2017 November 26

පළමුව, මුදල් යුගල හතර සඳහාම සම්පුර්ණයෙන් හෝ 90% තරම් නිවැරදි වූ, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනයෙන් මේ සතියේ විශ්ලේෂණය ආරම්භ කරමු. 

  • EUR/USD සම්බන්ධව, පසුගිය සතියේ අනාවැකිය ඉදිරිපත් කරන ලද්දේ ග්‍රැෆික් විශ්ලේෂණය ඔස්සේය. අපගේ තීරණය නිවැරදි එකක් විය. පැය හතරේ කලරාමුවෙහි කියවීම අනුව මෙම යුගලය කෙටිකාල සීමාවකට පැත්තක කොරිඩෝවෙහි 1.1700 සිට 1.1860 දක්වා විචලනය වනු ඇති බවත් යුගලය පහලට ගමන් කොට තියුණු ලෙස නැවත ඉහල නගින බවත් එහිදී ප්‍රකාශ විය. එය එසේම සිදු විය. උතුරු කොරියාව සම්බන්ධව ට්‍රම්ප්ගේ තීරණය සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත ප්‍රවෘත්ති පළවීම මගින් 1.1712 මට්ටමේ දේශීය අවම කිරීමක් සහිතව, නොවැම්බර් 21 වැනිදා යුගලය උතුරු දෙසට ගමන් කිරීම ආරම්භ විය. සතිය අවසානයේ එය උපරිම වශයෙන් 1.1943 කි.
  • GBP/USD සඳහා පසුගිය සතියේ, තරමක මධ්‍ය පරිමාණ සමාන්තර පරාසයක ගමන් කරන බවත් එය සැප්තැම්බර් අගභාගයේදී ආරම්භ වූ මධ්‍ය ප්‍රමාණයේ පැත්තක නාලිකාවේ මධ්‍යම කලාපයේ යම් කාලයක් එහි රැඳී සිටීමට නියමිත බවත් ප්‍රවීණයින්ගෙන් 40% ක් සහ දර්ශක 90% ක් යුගලය ඉහලට ගමන් කරනු ඇති බවත් ප්‍රකාශ විය. මෙම සිද්ධිය 100% ක නිවැරදි විය. සතියේ මැද වන තෙක්, යුගලයේ මධ්‍ය කාලීන කොරිඩෝවෙහි මධ්‍යයට සමීපව සිටීමට උත්සහ දරා අතර ඉන්පසුව සිකුරාදා වන විට 1.3338 ඔක්තෝබර් උපරිමයට ලඟා විය.
  • USD/JPY. විශේෂඥයන්ගෙන් 75% ක් සහ දර්ශක 90% පසුගිය සතියේ ප්‍රකාශ කලේ යුගලය 108.00-114.50 පරාසය තුළ උච්චාවචනය වෙමින් පවතින බවයි. මෙම පුරෝකථනය සම්පූර්ණයෙන්ම නිවැරදි විය. 111.70 මට්ටමේ සිට යුගලය බිඳවැටුණ අතර, එහි සතියේ අවම අගය ලෙස 111.05 දැක්වුණු අතර ඉන් පසුව 111.50 කලාපය තුළ සතිය අවසන් කළේය.
  • USD/CHF සඳහා වූ අනාවැකිය ද නිවැරදි විය. 0.9940 ට ආසන්නතම ප්‍රතිරෝධය ලෙස දැක්වීය. ප්‍රවීණයන්ගෙන් 60% ක් සහ දර්ශක 75% කින් අනාවැකි පල කලේ යුගලය දකුණු දෙසට ගමන් කරනු ඇති බවයි. 0.9800 ඉලක්කය ලෙස හඳුනා ගනු ලැබීය. සතිය අවසානයේදී මෙම යුගලය එකී අගය ආසන්නයේ රැඳුනි.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය, ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • 65% ක් පමණ විද්වතුන් විසින් ඩොලරය තවදුරටත් දුර්වල වන බව හා EUR/USD හි වර්ධනය අවම වශයෙන් 1.2000 ක් පමණක් වනු ඇති බවත් අනාවැකි පල කරයි. මීළග ප්‍රතිරෝධී මට්ටම 1.2045 ක් සහ 1.2090 ක් වන අතර එය අගෝස්තු උපරිමය වේ. ග්‍රැෆික් විශ්ලේෂණය සහ ප්‍රවණතා දර්ශකයන් 100% ක් මෙම පුරෝකතනය සමග එකඟ වේ. විශ්ලේෂකයින්ගෙන් 35% ක් යුගලය පහත වැටීමක් පිලිබඳ කතා කරති. ඔවුනට අනුව 1.1855 වන අගයකට යුගලය පහත බසින අතර එය බිඳ හෙලුනහොත් 1.1800 ක් වන අගයකට පහල යනු ඇත.
  • GBP/USD. විශේෂඥයන්ගෙන් 70% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණ හා 100% ක් දර්ශක ඩොලරය බ්‍රිතාන්‍ය පවුම් වලට සාපේක්ෂව දිගටම පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ අනුව, 2017 ජනවාරි මාසයේ දී ආරම්භ වූ GBP/USD නැගීමේ ප්‍රවණතාවය දිගටම පවතින අතර, මෙම යුගලය 1.3650 කලාපයේ සැප්තැම්බර් දක්වා ඉහළ යනු ඇත. ආසන්නතම ප්‍රතිරෝධය 113.25 කි.
    විශ්ලේෂකයින්ගෙන් 30% කගේ සහාය ඇති විකල්ප අනාවැකියකට අනුව "සරත් සෘතුවේ" දී මධ්‍ය කාලීන දිගු මාර්ගයේ 1.3035-1.3335 ඉහළ මායිම ළඟා වූ විට, එම යුගලය 1.3200 ට ආපසු යා යුතුය.

2017 නොවැම්බර් 27 - දෙසැම්බර් 01 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ඩොලරයේ දුර්වල වීම USD/JPY සඳහා ද අදාල වන බව 70% ක් වන ප්‍රවීණයන් විශ්වාස කරති. මෙම යුගලයේ ඉලක්කය වන්නේ 110.00-110.50 ප්‍රදේශයයි. කෙසේවෙතත්, මධ්‍ය කාලීනව එහි පින්තූරය වෙනස් වෙයි: විශ්ලේෂකයින්ගෙන් සියයට 65 ක් මෙම යුගලය 112.00-113.45 දක්වා ඉහළ යනු ඇති බවත් එය ඉක්මවා ගියහොත් 114.45 ක් දක්වා ඉහල යනු ඇති බවත් විශ්වාස කරති. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ ඔස්කිලේටර් එවැනි ඉහළයාමක් තහවුරු කරයි.
  • USD/CHF දකුණ සහ දකුණට පමණි: මෙය 70% ප්‍රවීණයන්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය, ප්‍රවණතා දර්ශක 100% සහ පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 80% ක් යෝජනා කරයි. උපකාරක මට්ටම 0.9750, 0.9675 සහ 0.9560 වේ.
    ග්‍රැෆික් විශ්ලේෂණය සහ 20% ක් වන ඔස්කිලේටර් පෙන්නුම් කරන්නේ, යුගලය පහත වැටීමට පෙර තාවකාලිකව 0.9865 දක්වා ඉහල යනු ඇති බවයි.
    අවසාන වශයෙන්, 30% ක් විශ්ලේෂකයින් යුගලයේ පහත යාම සමග දැඩි ලෙස එකඟ නොවෙයි. ඔවුන්ට අනුව, මෙම යුගලය නුදුරු අනාගතයේ දී 1.0000 දක්වා නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න