2018 April 12

බොහෝ වෙළඳුන් හා ආයෝජකයින් මේ වන විට ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම් කරන නමුත් ලෙවරේජ් අගය යනු කුමක්ද යන්න, එමගින් ලැබෙන ප්‍රතිලාභ සහ අවදානම් මොනවාද යන්න හොඳින් අවබෝධ කර නොගෙන වෙළදාමේ යෙදෙන බව ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. සත්‍ය වශයෙන්ම, එවැනි ලෙවරේජ් අගයක්, වෙළඳාම සඳහා අවස්ථා වැඩි කරන මෙවලමක් පමණි.

එසේනම් ලෙවරේජ් අගය පිළිබද අවබෝධයක් ලබා දීම සඳහා ඒ පිලිබඳ පැහැදිලි කරමු: ලෙවරේජ් යනු තැරැව්කරුවකු විසින් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීම සඳහා වෙළඳුන් වෙත ස්වයංක්‍රීයව සහ වෙනත් ඇපකරුවන්ගෙන් තොරව සපයන ණය ප්‍රමාණයයි. මේ අනුව, උපරිම ලෙවරේජ් අගය 1:1000 වේ. එනම්, ගිණුමේ ඩොලර් 100 ක් සහිතව, වෙළෙන්දෙකුට විදේශීය මුදල් හෝ වෙනත් මූල්‍ය උපකරණ මිලදී ගැනීම/විකිණීම සඳහා තමන්ගේම මුදල් වලට වඩා 1,000 ගුණයක්, එනම් ඩොලර් 100,000 ක් භාවිතා කල හැකිය.

වාසනාව ඇත්නම්, වෙළෙන්දාගේ ලාභය ලෙවරේජ් අගයට සමානුපාතිකව වැඩිවේ. එහෙත් අසාර්ථක වුවහොත් පාඩුව ද ඉහළ යනු ඇත. එමනිසා වෙළදුන්ගේ මතය දෙයාකාරයකට බෙදී ඇත. පළමු මතයට අනුව, ඉහළ ලෙවරේජ් අගයක් අනිවාර්යයෙන්ම තැන්පතු මුදල් හි පාඩුවකට තුඩු දෙනු ඇත. දෙවන මතයට අනුව එය ඉතා හොඳ වෙළඳ මෙවලමක් වන අතර බොහෝ විට වෙළඳ අවදානම් අඩු කරමින් තම ලාභය වැඩි කර ගැනීමට මග පාදයි. එපමණක් නොව, බොහෝ වෙළද අවස්ථාවන් ද ලබා දෙයි. ඒ අනුව ලෙවරේජ් යනු මිටියක් වැනි මෙවලමක් වේ. එය නිවැරදිව භාවිතා කළ හැකි අයට, සම්පූර්ණ නිවසක් ගොඩනඟා ගත හැකි අතර, කවුරුන් හෝ නොදන්නා අයෙකුට ඉතා ඉක්මනින් ඇඟිලි අහිමි වනු ඇත.

එයටත් වඩා පැහැදිලි කිරීමට, තවත් උදාහරණයක් ගෙන බලමු. ඔබේ මෝටර් රථය පැයට කිලෝ මීටර් 200 ක වේගයෙන් ගමන් කිරීමට හැකියාව ඇත. නමුත් එමගින්, ඔබ නිවසින් පිටත්ව යන සෑම අවස්ථාවකදීම මෝටර් රථය වහාම එම වේග සීමාවට පැමිණීම ඉන් අදහස් නොවේ. ඔබ ගමනේ බොහෝ දුරක් සාමාන්‍ය වේගයකින් ගමන් කරන නමුත් අවශ්‍ය වූ විට සහ අවශ්‍ය මොහොත පැමිණි විට එය වේගවත් කළ හැකිය.

ලෙවරේජ් අගයේ ප්‍රමාණය අවදානම කෙරෙහි බලනොපාන බව පැහැදිලිව තේරුම් ගත යුතුය. මෙම අවදානම, වෙළදාම විවෘත කරන විට වෙළඳුන් විසින්ම කළමනාකරණය කරනු ලැබේ!

 

මුදල් කළමනාකරණය පිළිබඳ සැලකීමේදී බොහෝ වෘත්තීය වෙළෙන්දෝ, වෙළදාමේ අවදානම, ඔවුන්ගේ තැන්පතුවලින් 5% ඉක්මවා නොයයි. මෙම ප්‍රකාශය මතභේදයට තුඩුදී ඇති අතර, එය වෙළෙන්දන් එකිනෙකා විසින් භාවිතා කරන ක්‍රමවේදයන් හා මූලෝපායන් මත රඳා පවතී. එහෙත් සැකයෙන් තොර පැහැදිලි දෙයක් නම්, කිසිඳු වෙළෙන්දෙක් 100% ක් තමාගේ ප්‍රාග්ධන මුදල් තනි ගනුදෙනුවකට පමණක් භාවිතා නොකරන බවයි. එසේ තනි ගනුදෙනුවකට සියලු ප්‍රාග්ධනය යෙදවීමෙන් ගිණුමේ මුදල් ඉක්මනින්ම අහිමි වනු ඇත.

එය පැහැදිලි කර ගැනීමට උදාහරණයක් ගෙන බලමු. (ප්‍රායෝගිකව ගණනය කිරීම් සිදු කරන විට තැරව්කරුගේ කොමිස් හා හුවමාරු අගයන්ද සලකා බැලීමද අවශ්‍ය වේ)

ඔබගේ තැන්පතුව ඩොලර් 100 ක් වන අතර, මුදල් කළමනාකරණය පිළිබඳ නිර්දේශ කර ඇති පරිදි, ඔබේ ප්‍රාග්ධනයෙන් 5%, එනම් ඩොලර් 5 සඳහා BTC/USD මත ගනුදෙනුවක් විවෘත කිරීමට ඔබ තීරණය කර ඇතැයි සිතන්න. ඔබ ලෙවරේජ් අගයක් භාවිතා නොකරන්නේ නම් බිට්කොයින් එකක් මිල දී ගැනීම සඳහා ඩොලර් 10000 ක මුදලක් අවශ්‍ය වනු ඇත. ඒ අනුව ඔබ තැන්පත් කල මුදලෙන් මිලදී ගත හැකි වනු ඇත්තේ බිට්කොයින් 0.0005 පමණි. දිනක් ඇතුලත 10% කින් වර්ධනය වන්නේ නම්, එනම් $ 1000 කින්, ඔබේ ලාභය ශත 50 ක් වේ. සාමාන්‍යයෙන් මෙය නරක නැහැ. එහෙත් 1: 1000 ලෙවරේජ් අගයක් භාවිතා කිරීම මගින් එම $ 5 මිලට ගත හැකි වන්නේ බිට්කොයින් 0.0005 නොව, බිට්කොයින් 0.5 වේ. ඒ අනුව ඔබේ ලාභය $ 500 ට සමාන වනු ඇත.

මෙය හුදෙක් හොඳ දෙයක් පමණක් නොව, පුදුම දනවන්නකි - ඔබ  $ 5 ක් පමණක් අවදානමට ලක් කර උපයා ඇති මුදල $ 500 කි! එහෙත් එය ඔබට අවශ්‍ය වූ දිශාව වෙත මිල ගමන් කළහොත් පමණක් මෙය කළ හැකිය. දිශාව ඉහල යාමක් නොවී පහල යාමක් වුවේ නම් කුමක් සිදු වේ ද?

 

මෙහි දී විශාල ලෙවරේජ් අගයකට විරුද්ධ මතයක් දරන්නන් කැපී පෙනේ. ඔබ උත්තෝලනයකින් තොරව වෙළඳාම් කළහොත්, ඔබට ඩොලර් 5 ක් අහිමි වීම සඳහා බිට්කොයින් $10,000 සිට ශුන්‍ය විය යුතුය. 1:1000 ලෙවරේජ් අගය භාවිතා කරන විට, එය මිල ඩොලර් 10 කින් පමණ පහත වැටීම සඳහා ප්‍රමාණවත් වේ. මෙය සාමාන්‍ය තත්වයකි.

එහෙත්! මූල්‍ය වෙලඳපොලවල උපාය මාර්ග සහ වෙළඳ උපක්‍රම පිළිබඳව දැනුම අවශ්‍ය වේ. එවැනි තැරැව්කරුවෙකු ලෙස NordFX සමග වෙළඳාම් කරන විට, ඔබට අවදානම් අවම කරගත හැකිය. උදාහරණයක් ලෙස, ඔබ ඉහලයාම සඳහා බිට්කොයින් වෙළදාමක් විවෘත කරන විට ඊට සමාන වේලාවකදී පහළයාම සඳහා ද වෙළදාමක් විවෘත කළ හැකිය. ඔබට ස්ප්‍රෙඩ් මත හෝ කොමිස් මත යම් දුරකට ගෙවීමක් සිදු කල යුතු වුවද, එක් ගනුදෙනුවකදී පාඩු ලැබීමට සමාන්තරව, අනෙක් ගනුදෙනුවෙන් ලාභය වැඩිවේ. එමෙන්ම මුදල් යුගලයන් ගමන් කරන දිශාව අනුව වෙළදාමක් විවෘත කිරීමට හෝ වැසීමට හෝ තීරණය කිරීම සඳහා විවිධ වූ ප්‍රවණතා දර්ශක සහ තාක්ෂණික විශ්ලේෂණ මෙටාට්‍රේඩර් 4 වේදිකාවෙහි ඇතුලත් කර ඇත.

මෙලෙස ලෙවරේජ් අගය මගින් වෙළදාම පහසු කිරීමට අමතරව, වෙළදාමේ අවදානම අවම කිරීමට අප තවත් ක්‍රම බොහොමයක් ඔබට ලබා දී ඇත. ඒ අනුව, අනෙකුත් වෙළෙඳ උපකරණවල ගනුදෙනු සමාන්තරව විවෘත කිරීමේ හැකියාව - ක්‍රිප්ටෝ මුදල් යුගල, සාම්පදායික මුදල් යුගල, ලෝහ ආදිය, වඩා පළපුරුදු වෙළදුන්ගේ ගනුදෙනු ස්වයංක්‍රීයව පිටපත් කිරීම, ප්‍රවීණ උපෙද්ශක භාවිතා කිරීමේ හැකියාව ආදිය එලෙස ලබා දෙන ක්‍රම කීපයක් වේ.

 

දැන් අපි ඉහතින් සඳහන් කල දේ සාරාංශ ගත කරමු. ලෙවරේජ් අගයෙහි ප්‍රධාන වාසිය වන්නේ එමගින් වෙලදාම් සිදු කිරීමට ලබා දෙන මුල්‍යමය නිදහස වේ. ඒ අනුව,

විශාල ලෙවරේජ් අගයක් ලැබීම තුලින් වෙළදාමට විශාල මුදලක් ඔබ සතුව ඇත!

ඊට අමතරව:

1. අවදානම සැලකිය යුතු ලෙස අඩු කරයි. කුඩා තැන්පතු සමග පවා ඔබේ ආයෝජනට විවිධ වෙළඳ මෙවලම් එකතු කළ හැකිය. එක් ගනුදෙනුවකින් පාඩු ලබන විට අනෙක් ගනුදෙනුවෙන් ලාභ ඉපයිය හැකිය.

2. වෙළඳාම් ක්‍රමෝපායන් කිහිපයක් භාවිතා කිරීමෙන් ලාභදායීතාවය සහ විවිධාංගකරණය වැඩි කර ගැනීමට ඔබට ඉඩ සලසයි.

3. වෙළෙන්දාට එරෙහිව යුගලය ගමන් කිරීමේදී වෙළදාමේ පරිමාව වෙනස් කර සාර්ථකව වෙළදාම පාලනය කිරීමට අවස්ථාව සලසයි.

 

අවසානයේදී, නැවතත් අපි පහත කරුණු ත්‍රිත්වය මතක් කර දෙන්නෙමු:

1. ලෙවරේජ් අගයේ ප්‍රමාණය අවදානම් මට්ටමට බලපාන්නේ නැත!

2. වෙළෙද අවදානම, වෙළදාම විවෘත කරන විට වෙළඳුන් විසින්ම කළමනාකරණය කරනු ලැබේ.

3. ලෙවරේජ් අගය යනු මෙවලමක් පමණක් වන අතර එය වෙළෙන්දාට වාසි හෝ අවාසි බව රඳා පවතින්නේ වෙළෙන්දාගේ දැනුම හා කුසලතා මත පමණි.


« වෙළෙඳපොළ වෙළෙඳ මාර්ගෝපදේශනය
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න