2018 March 23

NordFX තැරැව්කරු ක්‍රිප්ටෝ මුදල් වෙළෙන්දන්ට ලබා දෙන්නේ මොනවාද | තැරැව්කරුවන් සහ ක්‍රිප්ටෝ හුවමාරුව සමඟ ක්‍රිප්ටෝ මුදල් සන්සන්දනය | 1: 000 ලෙවරේජ් අගය වෙළෙන්දන් සඳහා සතුටුදායකද නැතිනම් භීතියක් දනවන්නක්ද

 

 

NordFX සමඟ ක්‍රිප්ටෝ වෙළඳාම: විශේෂතා සහ උපායමාර්ග1

ඉහළ අස්ථාවරත්වය නිසා බංකොලොත්ව සිටින බොහෝ තැරැව්කරුවන්, ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම අත්හරිනු ඇත. නමුත් NordFX තැරැව්කාර සමාගම, ඊට ප්‍රතිවිරුද්ධව තම ගනුදෙනුකරුවන්ට තමන්ගේම මුදල් වලට වඩා 1000 ගුණයක ලෙවරේජ් අගයක් ලබා දී ඇත. මේ හේතුව නිසා, බිට්කොයින් හා වෙනත් ක්‍රිප්ටෝ මුදල් සමඟ ගනුදෙනු හි ලාභය දහස් ගණනින් ළඟා වනු ඇත. නමුත් මෙය අත්දැකිය හැක්කේ අත්දැකීම් බහුල වෙළදාම්කරුවනට පමණි. ආධුනිකයන්ට, මෙම බලගතු මූල්‍ය ආයුධය තමන්ටම එරෙහි විය හැකිය.

තැරැව්කරුවන් හෝ හුවමාරුව අතර ප්‍රධාන වෙනස වන්නේ තැරැව්කරුවන් හි ක්‍රිප්ටෝ මුදල් ඉහල යාමෙන් පමණක් නොව, පහළ වැටීමක් මගින් පවා ලාභ ලබා ගත හැකි වීමයි. උදාහරණයක් වශයෙන්, ඔබ විනිමය හුවමාරුවේදී බිට්කොයින් $ 20,000 මිලදී ගෙන ඇති අතර මසකට පසු එය $ 10,000 දක්වා පහත ගිය විට, ඔබට විකල්ප දෙකක් තිබේ: එකක් එය 50% ක පාඩුවක් සහිතව විකිණීම හෝ බිට්කොයින් මිල කවදා හෝ ඉහල යන තුරු බලා සිටීමයි.

තැරැව්කරුවන් සඳහා, මිලෙහි වෙනස සඳහා වූ කොන්ත්‍රාතුව නිසා - CFD - ඔබට ක්‍රිප්ටෝ මුදල් ශුන්යයකට ඇද වැටුණත් ඔබට ලාභ ලබා ගත හැකිය.

 

මූල්‍ය ලෝකයේ වෙනත් බොහෝ දේ මෙන් CFD එංගලන්තයේ දී හඳුන්වා දෙන ලදී. මුලදී එය කොටස් මිලදී ගැනීම / විකිණීමේ ගනුදෙනුවකි, නමුත් ඒවා හිමිකම ලියාපදිංචි නොකොට, ගාස්තු ගෙවීම වළක්වා ගැනීමට ඉඩ දුන්නේය.

සත්‍ය වශයෙන්ම, මෙම ක්‍රමවේදය ඉක්මනින් ජනප්‍රිය විය. මිලෙහි වෙනස සඳහා වූ කොන්ත්‍රාත්තුව අනෙකුත් වත්කම් සඳහා - මුදල්, වටිනා ලෝහ, භාණ්ඩ, සහ දැන් ක්‍රිප්ටෝ මුදල් සඳහාද හඳුන්වා දුන්නේය. මේ අවස්ථාවේදී විකුණන්නා වෙතින් මිලදී ගත් තැනැත්තාට මෙම වත්කම් සත්‍ය ලෙස මාරු කිරීමක් සිදු නොවේ. මිල පහත වැටීම නිසා ලාභ උපයා ගැනීමට හැකි වන්නේ එය නිසාවෙනි.

එය සරලව දක්වන්නේ නම්, බිට්කොයින් මිල ඉහළ යාම හෝ පහල යාම සඳහා මිල වෙනස සඳහා වූ කොන්ත්‍රාත්තුව ඔබ තැරැව්කරු සමඟ අවසන් කර ඇති ඔට්ටුවක් වැනි යමක් වනු ඇත. මෙම අවස්ථාවේදී, ඔබ ඔට්ටු ඇරීමේ මොහොත තෝරන්න, එනම්, ගනුදෙනුවේ ආරම්භක කාලය සහ එහි අවසාන කාලයයි. එය කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න මත එය රඳා පවතී - එක් මිනිත්තුව හෝ වසරක් හෝ ඊට වැඩි කාලයක්.

බිට්කොයින් මිල ඩොලර් 20,000 ක් පමණ වූ විට, ඔබ මෙය උපරිමය සහ එය පහත වැටෙනු ඇති බවට අනුමාන කරනු ඇත. එවිට එය විකිණීම සඳහා CFD ගනුදෙනුවක් විවෘත කළ හැකිය. එය ඩොලර් 10,000 ක වසා දැමු විට ඔබට අහිමි වීමක් සිදු නොවන නමුත් 50% ක ලාභයක් ලැබෙනු ඇත.

 

එහෙත් එය සියල්ලම නොවේ: 1: 1000 අනුපාතය නිසා ඔබේ ලාභය 50 ක් නොව 50,000% විය හැකිය. 

ආධුනිකයින්ගේ දැන ගැනීම සඳහා ලෙවරේජ් යනු කුමක් දැයි පැහැදිලි කරමු. ලෙවරේජ් මුල්‍ය වෙළදපොලේ ගනුදෙනුවලට, ස්වයංක්‍රියව සහ කිසිදු ඇපයක් නොමැතිව, ගනුදෙනුකරුට ලබා දෙන මුදල් ප්‍රමාණයයි. 1:1000 ලෙවරේජ් අගයක් ඇති විට වෙළෙන්දාට හෝ ආයෝජකයාට තමාගේම මුදල්වල පරිමාව 1000 ගුණයකින් වැඩි කරගෙන ගනුදෙනු කළ හැකිය.

මේ අනුව, ඔබට අවශ්‍ය වන්නේ ඩොලර් 100 ක් පමණි, එමගින් ඔබට CFD ගනුදෙනු සඳහා ඩොලර් 100,000 දක්වා මුදල් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එනම් 10 බිට්කොයින්, 100 එතීරියම්, 500 ලයිට්කොයින් හෝ 100,000 රිපල් විකිණීමට හෝ මිලදී ගත හැකිය. (අද වන විට, NordFX ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් වර්ග 6ක් වෙළඳාම් සඳහා ඉදිරිපත් කරයි). 

 

වෙළඳ ගිණුමක් ආරම්භ කර ඩොලර් සියයක් ගිණුමට දමා සතියකට පසු ඔබ ඔබේ පළමු මිලියනය දමා ඇත. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, එය බැලූ බැල්මට එසේ නොවෙයි. සත්‍ය වශයෙන්ම, පාඩුව ඔබේ ඩොලර් 100ට වඩා වැඩි නම් එයට ඉතා ඉක්මනින් ළඟා වූ වහාම තැරැව්කරු වහාම ඔබේ ගනුදෙනුව වසා දමනු ඇත. මෙය ක්‍ෂණිකව සිදු විය හැකිය, මන්දයත් මේ සඳහා මිලෙහි 0.1% ක් පමණ වෙනස ප්‍රමාණවත්ය.

විශාල ලෙවරේජ් අගයක් සඳහා විරුද්ද මත දරන්නන් පවසන්නේ එමගින් සියලු මුදල් අහිමිවීම අනිවාර්යයෙන්ම සිදු වන්නක් බවය. කෙසේවෙතත්, මෙම තර්කය බිඳහෙලීමට වෙළඳ උපායක් ඇත. ඔබ 1:1000 ලෙවරේජ් සමගින් එක් වෙළදාමක් පමණක් සිදු කරන විට සම්පුර්න ගිණුමේ මුදල් පාඩු වීමේ සම්භාවිතාව 100% හෝ අවම වශයෙන් 99.99% වේ. ලෙවරේජ් යනු උපකරණයක් වන අතර එය අතිරේක ප්‍රසාද දීමනාවක් වේ. එය භාවිතා කිරීමට හෝ නොකිරීමට තීරණය කරනුයේ වෙළෙන්දා වේ. එය භාවිතා කරන්නේ නම්, කුමන හේතුවක් නිසාද? ඕනෑම දෙයක් කිරීමට කිසිවෙක් බල කරන්නේ නැත.

 

දැන් ඉතාම අපහසු වෙළඳාම් තත්වයන් තුළ විශාල ලෙවරේජ් අගයක් කොතරම් ප්‍රයෝජනවත්ද යන්න ඉතා සරල උදාහරණයකින් විමසා බලමු. වත්මන් මිල ඩොලර් 10,000 සමග, ඔබ 0.1 පරිමාවෙන් බිට්කොයින් සමග ගනුදෙනුව අවසන් කරන්න. ලෙවරේජ් නොමැතිව එවැනි වෙළදාමක් විවෘත කිරීම සඳහා, ඔබට ඩොලර් 1000 ක් අවශ්‍ය වනු ඇත. (ප්‍රායෝගිකව, තරැවුකාර කොමිස් සැලකිල්ලට ගත යුතුය). 1: 1000 ලෙවරේජ් අගය සහිත නම් ඔබට ඒ සඳහා අවශ්‍ය වන්නේ ඩොලර් එකක් පමණි. ඉතිරි ඩොලර් 999 ගිණුමේ රදවා තබා ගනු ඇති අතර යම් හෙයකින් වැරදි දිශාවට වෙළදාමක් ආරම්භ කර තිබේ නම් ඉහළ ලෙවරේජ් අගය නිසා ගිණුමෙහි මුදල් ආරක්ෂා කර ගත හැකි වනු පමණක් නොව, අවසානයේ ලාභ ලබා ගැනීමට ඔබට වඩා හොඳ අවස්ථාවක් තිබේ.

ඉතින්, අපි නැවත වරක් කියමු: ලෙවරේජ් යනු උපකරණයක් පමණක් වන අතර, එය භාවිතා කරන ආකාරයත් ඔහුගේ හැසිරීම සහ ඔහුගේ මුදල් ආශාවන් ගැන රඳා පවතින්නේ ඔහු (වෙළෙන්දා) මත පමණක්ය.

 

මීට අමතරව, CFD සමග වැඩ කරන විට, තවත් ප්‍රයෝජනවත් දෙයක් ගැන අමතක කළ නොහැකිය - ඔබේ අවදානම් ආරක්ෂා කිරීමට ඇති හැකියාව. එක් ගනුදෙනුවකට වඩා වැඩි ගණනක් එක විට විවෘත කිරීම, සමහරක් බිට්කොයින් මිලදී ගැනීමට සහ තවත් අය ඒවා විකිණීම සඳහා ද පෙලෙබෙයි. එසේත් නැතිනම්, එක් වරකදී, ක්‍රිප්ටෝ මුදල් අවස්ථා කීපයක් පවත්වා ගෙන යා හැකිය. එය අවදානම් සහගතය.

අවසානයේදී, වැදගත්ම කොටස ලෙස NordFX හි ක්‍රිප්ටෝ මුදල් වෙළදාම සැලකේ. MetaTrader 4 ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙළද වේදිකාව මත සිදුකරනු ලබයි. ෆයිනෑන්ස් මැගසට්ස් සඟරාව විසින් මෑතක දී කරන ලද සමීක්ෂණවලට අනුව, බහුතර වෙලඳන් ප්‍රමාණයක් (61.44%) වෙළඳාමේ දී තාක්ෂණික විශ්ලේෂණයන් භාවිතා කරන අතර, උපරිම විධාන, දර්ශක සහ උපදේශක රොබෝවරු භාවිතා කිරීම සඳහා මෙම වේදිකාව භාවිතා කරයි.

සමහරවිට ඉහත සඳහන් කළ සියල්ල ආධුනිකයන් සඳහා යම් තරමකට අසීරු ය. එහෙත්, මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද කියා දැනගත හැකිය. කිසිඳු මුදලක් පවා අවදානමකින් තොරව මෙය කිරීමට නම්, ඔබ NordFX හි පුහුණු ගිණුමක් ආරම්භ කිරීමකල හැකිය. මෙය ඔන්ලයින් මාර්ගයෙන් සිදු කල හැකි අතර ගතවන්නේ විනාඩි කීපයක් පමණි. සැබෑ මුදල් සමඟ වැඩ කිරීමට ඔබ තීරණය කළ පසු, ඔබේ වෙළඳ ගිණුම නැවත ලබා ගැනීමටත්, එයින් ඩොලර් වලින් පමණක් නොව, බිට්කොයින් සහ එතිරියම් වලින් ද මුදල් තැන්පත් කිරීම හා ලාභ ලබා ගැනීමටත් හැකි වනු ඇත.


« වෙළෙඳපොළ වෙළෙඳ මාර්ගෝපදේශනය
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න