2017 December 10

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. මධ්‍ය කාලීන අනාවැකිය බොහෝ විට බලාපොරොත්තු වූවාට වඩා වේගවත් විය. 65% ක විශ්ලේෂකයෝ අපේක්ෂා කළ පරිදි (මාස කීපයක් තිස්සේ වර්ධනය වෙමින් තිබු)  මධ්‍ය කාලීනව පාර්ශවිය 1.1575-1.2090 කලාපයේ මධ්‍ය අගය EUR/USD විසින් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කලහ. කෙසේ වෙතත්, පසුගිය සතියේදී මෙම යුගලය නැවත වරක් අගෝස්තු අගයන් වෙත ආපසු ලගා විය.
  • GBP/USD සඳහා ද ඒ හා සමාන තත්වයක් පැවතුනි. විශේෂඥයින්ගෙන් 70% ක්, කෙටිකාලීනව යුගලය ඉහල යනු ඇතැයි අපේක්ෂා කළ අතර 70% ක විශේෂඥයන් පිරිසක්, මධ්‍ය කාලීනව යුගලය පහල යනු ඇතැයි අපේක්ෂා කළහ. 1.3050-1.3325 යන සීමාවන්ට යුගලය නැවත පැමිණීම සම්බන්දව ද අදහස් පල විය. සිදු වුයේ මෙයයි: දෙසැම්බර් 7 වන බ්‍රහස්පතින්දා, මෙම යුගලය 1.3318 දක්වා පහත වැටුනු අතර සතියේ සැසිය 1.3380 හි දී අවසන් විය.
  • USD/JPY. පැය හතරේ හෝ දවසේ කාල රාමුව භාවිතා කර දර්ශකයන්ගේ ආධාරයෙන් මෙම යුගලය සඳහා කිසියම් අනාවැකියක් ලබා ගත නොහැකි විය. ඒවායින් සමහරක් කොළ පාටින්ද , සමහරක් රතු පාටින් සහ සමහරක් අළු පාට විය. විශේෂඥයින්ට අනුව, ඉහල යාම සඳහා සුළු වශයෙන් වාසියක් (60% සිට 40% දක්වා) තිබිණි. ඔවුන් අනුව ඔවුන් නැවත වරක් 113.30-114.00 මට්ටමට නැගීමට නියමිත විය. මෙය පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂනය මගින් සනාථ කෙරුනි. කෙසේ වෙතත්, දවසේ කාල රාමුවෙහි, මෙම යුගල නැවත වරක් 108.00-114.50 හි මධ්‍ය අගය වන 111.70 යට පැමිණෙනු ඇතැයි අපේක්ෂාව විය.
    ඔබ ප්‍රස්ථාරය දෙස බැලුවහොත්, මෙම අනාවැකි දෙකම නිවැරදි බව පෙනී යයි. සතියේ මැද භාගයේ සිට යුගලය 111.98 දක්වා පහත වැටුණ අතර, ඉහළයාමක් වනු ඇතැයි අපේක්ෂා කළ ස්ථානය වෙත හැරී ගියහ. දින පහ අවසානයේ එය 113.58 ක උසකට ලඟා විය.
  • USD / CHF. පසුගිය සතියේ 45% ක් විද්වතුන් ට අනුව එය 0.9760 ක ප්‍රබල  ආධාරක/ප්‍රතිරෝධක මට්ටමකට ළඟා වන බව පැවසීය. එමඟින් 0.9845 ක් දක්වා ගමන් කල හොත් තවත් පොයින්ට් 100ක් ඉහල නගිනු ඇති බවද සඳහන් විය. මෙම තත්වය ඔස්කිලේටර් මගින් ද සනාථ විය. මෙම පුරෝකථනය සම්පූර්ණ 100% සත්‍ය වූ අතර, යුගල මුළු සතියේම ස්ථාවර ලෙස උතුරු පැත්තට ගමන් කරමින්, 0.9975 ක උපරිමයකට ලගා වී ඇත. ඉන්පසු එය පොයින්ට් 50 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 0.9925 ක් විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • නත්තල් නිවාඩුව සහ වසර අවසානය හේතුවෙන් මූල්‍ය ක්‍රියාකාරිත්වය තුළ සාමාන්‍ය වශයෙන් පහත වැටීමක් අපේක්ෂා කළ යුතුය. කෙසේවෙතත්, එලෙස වන විට, සුළු සිදුවීමක් පවා අනුපාතයට බලපෑම් කිරීමට ඉඩ තිබේ.
    EUR/USD සම්බන්ධව, පහල යාම සඳහා විශාල වාසියක් (80% vs. 20%): ඔවුන් දෙදෙනා මධ්‍ය 4කාලීන පර්ශවියව 1.1575-1.2090 කලාපයේ දිගින් දිගටම පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ යුගලය ඉතා පටු සීමාවක ද ගමන් කළ හැකිය - 1.1685-1.1900.
    ග්‍රැෆික් විශ්ලේෂණය සහ 70% ක් පමණ දර්ශක ද මෙම අනාවැකිය සමඟ එකඟ වේ. ඉහළයාම සඳහා, ඔස්කිලේටර් තුනෙන් එකකින් නිරූපනය වන අතර ඒවායේ නිරූපණයෙන් තුනෙන් එකකි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ යුගලයේ ගමනාන්තය 1.1850-1.1900 ට වඩා ඉහල නොවිය යුතුය.

2017 දෙසැම්බර් 11 - 15 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD හි අනාගත පිලිබඳ පැය හතරේ සහ දවසේ කාලරාමු මත දර්ශකයන් පිළිබඳ කියවීම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. පැය හතරේ කාලරාමුව හි බහුතරයක් දකුණු දිශාවට යොමු කර ඇති අතර දවසේ කාලරාමුව මත උතුරු දෙසින් දිශාගත වේ. ග්‍රැෆික් විශ්ලේෂණය තුලින්ද මේ හා සමාන තත්වයක් පිලිබිබු කෙරේ. කෙසේ වෙතත්, විශේෂඥයින් 65% ක්ම යුගලය පහත යාම සඳහා සහය පල කර ඇත. ආසන්නතම ආධාරකය 1.3300 කලාපයේ ඇත, ඊළඟට1.3125-1.3200 ප්‍රදේශයේ වේ. ප්‍රධාන ප්‍රතිරෝධය 1.3550 ස්ථානයේ වේ.
  • USD/JPY. මෙහිදී, පසුගිය සතියේ මෙන්, බොහෝ විශේෂඥයන් (75%) දෙදෙනාගේම අඛණ්ඩ වර්ධනය සඳහා සහය දෙති. ඉලක්කය 114.00, 114.45 සහ 114.75 කි. මෙම අනාවැකිය සියලු දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂනය මගින් අනුග්‍රහය සපයයි. අනෙක් අතට, පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් 25% ක්ම සංඥා කරන්නේ යුගලය 112.00-113.00 දක්වා පහත වැටෙනු ඇති බවයි.
  • USD/CHF. 90% ක් විශේෂඥයින්, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත දර්ශකයන් 90% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් විශ්වාස කරන්නේ මෙම යුගලය එහි වර්ධන අනුපාතය 1.0100 දක්වා ඉහළ යනු ඇති බවයි. ආසන්නතම ප්‍රතිරෝධය 1.0000 ක සමානුපාතික මට්ටමේ වේ.
    විශ්ලේෂකයින්ගෙන් 10% ක් සහ ඔස්කිලේටර් 10% ක් වෙනත් මතයක් දරයි. ඔවුනට අනුව මෙම යුගලය 0.9880 දක්වා පහත බසිනු ඇති අතර මීළඟ ආධාරක මට්ටම 0.9845 හි වේ.

 

Roman Butko, NordFX

 

අවධානයට: පෙර නොවූ විරූ අවස්ථාවක් ලබාගන්න!

NordFX මඟින් ඔබ හට ක්‍රිප්ටෝ මුදල් අවස්ථා (Bitcoin, Litecoin සහ Ethereum) වෙළඳාම් කිරීම සඳහා අද්විතීය අවස්ථාවක් ලබා දේ.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න