2017 October 1

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • පසුගිය සතියේ EUR/USD හැසිරීමට, 2017-18 පොලී අනුපාතය වැඩි කිරීමේ ෆෙඩරල් තීරණය මෙන්ම ජර්මානු මැතිවරනයේ ප්‍රතිපල ද ඍජුව බලපාන ලදී.  මෙම සාධකයන්ට ස්තුතිවන්තවන්නට, බොහෝ විශේෂඥයින් විසින් පසුගිය සතියේ අනුමාන කර ඇති පරිදි, සතියේ මැද භාගය වන විට යුරෝ පොයින්ට් 230 කට වඩා අඩු විය. කෙසේවෙතත්, පසුව එය 1.1815 දක්වා ඉහලට ගමන් කළේය.
  • GBP/USD සඳහා, මෙහි දී නැවතත් ඩොලරය වර්ධනය විය, එහෙත්, යුරෝව පිලිබඳව මෙන් ආකර්ෂණීය නොවීය. පසුගිය සතියේ බ්‍රිතාන්‍ය පවුම අහිමි කර ගත් අගය පොයින්ට් 100 කි.
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 85% ක්, දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් තුනෙන් එකක් යුගලයේ නිවැරදි වීම අපේක්ෂා කල අතර, මෙම යුගලය පසුකාලීනව වර්ධනය වනු ඇති බව පැවසිනි. එය එලෙසම සිදු වූ අතර, කෙසේ වෙතත්, නිවැරදි වීම බලාපොරොත්තු වූවාට වඩා අඩු විය. සැප්තැම්බර් මස 25 වන සඳුදා වන විට මෙම යුගලය 111.50 දක්වා පහත වැටී ඇති අතර ඉන් පසුව එය දිගින් දිගටම වර්ධනය වී බදාදා වන විට 113.25 දක්වා ඉහළ ගොස් ඇත. සතිය අවසානයේදී, එය දින පහක කාල සීමාව 112.50 අගයෙන් අවසන් කල අතර, එය ඉහල යන ගම්යතාවයේ ක්‍රමික මන්දගාමිත්වයක් පෙන්නුම් කරයි.
  • USD/CHF. විශේෂඥයින්ගෙන් 80% ක්, එම ප්‍රමානයම, දවසේ කාලරාමුව මත දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණය මගින් මෙම යුගල සඳහා සතියේ උපරිම අගය ලෙස 0.9770 මට්ටම පෙන්නුම් කරන ලදී. ඔවුන් 100% ක් නිවැරදි විය: එම උපරිම අගයට සැප්තැම්බර් 27 වන දින ලඟා වූ අතර සිකුරාදා සතිය අවසන් වන විට සතියේ ආරම්භයට පොයින්ට් 20ක් අඩුවෙන් සතිය අවසන් විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD යුගල සඳහා ඇති තත්ත්වය අතිශයින්ම අවිනිශ්ෂිත වෙයි, ඒ අනුව විද්වතුන්ගේ අදහස 50-50 බෙදී ඇත, 50% ක්ම යුගල වර්ධනය වනු ඇතැයි ද, 50% ක් එහි වැටීමක් වනු ඇතැයි ද අපේක්ෂා කරයි. ප්‍රවණතා දර්ශකයන් සඳහා, පැය හතරේ කාලරාමුව මත, තුනෙන් දෙකක් හරිත වර්ණ වන අතර තුනෙන් එකක් රතු පැහැයෙන් වර්ණ ගැන්වී ඇත. පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් ද හරිත වර්ණ ගැන්වීමේ ප්‍රමුඛතාවයක් ලබා දෙයි. ග්‍රැෆික් විශ්ලේෂණයේ කියවීම් අනුව, මෙම යුගල ඊලඟ සති දෙක තුළ 1.2100 ක උසකට සමීපයට ළඟා වීමට උත්සාහ කරනු ඇත, ඉන්පසු එය දකුණු දෙසට හැරෙනු ඇත. මෙහි දී ප්‍රධාන ආධාරක අගය 1.1660 වේ.
    ඔක්තෝබර් මස 4 වැනි බදාදා EBC රැස්වීමේ ප්‍රතිඵල මෙන්ම ඔක්තෝබර් 6 දිනදී, එක්සත් ජනපදයේ කෘෂිකාර්මික අංශයේ නව රැකියා (NFP) පිළිබඳ දත්ත ප්‍රකාශයට පත්කිරීමේ මගින් මෙම යුගලයට බලපෑම් ඇති කළ හැකිය. අපේක්ෂා කරන පරිදි මෙම අගය 156K සිට 98K දක්වාත්, තවදුරටත් 75K දක්වාත් අඩු විය හැකිය. NFP හි එවැනි තියුනු පහත වැටීමක් ඩොලරය දුර්වල වීමක් බවට සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ.
  • GBP/USD හි අනාගතය ගැන කතා කරමින්, බොහෝ විශ්ලේෂකයින් (55%) දකුණු දෙසට නෙත් යොමු කර ඇත. පැය හතරේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ද යුගලයේ පහළ යාම සඳහා සහය දක්වයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ සරත් සෘතුවේ අවසානය වන විට, මෙම යුගලය මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ වූ මධ්‍ය කාලීන නැඟී එන මාර්ගයේ පහලම සීමාවට වැටෙනු ඇති බවයි. ඉලක්කය 1.4670 වේ. මෙහි ආසන්නතම ප්‍රතිරෝධය 1.3500 වේ.
    සෙසු විද්වතුන්ගෙන් සියයට 20 ක් පමණ යුගලය 1.3600 දක්වා වර්ධනය වනු ඇති බව අපේක්ෂා කරයි. 25% ක් සමාන්තර චලනයක් අපේක්ෂා කරයි. දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් සහ ප්‍රවණතා දර්ශක උදාසීන තත්වයක් පෙන්නුම් කරයි.

2017 ඔක්තෝම්බර් 02 - 06 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 55% ක්, ග්‍රැෆික් විශ්ලේෂණයෙන් සහ ඔස්කිලේටර් 25% මගින් මෙම යුගලය නිවැරදි කිරීමේ අදියරට ඇතුල් වනු ඇති බවත් දැන් එය 111.00-111.50 දක්වා තාවකාලිකව වැටෙනු ඇති බවත් අපේක්ෂා කරයි.
    තවත් මතයකට අනුව, නිවැරදි කිරීමක් සිදු නොකර, යුගල නතර නොවී උතුරු දෙසට ගමන් කරනු ඇති බව ප්‍රකාශ වේ. විශේෂඥයින්ගෙන් 45% ක් මෙම මතය සඳහා සහාය දක්වයි. අවසාන ඉලක්කය 114.50 වේ.
    පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීමටත් ඔක්තෝබර් 22 දින මැතිවරණය කල් දැමීමටත් ජපන් අගමැති අබේ විසින් තීරණය කර ඇති අතර, එමගින් ජපාන 'යෙන්' සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කල හැකිය.
  • USD/CHF යුගල සඳහා වන අනාවැකිය උපකල්පනය කරන්නේ මෙම යුගලය සතිය ඇතුලත කෙට් කාලයකට 0.9585-0.9770 සිමාවේ ගමන් කරනු ඇති බවයි. ඔස්කිලේටර් තුනෙන් එකක් පෙන්නුම් කරන්නේ යුගලය මුලින් පහළ මායිමට වැටී ඉන්පසු නැවත ඉහළට ගමන් කරනු ඇති බවයි. විශේෂඥයන්ගෙන් 60% කටත් වැඩි ප්‍රමාණයක්, පැය හතරේ කාලරාමුව හි ප්‍රවණතා දර්ශක, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් මෙම මතය සමග එකඟ වේ.

 

Roman Butko, NordFXv


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න