2017 November 19

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD සඳහා වූ පසුගිය සතියේ අනාවැකියේ දී විශේෂඥයින්ගෙන් අති බහුතරය (65%) මෙම යුගල වර්ධනයට සහාය ලබා දුන් බව සිහිපත් කරන්න. ඔවුන්ගේ මතයට අනුව, ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධී මට්ටම 1.1665 පරාජයට පත් වීමෙන් පසුව, යුගලය 1.1725 උසකට ලඟා වන අතර ඊට පසුව තවත් පොයින්ට් 100 ක් ඉහළට යා යුතුය.
    මෙය එලෙසම සිදු වූ අතර සඳුදා සහ අඟහරුවාදා කොටසක මෙම යුගලය පැත්තක කොරිඩෝවෙහි 1.1665 අගයක් සහිතව ගමන් කළේය. ඉන්පසුව, යුගලය වේගයෙන් ඉහළට ගමන් කරමින්, එය බදාදා වන විට 1.1860 අගයකට ලඟා විය. එවන් කඩිනම් ඉහලයාමකට හේතුව වූයේ, පස්වන මාසයටත් වර්ධනය වී ඇති යුරෝ කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ සංඛ්‍යාලේඛනය. ඊට අමතරව, ZEW සිට ආර්ථික දර්ශකය බලාපොරොත්තු වූවාට වඩා ධනාත්මක ප්‍රතිපල ඇති කළ අතර එය 30.9 ට එරෙහිව 29.3 විය.
    පසුව යුගලය දකුනු දෙස හැරී ගියේය. නැවත වරක් එක්සත් ජනපදයෙන් පැමිණි ධනාත්මක සංඛ්‍යාලේඛන එයට හේතු විය. උද්ධමනය සහ පාරිභෝගික වෙළඳපොළ පිළිබඳ දත්ත, ඩොලරය ශක්තිමත් කර ඇති අතර එය යුරෝවෙන් පොයින්ට් 70 ක් පමණ ආපසු ලබා ගෙන ඇති අතර 1.1790 කලාපයේ දී සතිය අවසන් විය.
  • GBP/USD. විශ්ලේෂකයින් 60% කටත් වඩා මෙම යුගල සඳහා ඍණාත්මක අනාවැකි ලබා දුන් අතර ආධාරක අගය 1.3035 ලෙස සඳහන් විය. ඒ අනුව යුගලය ඉක්මනින් පහලට ගමන් කල අතර, කෙසේවෙතත්, පවසන ලද ඉලක්කයට පොයින්ට් 25 ක් අඩු විය. සිකුරාදා වන විට මෙම පහලට ගමන් කිරීමේ ප්‍රවනතාව වෙනස් වූ අතර එය 1.3260 අගයකට ලඟා විය. ඉන් පසු නැවතත්, ඩොලරය ශක්තිමත් වූ අතර වූ අතර,1.3200 දක්වා නැවත සතියේ ආරම්භක අගයට යුගලය පැමිණියේය.
  • ප්‍රවීණයන්ගෙන් 70% ක් හා ප්‍රවණතා දර්ශකයන්ගෙන් හා ඔස්කිලේටර් වලින් හරි අඩක් පමණ USD/JPY පහලට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළහ. මධ්‍ය කාලීන පැත්තක නාලිකාවේ 108.00-114.50, මධ්‍ය අගය වූ 111.70 ක ප්‍රදේශය, ඉලක්කය ලෙස නම් කෙරිණි. සත්‍ය වශයෙන්ම සිදු වූ දෙය සලකන විට, මධ්‍ය අගය යනු එක අගයක් නොවේ, නමුත් කිසියම් පරාසයක සීමාවකි. මෙම අනාවැකි සියල්ලම 100% ක් සත්‍ය වූ අතර, යුගල පොයින්ට් 175 ක් පමණ දකුණු පසට ගොස් 111.95 මට්ටමට පැමිණ සතිය අවසන් කළේය.
  • USD/CHF සඳහා ද පුරෝකථනය නිවැරදි විය. ප්‍රවීණයන්ගෙන් 65% ක් සහ පැය හතරේ කාලරාමුව මත දර්ශක මඟින් යුගලය පහලට ගමන් කිරීමට සහය දක්වන ලදී. සතියේ මැද භාගය වන විට 0.9845 මට්ටම දක්වා මෙම යුගලය පහත වැටුණු අතර පසුව පොයින්ට් 100 කින් ඉහළ ගොස් ඇත. එය ග්‍රැෆික් විශ්ලේෂණය මගින් යුගලය 0.9860 මට්ටමට වැටීම හා ඉන්පසුව එහි නැඟීම මනාව පෙන්නුම් කළේය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය, ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. විද්වතුන්ගෙන් අඩක් පමණ මෙම යුගලයේ පහත යාම සඳහා සහය ලබා දෙන අතර ඉතිරිය එහි වර්ධනය සඳහා සහය ලබා දෙන බැවින් මේ සතියේ ප්‍රවනතාවය තීරණය කිරීම අපහසුය. එබැවින්, මේ සම්බන්ධයෙන්, ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ලබා දෙන පුරෝකථනය වඩාත් ප්‍රශංසනීය වේ. පය හතරේ කලරමුවෙහි කියවීම අනුව මෙම යුගලය කෙටිකාල සීමාවකට පැත්තක කොරිඩෝවෙහි 1.1700 සිට 1.1860 දක්වා විචලනය වනු ඇත. මෙහි දී පළමුව, ඉහත සඳහන් කල අවම අගයට යුගලය පැමිණෙන අතර ඉන් පසු සඳහන් කල සිමාව තුල ඉහලට යනු ඇත.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය පුළුල් වූ පරාසයක විචලනයක් පෙන්නුම් කරන අතර එය ප්‍රථමයෙන් 1.1600 අගයක් දක්වා අඩු වී පසුව 1.2050 උසක් දක්වා ඉහල නැගීමක් පෙන්නුම් කරයි.
    එළඹෙන සතියේ දී යුරෝපීය ආර්ථිකය මෙන්ම එක්සත් ජනපදයේ, ජපානය, ජර්මනිය හා ස්විට්සර්ලන්තයේ ආර්ථික තත්වය පිළිබඳ දත්ත ප්‍රකාශ කරනු ඇත. කෙසේවෙතත්, වෙළඳපොළේ අස්ථායිත්වය සිද්ධීන් කීපයක් නිසා සිදු විය හැකිය, නොවැම්බර් 20 සඳුදා ECB ප්‍රධානි එම්. ඩ්‍රාගි ගේ කතාව, නොවැම්බර් 22 බදාදා ෆෙඩරල් සභාපති යේලන් ගේ කතාව එමෙන්ම එක්සත් රාජධානියේ උද්ධමන වාර්තාව, එක්සත් ජනපද මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රැස්වීම සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ පාලක මණ්ඩලයේ රැස්වීම සහ වාර්තා ප්‍රකාශයට පත් කිරීම එකී වැදගත් සිදුවීම් වේ.
  • GBP/USD, තරමක මධ්‍ය පරිමාණ සමාන්තර පරාසයක ගමන් කරන අතර එය සැප්තැම්බර් මාසයේ අගභාගයේදී සහ මේ වසරේ ඔක්තෝබර් මස මුලදී ආරම්භ වූ  අතර එය එලෙසම දිගටම ගමන් කරයි. එම පරාසයේ පහළ සීමාව 1.3035, ඉහළ මායිම 1.3320 වේ. ප්‍රවීණයින්ගෙන් 40% ක් සහ දර්ශක 90% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ, ඉහල සිමාව බිදහෙළීමට සමත් වුවහොත් යුගලය දිගටම උතුරු දෙසට එනම් ඉහලට ගමන් කරනු ඇති බවයි. කෙසේ වෙතත්, බොහෝ විශ්ලේෂකයින් (60%), නාලිකාවෙහි මැද කලාපයේ යුගලය ටික කාලයක් රැඳී සිටින අතර, බටහිරින් 1.3100-1.3235 පරාසයේ ගමන් කරන බව විශ්වාස කෙරේ.

2017 නොවැම්බර් 20 - 24 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY, 108.00-114.50 පරාසය තුළ උච්චාවචනය වෙමින් පවතී. ඒ සමඟම, විශේෂඥයන්ගෙන් 75% ක් විශ්වාස කරන්නේ ඉදිරි දින කිහිපය තුළ නැවත 111.70 කලාපයට යුගලය ලඟා වනු ඇති බවයි. විශ්ලේෂකයින්ගෙන් 60% ක් එය ජය ගැනීමට නොහැකි වනු ඇති බව පවසන අතර එය නැවත වරක් 114.50 දක්වා ඉහල නැගෙනු ඇත.
    එවැනි අවස්ථාවක් සඳහා දර්ශක ද සහය දක්වයි. මේ මොහොතේ ඔවුන්ගෙන් 90% ක් රතු පාටින් වර්ණ ගැන්වී ඇති අතර, හතරෙන් තුනක් වන ඔස්කිලේටර් පෙන්නුම් කරන්නේ යුගලයේ විකුණුම් වැඩිවනු ඇති බවයි. ඒ අනුව එය යුගලය ආපසු හැරීමේ ප්‍රවණතාවය සඳහා තරමක් නිවැරදි සංඥාවක් සපයයි.
  • USD/CHF. ප්‍රවීණයන්ගෙන් 60% ක් සහ දර්ශකයන් 75% ක් යුගලය දකුණු දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. ආසන්නතම ඉලක්කය 0.9800 වේ, මීළඟ ඉලක්කය - 0.9715 වේ. විකල්ප මතයකට අනුව විශ්ලේෂකයන්ගේ 40% හා දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් මගින් පෙන්නුම් කරන්නේ යුගලයේ ඉහල නැගීමේ ප්‍රවනතාවය තවමත් අවසන් වී නොමැති බවත් එය 1.0100 සීමාවට ලඟා වනු ඇති බවත්ය. ආසන්නතම ප්‍රතිරෝධි අගය 0.9940 වේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න