2017 October 22

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • පසුගිය සතියේ, අපි EUR/USD යුගල සඳහා අනාවැකි ලබා දීමට අකමැති විය. අපගේ අකැමැත්ත ඔප්පු කොට ඇති බව සනාථ විය. පසුගිය සතියේ ප්‍රවීණයන් අතර සහ දර්ශකයන් අතර සම්පූර්ණ විසංවාදයක් ඇති බව සිහිපත් කරන්න: සමහරෙක් උතුරු දෙසද, සමහරක් දකුන දෙසද බැලීය, තවත් සමහරෙකු කිසිදු අනාවැකියක් පළ කර නොසිටියහ. පසුගිය සතියේ මෙම යුගලය මුලින්ම පහළටත්, පසුව ඉහළටත්, නැවතත් පහළටත් වැටුණි. එහි ප්‍රතිපලයක් ලෙස එය දිශා දෙකම තෝරා නොගත් අතර දින පහක කාල පරිච්ඡේදය 1.1780 හි දී අවසන් විය.
  • GBP/USD හි අනාගතය ගැන කතා කරමින්, පසුගිය සතියේ, විශ්ලේෂකයින්ගෙන් 55% ක් සහ දවසේ කාලරාමුවෙහි ග්‍රැෆික් විශ්ලේෂණයත් යුගලය 1.3150 දක්වා පහළයන බවත් එය බිඳවැටුනහොත් තවත් පොයින්ට් 110 ක් අඩු වන බවත් පැවසීය. සිදු වුයේ මෙයයි: සඳුදා ආරම්භ වන විට, යුගලය පොයින්ට් එකින් එක අඩු වූ අතර, නැවත බදාදා වන විට එය 1.3150 ක මට්ටමට ළඟා විය. මෙම අගය බිඳහෙලීමට කීපවරක් උත්සහ කල අතර සිකුරාදා සවස වන විට 1.3085 අගයකට මෙම යුගලය පැමිණ තිබිණ. කෙසේ වෙතත්, පහළයාමේ ශක්තිය වියළී ගිය අතර, දින පහක කාලය අවසානයේදී ඉහළයාම සඳහා පොයින්ට් 100 ක් දිනා ගැනීමට සමත් විය. එබැවින් 1.3185 හි දී සතිය අවසන් විය.
  • USD/JPY. මෙම යුගළ සඳහා වන අනාවැකිය හරියටම නිවැරදි විය. පසුගිය සතියේ, ඔස්කිලේටර් සහ විද්වතුන්ගේ මතය වුයේ මෙම යුගලය මධ්‍ය කාලීන නාලිකාවෙහි 108.00-114.50 ඉහළම මායිමෙහි මාර්ගයේ යමින් සිටින අතර එය ඉහළට යා යුතු බවය. මෙය අවසන් වූයේ පොයින්ට් 200 ක් පමණක් අඩුවෙනි; ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලයේ සතියේ උපරිම අගය ලෙස 113.56 සඳහන් වූ අතර, බලාපොරොත්තු වූ අවසන් ඉලක්කය කරා ළඟා වීමට අඩු වූයේ පොයින්ට් 100ක් පමණි.
  • USD/CHF. මෙහිදී ඉහළයාම සඳහා සුළු වාසියක් ලැබුනේ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් කියවීමෙන් පමණි. යුගලයේ ඉලක්කය වූයේ 0.9800-0.9835 කලාපයයි. පසුගිය සතියේ, විශ්ලේෂකයන්ට අනුව, ඔවුන්ගෙන් 25% ක් මෙම යුගලයේ වර්ධනයට සහය පල කළහ. එහෙත්, අපි මොවුන්ට සවන්දීමට සිදුවිය යුතු වුවත්, මෙම යුගල සතිය තුළදී පොයින්ට් 100 ක් වර්ධනය කර ගත් අතර 0.9840 කලාපයේ සතිය අවසන් කරන ලදී.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය, ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. සති දෙකක් සඳහා මෙම යුගලයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කිරීමට විශේෂඥයින්ට නොහැකි බව සඳහන් කල යුතුය.
    එක්සත් ජනපද සෙනෙට් කමිටුවේ 2018 සඳහා යෝජනා වූ අයවැය කෙටුම්පත අනුමත කිරීමත්, ට්‍රම්ප්ගේ බදු ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩ දී තිබීමත් නිසා විශ්ලේෂකයින්ගෙන් සියයට 50 ක් ඩොලරය ශක්තිමත් කිරීම සඳහා සහය ලබා දුන්හ. ඔවුන්ගේ විරුද්ධවාදීන්ට අනුව, ඩොලරය තවදුරටත් වැඩි වුවද, මෙම වර්ධනය කෙටි කාලයකට පමණක් පවතිනු ඇත.
    විශ්ලේෂකයින් සමග දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් සහ ප්‍රවණතා දර්ශකයන්, එකඟ නොවීමක් හෝ උදාසීන තත්වයක් පෙන්නුම් කරයි. යුගලය පහල යාමක් පෙන්නුම් කර ඇත්තේ පැය හතරේ කාලරාමුව මත පමණි. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, එය 1.1665-1.1925 පරාසය තුළ සමාන්තර චලනයක් පෙන්නුම් කරයි . ආධාරක අගය 1.1575 කලාපයේ වේ.
    මධ්‍ය කාලීන අනාවැකියට අනුව, යුගලයේ චලනය ක්‍රමවත් ලෙස වෙනස් වන අතර විශේෂඥයන්ගෙන් සියයට 80 ක් පමණ යුගල 1.2000-1.2100 දක්වා ඉහල යනු ඇතැයි අදහස් කරයි.
  • GBP/USD සඳහා වන ඉදිරි දැක්ම ඍණාත්මක වෙයි. එය බොහෝ (55%) විශ්ලේෂකයින් තවමත් විශ්වාස කරන කරුණකි. ආසන්නතම ආධාරක  කලාපය 1.3000 වේ. විශේෂඥයින්ට අමතරව, ප්‍රවණතා දර්ශක 70% ක් සහ දවසේ කාලරාමුවෙහි මත ග්‍රැෆික් විශ්ලේෂණය, යුගලයේ පහළයාම සඳහා සහය දක්වයි.
    යුගලයේ ඉහල යාම සඳහා, විශේෂඥයන්ගෙන් ඉතිරි 45% ක් සහාය ලබා දෙන අතර, මෙම යුගලය නැවත වරක් 1.3335 කලාපයේ ඔක්තෝබර් උපරිම අගය නැවත පරීක්ෂා කිරීමට උත්සාහ කළ හැකිය.
  • පසුගිය සතියේ මෙන්, USD/JPY යලිත් හරිත වර්ණයෙන් වර්ණ ගැන්වී ඇත. විශ්ලේෂකයින්ගෙන් 65% ක්, ප්‍රවණතා දර්ශක 100% සහ පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 75% ක්, යුගලය මධ්‍ය කාලීන නාලිකාවෙහි 108.00-114.50 කලාපයේ ඉහළ මායිම දක්වා ඉහළ යනු ඇති බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, මෙම මාර්ගය ඔස්සේ යම් නිවැරදි කිරීම් සිදුවිය හැකි බව අප අමතක නොකළ යුතුය. ඔස්කිලේටර් 25% ක් පෙන්නුම් කරන්නේ මෙම යුගලය තාවකාලිකව, එනම් කෙටිකාලයකට පහලට ගමන් කරන බවයි. ආසන්නතම ආධාරක අගය 112.00-112.30 පමණ වන අතර ඊළඟට 111.65 වේ.

2017 ඔක්තෝම්බර් 23 - 27 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • අවසාන වශයෙන්, අපගේ සමාලෝචනයේ අවසාන යුගලය: USD/CHF. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් සහ විශේෂඥයින්ගෙන් 65% දකුණු දෙසට යුගලය ගමන් කරනු ඇති බව බලාපොරොත්තු වෙයි. එපමණක්ද නොව, සතිපතා පුරෝකථනය මාසිකව ලැබෙන විට, ඔවුන්ගේ සංඛ්‍යාව 85% දක්වා වැඩිවේ. ඔවුන් සියලුදෙනාම 0.9700 කලාපය දක්වා යුගලය පහළට වැටෙන බවත් ඉන් පසුව තව තවත් පොයින්ට් 100 ක් පහලට ගමන් කරනු ඇති බවත් සඳහන් කරයි.
    පැය හතරේ කාලරාමුව ග්‍රැෆික් විශ්ලේෂණයට පිටුබලය සපයන ඉහළයාමට අනුබලය දෙන ආධාරකරුවන්, මෙම යුගලයේ වර්ධනය සඳහා ඇති හැකියාව තවම වියළී නැති බවත් එය 0.9900 දක්වා ඉහළ නැංවීමට අවස්ථාවක් හෝ, සමහර විට, ඊටත් ඉහළ මට්ටමක් එනම්, 1.0000 ක මට්ටමකට පැමිණිය හැකි බව අනුමාන කරයි. කෙසේ වෙතත්, මෙම යුගලය බොහෝ විට EUR/USD යුගල මත යැපෙනු ඇත, එනම් එහි හැසිරීමේ විරුද්ද අත USD/CHF බොහෝ විට නිරූපණය කරයි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න