ෂිතය. එවැනි වර්ධනයක් පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ද, ඔස්කිලේටර් 15% ක් මගින් ද තහවුරු කරයි.
    විශ්ලේෂකයින් 40% ක් යුගලය 1.1900-1.2000 කලාපයේ සමාන්තරව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙයි. විශේෂඥයන්ගෙන් ඉතිරි 30% ක් යුගලය දකුණු පසට, එනම් පහතට ගමන් කරනු ඇතැයි විශ්වාස කරයි. ඔවුනට අනුව අපේක්ෂිත කලාපය 1.1800-1.1850 වේ;
  • ඒ හා සමාන තත්වයක් GBP/USD හිදී ද දැකගත හැකිය. විශ්ලේෂකයින්ගෙන් 40% ක් යුගලයේ වර්ධනය අපේක්ෂා කරන අතර, 30% ක් ප්‍රාථමික චලනයකුත්, ඉතිරි 30% ක ප්‍රමාණය යුගලය පහතට ගමන් කරනු ඇති බවටත් අනුමාන කරයි. ප්‍රවණතා දර්ශකයන්ගෙන් 100% ක් සහ බොහොමයක් ඔස්කිලේටර් රක්ත වර්ණයෙන් වර්ණ ගන් වී ඇත. ඒ සමගම, දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 25% ක් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බව විශ්වාස කරයි. මෙය ඉහළ යාමට සංඥාවකි. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, ඉදිරි දින කිහිපය තුළ යුගලය 1.3470-1.3625 කලාපය තුල චලනය වන අතර ඉන්පසු එම යුගලය උතුරු දෙසට එනම් ඉහලට ගමන් කළ යුතුය. ආසන්නතම ඉලක්කය 1.3790 වේ, ඊළඟ ඉලක්කය 1.4000 වේ.
    එංගලන්තයේ බැංකු දිනය ලෙස හැඳින්විය හැකි මැයි 10 වන බ්‍රහස්පතින්දා දින මෙම යුගලයේ ප්‍රවණතාවය තීරණය වන තීරනාත්මක දිනයක් විය හැකිය. ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුමේ පොලී අනුපාතය ඉහල නැංවීම කොපමණ ප්‍රමාණයකින් සිදුවේද යන්න සහ එහි මාධ්‍ය ප්‍රකාශක මාර්ක් කාර්නේ සිය මාධ්‍ය හමුවේදී දී කුමක් පවසයි ද යන්න මත යුගලයේ ගමන් මග තීරණය වනු ඇත.
    ආධාරක මට්ටම් 1.3470 සහ 1.3300 වේ;

2018 මැයි 07 සිට 11 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • පසුගිය සතියේ USD/JPY යුගලයේ ඇති වූ අස්ථාවරත්වය හේතුවෙන්, විශ්ලේෂකයන් පමණක් නොව දර්ශක බොහොමයක් පැහැදිලි මතයක් මේ සතියේදී ප්‍රකාශ නොකරයි. ඒ අනුව, දර්ශක අර්ධයක් මිලදී ගැනීම සිදු කල යුතු බව පවසන අතර අනෙක් අර්ධය යුගලය විකිණිය යුතු බව පවසයි. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය පමණක් නිශ්චිත මතයක් පළ කරයි. එයට අනුව යුගලය පහතට ගමන් කල යුතු අතර ඉලක්කයන් ලෙස 108.60, 107.40 සහ 106.60 හැඳින්වේ. ප්‍රතිරෝධතා මට්ටම් 109.50 සහ 110.00 වේ.
    මැයි මස අවසන් වන විට යුගලයේ අනාවැකිය පිළිබඳව කතා කරන්නේ නම්, විශ්ලේෂකයින්ගෙන් 70% ක්, යුගලය 111.50-112.00 දක්වා ඉහළ යාමක් අපේක්ෂා කරන අතර තවදුරටත් ඉහල ගියහොත් 113.40 දක්වා ඉහලට ගමන් කල හැකිය; 
  • ක්‍රිප්ටෝ මුදල්. ක්‍රිප්ටෝ වෙළඳපොළ වටා වූ මූලික ප්‍රවෘත්ති මගින් පෙන්නුම් කරනුයේ ආයතනික ආයෝජකයින්ගේ වැඩිවීමයි. එබැවින් BTC/USD යුගලය 10,300 සිට 10,700 දක්වා වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව ප්‍රවීණයෝ පවසති. ප්‍රධාන ආධාරක අගය 8.620 වේ. ETH/USD යුගලය සඳහා වූ අනාවැකිය මගින් $ 900 කලාපය දක්වා වර්ධනය වීමක් අපේක්ෂා කරන අතර $ 700 සහ $ 595 ආධාරකයන් වේ. LTC/USD: ඉලක්කය 175-180 මට්ටම් කරා ඉහල නැගීම වේ. XRP/USD: ඉලක්කය 0.92 සහ ඉන්පසුව 0.942-0.985 දක්වා කලාපය වෙත ඉහල නැගීම වේ. ආධාරක අගය 0.7230 වේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න