2018 ජනවාරි 17

Master Forex-V ඇකඩමිය විසින් NordFX ඉහළ ස්ථාන දෙකක් සඳහා නම් කරන ලදී1

Master Forex-V ඇකඩමියේ විශේෂඥ මණ්ඩලය ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව NordFX, 'ලෝකයේ හොඳම තැරැව්කරු' ලෙස තෙවනවරටත් නම් කර ඇත. ඊට අමතරව අපගේ අනුබද්ධ වැඩසටහන සියලු තැරැව්කරුවන් අතරින් 2017 වසරේ හොඳම වැඩසටහන ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඇකඩමියේ විශේෂඥයින් විසින් එක් එක් තැරැව්කාර කටයුතු සඳහා නිර්ණායකයන් 20 කට වැඩි ප්‍රමාණයක් ඇගයීමට ලක් කරන ලද අතර, වෙළඳපොළේ දී සමාගමේ මෙහෙයුම් කටයුතු, එහි බලපත්‍රවල ස්වභාවය සහ එහි ගනුදෙනුකරුවන්ට ලබා දෙන වෙළඳ නියමයන් ඇතුළත් වේ. 2017 වන විට, වෙළඳුන් සහ මුදල් වෙළෙඳපොළ ආයෝජකයින් විසින් තැරැව්කාර ක්‍රියාකාරිත්වය පිළිබඳ අතිරේක තක්සේරුවක්, නිර්ණායකයට එක් කර ඇත.

එසේ නම්, 2017 වසරේ සමාගමේ මූල්‍යමය ප්‍රතිඵල, එහි විශ්වසනීයත්වය, සේවාදායකයන්ගේ වර්ධනය, සමාගමට ලැබුණු ප්‍රතිචාරය සහ වෙනත් සාධක යනාදී වූ බොහෝමයක් නිර්ණායක හේතුවෙන් විශේෂඥයෝ ඉහත කී කාණ්ඩවල ජයග්‍රාහකයා ඒකමතිකව ප්‍රකාශයට පත් කළහ.

'කොටස් වෙළඳ පොළ නියමු' සඟරාව සඳහන් කරන පරිදි, NordFX විසින් පහත සඳහන් විශේෂතා අත්කර කරගෙන ඇත.

  • අන්තර් බැංකු වෙළෙඳපොළ වෙත ක්‍ෂණික ප්‍රවේශයක් ලබා දීම,
  • වෙළදාම් විවෘත කිරීමේ වේගය ඉහල නැංවීම සහ අවම ස්ප්‍රෙඩ් අගයක් ලබා දීම,
  • වෙළඳපොලේ වඩාත් වාසිදායක තත්වයක් ලබා දෙන නව ද්වී මට්ටම් අනුබද්ධ සටහනක් දියත් කිරීම,
  • ලෙවරේජ් 1:1000 සහිත ක්‍රිප්ටෝ මුදල් වෙළදාම සඳහා අවස්ථාව ලබා දීම,
  • බිට්කොයින් වෙළදාම් කල හැකි නව ගිණුම් හඳුන්වා දීම.

අනෙකුත් විශේෂතා වන්නේ වෙළඳාම, ආයෝජකයා සහ හවුල්කරුවන්ගේ අත්දැකීම් ඉහළ නංවාලීම පමණක් නොව, වෙළඳාම් හි අනාරක්ෂිත අවදානම අවම කර ගැනීම සඳහා නව්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමයි.


« සමාගම් පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න