2017 November 11

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • මෙම ග්‍රීෂ්මයේ බොහෝ විශාල ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ මූලෝපායඥයන්, EUR/USD සඳහා 2015 සහ 2016 ඉහල අගයන් වූ 1.15-1.16 කලාපය වඩාත් වැදගත් කලාපය ලෙස නම් කෙරිණි. නොවැම්බර් මාසයේ සති දෙකක කාලය මෙය තහවුරු කලේය: මෙම කාලය මුළුල්ලේම යුගලය නැගෙනහිර දෙසට ගමන් කරමින් 1.1600 ක් වන අගයට පැමිණ එහි උච්චාවචනයන් වෙමින් 1.1575-1.1660 සීමාව තුල පැවතුනි. ඒ අනුව, ඉහල මායිමේ පාර්ශවික සිමාවේ දී සතිය අවසන් විය.
  • GBP/USD. මෙම යුගලය මාසයකට වැඩි කාලයක් සඳහා 1.3035-1.3320 ඇතුලත සමාන්තර ප්‍රවණතාවයක ගමන් කර ඇත. නොවැම්බර් මාසයේ මුල් දින කීපයේදී යුගලයේ ඇති වූ පහතයාම් අවම කරමින් යුගල ඉහලට ගමන් කිරීමට පසුගිය සතියේ දී උත්සහ කලේය. කෙසේවෙතත් මෙම යුගලයට විශාල වර්ධනයක් අත් කර ගත නොහැකි වූ අතර සතිය අවසානයේ දී 1.3200 අගයට පැමිණියේය.
  • USD/JPY කිසිඳු විශේෂත්වයක් සිදු නොවීය. අපේක්ෂා කළ පරිදි, නැවත වරක් මධ්‍ය කාලින පාර්ශවික නාලිකාවේ ඉහළ සීමාව 108.00-114.50 දක්වා නැවත වරක් පැමිණීමට උත්සහ කරන ලදී. අපේක්ෂා කළ පරිදි, අසාර්ථක වූ පසු, එය 113.00 අගයකට පහත වැටුණු අතර එය ප්‍රස්ථාරයක් පහතට ක්‍රම ක්‍රමයෙන් ගමන් ගන්නා ආකාරයක් පෙන්නුම් කළේය.
  • සති දෙකකට පෙර විශ්ලේෂකයින් 75% ක් සහ තාක්ෂණික විශ්ලේෂණය මගින් දක්වා සිටියේ, USD/CHF විසින් 1.0000 වඩා ඉහළ මට්ටමක තබාගැනීමට උත්සාහ කරන බවයි. මෙම සිදුවීම 100% සත්‍ය විය. කෙසේ වෙතත්, EUR/USD සහාය නොමැතිව, යුගලයේ ඉදිරි ගමන වියළී ගියේය. එම නිසා 1.0100 අවසාන ඉලක්කය කරා ළඟා වූයේ නැත. එය දින පහක කාල පරිච්ඡේදය අවසානයේ 0.9960 දී අවසන් කරන ලදී.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. විශේෂඥයින්ගෙන් බහුතරයක් (65%) විශ්වාස කරනුයේ මෙම යුගලය සුළු වශයෙන් වර්ධනය වනු ඇති බවයි. ඔවුන්ගේ මතයට අනුව, ශක්තිමත් සහාය/ප්‍රතිරෝධී මට්ටමෙන් 1.1665 හි සිට පරාජය කළහොත්, යුගල ඉහළ යා යුතුය: පළමුවෙන්ම 1.1725 ටත්, ඉන් පසුව තවත් පොයින්ට් 100 ක් ඉහළට ගමන් කරනු ඇත. පැය හතරේ කාලරාමුව මත දර්ශක 70% ක් පමණ සහ ග්‍රැෆික් විශ්ලේෂණ මෙම තත්ත්වය සමඟ එකඟ වේ. කෙසේ වෙතත්, දවසේ කාලරාමුවට මාරුවීමේදී, පින්තූරය ප්‍රතිවිරුද්ධව වෙනස් වේ - මෙහි බොහෝ දර්ශකයන් මෙම යුගල 1.1555 දක්වා පහත වැටෙන බව පෙන්නුම් කරයි. 1.1475 කලාපයේ ආධාරක මට්ටම පිහිටයි.
  • GBP/USD සඳහා වන ඉදිරි දැක්ම ඍණාත්මකය: විශ්ලේෂකයින්ගෙන් 60% කට වඩා හා දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් එයට සහය දක්වයි. ආසන්නම ආධාරක අගය 1.3035 වන අතර, එය බිඳවැටුනහොත් 1.2870 අගයට ගමන් කරනු ඇත. ප්‍රවීණයන්ගෙන් 15% ක් සහ දවසේ කාලරාමුව මත දර්ශක මගින් වෙනත් දෘෂ්ටි කෝණයක් ප්‍රකාශ කර ඇත. නමුත් මෙහිදී පවා ඔස්කිලේටර් හතරෙන් තුනක් හවන්නේ මිලදී ගැනීම් වැඩි වී යුගලය පහතට ගමන් කරනු ඇති බවයි. විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 25% ක මතයට අනුව, මෙම යුගලය 1.3035-1.3320 කලාපයේ පාර්ශවික චලනයක් පෙන්නුම් කරනු ඇත.
  • USD/JPY සඳහා වූ අනාවැකි මධ්‍යස්ථ හා ඍණාත්මක අතර උච්චාවචනය වේ. ප්‍රවීණයන්ගෙන් 70% ක් සහ ප්‍රවණතා දර්ශක හා ඔස්කිලේටර් භාගයක් පමණ මෙම යුගලයේ පහල යාමේ ප්‍රවණතාවයක් අපේක්ෂා කරයි. දර්ශකවලින් 40% ක් මධ්‍යස්ථ තත්ත්වයක් ගෙන ඇති අතර, 10% ක් පමණ කොළ පැහැයට හැරී ඇත. කෙසේවෙතත්, විශ්ලේෂකයින්ගෙන් 30% ක් යුගලයේ ඉහල යාමට සහය දක්වයි. ඉලක්කය පෙර මෙන් සමාන ය. ඉහල යාම සඳහා, එය මධ්‍ය කාලීන පාර්ශවික නාලිකාවේ ඉහළ මායිමට ඉහලින් තබාගැනීමට උත්සාහ කරනු ඇති අතර එය 114.50 අගයක් ගනී. පහල යාම සඳහා, 111.70 වේ.

2017 නොවැම්බර් 13 - 17 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/CHF. බොහෝ විට සිදු වන පරිදි, මෙම යුගල සඳහා වන අනාවැකි EUR/USD සඳහා පුරෝකථනයේ විරුද්ධ අත පිළිබිඹු කරයි. පැය හතරේ කාලරාමුව මත දර්ශකයන්ගේ සහාය ඇතිව විශේෂඥයින්ගෙන් 65% ක් අපේක්ෂා කරනුයේ මෙම යුගලය 0.9860 දක්වා පහත බසිනු ඇති බවයි. විශ්ලේෂකයින්ගෙන් ඉතිරිව ඇති 35% ක් මේ සම්බන්ධයෙන් එකඟ නොවනු ඇත. ඔවුනට අනුව, සතිය ආරම්භයේ දී යුගලය 1.0100 දක්වා වූ අගයකට ඉතා වේගයෙන් ගමන් කරනු ඇත. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, දවසේ කාලරාමුව හි  දී විකල්ප මතයක් ඉදිරිපත් කරයි: ආරම්භක සම්භවය 0.9860 ක් වන අතර පසුව 1.0100 දක්වා ඉහළ නැඟීමෙන් පසුව යුගලය සමාන්තර චලනයක් පෙන්වනු ඇත.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න