2017 October 29

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • විශ්ලේෂකයින්ගේ මතය 50/50 කට බෙදුණු බැවින්, දෙවන සතියටත් EUR/USD සඳහා පැහැදිලි අනාවැකි ලබා දීමට අපි තීරණය කර නොතිබුණි. සතිය ආරම්භයේදී යුගලයේ වර්ධනයක් පෙන්නුම් කළ නමුත් සතිය අවසාන වන විට එහි ඉහළයාම දුර්වල වී යුගලය පහලට ගමන් කළේය. එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තීරණ ඊට හේතු වූ අතර, සරල බහුතරය මගින් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිසංස්කරණ අනුමත කිරීමට සෙනෙට් සභාව අවසර දෙන ලදි. එපමණක් නොව, ඔක්තෝබර් 26 වැනි බ්‍රහස්පතින්දා,  2018 අවසානය වන තුරු බැඳුම්කර මිලට ගැනීම දිගටම පවත්වා ගැනීමට ECB තීරණය කිරීමද මෙලෙස මෙම යුගලය පහල යාමට හේතු විය. යුරෝපීය මුදල දෙස බලන විට, එය දින දෙකකින් ඇතුලත ඩොලරයට සාපේක්ෂව පොයින්ට් 250 ක් අහිමි විය.
    එක්සත් ජනපද කොන්ග්‍රසයේ සහ ECB සැලසුම් පිලිබඳව ග්‍රැෆික් විශ්ලේෂනය දැන සිටි බව සැක කිරීමට අපහසු වනු ඇත. කෙසේ වෙතත්, යුරෝ වැටීමෙහි උපරිම මට්ටම්, 1.1575, වූ අතර එය 100% නිරවද්‍යතාවයකින් පුරෝකථනය කිරීමට ග්‍රැෆික් විශ්ලේෂණය සමත් විය.
  • GBP/USD.මෙහිදී යුගලය පහලට ගමන් කිරීමේ සුළු ප්‍රවනතාවයක් තිබිණි: 55% එදිරිව 45%. ඔවුන් ඉතා සුළු වාසියකින් ජයග්‍රහණය කළහ. මුළු සතියේම, යුගලය ඉහල නැගීම සහ පහල බැසීම් වලට ලක් වූ අතර සතිය අවසානයේ එය ආරම්භ වූවාට පොයින්ට් 70 කින් සතිය අවසන් කරන ලදී.
  • USD/JPY සඳහා වූ අනාවැකිය ද නිවැරදි විය. පසුගිය සතියේ සඳහන් කල පරිදි අපේක්ෂිත ස්ථානයට ළඟාවීමට හැකි විය: මධ්‍ය කාලීන පැත්තක නාලිකාවෙහි ඉහළ මායිම 108.00-114.50. නිශ්චිතවම, මෙම යුගලය 114.45 ක උසකින් වැටී පසුව අනාවැකිය අනුව සිකුරාදා අවසානය වන විට 113.70 මට්ටමට පැමිණ තිබේ.
  • පසුගිය සතියේ USD/CHF, 1.0000 සන්ධිස්ථානයට පැමිණියේය. එම සතියේ සුළුතර විශේෂඥයන් විසින් පැවසු පරිද්දෙන්ම එය සිදු විය. පුරෝකථනය කරන ලද පරිදි, මෙම යුගල EUR/USD හි හැසිරීම දැඩි ලෙස බලපෑවේය. ඒ අනුව මෙය පොයින්ට් 200කින් ඉහල ගියේය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය, ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. විශේෂඥයන් නැවතත් තෙවන සතියටත් සමානව බෙදී ඇත. ප්‍රවණතා දර්ශකයන් සඳහා 90% ක් ම දකුණ දෙස දකිනු ඇත. ඔස්කිලේටර් හි චිත්‍රය පමණක් ඉන් වෙනස් වෙයි. ඔවුන්ගෙන් අඩක් පමණ මෙම යුගල ඉහලට ගමන් කරනු ඇති බවට සංඥා නිකුත් කරයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය, එහි කියවීම් අනුව, ඔක්තෝම්බර් ඉහලම අගය වූ 1.1835-1.1880 කලාපයට නැවත පැමිණෙනු ඇත. ඉන්පසු සැප්තැම්බර් ඉහලම අගය වූ 1.2000-1.2100 කලාපය දක්වා ඉහල නැඟීමට නියමිතය. මධ්‍ය කාලීනව විශ්ලේෂකයින් 70% ක් පමණ යුගල 1.1800-1.2100 පරාසයට පැමිණීම සඳහා සහය ලබා දෙයි.
    එළඹෙන සතියේ, සැලකිය යුතු බලපෑමක් කල හැකි සිදුවීම් ඇතුලත් වන අතර එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළෙහි නවතම දත්ත නිකුත් කිරීම නොවැම්බර් 03 වන සිකුරාදා සිදු වේ. ඉතා වැදගත් NFP දර්ශකය - කෘෂි අංශය හැරුණු විට නව රැකියා සංඛ්‍යාව, පසුගිය මාසයේදී එය 33K ඍණාත්මක විය. අපේක්ෂිත පරිදි මෙවර එය 270-300K දක්වා වැඩිවුන හොත්, ඩොලරය ශක්තිමත් වනු ඇත.

2017 ඔක්තෝම්බර් 30 - නොවැම්බර් 03 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1 

  • GBP/USD සඳහා පුරෝකථනය තවමත් බොහෝ විට ඍණාත්මක ය. විශ්ලේෂකයින්ගෙන් 60% ක්ම ග්‍රැෆික් විශ්ලේෂණය සහ පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත දර්ශක 90% ක් අදහස එය වේ. කෙසේ වෙතත්, විශාල කාල රාමුවක් (සති එකේ) වෙත මාරුවීමේදී, පින්තූරය වෙනස් වන අතර, 1.3000-1.3020 ප්‍රදේශය තුල ආධාරකයක් සහිත පාර්ශ්වීය ප්‍රවණතාවයක් ගැන කතා කිරීමට හේතු සපයයි. මීලඟට ලැබෙන ආධාරක අගය පොයින්ට් 100 කින් අඩු වේ. ප්‍රතිරෝධය 1.3225 හා 1.3285 මට්ටමේ වේ. ඉහල යාමේ දී අවසාන ඉලක්කය වන්නේ 1.3335 වේ.
    බ්‍රිතාන්‍යයේ පවුම් සඳහා නොවැම්බර් 02 වන බ්‍රහස්පතින්දා මෙම යුගලය සඳහා වැදගත් වනු ඇත, එංගලන්ත මහ බැංකුවේ ප්‍රවෘත්ති විශාල වශයෙන් අපේක්ෂා කෙරේ. පුරෝකථනයන් අනුව, පොලී අනුපාත ඉහල දැමීම සඳහා ඡන්ද සංඛ්යාව තුන් ගුණයකින් වැඩි විය හැකිය: එම අනුපාතය 0.25% සිට 0.50% දක්වා ඉහළ යා හැක.
  • USD/JPY. ප්‍රවීණයන්ගෙන් 65% කට වැඩි පිරිසක් විශ්වාස කරන්නේ 113.25 ක ආධාරක පදනමකින් එය නැවත වරක් මධ්‍ය කාලීන නාලිකාවේ ඉහල සිමාව, එනම් 108.00-114.50 කලාපයට පැමිණෙනු ඇති බවයි. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මෙය සමග එකඟ වේ.
    විකල්ප දෘෂ්ටි කෝණයට අනුව, එහි අනුගාමිකයින් විශ්වාස කරන්නේ මෙම යුගලයේ වර්ධනයට ඇති හැකියාව දැනටමත් වියළී ගොස් ඇති අතර එය 112.25-113.25 කලාපයට වැටෙනු ඇති බවයි.
  • අවසාන වශයෙන් USD/CHF. විශ්ලේෂකයින් 75% ක් තාක්ෂණික විශ්ලේෂණයට සහය දක්වමින් පවසන්නේ, ඔවුන් දෙදෙනා 1.0000 මට්ටම්ට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට උත්සහ කරන බවයි. අවසාන ඉලක්කය 1.0100 වේ. කෙසේවෙතත්, ඩොලරය එහි පිහිටීම නැතිවීමෙන් යුරෝව අහිමි වීමට පටන් ගනී නම්, එය විශාල වශයෙන් සම්භාවිතාවයකින් ස්විස් ෆ්රෑන්ක්ට සාපේක්ෂව දුර්වල වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එම යුගලය 0.9750-0.9800 කලාපයට වැටෙනු ඇත.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න