2018 April 29

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • පසුගිය සතියේ දී අප සඳහන් කල පරිදි, ප්‍රධාන සිදුවීම වුයේ, ඊසීබී සභාපති මාරියෝ ඩ්‍රාගි විසින් අප්‍රේල් 26 බ්‍රහස්පතින්දා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවයි. EUR/USD යුගලය පසුගිය මාස තුනේ සිට 1.2200 අගයක් වටා පැවති සමාන්තර චලනයේ පහළ මායිම වෙත පැමින ඇත. මෙම හැසිරීම පිළිබඳව විශේෂඥයන්ගෙන් 100% ක් පමණ පසුගිය සතියේ අනාවැකි පල කල සිහි කරන්න. එහෙත් තවදුරටත් ඔවුන්ගේ මතය වෙනස් විය: 75% දෙනා තවදුරටත් යුගලය ඉහල යනු ඇති බවත් 25% ක් දෙනා යුගලය තමන්ගේ ස්ථානය අහිමි කරගනිමින් යම්තාක් දුරකට පහතට ගමන් කරනු ඇති බවට විශ්වාස කලහ.
    යුරෝ කලාපීය ආර්ථිකය පසුගිය වසරේ අත්කර ගත වර්ධන අනුපාතය රැක ගැනීමට නොහැකි බව ඩ්‍රාගි විසින් ප්‍රකාශ කිරීමත් සමග විශ්ලේෂකයින් අතර මතභේදය නිමාවට පත්විය. එමෙන්ම QE ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ වැඩසටහන ක්‍රමයෙන් අඩු කරනු ඇති ඔහු ප්‍රකාශ කල අතර බොහෝ විද්වතුන් ප්‍රකාශ කලේ 2018 න් පසු එහි නියමයන් දිගු කල හැකි බවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝව තවත් පොයින්ට් 150 ක් අහිමි කර ගත අතර සතිය අවසන් වනවිට යුගලය 1.2130 අගයකට පහත බැස තිබිණි; 
  • GBP/USD. ඩොලරයේ ශක්තිමත් වීම බ්‍රිතාන්‍ය පවුම වෙත බලපෑම් ඇති නොකළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විශ්ලේෂකයින් 40% ක් පමණ ප්‍රකාශ කරන ලද අනාවැකිය ක්‍රියාත්මක විය:1.4000 අගය බිඳ වැටී යුගලය 1.3745 ආධාරක අගයට ගමන් කළේය. වෙළෙඳ සතිය අවසානයේදී 1.3780 අගයක යුගලය පැවතුණි.
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 85% ක්, ග්‍රැෆික් විශ්ලේෂණය සහ දර්ශකයන්ගේ පැහැදිලි බහුතරයක් ඩොලරය ශක්තිමත් වනු ඇති බවත් යුගලය පසුගිය සතියේදී 109.00 කලාපයේ දක්වා ඉහල යනු ඇති බවත් ප්‍රකාශ විය. එය සම්පුර්ණයෙන්ම සත්‍ය වූ අතර සතිය අවසානයේදී යුගලය 109.05 අගයක් ගත්තේය.
  • ක්‍රිප්ටෝ මුදල්. BTC/USD යුගලය 9,000 දක්වා ඉහල නැගීමෙන් පසුව විශ්ලේෂකයින් අනාවැකි පළ කලේ යුගලය පොයින්ට් 1,000 කින් පහල යනු ඇති බවය. කෙසේවෙතත් මෙය සිදු නොවුන අතර යුගලය 9,000 අගය වටා සමාන්තර චලනයක නිරත විය. සතිය තුල එහි ඉහල පහල යාම පොයින්ට් ± 500 විය.
    අනෙකුත් ක්‍රිප්ටෝ යුගලයන්ද ඒ හා සමාන තත්වයක් පෙන්නුම් කළේය. LTC/USD සඳහා 150.00 මධ්‍ය අගය විය, සහ XRP/USD 0.845 විය. එතීරියම් පමණක් 709.83 අගයකට පැමිණෙමින් යම් ප්‍රකෘති තත්වයක් පෙන්නුම් කළේය. මෙම යුගලය 10% ක පමණ වැඩිවීමක් සමඟ සතිය අවසන් කළේය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. පසුගිය සතියේ 1.1915-1.2085 කලාපයට යුගලය මාරුවීම සඳහා ප්‍රවීණයන්ගෙන් හතරෙන් එකක් පමණක් සහය පල කලද එම සංඛ්‍යාව මේ සතිය වන විට 60% දක්වා වැඩි වී තිබේ. දර්ශකවලින් 80% ක් රතු පැහැයෙන් වර්ණ ගැන්වී ඇත. එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ දත්ත මැයි 04 වනදා සිකුරාදා නිකුත් වීමට නියමිත අතර එමගින් එක්සත් ජනපද ඩොලරය සඳහා අතිරේක සහායක් සපයයි. එහි අනාවැකි අනුව, කෘෂිකාර්මික අංශයේ (NFP) ඇති කරන ලද නව රැකියා ප්‍රමාණය 103K සිට 198K දක්වා වැඩිවිය හැකිය. එමගින් යුගලය පොයින්ට් 100-115 කින් පමණ පහත වැටෙනු ඇත.
    මෙවර 40% ක් වන විද්වතුන් සහ දවසේ කාල රාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය යුගලයේ ඉහල යාම සඳහා සහය දක්වයි. ඔවුන්ගේ අදහසට අනුව 1.2200 මට්ටමට වඩා පහත වැටීම තාවකාලික තත්වයක් වන අතර යුගලය සතියකින් හෝ දෙකකින් මධ්‍ය කාලීන සමන්තර කලාපයක් තුල ගමන් කරමින් 1.2415 ක මට්ටමකට පැමිණිය යුතුය. ඔස්කිලේටර් මගින්ද මෙම තත්වය තහවුරු කරයි;
  • GBP/USD. පසුගිය සතියේ ප්‍රතිඵල අනුව සෑම දර්ශකයක්ම දකුණට හැරී ඇති බව පැහැදිලිය. විද්වතුන්ගේ මතයට අනුව, පහත යාම සඳහා සුළු වශයෙන් වාසියක් ඇත - 55% පහතටත් 45% ඉහළටත් ලෙස. ඔස්කිලේටර් හතරෙන් එකක් පමණ ඉහල යාම සඳහා සහය දක්වන අතර යුගලයේ විකුණුම් වැඩිවනු ඇති බවට සංඥා කරයි. එමෙන්ම පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ද මෙය තහවුරු කරයි.
    යුගලයේ ඉහල යාම ජය ගතහොත් 1.3750 ආධාරක අගයේ සිට යුගලය 1.4000 මට්ටමට වඩා ඉහල යනු ඇති අතර 1.4075 අගයකට ලඟා විය හැකිය. ආසන්නතම ප්‍රතිරෝධී අගය 1.3840 වේ.
    යම් හෙයකින් යුගලය පහතට ගමන් කරන්නේ නම් ආධාරක අගයන් 1.3585, 1.3455 සහ 1.3300 වේ;
  • USD/JPY. ඉහළ යන ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇති බව විශ්ලේෂකයින්ගෙන් 70% ක්, දර්ශකයන් බොහොමයක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් අනාවැකි පල කරයි. ඉලක්කයන් 109.80, 110.45 සහ 111.25 වේ. ඉතිරි විශේෂඥයන් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් යුගලය 108.35 මට්ටම දක්වා පහත වැටෙනු ඇති බවත් එය බිඳී ගියහොත් තවදුරටත් පහත යනු ඇති බව විශ්වාස කරයි. එවැනි තත්වයකදී ඉලක්කයන් 107.40 සහ 106.60 වේ.
    අවම වශයෙන් යුගලය 111.00 ට වැඩි උසකින් යුක්ත වන විට පමණක් දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ද 106.60 මට්ටමේ පහත වැටීමක් බැහැර නොකරන බව සඳහන් කල යුතුය;

2018 අප්‍රේල් 30 සිට මැයි 04 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. විශේෂඥයන් විසින් BTC/USD මුලින් 10,000 ක අගයකට වර්ධනය වනු ඇති බවත් ඉන් පසුව තවත් පොයින්ට් 500-700 කින් පමණ ඉහළ යනු ඇති බවත් අනාවැකි පල කරති. ප්‍රධාන ආධාරක අගය 8.620 වේ. එය බිඳවැටුනහොත් 7.785 දක්වා පහත යා හැකිය.
    ETH/USD යුගල සඳහා වන ප්‍රධාන අනාවැකියට අනුව යුගලයේ ඉහළයාම 785 වන අතර ඊළඟ ඉලක්කය වන්නේ 865 කි. ආසන්නතම ආධාරක අගය 594 වේ. මීළඟට 500 වේ.
    LTC/USD: ඉලක්කය වන්නේ අප්‍රේල් 24 වන දින ඉහළම අගය වූ 165.00 වන අතර ආධාරක අගය 140.00 වේ. XRP/USD: ඉලක්කය 0.92 දක්වා ඉහළ නැංවීම වන අතර ඉන්පසු 0.942-0.985 කලාපය දක්වා ඉහළ යනු ඇත මෙහි ආධාරක අගය 0.7230 වේ.

 

හිතවත් වෙළෙදුනි, NordFX තැරැව්කාර සමාගම මඟින් ඔබට ලබාදෙන 1:1000 ලෙවරේජ් අගය භාවිතා කර ක්‍රිප්ටෝ මුදල්, ඉහල සහ පහල යන, අවස්ථා දෙකෙහි දීම ලාභ ලැබිය හැකිය.

මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම USD, බිට්කොයින් සහ එතීරියම් වලින් කල හැකිය.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න