2017 December 17

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • නත්තල් නිවාඩුව හුදෙක් මූල්‍ය වෙළෙඳපොළ සහභාගිවන්නන්ට බලපෑමක් ඇති නොකරයි. බොහෝ විශ්ලේෂකයින් EUR/USD, 1.1685-1.1900 වඩා පටු සීමාවකින් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළහ. සත්‍ය වශයෙන්ම, මෙම සීමාව ඊටත් වඩා පටු විය. එය සතියේ උච්චාවචනයන් පොයින්ට් 150 ක ප්‍රමාණයක්වත් නොඉක්මවූ අතර 1.1717-1.1862 සිමාවේ පසු විය. මේ අනුව සතියේ සැබෑ ප්‍රතිඵලයක් හඳුනා ගැනීමට නොහැකි විය: එය 1.1750 කලාපයේ ආරම්භ වූ ස්ථානයට ආසන්නව ම සතිය අවසන් කළේය.
  • GBP/USD සඳහා අනාවැකිය ලබා දීමෙන්, බොහෝ විද්වතුන් (65%) එහි පහත යාමක් අපේක්ෂා කල අතර, 1.3300 ආධාරක මට්ටම ලෙස හඳුනා ගැනුනි. සතියේ මැද භාගයේදී එම අගයට ලඟා විය. සතිය අවසානයේදී එම අගයට මදක් ඉහලට පැමිණ සතිය අවසන් කළේය.
  • USD/JPY. මෙහි බොහෝ අවස්ථාවලදී, ඔස්කිලේටර් විසින් විශ්ලේෂකයන් පරාජයට පත් කරන ලදී. පසුගිය සතියේ යුගලයේ වර්ධනය සඳහා සහය ලබා දුන් අතර දෙවනුව, යුගලය 112.00-113.00 දක්වා පහත වැටෙනු ඇති බව ඔස්කිලේටර් මගින් සංඥා කළේය. මෙය සම්පුර්ණයෙන්ම නිවැරදි වූ අතර සතියේ අවම අගය 112.02 විය. පසුව යුගලය පොයින්ට් 60 කින් ඉහළ ගොස් 112.62 හි දී නතර විය.
  • USD/CHF. පසුගිය සතියේ ඔස්කිලේටර් බොහොමකගේ කියවීම් අනුව යුගලය දකුණු දෙසට ගමන් කරනු ඇති බවත් උපකාරක මට්ටම් ලෙස 0.9880 සහ 0.9845 ලෙසත් හඳුනා ගන්නා ලදී. මෙම පුරෝකථනය මුලුමනින්ම සත්‍ය විය. සතියේ පළමු භාගය තුළදී මෙම යුගලය නැවත නැවතත් 0.9880 ක මට්ටමකට ඇද දැමීමට තැත් කළ අතර බදාදා අවසානයේ එය සාර්ථක විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම දෙවන ආධාරක මට්ටම වූ 0.9840 මට්ටමට යුගලය පැමිණුනේය. ඉන් පසුව, ආපසු හැරීමක් සිදු වූ අතර, EUR/USD මෙන් USD/CHF සතියේ ආරම්භක අගයන් වෙත ආපසු පැමිනුනි.

 

2017 දෙසැම්බර් 18 - 22 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

නත්තල: මූල්‍ය වර්ෂය අවසානයේ... බැංකු සහ මුල්‍ය ආයතන දැනටමත් වර්ෂ අවසානයේ කටයුතු සිදු කර ඇති නිසා ෆොරෙක්ස් වෙළදපොලෙහි නිසල ස්වභාවයක් දිස් වනු ඇත. ලෝකය තුල කිසිවක් අතිශය අසාමාන්ය සිදුවීමක් සිදු නොකෙරෙන අතර, (අප කිසිවක් සිදු වනු ඇතැයි බලාපොරොත්තු නොවේ!) සැබැවින්ම බරපතල විනිමය අනුපාතික වෙනස්කම් නොවිය යුතුය. මෙම කොන්දේසි යටතේ, අනාවැකි සෑදීම ඉතා අපහසු වේ. ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD, පහල යාම සඳහා ඉතා සුළු වාසියක් ඇත. විශේෂඥයන්ගෙන් 45% ක්ම වැටීම සඳහා සහය පල කළ අතර, එහි වර්ධනය සඳහා 30% ක් වන අතර අනෙක් ඉතිරි සියයට 25% සමාන්තර චලනයක් සඳහා අනාවැකි පල කර ඇත. තාක්ෂනික විශ්ලේෂණය සමඟ තත්වය ද එක හා සමාන වේ. දර්ශකයන්ගෙන් භාගයක් පමණ දකුණු දිශාව පෙන්නුම් කරනු ලබයි. කෙසේ වෙතත්, ඔස්කිලේටර් 20% ක පමණ සංඛ්යාවක් යුගලය ඉහලට ගමන් කරන බව සඳහන් කරයි. ප්‍රතිරෝධතා මට්ටම් 1.1815 සහ 1.1860 වේ; මේ අතර, උපකාරක මට්ටම් 1.1720 සහ 1.1650 වේ.
  • GBP/USD. විශ්ලේෂකයින්ගෙන් 50% ක් යුගලයේ වර්ධනයක් අපේක්ෂා කරයි, 25% ක පහත වැටීමක් සහ 25% ක් පාර්ශ්වික චලනයක් අපේක්ෂා කරයි. ඔස්කිලේටර් වැනි බොහෝ ප්‍රවනතා දර්ශකයන් (70%), රතු පාටින් වර්ණ ගැන් වී ඇත. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව යුගලය ඉහල යා යුතුය, පැය හතරේ කාලරාමුව මත 1.3425 දක්වා ඉහළ නැංවීමක් පෙන්නුම් කරන අතර දවසේ කාලරාමුව මත1.3550 දක්වා ඉහළ යනු ඇත. ඊට පසු, මෙම යුගලය 1.3300 දක්වා පහතට ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ, පසුව 1.3225 (පැය හතරේ කාලරාමුව අනුව) 1.3065 (දවසේ කාලරාමුව අනුව) පහල යාමක් අපේක්ෂා කෙරේ. විශේෂඥයන්ගෙන් 65% ක් වැනි මධ්‍ය කාලීනව පහත වැටීමකට සහයෝගය දක්වයි.
  • USD/JPY. බොහෝ විශ්ලේෂකයින් (65%), ග්‍රැෆික් විශ්ලේෂණය සහ පැය හතරේ කාලරාමුව මත දර්ශක අවම වශයෙන් 110.85 ක් පහල යාම සඳහා සහය දක්වයි. විශේෂඥයන්ගෙන් 30% ක් යුගලය නැවත 113.70 පැමිණෙනු ඇතැයි විශ්වාස කරයි. විශේෂඥයන්ගෙන් 5% ක් ද, දවසේ කාලරාමුවෙහි ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් ද මධ්‍යස්ථ තත්ත්වයක් ගෙන තිබේ.
  • අපගේ සමාලෝචනයේ අවසාන යුගලය වනුයේ USD/CHF වේ. විද්වතුන් සහ ඔස්කිලේටර් අතර සම්පූර්ණ විසංවාදයක් ඇත. බොහෝ ප්‍රවණතා දර්ශක (75%) පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව දෙකම උතුරු දෙසට පෙන්නුම් කරයි. මෙම වර්ධනය සඳහා ග්‍රැෆික් විශ්ලේෂණය ද සහයෝගය දක්වයි. කෙසේ වෙතත්, එහි කියවීම් අනුව යුගලය මුලින් 0.9800 කලාපයට පහත වැටි නැවත 0.9925-0.9935 කලාපය දක්වා ඉහල යනු ඇත. එය බිඳී ගිය විට යුගලය 0.9975 දක්වා ඉහළ යනු ඇත.

 

හිතවත් වෙළඳ සගයිනි,

අපගේ මීළඟ අනාවැකිය ඉදිරිපත් කරනුයේ නව වසරේ දී වෙයි. අපි, ඔබට සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කර සිටිමු! කෙසේවෙතත්, ඔබ උත්සව සමය භුක්ති විඳිමින් සිටියත්, නිවාඩු සමයේ ෆොරෙක්ස් වෙළදපොල සන්සුන් වුවත්, ක්‍රිප්ටෝ මුදල් එලෙස තත්පරයකට හෝ සන්සුන් නොවන බව කරුණාකර මතක තබා ගන්න.

 

NordFX මඟින් ඔබට ක්‍රිප්ටෝ මුදල් (Bitcoin, Litecoin සහ Ethereum) වෙළඳාම් කිරීමේ අද්විතීය අවස්ථාවක් සපයනු ලැබේ. ලෙවරේජ් 1: 1000 සමගින් දිනකට පැය 24 ක්, සතියේ දින 7 ක්, දින 365!

සියල්ලටම පසු ෆොරෙක්ස් මෙන් නොව ක්‍රිප්ටෝ මුදල් වෙළදාම කිසිවිටකත් නිදා නොගනියි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න