2018 April 15

පළමුව, ප්‍රධාන මුදල් යුගල සහ ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වූ අනාවැකි සම්පුර්ණයෙන්ම පාහේ සත්‍ය වූ පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව 2018 වර්ෂයේ සමාන්තර නාලිකාවේ මධ්‍ය කලාපය වටා යුගලය ගමන් කරනු ඇතැයි ප්‍රකාශ විය. 1.2215 මට්ටම පහළම සීමාව ලෙස දැක්වීය. ඉහළම මට්ටම 1.2355 විය. ඒ අතරම, විශ්ලේෂකයින්ගෙන් සියයට 35 ක් අනාවැකි පල කර තිබුනේ ශ්‍රම වෙලඳපොල පිළිබඳ දත්ත මගින් ඩොලරය තවදුරටත් දුර්වල කරන අතර, යුගලය 1,2355 ක මට්ටමකට බිඳවැටීම සිදු විය හැකි බවයි.
    ඒ අනුව පසුගිය සතියේ සිදු වුයේ මෙයයි: සතියේ මැද භාගයේ දී යුගලය පොයින්ට් 115 ක් ඉහළ ගිය අතර, 1.2395 අගයකට ලඟා විය. ඉන් පසුව එය අපේක්ෂා කල පරිදි ආපසු හැරී 1.2328 කලාපය වෙත ගමන් කරනු ලැබීය;
  • GBP/USD යුගල සඳහා වූ අනාවැකිය යුගලයේ යම් වර්ධනයක් අපේක්ෂා කළද, සැබවින්ම එලෙසම සිදු නොවිය. 1.4200 ට ඉහළ වර්ධනයක් විශ්ලේෂකයින්ගෙන් හතරෙන් පංගුවක් අපේක්ෂා නමුත්, ඩොලරයේ දුර්වල වීම ඔවුන්ගේ අපේක්ෂාවන් පවා ඉක්මවා ගිය අතර, මෙම යුගලය සිකුරාදා සවස 1.4300 අගයක් දක්වා ළඟා විය. කෙසේ වෙතත්, ඉහළයාමේ ශක්තිය ඉක්මනින් අවසන් වූ අතර, එය 1.4240 මට්ටම දක්වා පහත වැටුණි;
  • USD/JPY යුගලය සඳහා බොහෝ විශේෂඥයින් විසින් කරන ලද අනාවැකිය වුයේ පෙබරවාරි මැද භාගයේ ආරම්භ වූ මධ්‍ය ප්‍රමාණයේ සමාන්තර චලනය අඛණ්ඩව පවත්වාගනු ඇති බවත් එහි වර්ධනය 108.00 ක අගයක් දක්වා වර්ධනය වනු ඇති බවත්ය. ඒ අනුව පසුගිය සතියේදී යුගලය 106.70-107.40 අතර සමාන්තරව ගමන් කිරීමට උත්සහ කළ අතර ඉන් පසු ඉහල අගය බිඳහෙලා ඉහලට ගමන් කිරීමට උත්සහ කල අතර 107.77 ක උසකට ගමන් කළේය. ඉන් ඉහලට යුගලය ගමන් නොකළ අතර ඊට පෙර සතියේ ඉහල අගයට නැවත පැමිණියේය;
  • ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගලයන්ට අදාල වූ අනාවැකියද සම්පුර්ණයෙන්ම පාහේ නිවැරදි වූ අතර අපේක්ෂා කල පරිදි ඉහල ගියේය.
    BTC/USD සඳහා වන අනාවැකිය 7,820-8,360 දක්වා ඉහළ යනු ඇති බව ප්‍රකාශ විය. සත්‍ය වශයෙන්ම, මෙම යුගලය 8,200 අගයකට පැමිණියේය.
    එතීරියම් සඳහා ඉලක්කය 440-511 කලාපයේ විය, එය ඊටත් වඩා ඉහල අගයක් වූ 527 අගයකට පැමිණියේය, ඉන්පසු එය 490 අගයකට පැමිණ සතිය අවසන් කළේය.
    LTC/USD සඳහා, අපේක්ෂා කල අගය 155-175 විය, කෙසේවෙතත්, ඉහළයාම සිදුවූ නමුත් බලාපොරොත්තු වුවාට වඩා ඉක්මනින් ඉහළයාමේ ශක්තිය වියළී ගියේය - 133 උසෙහිදී.
    අවසානයේදී, රිපල්. විශේෂඥයන් අපේක්ෂා කල ප්‍රධාන ඉලක්කය වූ 0.67 අගය සිකුරාදා වන විට යුගලය විසින් අත්කර ගත්තේය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. විශේෂඥයින්ගෙන් 60% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ප්‍රථමයෙන් යුගලය 1.2215 මට්ටමකට පහළ යනු ඇති බවත් ඉන්පසු, 1.2155 අගයකට තව දුරටත් පහත යනු ඇති බවටත් අනාවැකි පල කරති. කෙසේ වෙතත්, සිරියාව සම්බන්ධව ඇති භූදේශපාලනමය තත්වය මෙන්ම චීනය සමග ඇති වෙලඳ යුද්ධය හා වෙනත් සාධක කිහිපයක් මත ඩොලරය තවත් දුර්වල වීමට තුඩු දිය හැකිය. මෙම තත්වය මත, විශ්ලේෂකයින්ගෙන් 40% ක් සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් බොහෝමයක් මේ තත්වය විශ්වාසය කරන බැවින්, මෙම යුගලයේ ඉහළ මට්ටමේ ප්‍රතිරෝධතා මට්ටම් වලට දිගටම ගමන් කළ හැකිය. ප්‍රතිරෝධී මට්ටම් 1.2410, 1.2475 සහ 1.2525 වේ;
  • සෑම දර්ශකයක්ම, දවසේ සහ පැය හතරේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් GBP/USD යුගලය මිලදී ගැනීම යෝජනා කරයි. එහෙත් විද්වතුන් සඳහා, ඉහළයාම සඳහා ආකර්ෂණයක් නැත: 60% v 40%. ප්‍රධාන ආධාරක අගයන් 1.4145, 1.4065 සහ 1.4010 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.4345 සහ 1.4425 වේ.
    මධ්‍ය කාලීනව සැලකීමේදී පහළයාම සඳහා සහය දක්වන විද්වතුන්ගේ ප්‍රමාණය 60% දක්වා ඉහල යයි. ඒ අනුව මාර්තු මාසයේ අවම අගය වූ 1.3760 දක්වා යුගලය පහත යාම අපේක්ෂා කරයි;
  • USD/JPY. සෑම දර්ශකයක් ම පාහේ කොළ වර්ණ ගැන්වී ඇති අතර අවසාන දින සහ සති වල ප්‍රවනතාවයන් අනුගමනය කරයි. කෙසේවෙතත්, මෙම යුගලය පෙබරවාරි මාසයේ සිට ආරම්භ වූ ප්‍රබල ප්‍රතිරෝධී කලාපයේ ඉහළ මායිමෙහි දැනට ඇති බව මතක තබා ගත යුතුය. විශේෂඥයන්ගෙන් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කලාපයට ඉහලින් යුගලය තබා ගැනීමට උත්සාහ කරනු ඇති අතර, එහි සතිපතා උච්චාවචනයන් 107.00-108.50 ක පරාසයක සිදුවනු ඇත. කෙසේවෙතත්, විශ්ලේෂකයින්ගෙන් තුනෙන් එකක් යුගලය 106.65-107.00 කලාපයට නැවත පැමිණෙනු ඇති බවට විශ්වාස කරයි. එම කලාපයේ පහල සීමාව බිඳවැටුනහොත් පොයින්ට් 100ක් පහලට ගමන් කර 105.65 අගයකට යුගලය පහත යා හැකිය. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයද එම තත්වය තහවුරු කරයි;
  • ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා, විශේෂඥයන්ට අනුව BTC/USD යුගලය මෙම සතියේ 8,000 ඔස්සේ ගමන් කරන අතර 7,570-8,575 පරාසයේ උච්චාවචනයන් සිදු කරනු ඇත. ETH/USD, 600 ක ඉහළයාමක් ලබා ගැනීමට උත්සාහ කරනු ඇති නමුත් එතීරියම්ට එයට ලඟා වීමට අපහසු වනු ඇති අතර යුගලය 485-510 මට්ටමට අවසානයේදී පැමිණිය හැකිය. LTC/USD යුගලය සඳහා විශේෂඥයන්ට අනුව ඉලක්කය 145 වේ. XRP/USD සඳහා ඉලක්කය 0.70-0.740 කලාපයේ වේ.

2018 අප්‍රේල් 16 සිට 20 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

හිතවත් වෙළෙදුනි, NordFX තැරවුකාර සමාගම මඟින් ඔබට ලබාදෙන 1:1000 ලෙවරේජ් අගය භාවිතා කර ක්‍රිප්ටෝ මුදල්, ඉහල යන සහ පහල යන, අවස්ථා දෙකෙහි දීම ලාභ ලැබිය හැකිය.

මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම USD, බිට්කොයින් සහ එතීරියම් වලින් කල හැකිය.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න