2017 December 3

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය.

  • අවම වශයෙන් ඔස්කිලේටර් 25-30% ක් විකුණුම් අඩු වීමක් හෝ මිලදී ගැනීම් වැඩි වීමක් සංඥා කරයි නම් නිවැරදි කිරීමක් සිදුවිය යුතු බව පසුගිය සතියේදී සදහන් විය. පසුගිය සතියේ EUR/USD හි සිදු වූයේ මෙයයි: සතියේ ආරම්භයේ දී, නොවැම්බර් මාසයේ ප්‍රධාන ප්‍රවණතාව දිගටම පවත්වාගෙන යාමක් පෙනෙන්නට තිබුණ නමුත් ඉහල යාමේ ශක්තිය ඉක්මනින් වියළී ගියේය. එම නිසා යුගලය, විශ්ලේෂකයින් සහ ඔස්කිලේටර් තුනෙන් එකක් පෙන්නුම් කල පරිදි 1.1800 කලාපයට ඉක්මනින් පසුබැස ගියේ ය. කෙසේවෙතත්, එලෙස යුගලය පහතට ගමන් කරන අතරතුරදී නැවත ඉහළයාමට උත්සහ කල අතර සතිය අවසානයේදී නැවතත් 1.1900 මට්ටමට පැමිණීමට හැකි විය. එය සතිය ආරම්භයේ පැවති මට්ටම විය.
  • GBP/USD සඳහා අනාවැකි පල කරන විට, විශේෂඥයන් 70% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් සහ සියලු දර්ශකයන් 2017 ජනවාරි මාසයේ ආරම්භ වූ යුගලයේ ඉහල යාමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගෙන යන අතර, සැප්තැම්බර් උපරිම අගය වූ 1.3650 දක්වා ගමන් කරනු ඇතැයි අපේක්ෂාව විය.1.3450 මට්ටමට ආසන්නතම ප්‍රතිරෝධය ලෙස නම් කෙරිණි. එම අනාවැකිය සත්‍ය වූ අතර යුගලය ලඟා කර ගත් උපරිම උස ලෙස 1.3550 සටහන් විය. සතිය අවසන් වන විට 1.3470 අගයක මෙම යුගලය පැවතිනි.
  • USD/JPY. මෙම යුගල සඳහා වූ පසුගිය සතියේ අනාවැකියට අනුව එය 112.00-113.45 කලාපයට පැමිණි පසු 110.00-110.50 දක්වා කලාපය වෙත ගමන් කරන බව සඳහන් විය. සුළු සංශෝධන සහිතව සත්‍ය වශයෙන් සිදු වූයේ: පළමුව, යුගල 110.83 මට්ටම දක්වා පහත වැටී, පසුව නැවත හැරී, 112.87 දක්වා වූ උසක් අත්කරගන්නා ලදී. ඉන් අනතුරුව, පොයින්ට් 140 ක් පහත වැටුණ අතර නැවත පොයින්ට් 80 ක් ඉහලට ගමන් ගන්නා ලදී. සතිය අවසානයේදී 112.20 අගයක් මෙම යුගලයේ සඳහන් විය.
  • USD/CHF සඳහා මූලික අනාවැකිය ද නිවැරදි විය. "දකුණ සහ දකුණට පමණි" - විද්වතුන් 70% ක්, දවසේ කාලරාමුව මත 100% ප්‍රවනතා දර්ශක සහ 80% ඔස්කිලේටර් එය අපේක්ෂා කළහ. ආධාරක අගය 0.9750 විය. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ ඉතිරි 20% ක් වූ ඔස්කිලේටර් අනතුරු ඇඟවුයේ යුගලය පහතට ගමන් කිරීමට පෙර යුගලය තාවකාලිකව 0.9865 අගයකට ඉහල යනු ඇති බවයි.
    මෙම අනාවැකියේ සත්‍යතාවය යුගලයේ ප්‍රස්ථාර මගින් පැහැදිලිව පෙන්නුම් කරනු ලබයි - 0.9880 ක උසකට සෙමෙන් සෙමෙන් ඉහළ යාමෙන් පසුව යුගලය දකුණු දිශාවට 0.9733 දක්වා ගමන් කරන ලදී. අනතුරුව අපේක්ෂිත ස්ථානයට ආසන්නව සතිය අවසන් කරන ලදී, 0.9760.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය, ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • පසුගිය සතියේ මෙන් 65% ක් වූ ප්‍රවීණයන්ගේ අනාවැකියට අනුව ඩොලරය දුර්වලවීමක් සහ EUR/USD අවම වශයෙන් 1.2000 දක්වා වර්ධනය විය හැකිය. ප්‍රතිරෝධතා මට්ටම් 1.2045 සහ 1.2090 වන අතර ඒවා අගෝස්තුවේ උපරිම අගයන් වේ. ග්‍රැෆික් විශ්ලේෂණය සහ දර්ශක 95% ක් මෙම මතය සමග එකඟ වේ. නමුත් මධ්‍ය කාලීන අනාවැකියට අනුව, ඉහල යාම සඳහා සහය දක්වන්නන්ගේ සංඛ්‍යාව 35% ක් දක්වා අඩු වී ඇති අතර ඉතිරි ප්‍රමාණය පහළයාම සඳහා සහය දක්වයි. අගෝස්තු මස ආරම්භ වන විට, මෙම යුගලය 1.1575-1.2090 පරාසයේ පැතිර පවතින ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති අතර, එම නිසා, මෙම නාලිකාවේ ඉහළ මායිමට ළඟා වූ විට එය 1.1835 කලාපය වෙත හැරී යා යුතුය.
    ඒ සමඟ ම, EUR/USD මත වෙළදාම් විවෘත කරන විට, ප්‍රවණතාව වෙනස් විය හැකි හෝ මෙම යුගලයේ අස්ථාවරත්වය වැඩි කළ හැකි සිදුවීම් සැලකිල්ලට ගත යුතුය. ප්‍රධාන සිදුවීම් අතර වැදගත් සිදුවීම් වන්නේ දෙසැම්බර් 6 වන බදාදා යුරෝපීය මහ බැංකු රැස්වීම, බ්‍රහස්පතින්දා යුරෝ කලාපයේ දල දේශීය නිෂ්පාදන පිළිබඳ දත්ත ප්‍රසිද්ධ කිරීම සහ සිකුරාදා එක්සත් ජනපදයේ රැකියා සඳහා දත්ත ප්‍රකාශයට පත් කිරීමයි.
  • GBP/USD. බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව ඩොලරය දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව, විශේෂඥයන්ගෙන් 60% කගේ, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් සහ දර්ශක 90% ක් පමණ එම මතය දරන අතර, GBP/USD හි ඉලක්කය සැප්තැම්බර් 20 වන විට උපරිම අගය වූ 1.3650 දක්වා ඉහල නැගීමක් වේ. ආසන්නතම ප්‍රතිරෝධය 1.3600 වේ.
    මෙම යුගලය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පාර්ශවිය කොරිඩෝවේ 1.3050-1.3325 චලනය වී ඇති අතර පසුගිය සතියේ එය එහි ඉහළ මායිම හරහා බිඳ දැමීමට සමත් විය. එමනිසා, මෙම අගයන් වෙත එය නැවත පැමිණීමට එනම් යුගලය පහතට යාමට ප්‍රමාණවත් තරම් ශක්තියක් ඇති අතර, ඔවුන් පළමු අවස්ථාවෙන්ම එය ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටිති. විශ්ලේෂකයින්ගෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් එවැනි තත්වයක් මධ්‍ය කාලීනව ඇති විය හැකි බව අනුමාන කරයි.
  • දර්ශක භාවිතා කරන කරමින් USD/JPY සඳහා කිසියම් අනාවැකියක් ලබා දීමට උත්සාහ කරන්නේ නම්, ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත. මන්දයත් ඒවායින් සමහරක් කොළ පාටින් ද, සමහරක් රතු පාටින් ද තවත් සමහරක් අළු පැහැයෙන් යුක්ත වන අතර, පැය හතරේ කාලරාමුව මත හා දවසේ කාලරාමුව මත ඒවා පිහිටා ඇති අතර මෙය ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් යන අංග දෙකෙහිම සැලකිල්ලට ගනී.
    විශේෂඥයින්ගෙන් 60%-40% දක්වා ප්‍රමාණයක් යුගලය නැවත වරක් 113.30-114.00 මට්ටම දක්වා ඉහළ නැංවීමට උත්සහ කරනු ඇතැයි අපේක්ෂා කරයි. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ද එය සනාථ කරනු ලබයි. කෙසේවෙතත් දවසේ කාලරාමුවේ ප්‍රස්ථාරය දෙස බැලු විට 108.00-114.50 හි මධ්‍ය අගය වන 111.70 අගයට පැමිණිය හැකිය. මෙම අගය සාර්ථකව බිඳවැටී තිබේ නම්, මෙම යුගලය නැවත එහි සීමාව කරා තල්ලු වනු ඇත. මාර්තු 22 සිට අප්‍රේල් 11 දක්වා කාලය තුළ, මැයි 17 සිට ජුනි 6 දක්වා කාලය තුළ, සහ ජූලි 20 සිට ජූලි 31 දක්වා කාලය තුළ මෙම තත්වයම නිරීක්ෂණය කල හැකිය.

2017 දෙසැම්බර් 04 - 08 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/CHF. ප්‍රවීණයන්ගෙන් 45% ක් විශ්වාස කරන්නේ යුගලය 0.9760 ක ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධයක් ලබා ඇති බවත්, එම යුගලය බිඳවැටුනහොත් 0.9845 ටත් එයත් බිඳවැටුනහොත් එයටත් වැඩි පොයින්ට් 100 ක් දක්වා ඉහළ යනු ඇති බවත් විශ්වාස කෙරේ. පැය හතරේ කාලරාමුව මත සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් දර්ශක මෙන්ම හතරෙන් තුනක් වන ඔස්කිලේටර් මගින් පෙන්නුම් කරන්නේ යුගලයේ විකිණුම් ප්‍රමාණය වැඩි වනු ඇති බවය.
    මධ්‍ය කාලීනව සැලකීමේදී, 65% ක් දෙනා යුගලය 1.0100 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි. ඒත් සමගම විශ්ලේෂකයින් 55% ක් දෙනා යුගලය 0.9700  දක්වා පහත වැටෙනු ඇති බවට විශ්වාසය පල කරති.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න