2017 September 10

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. විශ්ලේෂකයින්ගේ අදහස් සමානව බෙදී තිබුණ බැවින්, ග්‍රැෆික් විශ්ලේෂණයන් කියවීමේදී අවධානය යොමු කිරීමට පසුගිය සතියේදී අපි යෝජනා කළෙමු: පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන ද්විත්වයම පෙන්නුම් කලේ, ජනවාරි මාසයේ ආරම්භ වූ නැගීමේ ප්‍රවණතාවය දිගටම පවතින බවයි. ඉලක්කය 1.2150 වූ අතර එය ආසන්නයටම මෙම යුගලය පැමිණ නැවත පහලට පොයින්ට් 70 ක් ගමන් කර 1.2035 හි දී සතිය අවසන් විය.
  • GBP/USD අනාගතය පිළිබඳ ග්‍රැෆික් විශ්ලේෂණය මගින් 1.3115 දක්වා ගමන් කරන බව සඳහන් කල අතර එය නිවැරදි විය. කෙසේ වෙතත්, ප්‍රකාශිත ඉලක්කයට ළඟා නොවූ EUR/USD මෙන් නොව, GBP/USD, ඊට ප්‍රතිවිරුද්ධව, එනම් 1.3222 දී සතියේ උපරිම අගයට පැමිණියේය.
  • එක්සත් ජනපද ඩොලරය ජපන් යෙන් වලට එරෙහිව ද පහත වැටුනි. USD/JPY සඳහා වූ අනාවැකිය පවසන පරිදි, මෙම යුගළ නැවත වරක් 108.12-114.50 අගයක සමාන්තරව ගමන් කර පහළ කොටස පරීක්ෂා කිරීමට උත්සාහ කරන බව ප්‍රකාශ විය. එය එලෙසම සිදු විය. තව ද මෙම යුගළය, මෙම ආධාරකයෙන් බිඳී යාමට උත්සාහ කළ අතර එය 107.30 දක්වා පහත වැටී ඇත. මෙම පරීක්ෂණය සාර්ථක වී තිබේද නැද්ද යන්න නුදුරු අනාගතයේදී පැහැදිලි වනු ඇත.
  • USD/CHF සඳහා වූ අනාවැකිය මුලුමනින්ම නිවැරදි විය. මෙහිදී, බොහෝ විශ්ලේෂකයින් (60% ක් පමණ) එය නැවතත් අගෝස්තු 29 වනදා අවම අගය වූ 0.9426 දක්වා පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු විය. සැප්තැම්බර් 8 වන සිකුරාදා එය එලෙසම සිදු වූ අතර යුගලය 0.9420 දක්වා පහලට පැමිණියේය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD. මෙම යුගලයේ අනාවැකිය පවසන විට, බොහෝ විශ්ලේෂකයින් (60%), මෙන්ම ග්‍රැෆික් විශ්ලේෂණය සහ දර්ශකවල බහුතරයක් මගින් යුගලයේ ඉහළ යාමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරයි. අපේක්ෂා කරන ඉලක්කය 1.2325 වෙයි. මේ අතර, පැය හතරේ කාලරාමුව හි ග්‍රැෆික් විශ්ලේෂණය, දවසේ කාලරාමුව මත ඇති ප්‍රස්ථාර මගින්, මෙන්ම විශේෂඥයින්ගෙන් 40% ක් විකල්ප මතයක් ඉදිරිපත් කරයි. ඒ අනුව, 1.1885-1.2070 අතර යුගලය ගමන් කරනු ඇති බව ඔවුහු විශ්වාස කරති.
    දිගුකාලීන අනාවැකියට අනුව, විශ්ලේෂකයින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් යුගලය 1.1600 දක්වා පැමිණෙනු ඇති බව අපේක්ෂා කරති.
  • GBP/USD අනාගතය පිළිබඳ විශේෂඥයන්ගේ මතය සමානව බෙදී තිබේ: 30% ක්ම යුගල වර්ධනයට අනුබල දෙන අතර ඊට සමාන ප්‍රමාණයක් සමාන්තර චලනයක යුගලය ගමන් කරනු ඇතැයි විශ්වාස කරති. එමෙන්ම  40% ක ප්‍රමාණයක් යුගලය පහතට ගමන් කරනු ඇති බවට මත පල කරති. ප්‍රවණතා දර්ශක 100% සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය උතුරු දෙසින් දිශාගත වන අතර, 20% ක් දැනටමත් දකුණට ගමන් කරනු ඇතැයි සංඥා කොට ඇත. ආධාරක මට්ටම් 1.2930, 1.3040 සහ 1.3100 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.3265 සහ 1.3370 වේ. ඉහල යාමේ අවසන් ඉලක්කය 1.3440 වේ.
  • USD/JPY. මෙහිදී විශේෂඥයින්ගෙන් 85% ක් විශ්වාස කරන්නේ මෙම යුගලය සමාන්තර චලනයක් පෙන්නුම් කරමින් දකුණට ගමන් කර 106.00-107.00 සිමාව තුල ස්ථාන ගතවනු ඇති බවය. විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 15% ප්‍රතිශතයක් නිවැරදි කිරීමක් සහ යුගලයේ ප්‍රතිරෝධයට නැවත පැමිණීමට බලාපොරොත්තු වන්නේ 108.80 බව ප්‍රකාශ කරයි.

2017 සැප්තැම්බර් 11 - 15 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • "දකුණු සහ දකුණු පමණි" USD/CHF විසින් EUR/USD හි හැසිරීම නිරූපනය වන අතර, 0.9250-09.300 ප්‍රදේශය කෙරෙහි දැඩි අවධානය යොමු කරන බව විශ්ලේෂකයින්ගේ 90% ක් විශ්වාස කරති. විශේෂඥයින්ගෙන් 10% සහ 20% වන ග්‍රැෆික් විශ්ලේෂණ මගින් මීට ප්‍රතිවිරුද්ධ අදහසක් දරයි: මෙම යුගලය එහි අවම අවම මට්ටම (0.9425) ළඟා වී ඇති අතර දැන් 0.9540 දී ප්‍රතිරෝධය දක්වා නැවත නැගී සිටී. මෙම ප්‍රතිරෝධය තුලට ඇතුල් වීමට එය සමත්වන විට, මෙම යුගලය 0.9260 දක්වා වැඩි වනු ඇත.

අවසාන වශයෙන්, ඉහත සඳහන් කළ මුදල් වර්ගවල ප්‍රවණතා සහ අස්ථාවරත්වය පිළිබඳව බලපාන ප්‍රධාන සිදුවීම් පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කරමු. සැප්තැම්බර් මස 12 වැනි අඟහරුවාදා සිට සතියේ අවසානය දක්වා, එක්සත් ජනපදයේ පාරිභෝගික වෙළඳපොළ පිළිබඳ දත්ත නිකුත් කරනු ඇත. සැප්තැම්බර් 14 වන බ්‍රහස්පතින්දා ස්විට්සර්ලන්තය සහ එංගලන්ත මහ බැංකුව ඔවුන්ගේ අනුපාත තීරන ප්‍රකාශ කරනු ඇත: බොහෝ විට මෙම අනුපාත වෙනස් නොවනු ඇත.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න