2017 August 27

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. තාක්ෂණික විශ්ලේෂණයේ සහාය ඇතිව විශේෂඥයින්ගෙන් බහුතරය (60%) විසින් ඉදිරිපත් කරන ලද මූලික අනාවැකිය වුයේ මෙම යුගලයේ වර්ධනය පිලිබඳවය. එය සඳුදා සිට උතුරට ගමන් කිරීම ආරම්භ කරන ලදී. මුලින් මෙම චලනය ඉතා ශක්තිමත් සහ විශ්වාස වුවක් නොවිය. නමුත් අගෝස්තු 25 වන සිකුරාදා, මෙම යුගලය තියුනු ලෙස ඉහළට පැමිණ 1.1940 උසට ලඟා වූ අතර ෆෙඩරල් සංචිතයේ ප්‍රධානී ජැනට් යෙලන්ගේ කතාවෙන් ඊට සහාය ලැබුනි. විශ්ලේෂකයින් විසින් දක්වන ලද ප්‍රතිරෝධයේ මධ්‍ය මට්ටම අසල, 1.1921 උසකින් සතිය අවසන් විය.
  • GBP/USD යුගලයේ හැසිරීම ගැන කතා කරමින් දර්ශකයේ නිරපේක්ෂ බහුතරය (80%) සහ දවසේ කාලරාමුව හි චිත්‍රක විශ්ලේෂණයන්ගෙන් සහාය දක්වන බහුතර විශේෂඥයෝ, 1.2760 මට්ටමට වැටීම සඳහා සහය පළ කළහ. ඊට පසු, යුගලය නැඹුරුව දක්වා ප්‍රවනතාව වෙනස් කළ යුතුව තිබුණි. මෙම පුරෝකථනය සමස්තයක් ලෙස ගත් කළ 100% සාර්ථක විය. බ්‍රහස්පතින්දා වන විට මෙම යුගලය 1.2772 මට්ටමට පහත වැටුණු අතර, එය සිකුරාදා වන විට සතිය ආරම්භයේ අගයන් ආපසු ලබා ඇත.
  • USD/JPY සඳහා, මෙම යුගලය සම්න්තරව ගමන් කිරීමේ ප්‍රවණතාවක් පවතින අතර එය 108.80-110.30 පරාසය තුළ උච්චාවචනයන් සිදු විය. සුළු වශයෙන් ගැලපීමත් සමඟ මෙම අනාවැකිය සම්පූර්ණයෙන්ම සත්‍ය යැයි සැලකිය හැකිය. එය මුළු සතියෙහිම නැගෙනහිර දිශාව ඔස්සේ 108.63-109.82 සිමාවේ ගමන් කළේය.
  • USD/CHF සඳහා කළ අනාවැකියේ ද කිසිඳු වැරද්දක් සිදු නොවිණි. ප්‍රවීණයන්ගෙන් 60% ක් සහ ප්‍රවණතා දර්ශකයන් බහුතරයක් (85%) මෙම යුගලය 0.9500 දක්වා පහත වැටීම අපේක්ෂා කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස පහතම අගය 0.9550 ක් විය. මෙම අපේක්ෂාව බලාපොරොත්තු වූවාට වඩා පොයින්ට් 50 කින් වැඩි වුවද, මෙම අනාවැකිය සැලකිල්ලට ගත් සියලු වෙළඳුන් නිසැකවම ඉන් ප්‍රයෝජන ගත් අතර, සතියේ පහත යාම ආසන්න වශයෙන් පොයින්ට් 100ක් විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD. මෙහි දී පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකම මත දර්ශකයන්ගෙන් හතරෙන් පංගුවක් දැනටමත් සංඥා කර ඇත්තේ යුගලය ඉහලට ගමන් කරනු ඇති බවයි. ඔවුන්ගෙන් බහුතරය, ප්‍රවනතා දර්ශකවලින් 100% සහ විද්වතුන් 40% ක් එයට සහාය ලබා දෙන අතර, ඉහල නැගීම දිගටම පවත්වාගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙයි. මෙහි ආසන්නතම ඉලක්කය 1.2040 වේ, ඉන්පසු පොයින්ට් 100 ක් ඉහළට වෙයි.
  • GBP/USD හි අනාගතය පිළිබඳව අදහස් දක්වමින් විශ්ලේෂකයින්ගෙන් 35% ක් මෙම යුගල මිලදී ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටිති. 45% ක් විකිණීමට සහ 20% ක් මධ්‍යස්ථව පවතී. දර්ශකයන්ට සමාන ආන්තරයක් දක්නට ලැබේ. පැය හතරේ කාලරාමුව හි ප්‍රවණතා වලින් 70% ක් උතුරු දෙසටත් දකුණට 30% ක් ද; දවසේ කාලරාමුව මත, තත්ත්වය හරියටම ප්‍රතිවිරුද්ධව ද පවතියි. ඔස්කිලේටර්ස් විසින් එකම පින්තූරය පෙන්වයි: පැය හතරේ කාලරාමුව මත 75% හරිත වර්ණයෙන් යුක්ත වන අතර, 25% යුගලය මිල අධික වන අතර දවසේ කාලරාමුව 90% රතු වර්ණයෙන් වර්ණ ගැන්වේ.
    එවන් තත්වයක් තුළ, චිත්‍රක විශ්ලේෂණය කෙරෙහි අවධානය යොමු කිරීම අර්ථාන්විත වෙයි. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකම මත, එහි අනාවැකි එකිනෙකා සමඟ සසඳන විට 1.3000 ක් දක්වා යුගලය වර්ධනය වන අතර පසුව එම ප්‍රවණතාවේ ප්‍රතිරෝධය හා පළමු අනුපාතය 1.2810 මට්ටම දක්වා පහත වැටේ. බිඳවැටීම, 1.2750 හෝ තවත් පොයින්ට් 100 ක් පමණ විය හැකිය.

2017 අගෝස්තු 28 - සැප්තැම්බර් 01 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY සඳහා, බොහෝ විශ්ලේෂකයින් (70%) තව දුරටත්, 2017 අප්‍රේල් මාසයේදී පහලම අගය වූ 108.12 දක්වා මෙම යුගලය පහත වැටෙනු ඇතැයි විශ්වාස කරයි. දර්ශකයන්ගෙන් 90% ක් මෙම තත්ත්වය සමඟ එකඟ වේ. ප්‍රතිරෝධතා මට්ටම් 109.85, 110.60 සහ 111.00 වේ, ආධාරක කලාප 108.60-108.75 වේ.
  • අපගේ සමාලෝචනයේ අවසාන යුගලය වන්නේ USD/CHF වේ. මෙහි දර්ශක බොහොමයක් දකුණු දෙසින් පෙනෙන බව පැහැදිලිය. එහෙත් මේ යුගලය පහත යන බවට වන බවට පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව සංඥා වලින් 20% ක් පමණ දැනටමත් පෙන්නුම් කර ඇත. දවසේ කාලරාමුව හි විශේෂඥයින්ගෙන් 70% ක් ද යුගලයේ වර්ධනය අපේක්ෂා කරති. මෙහි ඉලක්කය 0.9615, 0.9700 සහ 0.9765 වේ. උපකාරක මට්ටම් 1.1685, 1.1600 සහ 1.1475 වේ.

අවසාන වශයෙන්, තාක්ෂණික විශ්ලේෂණයන් පිලිබඳ බරපතල ලෙස බලපෑ හැකි ප්‍රධාන සිදුවීම් පිළිබඳ මෙහි ඇත. මේ අනුව, අගෝස්තු 30 වන බදාදා, එක්සත් රාජධානියේ උද්ධමනය පිළිබඳ දත්ත සහ එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදනය පිළිබඳ දත්ත නිකුත් කරනු ලැබේ. බ්‍රහස්පතින්දා ජර්මනියේ විරැකියාව සහ යුරෝ කලාපයේ පාරිභෝගික වෙළඳපොළ තත්වය ගැන ප්‍රවෘත්ති ගෙන එනු ඇත. සැප්තැම්බර් 1 වන දිනට, සෑම මාසයකම පළමු සිකුරාදා සිදු වන පරිදි, එක්සත් ජනපදයේ විරැකියා දත්ත අපේක්ෂා කරයි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න