2017 September 24

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. පසුගිය සතියේ පුරෝකථනය කිරීමේදී, විද්වතුන් ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බව අපි සඳහන් කළෙමු. ඔවුන්ගෙන් 40% ක් යුගලයේ වර්ධනය සඳහා ද 40% ක් යුගලයේ පහත බැසීම උදෙසා ද 20% ක ප්‍රමාණයක් සමාන්තර චලනයක් පෙන්වනු ඇති බව ද විශ්වාස කළහ. දර්ශකයන් විසින් ද එම තත්වය නිශ්චිතව පැහැදිලි කර නොතිබුණි. ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පමණක් මෙම යුගලය උතුරු දෙසට ගමන් කරනු ඇතැයි ඉඟි කළ අතර එය සැප්තැම්බර් 20 වන බදාදා 1.2033 දක්වා ළඟා වූහ. එදින ප්‍රධාන සිදුවීම වුයේ, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ රැස්වීමක් වන අතර එහිදී 2017 දී පොලී අනුපාතය තවත් වැඩිවීම තහවුරු කරන ලදී, එමෙන්ම ඊට 2018 දී වැඩි වීම් තුනක් ඇතුලත් විය. මීට අමතරව, ෆෙඩරල් අවසානයේ සිය ශේෂය අඩු කිරීම ආරම්භ කිරීමට තීරණය කළේය. මේ සියල්ල ඩොලරයේ තියුණු වැඩිවීමකට තුඩු දුන් අතර EUR/USD හි හදිසි පහත වැටිමකට ලක් විය ඒ අනුව එය පොයින්ට් 170 ක් දක්වා පහත වැටී 1.1860 හි දී නැවතී තිබුණි. ඒ අනුව සතිය ආරම්භයේ පැවති අගයටම නැවතත් මෙම යුගලය පැමිණියේය; විද්වතුන් කණ්ඩායම් තුනම අපේක්ෂා කල පරිදි යුගලය 1.1950 ට ආසන්න විය.
  • GBP/USD හි අනාගතය සඳහා, බොහෝ විද්වතුන් (65%), ග්‍රැෆික් විශ්ලේෂණයෙන් සහ ඔස්කිලේටර් 40% ක ප්‍රමාණයක් අපේක්ෂා කලේ යුගලය 1.3500 දක්වා පහත වැටෙනු ඇති බවයි. 1.3665 ප්‍රධාන ප්‍රතිරෝධය විය. සතියේ ආරම්භයේදී එය 1.3463 දක්වා පහත වැටී ඇත. අනතුරුව, එක්සත් රාජධානියේ සිල්ලර වෙළඳාම පිළිබඳ දත්ත නිකුත් කිරීමේ පසුබිම තුළ එය නැවත වර්ධනය විය. ඉන්පසු එය ෆෙඩරල් රැස්වීම හේතුවෙන් අවසානයේදී 1.3500 දක්වා ඉහළට ගියේය.
  • ස්වභාවයෙන්ම, එක්සත් ජනපද ප්‍රවෘත්ති නොසලකා හැරීමට USD/JPY ට නොහැකි විය. සතියේ පළමු භාගයේදී, මෙම යුගල සඳහා වන අනාවැකිය - විශ්ලේෂකයින්ගේ 85% ක් යුගලය ආංශික ප්‍රවණතාවයක් ඇති වනු ඇති අපේක්ෂා කළහ. සතිය ආරම්භයේදී 111.09 අගයක් වූ මෙම යුගලය සැප්තැම්බර් මස 20 වෙනිදා පැවති ෆෙඩරල් රැස්වීමත් සමග නැවත එම අගයටම පැමිණියේය. ඉන්පසුව, යෙන් හි කඩාවැටීම ආරම්භ වූ අතර එය මාස හයකට වැඩි කාලයක් තිස්සේ ගමන් කර ඇති 112.00 මධ්‍යකාලින පාර්ශවික රේඛාවේ දී දින පහක කාල පරිච්ඡේදය අවසන් විය.
  • USD/CHF. විශ්ලේෂකයින්ගෙන් 15% ක් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය පමණක් මෙම යුගලය ඉහලට ගමන් කරනු ඇති අපේක්ෂා කළහ. එයට අනුව මෙම යුගලය 0.9765 මට්ටම දක්වා වර්ධනය විය යුතුය. ෆෙඩරල් බැංකුවේ සක්‍රිය ආධාර මත මෙම යුගලය 0.9746 දක්වා ඉහළ නැගුනි. සතියේ අවසානය වන විට, එය 0.9700 ක ශක්තිමත් සහායක/ප්‍රතිරෝධක මට්ටම කලාපයක පැවතුනි.

 

ඉදිරි සතියේ දී අනාවැකි සඳහා ජර්මනියේ පැවති ෆෙඩරල් මැතිවරනයේ ප්‍රතිඵල මෙය ලියන මොහොත නිකුත් වී නොතිබිණි. මෙම මැතිවරණ ප්‍රතිපල මත ප්‍රධාන මුදල් යුගලයන්ට කුමන ආකාරයක බලපෑමක් ඇති වේ දැයි නිශ්චිතව සඳහන් කළ නොහැකිය.
කෙසේවෙතත් ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. 2017-18 අතර පොලී අනුපාතය සියයට හතරකින් වැඩි වීම මත ෆෙඩරල් තීරණයට ස්තුතිවන්තවන්නට බොහෝ විද්වතුන් (60%) යුගලය පහළට යනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ අනුව ඔවුන් ඩොලරය මූලික වශයෙන් නැඟී සිටීමත් පසුව කඩාවැටීමත් අපේක්ෂා කෙරේ. කෙසේවෙතත් විශ්ලේෂකයින් විසින් දක්වන ලද උච්චාවචනයන් 1.1800-1.2100 සීමාව තුළ පවතී. ග්‍රැෆික් විශ්ලේෂණය මගින්, සති දෙකක් හෝ තුනක් සඳහා එය 1.1650 ප්‍රමාණයකට පහතයාමක් වනු ඇතැයි අනාවැකි පල කරයි. එහෙත් ජර්මනියේ මැතිවරණයෙන් අනපේක්ෂිත විස්මයන් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් නොකරන්නේ නම් පමණක් මෙලෙස පැවසිය හැකිය.

2017 සැප්තැම්බර් 25 - 29 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD හි අනාගතය සම්බන්ධයෙන්, දවසේ කාලරාමුව මත දර්ශකයන් බොහොමයක් උතුරු දෙසින් බැලීමේ ප්‍රවණතාවයක් ඇති බව පැහැදිලිය. පැය හතරේ කාලරාමුව මත ඔවුන්ගේ සගයන් සම්බන්ධයෙන්, දෛශිකය තිරස් දිශාවට එනම් නැගෙනහිර දිශාවට යොමු කර ඇත. 1.3460-1.3660 පරාසය තුළ මෙම යුගලය සමාන්තර චලනයක් අඛණ්ඩව පවත්වාගෙන යනු ඇතැයි ග්‍රැෆික් විශ්ලේෂණය අපේක්ෂා කරයි. ඉදිරි සතිය සඳහා විශේෂඥයන්ගේ අදහස් පහත පරිදි වේ: ඉහළයාම සමඟ 35% ක්, පහළයාම සමග 45% ක් සහ 20% ක් උදාසීන අනාවැකියක් සපයයි. අපි මධ්‍ය කාලීන විශ්ලේෂණයට අවධානය යොමු කරන්නේ නම්, විශේෂඥයන්ගෙන් 80% ක්ම ඩොලරයේ වර්ධනයටත්, පවුමේ වැටීමටත් සහය පල කරයි. ආධාරක මට්ටම් 1.3460, 1.3160 සහ 1.2850 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.3660, 1.3835 සහ 1.4000 වේ.
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 85% ක්, දවසේ කාලරාමුව මත දර්ශක තුනෙන් එකක් සහය ලබා දෙන්නේ, යුගලය 110.70 දක්වා පහත වැටෙනු ඇති බවත් අනතුරුව ඉහලට නැගීමේ ප්‍රවනතාවය දිගටම පවත්වාගනු ඇති බවත් ඔවුන් අපේක්ෂා කරයි. ඉලක්ක 112.65, 113.50 සහ 114.50 වේ. ආධාරක මට්ටම් 111.10, 110.70, 109.85 සහ 109.40 වේ.
  • දර්ශක 80% ක් හා දවසේ කාලරාමුව මත දර්ශක විශ්ලේෂණය මගින් USD/CHF හි වර්ධනය 0.9770 දක්වා වනු ඇතැයි අනාවැකි පළ කරයි. එය බිඳහෙළියහොත් තවත් පොයින්ට් 50ක් එනම් 0.9820 දක්වා යුගලය ගමන් කරනු ඇත. අවසන් ඉලක්කය 0.9900 උසක් වේ. කෙසේ වෙතත්, මෙම මතය සමග එකගවන්නේ විශ්ලේෂකයින්ගෙන් 20% ක් පමණි. ඉතිරි 80% ක ප්‍රමාණය අපේක්ෂා කරන්නේ, 0.9585-0.9770 පරාසය තුළ යුගලය, තම චලනයන් පවත්වාගෙන යනු ඇති බවයි. ඔස්කිලේටර්ස් 25% ක් මගින් ද එම මතය පිලිබිබු වේ. එය බිඳහෙලියහොත් මීළඟ ආධාරක මට්ටම 0.9525 වේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න